Welcome, Guest. Please login or register.
Did you miss your activation email?
September 08, 2010, 07:39:38 AM
Home Sinhala Chat Base Local News Web Hosting Fantasy Nimnaya Fun City Creations
Home Help Search Calendar Login Register

National Forum - Sinhala culture, tradition, history, arts, folks in Sri Lanka  |  SRI LANKAN FOLKLORE  |  Folk Songs & Folk Music  |  Topic: බර හඬ දෙන බෙරනද ගැන කියමි මෙලෙස සතුටිනා 0 Members and 2 Guests are viewing this topic. « previous next »
Pages: [1] Go Down Print
Author Topic: බර හඬ දෙන බෙරනද ගැන කියමි මෙලෙස සතුටිනා  (Read 601 times)
WEBMASTER®
Administrator
Madduma
*****
Offline Offline

Gender: Male
Posts: 191


My sTyLe For My People,,, My Country,,,

SinhalayaDotCom@Hotmail.Com Channa_Aiya@Yahoo.Com
View Profile WWW
« on: April 05, 2010, 02:16:09 AM »

බර හඬ දෙන බෙරනද ගැන කියමි මෙලෙස සතුටිනා

"තවද නිසාන, තම්මැට්‌ට, ලොහො, දවල්ජිනදවුල්, තප්පු, තලප්පු, ලොහොබෙර, පටා බෙර, එකැස්‌ බෙර, පණාබෙර, ගැටබෙර, පොකුරු බෙර, මිහිඟු බෙර, වයන බෙර, බුරුළු බෙර, මහරිකුට්‌ටම්, මද්දල, මහු මතුඩම්........" දඹදෙණි අස්‌න (යුද්ධ හමුදා සංගීත බළකාය)

පංච තූර්ය වාදනය, ආතත, විතත, විතතාතත, ඝණ, සුසීර යන අංග පසකින් යුක්‌තය. ඉන්දියානු වර්ගීකරණයට අනුව සියලුම තත් සහිත භාණ්‌ඩ තත් වර්ගයට ද විතත වර්ගයට බෙර ද ඇතුළත් කර ඇත. එහෙත් පාලි සාහිත්‍යයට අනුව ආතත, විතත, විතතාතත යන පද තුනම බෙර සඳහා භාවිත කරන බව පෙනී යයි. අනාර්ය ගෝත්‍රිකයන් සිය උත්සව අවස්‌ථාවලදී බහුල ලෙසම තූර්ය භාණ්‌ඩයක්‌ ලෙස "බෙරය" පාවිච්චි කළ බව ඓතිහාසික පුරාවෘත්ත තහවුරු කර ඇත. එසේම පෙර යුද භූමියට හමුදාව පිටත්ව ගියේ බෙර වයමින්. නළා පිඹිමින් ය. යුද ජයග්‍රහණය බෙර වාදනයෙන් පළ කළ අතර යුද පරාජය ද බෙරයෙන්ම දන්වන ලදී. එනම් බෙර යුද පිටියේ දමා ඒමයි. අපරාධකරුවන් වධක භූමිය වෙත කැඳවා ගෙන ගියේ වධ බෙර ගසමින් ය. මේ අනුව බෙරය ලංකාවේ සංගීත භාණ්‌ඩ අතර මුල් තැන ලබාගත් භාණ්‌ඩයකි. අනුරපුර යුගයේ සිට විවිධ බෙර වර්ග රාශියක්‌ තිබිණි. ඒවා අතර කුම්භබෙරය, උඩැක්‌කිය, හරස්‌ බෙරය නොහොත් මෘදඃගය ප්‍රධානය. උඩැක්‌කිය එදා කුමන නාමයක්‌ හැඳින්වීද යන්න අපැහැදිලි වුවත් නටරාජා රූපවල ඇති උඩැක්‌කිය "ඩමරු" යන නමින් හැඳින්වේ. ථූපවංශය රසවාහිsනිය, පාලි බෝධිවංශය ආදී ග්‍රන්ථයන්හි මෘදඃගය ගැන සඳහන් ය. එය කුඩා අත් බෙරයක්‌ විය හැකිය.

කළ බෙර හා හතරැස්‌ බෙර වර්ග ගැන දීඝ නිකායේ සඳහන් ය. කළ බෙර කුම්භ යන නාමයෙන් ද දැක්‌වේ. කළයක හැඩයට ගස්‌ අරටුවෙන් හෝ ඇත් දත් ආදියෙන් මෙය සාදා ගන්නා ලදී. මෙය හතරැස්‌ ය. හතර පැත්තෙන් හම් බැඳ ඇත. මෙම බෙරයෙන් හට ගන්නා ශබ්දය "කුම්භථුනය" නමි. "මැටි බෙර" වැයීම කර ඇත්තේ සශ්‍රීකත්වය පැවසීමට ය. දෑතින්ම වයන හරස්‌ බෙරය මෘදග නමින් හැඳින්වේ. අමරාවතී කැටයම් අතර මෙය ස්‌ත්‍රීන් වාදනය කරන රුවක්‌ ඇත. මෘදග බෙර වර්ග 3 ක්‌ සඳහන් ය. එනම් ආඛ්‍ය මෘදංග, ආලිංග්‍ය මෘදංග සහ උර්ධවහ මෘදංග යනුවෙනි.

ථූපවංශය, දඹදෙණි අස්‌න, සද්ධර්මාලංකාරය ආදී ග්‍රන්ථ කීපයක සඳහන් වන බෙර සංඛ්‍යාව අති විශාලය. සිංහල යුද්ධ හමුදාවේ මෙම බෙර සියල්ලම වාදනය කළ බව ඉහත කී ග්‍රන්ථ සාක්‌කි දරයි. ගැටබෙර, පණාබෙර, මෘදංග, පටහ, නිසාන, තම්මැට්‌ට, උඩැක්‌කි, නිතර නිතර භාවිත වූ බව පෙනේ. එසේම "දුන්ද්‍රහි" "වෙන්ඩිම" වැනි බෙර විශේෂයක්‌ ගැන ද එම ග්‍රන්ථයන්හි සඳහන් ය.

යක්‌බෙර, මඟුල් බෙර, මෙන්ම ගායනයට සහාය වශයෙන් යොදාගත් අත් බෙර එකල භාවිත විය. මිනී බෙර වැයීම ද සුලභ වූ අතර එයින් ප්‍රකාශිත වූයේ අසුභ බවකි.

දණ්‌ඩෙන් වාදනය කළ හැකි දුන්දුනිය මහා හඬක්‌ පෑ බෙරයකි. දුන්දුනිය අඹ ලීයෙන් තනාගත් බව කියෑවේ. එයන් ගිඟුම් දෙන හඬක්‌ නැංවීය. අඩි 5 ක පමණ විශ්කම්භයක්‌ ඇති "මහානාගර" බෙරය අති විශාල වූවකි. එහි බෙර කඳ තඹ හෝ පිත්තලවලින් නිම වී ඇත. එසේම දණ්‌ඩකින් වාදනය කළ යුතු විය..

"දෙණ්‌ඩිම" කුඩා තම්මැට්‌ටමකට සමාන කළ හැකිය. දෙණ්‌ඩිම "ගැටපහටු" බෙරයක්‌ ලෙස සුමංගල ශබ්ද කෝෂයේ දැක්‌වේ. එසේම මෙය "දින්දිමානි" "කිනිද්මානී" යන නම්වලින් ද හඳුන්වයි.

"අදම්බර" නමින් බෙර වර්ගයක්‌ ගැන චූලවංශයේ කියෑවේ. සුමංගල ශබ්දකෝෂය මෙය "පණාබෙර විය හැකි යෑයි පැවසේ. "පණාබෙරය" අලම්බර වී යෑයි කියෑවෙන අතර, එයට සුවඳ පැන් ඉස මන්ත්‍ර ජප කොට ඇතෙකු පිට තබා යුද භූමියට ගෙන යන ලද්දේය. යුද්ධ හමුදාවේ උසස්‌ නිලධාරියකුට දක්‌වන අසීමිත ගෞරවය යුද බෙරයට දක්‌වන ලදී. එය සතුරන් අතට පත්වීම ප්‍රබල පරාජයකි. බෙරය හා සක්‌ ගෙඩිය යුද පිටියේදී සංඥ දීමට භාවිත කළ ප්‍රධාන අංගයන් ය. පාලකයන්ට මෙන්ම අධිපතියන් සියලු දෙනාටම යුද බෙරයක්‌ වූහ. එය ඉතා මැනවින් ආරක්‍ෂා කරන ලදී. මේ සියලු බෙර අතුරෙන් ගැට බෙරය චිරාත් කාලයක්‌ තිස්‌සේ ලංකාවේ භාවිත වූ බෙර වර්ගයක්‌ වේ. ගැටබෙර යේ එක ඇසකට වඳුරු සමක්‌ ද, අනික්‌ ඇසට ගව සමක්‌ ද යොදා ගනී. අද ද උඩරට නැටුම සඳහා ගැටබෙරය මහත් සේවයක්‌ කරයි. ධාතු වංශයේ මෙය "දෙණ්‌ඩිම" හා සමාන යෑයි කීව ද අද භාවිත වන ගැටබෙරය ඊට වෙනස්‌ ය.

"පණ" යනු ගැයුමට සහාය දෙන කුඩා බෙර වර්ගයකි. මෙය යක්‌ බෙරය යනුවෙන් ද හැඳින්වේ. මෙය මෘදු සරල බෙරයක්‌ බව අමරාවතී ගල් කැටයම් විග්‍රහයේදී පවසයි.

ලංකාවේ බෙර අතුරින් "පටහබෙර" නමින් විශේෂයක්‌ ඇත. ථූපවංශය, දළදා සිරිත. කුවේණි අස්‌න, සද්ධර්මාලංකාර ආදී ග්‍රන්ථ සමූහයක පටහ බෙර ගැන විස්‌තර ඇතුළත් ය. එසේම යුද්ධ කාර්ය සඳහා මෙම බෙරය යොදා ගන්නා ලදී. මෙය හෙන හඬ සේ මහා ශබ්දයක්‌ නංවන එකකි. "මහපළවානා" යන තනතුරක්‌ ගැන සඳහන් ය. එය පටහබෙර වාද්‍ය තනතුරකි. එහි ප්‍රධානියා වන්නේ ද ඔහු ය.

ඩී. ඇස්‌. කුලතිලක මහතා "සිංහල සංගීත සම්භවය කෘතියේ පටහ පෙර ගැන දක්‌වන්නේ - "ලංකාවේ සඳහන් බෙර අතුරෙන් ඉතාම අසුභ ඵල දෙන බෙරය පටහ බෙරය බව සඳහන් කරයි." එය මළබෙර හඬට සමාන ය. ලංකාවේ අවමංගල්‍ය තූර්ය වාදනය ආරම්භ වන්නේ බෝධිරාජයන් මුල් කරගෙන බව "ඡේ. ඊ. සේදරමන් මහතා" පවසයි. බෝධින් වහන්සේගේ යම් අත්තක්‌ - රිකිල්ලක්‌ - දිරාපත් වූ විට හෝ මළ විට එය කැබලි කොට සුදුවතක ඔතා පෙරහැරකින් ගොස්‌ පුළුස්‌සා දමයි. මෙම පෙරහැරේදී "පටහබෙර" වාදනය කරනු ලැබේ. "මහපළවනා නිලය, මිනී බෙර වැයීමේ නායක - තනතුර බව ද සේදරමන් මහතා කියා ඇත. මිනී බෙර වාදනයේදී එහි බෙර ඇස අතින් ස්‌පර්ශ නොකර සුදු රෙදි කඩක්‌ ඔතා ඇත.

හින්දු දේවාලයන්හි පූජනීය තත්ත්වයට පත් මිහිඟු බෙරය නොහොත් මෘදංගය, මෘදු බෙර, මද්දල යන නමින් ද හඳුන්වන සුභඵල ගෙන දෙන්නකි. බුත්සරණෙහි "ගම්භීර භේරී නාදයෙන්" යනුවෙන් දැක්‌වෙන මිහිඟු බෙරය - කෝට්‌ටේ යුගයේදී බහුල වශයෙන් වාදනයට යොදා ගෙන ඇත. මර්දලය හා මද්දලය නමින් දෙවර්ගයකි. මර්දලය - මෘදංගයට වඩා කුඩා උරහිසෙන් ගෙන යා හැකි බෙරයකි.

තම්මැට්‌ට හා දවුල එදා පැවැති නමින් ම අද ද භාවිත වෙයි. තම්මැට්‌ටම ලෝකයේ අත් බෙර අතර දිගු ඉතිහාසයකට බැඳී පවතී. තම්මැට්‌ටම වාදනය කිරීමට "කඩිප්පු" නමින් කෝටු දෙකක්‌ යොදා ගනී. එය අගින් වක්‌ වී ඇත.

බෞද්ධ විහාරස්‌ථානවල හේවිසි වාදනයේදී තම්මැට්‌ටම අනිවාර්යෙන් ම තිබිය යුතුය.

තම්මැට්‌ටම අවමංගල්‍ය අවස්‌ථාවන්ට ද යොදා ගනු ලැබේ. දවුල මූණත විශාල කෝටිවලින් වාදනය කරන බෙර විශේෂයටකි. දඹදෙණි අස්‌නේ "ලොහො දවුල්, ජීන දවුල්, දවුල්" යෑයි වර්ග තුනක නම් සඳහන් ය. ථූපවංශයේ "බුරුළු බෙර" නමින් හඳුන්වන්නේ දවුල ය.

උඩැක්‌කි, ඩැක්‌කි, ඩැකබෙර, ඩමරු ආදී නම් වලින් හඳුන්වන එකම බෙර වර්ගයක්‌ ඇත. මෙය සෙලවුම් බෙරය වශයෙන් විග්‍රහ කළ හැකි ය. ඩෞර යනු ද සෙලවීමයි. දළදා සිරිතෙත් ථූපවංශයේත් ඩමරු යන පදය ඇත. කඩොල් ඇතු කුපිත කරවීමට ඩෞර සින්නම් යෙදූ බව "බුත්සරණ" කර්තෘ පවසයි. බෙරයේ කඳට ලණුවලින් යා කර කුඩා ලෝහ හෝ ලී කැට දෙකක්‌ බෙර ඇසට වැද්දීමෙන් එහි නාදය උපදවා ගත හැකිය.

මේ හැර තවත් බෙර වර්ග නාමාවලියක්‌ සිංහල සංගීත සම්භවයේ දක්‌වයි. දැදුරු බෙර, රෝධ බෙර, කැරඬිබෙර, තුණ්‌ඩි බෙර, කොටුම් බෙර, පොකුරු බෙර, නිසාන, බොම්බිලි, දුදුඟුබෙර, වඩවාරු යුවළ බෙර ආදිය ඒ අතර වෙයි.

අනාදිමත් කාලයක්‌ තිස්‌සේ වාද්‍ය භාණ්‌ඩයක්‌ ලෙස බෙරය ඉතා උසස්‌ තැනක්‌ හිමිකර ගෙන ඇත. එය මතුවටත් එසේම පවතී.

ප්‍රේමදාස රොඩ්රිගෝ
 


Source:
Irida Divaina (04/04/2010)
Logged

WEBMASTER®,
SINHALAYA WORLDWIDE.
Pages: [1] Go Up Print 
National Forum - Sinhala culture, tradition, history, arts, folks in Sri Lanka  |  SRI LANKAN FOLKLORE  |  Folk Songs & Folk Music  |  Topic: බර හඬ දෙන බෙරනද ගැන කියමි මෙලෙස සතුටිනා « previous next »
Jump to:  


Login with username, password and session length

sinhalaya, songs, poems, jokes, lanka, sl, sinhala, sindu, articles, books, novels, reading, writing, education, colombo, general, school, chat, sinhalachat, kasukusu, mp3, srilanka
 


SINHALAYA UNIVERSAL BROADCASTING SERVICE [SUBS]

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.11 | SMF © 2006-2009, Simple Machines LLC Valid XHTML 1.0! Valid CSS!
Page created in 0.056 seconds with 19 queries.