WEBMASTER®
Administrator
Madduma
    
Offline
Gender: 
Posts: 191

My sTyLe For My People,,, My Country,,,
|
 |
« on: April 26, 2010, 12:04:54 AM » |
|
බුදුන්වහන්සේ දිවමන් කාලයෙහි උන්වහන්සේ තෙවරක් ලංකා මහීතලය වෙත වැඩම කළ ද, ශ්‍රී සම්බුද්ධ ශාසනය අප දේශයෙහි ස්‌ථාපිත වූයේ ක්‍රි.පූ. තෙවැනි සියවසදීය. ධම_dශෝක අධිරජ හා දේවානම්පියතිස්‌ස රජ අතර ඇතිවුණු සමීප මිතුරුදම හේතුකොට මිහිඳු මහ රහතන් වහන්සේ හා සඟමිත් රහත් මෙහෙණින් වහන්සේ වෙතින් අප දේශයට විශිෂ්ඨ වූ දායාදයක් උරුම විය. බුදුදහම හා සසුනේ ව්‍යාප්තිය ඇතිවීමත් සමගින් භික්‍ෂු - භික්‍ෂුණි ශාසනයක් හා උපාසක උපාසිකා බෞද්ධ සමාජයක්‌ද බිහිවිය. අනුරාධපුරය කේන්ද්‍රගතව ඇතිවුණු බෞද්ධ සමාජමය සංස්‌කෘතිකමය ක්‍රියාවලිය රෝහණය (මාගම), කැලණිය ඇතුළු දේශයේ සෙසු පෙදෙස් සිසාරා ව්‍යාප්තව ගියේය. මේ බෞද්ධ සංස්‌කාතිය යටතේ අනුරාධපුරයෙන් ආරම්භ වුණු වෙහෙර විහාර ඉදිකිරීම් ක්‍රියාවලිය ජනතාව අතර වඩාත් ජනප්‍රියභාවයට පත්විය. පන්සල ආශ්‍රිතව පැවැති විහාරයේ, චෛත්‍යය, බෝධිය ආදීවූ පූජනීය අංග වන්දනාමාන කිරීම, උගත් සිල්වත් භික්‍ෂු භික්‍ෂුණීන් ඇසුරු කිරීම තම තමන්ගේ ජීවිතයට අවවාද අනුශාසනා ලබාගැනීමද ආදීවූ ක්‍රියාවලීන් ජනතාව අතර සීඝ්‍ර ලෙස පැතිර යන්නට විය. ඒ සඳහා වූ මංපෙත් අදහස් ජනතාව අතර ව්‍යාප්ත වී යාමට හේතු වූයේ බොහෝවිට විහාරස්‌ථානයන්හි බෞද්ධ ස්‌ථුප හා ගෘහනිර්මාණ අංග නිර්මාණයවී ස්‌ථාපිතවීම හේතුකොට වන්නට ඇත. බෞද්ධ ස්‌ථුප ගොඩනැඟීමේදී බොහෝ විට ඒවායෙහි බුදුන් වහන්සේගෙත් - රහතුන් වහන්සේලාගේත් ධාතුන් වහන්සේලා තැන්පත් කරලීම සිදුවිය. පන්සලට පැමිණෙන බොදුණුවෝ සව_ඥධාතුන් තැන්පත්ව ඇති චෛත්‍ය රාජයන් වෙත පානගා වන්දනාමාන කිරීම, බුහුමන් දැක්‌වීම, පුද පූජා පැවැත්වීම අප්‍රමාණ කුසල් සම්භාරයක් ළඟාකර ගැනීමට හේතුවන බැව් ඔව්හු දැන සිටියෝය. මෙලෙස ජනතාව අතර අෙන්‍යාන්‍ය හිතෛශි බව වධ_නය වීම, සමාජයෙහි යහපත් සාරධර්ම, ගුණධම_ වධ_නයවීමට ඉවහල් විය.
"මහාවංසය" ආදීවූ ඓතිහාසික ලේඛන, පුරාවෘත්ත හා පෙර සඳහන් පරිදි බුදුදහම ලංකාවට සැපත්වුණු අවධියෙහි රජරට පිහිටි අනුරාධපුර රාජධානිය හැරුණුවිට කුඩා රාජධානීන් කිහිපයක්‌ද ඒ ඒ ප්‍රදේශ මුල්කොටගෙන පැවැති බවට තොරතුරු හෙළිවේ. මෙදවස ඉතිහාසය කෙරෙහි අප මදක් යොමුවී බැලුවහොත්, සිරිලක දක්‍ෂිණ භාගයෙහි මාගම නම් වූත්, බස්‌නාහිර කැලණිය නම් වූත්, ඊසාන දින සේරු නුවර නම්වූත් කුඩා රාජ්‍යයන් පැවැති බැව් පෙනේ. ඊටත් වඩා කුඩාවූ ගිරිනුවරා ලෝන නුවර නම් වූ ඉතාම කුඩා රාජධානීන්ද මේ අතර පැවැති බව "ධාතුවංසය" ආදීවූ මූලාශ්‍ර මගින් තොරතුරු හෙළිදරව් වන්නේය. ලංකාවේ මෙවන් ආකාර ලොකු කුඩා රාජධානීන් පැවතුනද මේ රාජධානීන්හි පාලකයන් බොහෝ දුරට සමීපතම ඥතීහු වූහ. උදාහරණයක් ලෙස ගතහොත් මාගම රාජ්‍ය විචාල කාවන්තිස්‌ස රජුගේ සොහොයුරිය වූ සෝමාදේවිය සරණපාවා ගනු ලැබුවේ, කැලණිතිස්‌ස රජකම් කළ ශිව රජුගේ බෑණා වූ අභය කුමාරයායි. කාවන්තිස්‌ස රජු ඔවුනට වාසය කිරීමට ගිරිනුවර භාරකර දුන්නේය. "ධාතුවංසය"ට අනුව ගිරිනුවර ගිරිඅභය නමින් හෙතෙම පාලන කටයුතු මෙහෙය වන්නට විය. කලකට පසු කාවන්තිස්‌ස රජු තමන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රරත්නය වූ "ගාමිණී අභය" කුමරා ගිරිනුවරට පිටත් කරවූයේය. එහිදී තම ඥතීන්වූ සෝමාදේවියත්, ගිරිඅභයත් ඔහුව පිළිගත්තේ හිතෛශි ආකාරයෙනි. එහෙත් වැඩිකල් යාමට පෙර මේ හිතවත්කම් පලුදු වෙමින් ගැමුණු කුමරුන්, ගිරිනුවර පාලක ඥතිනුත් අතර කිසියම් මතභේදයක ආරම්භක පසුබිම සැකසෙමින් තිබිණි. මෙකී භේදකාරී තත්ත්වය වධ_නය වීමට පෙරාතුව ගිරිඅභය හා සෝමාදේවිය තමන්ගේ පිරිවර හා සම්පත්ද සමඟින් මිතුරකු වූ සේරුනුවර ශිව රජු හමුවීමට ගියේය. ශිව රජු ගිරිඅභය හා සෝමාදේවිය වෙතින් පැමිණීමට හේතු විමසා ඔවුනට ඉතා හිතෛශීව ගරුබුහුමන් කොට සංග්‍රහ කරමින් අවශ්‍ය පහසුකම් සළසා ලමින් අනතුරුව ගිරිඅභය රජු හා සෝමාදේවියගේ වාසය කිරීම සඳහා නගරයක් ඉදිකරවා හැම දෙනාටම අපේක්‍ෂිත සියලු පහසුකම් සහිතව වාසය කිරීමට මංපෙත් සලසා දුන්නේය. ගිරිඅභයට මිතුරාගෙන් පිරිනැමුණු ප්‍රදේශය මහවැලිගඟ අසබඩ පිහිටි ඉතා විශාල ජනපදයකි. මේ ජනපදය රාජධානියක් බවට පත්කර ගනිමින් "සෝමපුරය යයි" නම් තැබීමටද ඉවහල් වූයේ සෝමාදේවියගේ විශිෂ්ඨ ක්‍රියාදාමයන් නිසායයි සඳහන් කළ හොත් එය නිවැරදිය. ගිරිඅභය සෝමාදේවිය සමගින් ජනතා සහභාගිත්වයෙන් "සෝමපුරය" සමෘධිමත් රාජධානියක් බවට පත්කරවීය. මේ පුරවරය උද්‍යාන, ප්‍රාසාද, කුඨායාර ශාලා ඇතුළු විවිධ අංශවලින් සමන්විතව පැවැති පුරවරයක් ලෙස අද දඹදෙනි යුගයේ ලියෑවුණු වංසකථා අනුවද ප්‍රකට වේ.
බෞද්ධ දර්ශනයේ උත්තරීතර අදහස් වලින් පෝෂණය ලබා සිටි සෝමාදේවිය, ගිරිඅභය රජු වෙත විශිෂ්ඨ වූ යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ තම පවුලේ අයටත් ජනතාවටත් වන්දනාමාන පැවැත්වීමට බෞද්ධ විහාර භූමි සංකීර්ණයක් හා චෛත්‍යයක් ඉදිකරලීමට හැකියාවක් ලැබේ නම් එය මොනතරම් ප්‍රත්‍ය ක්‍රියාවක්‌ද කියාය. ගිරිඅභය රජු තම ප්‍රියාම්බිකා බිසවගේ මේ යෝජනාව මුළු හිතින්ම අගය කෙරෙමින් කැමැත්ත පළ කළ අතර තම රාජ්‍යයට ඉතාම ළඟිනුත් නැති දුරිනුත් නැති, යෝග්‍ය ස්‌ථානයක් කඩිනමින් සොයන්නට විය. ඒ සඳහා වූ සියලු අපේක්‍ෂාවන් මුදුන්පත් කරවා දෙමින් වඩාත් යෝග්‍ය වූ මහසල් වනයක් ඔවුනට දැකගැනීමට හැකිවිය. ඔව්හු එතැන්හි විහාරය හා ස්‌ථුපය ඉදිකරලීමට ක්‍ෂණිකව සෘජු ලෙස තීරණය කරගනු ලැබූහ. ඒ වන විට මේ සල්වනෝද්‍යාන සංකීර්ණයෙහි අරිට්‌ඨ නම්වූ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත එන මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ මහින්ද මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා සැටනමක් මේ සංකීර්ණයෙහි වැඩවාසය කරන බැව් තොරතුරු මගින් අනාවරණය කරගත හැකි විය.
ගිරිඅබා රජු පළමු කොට මහින්ද මහරහතන් වහන්සේ වෙත සෝමාදේවියගේ අදහස සහ අයෑදුම ප්‍රකාශ කර සිටි අතර උන්වහන්සේ එයට විරෝධයක් පෙන්වා නොසිටීමෙන් පැහැදිලි වූයේ ඒ සඳහා එකඟත්වයක් ඇති බවකි. ගිරිඅබා රජු මහත් සොම්නසයට පත්විය. දෙවනුව සෝමාදේවියද සමගින් හෙතෙම මහින්ද රහතන් වහන්සේ බැහැදැකීමට අවුත් උන්වහන්සේගේ දෙපා නමැද සිටි අවස්‌ථාවෙහි, උන්වහන්සේ "මහා සමය සූත්‍රය" දේශනා කළ බවද සඳහන්වේ. මෙහිදී ගිරිඅබා රජු හා සෝමාදේවියගේ අදහස් මල්ඵල ගන්වමින් එහි ඉදිවන චෛත්‍යයෙහි නිදන්ගත කරලීමට සව_ඥධාතුන් වහන්සේලා ලබාදීමටද මහින්ද රහතන් වහන්සේ භාරගත් සේක.
චෛත්‍යය හා විහාර සංකීර්ණය ඉදිකරලීම
ගිරිඅභය රජතුමා සෝමාදේවියගේ මගපෙන්වීම අනුව කටයුතු කරමින් භූමි සංකීර්ණය අවශ්‍ය පරිදි එළිපෙහෙලි කර ශුද්ධ පවිත්‍ර කරවා, හැම අතින්ම වාසනාවන්තවූ ශුභනැකතකින් චෛත්‍යය ඉදිකරලීමේ කටයුතු සමාරම්භ කළේය. වාස්‌තුවිද්‍යානුකූලව ස්‌ථුපයේ තුන්මහල් පේසාව දක්‌වා ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරවා, ධාතු ගභ_යේ ඉදිකිරීම් කටයුතු ද අවශ්‍ය පරිදි අවසාන ඉලක්‌කයටම නිමා කරවූයේය. මීළඟට අවශ්‍යව ඇත්තේ ස්‌ථුපයෙහි සව_ඥ ධාතු නිදන්ගත කිරීමේ අදියරටය. රජතුමා ඒ බැව් මහින්ද රහතන් වහන්සේ දැනුවත් කළේය.
මහින්ද රහතන් වහන්සේ මේ දක්‌වාම ඉමහත් භක්‌ති ප්‍රණාමයෙන් යුතුව පූජෝපහාර පවත්වමින් තම භාරයේ පැවැති ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී දළදා වහන්සේ ඉතා ගෞරවයෙන් වැඩම කරවා ගෙනවිත් දාගැබෙහි නිදන් කිරීම සඳහා රජතුමාගේ නමස්‌කාර මධ්‍යයේ, එතුමන් වෙත පිළිගැන්වූ සේක.
ජනප්‍රවාද ගත තොරතුරුවලට අනුව අතීතයෙහි නන්ද නම් රහතන් වහන්සේ නමක් භාරතයෙන් ලංකාවට වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී දන්තධාතුන් වහන්සේ නමක්, අරිට්‌ඨ නම් මහරහතන් වහන්සේ නමක් විසින් පූජාaපහාර පුදකරමින් තමන් භාරයේ තබාගෙන ඇත. අරිට්‌ඨ රහතන්වහන්සේගෙන් අනතුරුව එහි භාරකාරත්වය අතිනත යමින් අවසානයේදී මිහිඳු රහත් හිමිගේ භාරකාරත්වය යටතට පත්විය.
ගිරිඅබා රජු අතින් නව චෛත්‍යයෙහි නිදන්ගත වන්නේ මෙලෙස රහතන් වහන්සේලා භාරයේ ආරක්‍ෂාවුනු සව_ඥධාතූන් වහන්සේමය. ගිරිඅභය රජතුමන් සෝමපුරයේ ඉදිකරවූ චෛත්‍යය "සෝමාවතී චෛත්‍යය" රාජයන් බවට පත්විය. අනුරාධපුර ස්‌වÒමාලි චෛත්‍ය රාජයන් මෙන්, බුබ්බුලාකාර හැඩයෙන් යුතුව රියන් හැටක් උස්‌වන ලෙසින් සෝමාවතී චෛත්‍යය ඉදිකර ඇත.
තවද මහින්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ සැටනමක්‌වූ රහතන් වහන්සේලාටද විහාර හැටක්‌ද, සෝම නම් පස් පිළිම විහාරයක්‌ද, වණිඅගිය නම් පොහොය ගෙයක්‌ද, සක්‌මන් මළු, පැන්පොකුණු, පුෂ්පාරාම, පිලාරාම, දොරටු ප්‍රාකාර ආදීවූ විහාර අංගවලින්ද පරිශ්‍රය සම්පූර්ණ කර තිබුණු බව වංස කථා තොරතුරු හා පුරාවිද්‍යා සාධක වලින්ද ප්‍රකට වේ.
බුදුන්වහන්සේගේ දළදා වහන්සේලා තුන්නමක් මෙරට වැඩමකර ඇති බව වංසකතා තොරතුරු මගින් හෙළිවේ. වඩාත්ම පූජෝපහාරයට පාත්‍රව පවතින්නේ දළදා වහන්සේ දෙනමක් බව "දීඝනිකායේ මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන්වේ. මහනුවර සිරි දළදා සමි¹ණන් වහන්සේ චෛත්‍යයක වැඩ නොසිටියද උත්තරීතර බවින් බලමහිමයෙන්ද ඉහළින්ම වැජඹෙන බව බොදුනුවෝ දනිති.
සෝමාවති චෛත්‍යයේ අන්තර්ගත සව_ඥධාතුන් වහන්සේලාගේ බලමහිමය නිසාදෝ බොහෝ සතුරු බාධක කලින් කලට පැමිණියද එහි පවත්නා අද්භූත බලයකින්දෝ සැමදා එය ආරක්‍ෂාවී ඇත. සෝමාවති චෛත්‍යය හා සංකීර්ණය අනුරපුර යුගයේ බොහෝ රජවරුන්ගේ පූජෝපහාරයට ලක්‌වුණු පූජ්‍ය ස්‌ථානයකි. සෝමාවති චෛත්‍යය ආසන්නයේ ක්‍රි. පු. 2 සියවසේ සිට ලියෑවුණු බ්‍රාහ්මි අක්‍ෂර සෙල්ලිපි කීපයක්‌ද හමුවී ඇත. එකී සෙල්ලිපි කලින් කලට රජවරුන් ලියා තබා ඇත්තේ සෝමාවතී විහාර සංකීර්ණය හා භීක්‍ෂුන්වහන්සේලාගේ දානමාන වියහියදම් හා ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා රජයට ලැබෙන ආධාර පවරාදීම සඳහාය. නිශ්ශංක මල්ල රජතුමා සෝමාවති ස්‌ථුපයේ නවකම් කරන්නට ඇතැයි අනුමාන කෙරේ.
සෝමාවතිය ස්‌ථුපය පිහිටි මළුවේ විශාල ප්‍රමාණයේ සඳකඩපහණ සතරක්‌ද, වාහල්කඩ තුනක්‌ද, සිරිපා සටහන් සහිත ගල්පුවරුද හමුවී ඇත. මෙහි ඇති සඳකඩපහන් අනුරපුර අභයගිරි දාගැබේ මෙන් සුදුපාට ගල් කැබලි එක්‌කාසු කර නිමාවූ සඳකඩපහණවලට සමානකම් දක්‌නා ලැබේ.
සෝමාවති චෛත්‍යය හා එම සංකීර්ණය පිහිටා ඇත්තේ උතුරුමැද පළාතේ පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ මින්වලලු ග්‍රාමයේය. සෝමාවති චෛත්‍යය මහවැලි නදියෙන් නැගෙනහිර රුහුණු ප්‍රදේශයේ පිහිටි බව ධාතුවංශය හා ජිනකාලමාලිය හා පුරාවිද්‍යා සාධක අනුව පෙනෙන්නට ඇතත්, මහවැලි ගඟේ ජලය ගලා යන මාග_ය වෙනස්‌කම් සිදුවීම නිසාදොa දැනට එම ගංගාවේ බටහිර දෙසින් සැතපුමක් පමණ ඈතින් ස්‌ථුපය පිහිටා ඇති බව උගතුන්ගේ මතය වේ.
පොළොන්නරු යුගයෙන් පසු වල්බිහිවුණු සෝමාවති චෛත්‍යය පිහිටි නටබුන් සොයාගිය බොහෝ අයට එම ස්‌ථානයෙන් සැණකෙළියක මෙන් සංගීත රාවයන් අසන්න ලැබුණු බවත්, දේදුන්නක මෙන් බුදුරැස් විහිදී යන ආකාරයක්‌ද දැකගන්න ලැබුණු බවටත් ලිත සාධක ඇත. සෝමාවති චෛත්‍යය රාජයන් 2002 ජුනි 24 දින පොසොන් පොහෝ දින රාජ්‍ය අනුග්‍රහයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීමෙන් සම්පූර්ණ වශයෙන් ප්‍රතිසංස්‌කරණය කොට සුණු පිරියම් කොට, කොත් පැළඳීමේ උත්සවයද පවත්වා දැනට බොදුනුවන්ගේ පූජෝපහාරයනට දොරටු විවෘත කොට ඇත.
ආශ්‍රිත ලේඛන
1. මහාවංසය
2. දීපවංසය
3. ජිනකාලමාලි
4. මහාචාර්ය එම්. ටී. බස්‌නායක - සෝමාවති පින්බිම
5. අමරදාස ලියනගම, රණවීර ගුණවධ_න - අනුරාධපුර යුගය
6. පූජ්‍ය පහමුනේ සුමිත හිමි - බුදුරැස් විහිදෙන සෝමාවතිය
7. පූජ්‍ය ගංගොඩ පඤ්Æවේධහිමි - දකුණු දළදා නිධහිත රුහුණු සෝමාවතිය
හිටපු සංස්‌කෘතික සහකාර අධ්‍යක්‍ෂ ආචාර්ය සිරි නිස්‌සංක පෙරේරා
Source: Irida Divaina (25 Apr 2010)
|