Author Topic: Andare  (Read 25679 times)

0 Members and 1 Guest are viewing this topic.

cLeOpAtRa

  • Guest
Andare
« on: July 30, 2006, 06:02:49 PM »
Advertisement
"Sadda Widda Palanga Pathira" -Andare" Was Not Only A Joker But One Of The Admirable Poet in Our History, Hope U Wud Like To Read Some Or His Poems Here...













-Su ::)

« Last Edit: October 28, 2010, 12:49:42 AM by WEBMASTERŽ »

chuutikumari

  • Guest
Re: Andare
« Reply #1 on: July 30, 2006, 11:50:00 PM »
  cool  work....  very rare items ha?


 but who is this su?  is this from you cleopatra or from su?

  we need an explain... ::)

  anyway good work. keep up..


  n i hv a doubt too. is this Andare  only a joker, poet  or government  worker?

sapukumara

  • Guest
Re: Andare
« Reply #2 on: November 17, 2006, 02:37:42 PM »

mm @m|kt ik\mNQn\ m v#dQ  vQs\wr ekwO krn\nm|...


sapukumara

  • Guest
Re: Andare
« Reply #3 on: February 24, 2007, 01:17:24 PM »
Edition: 24 Feb 2007
අපේ  අන්දරේ

බාල,තරුණ,මහළු යන කොයි කා අතරත් ජනප්‍රියත්වයට ජනාදරයට පත්වු අතීත චරිතයකි අන්දරේ. ඔහු විටෙක ඔහුගේ කවටකම් නිසා ප්‍රසිද්ධියට පත් විය.තවත් විටෙක ඔහුගේ කවිත්වය නිසාත් ඔහුගේ ප්‍රඥාව නිසාත් ඔහු කාගෙත් ආදරයට ලක්වු ජනප්‍රිය චරිතයක් විය.එසේ අප අතර එදා සේම අද දක්වාම සිත් තුල රැදි එ' අපුරු චරිතය පිළිබදව, ඔහුගේ ජිවිතයේ රස මුසු තැන් ඇතුලත් සටහනකි මේ.

මාතර දික්වැල්ල ප්‍රදේශයේ ජන්මලාභය ලැබු අන්දරේ,  මහනුවර රාජධානියේ  රජකම් කළ රාජාධි රාජසිංහ රජුගේ රාජ්‍ය සේවකයෙක් විය. කුඩා ළමුන්ට කතන්දර කියා දිමෙන් ඔවුන් අතර ප්‍රසිද්ධියට පත්වු ඔහු, කවියෙකු,කවටයෙකු ලෙස කා අතරත් සිත් ගත් චරිතයක් වුයේ ය. ඔහු තුල තිබු මෙම සහජ දක්ෂතාවයන් නිසාම රාජ සභාවේ තනතුරක්  දැරිමට ද අවස්ථාවක් උදා වුණි.

මොහු පිළිබදව රචනා වි ඇති කතන්දර හා ඔහු විසින් ප්‍රකාශ කර ඇති කවි සැලකීමේ දී අන්දරේ යනු කවටයෙකු හා කවියෙකු පමණක් නොව ප්‍රාඥාවන්ත බුද්ධිමතෙකු ලෙස සැලකිය හැකිවේ.

රාජ සේවයේ දි "සද්ද-විද්ද-පලඟ-පතිර" යන නාමයෙන් හැදින්වු ඔහු "විගඩ කවි" යන තානාන්තරය හෙබවිය. ඔහුගේ  ජිවිතය පිලිබදව රසවත් කතා බොහොමයක් ලියවි තිබේ.

 දිනක් මහනුවර රජකම් කළ රාජාධි රාජසිංහ රජු මේ අන්දරේ නම් පුද්ගලයා සොයාගෙන එන ලෙස රාජ පුරුෂයන් පිරිසක් පිටත් කර යැවුහ. ඔවුන් විසින් අන්දරේ රජ මාලිගයට කැදවාගෙන එන අතරමගදි තමන්ට ශාරිරික අවශ්‍යතාවයක් ඇතිබව පැවසිය. මෙම අවස්ථාවේ අන්දරේ පැන යාවියැයි සිතු රාජ පුරුෂයන් ඔහුගේ ඉනෙහි කඹයක් දවටා කඹකොන අල්ලාගෙන අන්දරේ කැලේට යැවිණ. කැළැව ඇතුලට පැමිණි අන්දරේ කඹය ගසක දවටා "කඹේ ගහේ අන්දරේ ගෙදර" යැයි උපහාසාත්මකව පවසමින් පැන දිවී ය.

මෙම සිදු විමෙන් අන්දරේ බුද්ධිය පිළිබදව අපට පැහැදිළිවේ. තැනට සුදුසු ආකාරයට කටයුතු කිරිම මෙන්ම ඔහුගේ එඩිතර බවද අපට පසක්වේ. අන්දරේ යනු නිකම්ම නිකම් කවටයෙකු නොවන බවත් ඔහු බුද්ධිමත් ජවසම්පන්න පුරුෂයෙකු බවත් නිගමනය කළ හැකිවේ.

අන්දරේ චරිතය පිළිබදව විග්‍රහ කිරිමෙදි ප්‍රධාන තැනක් හිමි වන්නේ ඔහු විසින් කියන ලද කවි වලට වේ. තමන්ට වචනයෙන් කිමට නොහැකි දෙය අපුරුවට කවියෙන් ප්‍රකාශ කිරිමට ඔහු සමත්කම් දැක්වීය. විශේෂයෙන්ම සමාජයේ  සිදුවන්නා වු සිදුවිම් මනාව කවියෙන් ප්‍රකාශ කළේය. පහත් කුල ගැටුමකදි ධනවත් පුද්ගලයෙකුට නිළයක් ලැබුණ විට එය ඔහු මෙසේ කවියෙන් පැවසුවේය.
          ජල දිය බොර උනත් දිය වැදි හට           වාසී
          යල මහ වැඩි වුනොත් ගොවියන් හට      වාසී
          නිල තල වැඩි වුනොත් මහතුන් හට       වාසී
          කුල මල නැති වෙන්ට අවු සදයෙකි       කාසී

කාන්තාවන් නැති තැන කවියන් බිහි නොවේ යන කියමනක් ඇති බව අපි කවුරුත් දනිමු. අන්දරේ විසින් කියා ඇති කවි සැලකිමේදිද ඒ බව තහවුරුවේ. මන්ද යත් අන්දරේ කියා ඇති කවි වලින් වැඩිම ප්‍රමාණයක් කිය ඇත්තේ කාන්තාවන් මුලික කරගෙනය.
තරුණවියේ  සිටි අන්දරේ තම ගමේ සිටි තරුණියකගෙන් කැමැත්ත ඉල්ලිය. ඇය ඔහුට අකමැති වි ඇති අතර ගමේ සිටි ලස්සන තරුණයෙකුට කැමැත්ත දි ඇති බව දැන ගැනිමට අන්දරේ ලැබිණ. එම අවස්ථාවේ සිතට නැගුන සිතූවිලි ඉතාමත් රසවින්දනාත්මක අයුරින් කවියෙන් අපුරුවට විස්තර කොට තිබේ.

         පල ඇතිනම් වවුලොත් එල්ලෙති       පේනු
         රුව ඇත්නම් අපටත් බස් දෙති           ගැණු
         දැසින් දැක කදුලු පිස දමමින්             මුණු
         ඉතින් මොටද මේ වයසට නැති          ගෑණු

මතු සම්බන්ධයි...



තුෂාර සපුතන්ත්‍රි
සිංහලයා මාධ්‍ය කණ්ඩායම


Image Version :




« Last Edit: October 28, 2010, 02:05:38 AM by WEBMASTERŽ »

sapukumara

  • Guest
Re: Andare
« Reply #4 on: March 16, 2007, 07:05:42 PM »
අන්දරේ  තම තරුණ  විය පැමිණිමත් සමග සිංහල චාරිත්‍ර වලට අනුව මනමාලියක් බැලිමට ගියේය. ඇය සමග විවාහ ගිචිස ගැනිමෙන් අනතුරුව කවට කමකට  මෙන් ඇගේ රු සපුව මේ ආකාරයෙන් වර්ණනා කොට තිබේ.
        වතට ලවනතට නුඹ බලන                   බැලුමට
        වරලසට බෙල්ලට නළලට                  නාසිකවට
        ගමනට බසට නුඹ හට ලොබ කල         මෙමට
        මොනවට කියමි නිදි නැත රැය තුන්        යමට
   
මෙම කවියෙන් ගම්‍ය වන්නේ අන්දරේ ගේ භාර්යාව රුමත් තරුණියක් බවයි. අන්දරේ දිනක් තම ප්‍රියාවිය බලන්න ගිය අවස්ථාවක ඇය අන්දරේ දැක ලැජ්ජාවට පත්ව කතා නොකොට අහක බලගෙන සිට ඇත. එම අවස්ථාවේ ඔහු ඇයට ඇසෙන ලෙස මෙසේ පවසා ඇත.

        පායන්නේ තරිදු ලොව එළිය කරණ            මෙනී
        රෑ වෙන්නේ ළඳේ නුඹ වෙත ගත් ලො        බිනී
        නොසොයන්නේ මෙමා පුරුවෙ කල         පවිනී
        ගෑනුන්නේ අරුම දැනුණේ මට                නුඹෙනී 

මේ ආකාරයට ඉතාමත් විනෝදයෙන්, සතුටින් ගත කළ අන්දරේ බොහෝ තරුණියන්ට උසුළු විසුළු කිරිමටද අමතක කළේ  නැත. දිනක් ඔහු මහමග යන අතරමග රොඩී ස්ත්‍රියක් දැක ඇගේ රුව පිළිබදව මෙවන් වර්ණනාවක් කොට ඇත.
 
      මහමී කුඩාමී වනයේ  බොහොම                   ඇති
      කොයි කොයි මලෙන් මුත් බඹරුන් රොන්    ගනිතී
      කොතන උනත් හරිනෙද මැණික රුව            ඇතී
      රුව ඇත්නම් අඩු කුළයද කමක්                    නැත

    බොහෝ තරුණියන් අතරද අන්දරේ යන නම ප්‍රසිද්ධ විය. තරුණියන්ට කවටකම් කිරිම මෙන්ම ඔවුන්ගේ  සිත් ඇද ගන්නා ආකරයෙන් කතා  බස් තෙපළිමටද අන්දරේ සමත් කම් දක්වා තිබේ. තරුණ වියේ  තරමක් මනමාලයෙකු ලෙසද ඔහු ප්‍රකට වි සිට ඇත. දවසක් තුනි රෙද්දකින් සැරසි කෙකටිය අල උදුරන යුවතියක් දැක ඇයට ඇසෙන සේ කවටකම් කල ආකාරය මෙසේ  සදහන්වේ.

      පතුල බැසා අල උදුරන කලට                     ලියේ
      මකුල සේම වත ඉහලට යාය                    ලියේ
      මුකුළු සිනා අප දැක කොඩු                       කාරියේ
      කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු      දියේ 
 
මෙවන් ආකාරයට උසුළු විසුළු කිරිම තරුණියන්ට ලැජ්ජාවක් මෙන්ම තරහවක් ඇති උනද අන්දරේ පිළිබදව මනාව දැන සිටින ඔවුන් මෙ සියලු දෙයට සිනහවකින් සංග්‍රහ කිරිමට හුරු පුරුදු වි සිටිහ. නමුත් සමහර තරුණියන්ද ඔහුට කවටකම් කිරිමට පෙළඹුන අවස්ථා දක්නට ඇත. දිනක් තරුණියන් කණ්ඩායමක්ම එකතුවි අන්දරේට කවටකම් කරන්නට විය. ඔවුන් සියලු දෙනාටම සරදමක් ලෙස ඔහු මෙසේ පද වැල් අමුනා ප්‍රකාශ කළේ ය.

 ලේනුන් නොයන අතු අග ගජිදු යන           රඟේ         
 පීනුන් නොදැන බැස්සා වැන්නා මහ           ගඟේ       
 මාලුන් කෙළියාට දිය බොර වෙද               ගඟේ               
 ගෑණුන් දුටුවාම බඩ දෑගලාය                     මගේ

  අන්දරේ කවටකම් වලට පමණක් නොව ගොවිතැනටද උපන් හපනෙක් විය. දිනක් ගොවිතැන් වැඩ කටයුතු හමාර වී හවස් ජාමයේ  ඇඟේ පතේ රුදාවත් මඟහැරියාම සදහා රා ඩිංගිත්තක් තොල ගා ගැනිමට සිත් විය. රා බිමේහිද සමතෙකු වු ඔහු නොදැනිම රෑ බෝවන තුරුම රා පොළේ  සිට ගෙදර එනවිට බොහෝ රෑ බෝවී තිබිණ. මෙයට කෝපවි සිටි බිරිද ගෙයි දොර වසා ගේ තුලට වී සිටියාය. අන්දරේ කොතෙක් කිවද ඇය දොර ඇරියේ නැත. එවිට මිදුලේ තිබුණු විශාල ගලක් ගෙන "මම එහෙනම් ළිදට පනිනවෝ" යයි කෑ ගසමින් ගල ළිදට දමා අසළ වන රොදකට රිංගුවේය. ගල ළිදට වැටුණු ශබ්දය ඇසුනු බිරිඳ "අන්දරේ ළිදට පැන්නෝ මෙන්න මැරුනෝ" යි මොර දෙන්නට විය. අන්දරේ වහා ගෙතුළට ගොස් දොර වසා ගත්තේ ය. බිරිඳ ගේ කෑගැසිමට ගම්මුන් බොහෝ පිරිසක් ළිද ළඟට පැමිණියෝය. එක් පුද්ගලයෙක් ළිදට බැස ඔහු සෙවිය. අන්දරේ ළිදට දැමු ගල හසුවිමෙන් සිදුවි ඇති දේ සියළු දෙනාටම වැටහිණි. ගෙය ඇතුලට වි මෙම සිදුවිම් පෙළ දෙස සිනහ වෙවි බලා සිටි අන්දරේ සැමට ඇසෙන සේ ශබ්ද නගා මෙසේ  කිවේය.
 
         ළඳේ  සොඳ බසක් ඇත පෙර           පනින්නේ
         ඇදේ ගැන ඇදේ කෙරුමය             වටින්නේ
         හදේ තිබු තදේ නැත දැන්           පෙනෙන්නේ
         ළඳේ ඉකිබිදේ ඇයි නුඹ                  අඩන්නේ



මතූ සම්බන්ධයි,   

 තූෂාර සපුතන්ත්‍රි                           

සිංහලයා මාධ්‍ය කණ්ඩායම     


Image Version :





« Last Edit: October 28, 2010, 02:04:41 AM by WEBMASTERŽ »

Offline WeBmAsTeR

  • Administrator
  • Madduma
  • *****
  • Posts: 229
  • Gender: Male
  • My sTyLe For My People,,, My Country,,,
    • MSN Messenger - SinhalayaDotCom@Hotmail.Com
    • Yahoo Instant Messenger - Channa_Aiya@Yahoo.Com
    • View Profile
    • SINHALAYA WORLDWIDE�
Andare Gena Thavath Visthara....
"අන්දරේ" ගැන තවත් විස්තර මෙතැනින්..
http://www.sinhalaya.com/nimnaya/index.php/topic,5423.0.html
WEBMASTER�,
SINHALAYA WORLDWIDE.