Welcome, Guest. Please login or register.
Did you miss your activation email?
September 08, 2010, 07:48:04 AM
Home Sinhala Chat Base Local News Web Hosting Fantasy Nimnaya Fun City Creations
Home Help Search Calendar Login Register

National Forum - Sinhala culture, tradition, history, arts, folks in Sri Lanka  |  SRI LANKAN CULTURE  |  Cultural Values, Norms, Rituals And customs,,,  |  Topic: ඔරුව සහ එහි කොටස්‌ 0 Members and 1 Guest are viewing this topic. « previous next »
Pages: [1] Go Down Print
Author Topic: ඔරුව සහ එහි කොටස්‌  (Read 253 times)
WEBMASTER®
Administrator
Madduma
*****
Offline Offline

Gender: Male
Posts: 191


My sTyLe For My People,,, My Country,,,

SinhalayaDotCom@Hotmail.Com Channa_Aiya@Yahoo.Com
View Profile WWW
« on: July 12, 2010, 01:13:01 PM »


ඈත අතීතයේ සිට කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදුන අයගේ ප්‍රධාන ජල යාත්‍රාව වූයේ ඔරුවයි. ඔරුව ලෝකයට හඳුන්වා දුන්නේ ලාංකිකයන් විසින් යන්න විද්වත් මතයකි. වැඩි පහසුකම් නොමැති ඔරුව ලී කොටයක ආධාරයෙන් සකස්‌ කර ගන්නා යාත්‍රාවකි. හෙළයේ වඩු කර්මාන්තයේ යෙදුන. වඩු කාර්මිකයන් විසින් මෙය මනාව නිර්මාණය කරන අතර ඔරු වර්ග රාශියක්‌ ඇත. ඔරුව පිළිබඳව පන්සිය පනස්‌ ජාතක පොතේද සඳහන් වන අතර සේරිවානිජ ජාතකයේ එන ඔරුවේ ගමන දේවදත්ත කෙනෙක්‌ බිහි වෙන්නට තරම් හේතු විය. සමුද්ද වාණිජ ජාතකයෙත් ඔරුව පිළිබඳව කියෑවෙනු ඇත. මහා වංශයේ සඳහන් වන ප්‍රධානම ඔරුව විහාර මහා දේවිය යාත්‍රා කර වූ ඔරුවය.

අනුරාධපුර යුගයේ නිර්මාණය වූ බත් ඔරු, කැඳ ඔරු සහ බෙහෙත් ඔරු කිසි විටෙක ජල යාත්‍රාවේ නොයෙදුන ඔරු විශේෂයෙකි. ස්‌වාමීන් වහන්සේලා සිවුරු පඬු පෙවීම සඳහා යොදාගත් "පඬු ඔරු" පැරැණි පන්සල් ආරාම ආදියෙහිදී දැක බලාගන්නට හැකියාව ඇත. තොටගමුවේ සිරි රාහුල හාමුදුරුවන් සරස්‌වති තෛලය පානය කර සිහි මුර්ජා වී සිටින විට සිහිය ලබා ගැනීම සඳහා ගිල්වූ මව්කිරි පිරි ඔරුව, ඔරුවේ වංශකථාවේ විශේෂ සිද්ධියකි. බදුල්ල ප්‍රදේශයේ "කිරිඔරුව" නමින් ගමක්‌ පිහිටා තිබුණ ද තොටගමුවේ හාමුදුරුවන් ගිල්ල වූ කිරි ඔරුවට එය සම්බන්ධතාවයක්‌ නොමැත.

වර්තමානයේ ඔරු පරයන විවිධ ජල යාත්‍රා ජලය තරණය කිරීමට යොදා ගන්නා නිසා ධීවර කර්මාන්තයේදී ද දැන් ඔරුව සැහැල්ලු වෙමින් පවතී. දැන් ගම් නගර මැදටත් ඔරු අවශ්‍ය වෙමින් ඇත්තේ ගංවතුර තර්ජනයෙන් මිදෙන්නටය. ඒ නිසා ඔරුව හදිසි අවස්‌ථාවලදී ජනතාවට ප්‍රයෝජනවත් වන යාත්‍රාවක්‌ බවට පත්ව ඇත. මෙම ඔරුව නම් යාත්‍රාව යොදාගෙන ධීවරයන් මාළු මරන්නට මුහුදට යන විට ඔරුව ඔවුන්ට තිබෙන එකම රැකවරණය හා අස්‌වැසිල්ල වනු ඇත. ඔරුව හා බැඳුන ධීවර ජීවිතයේ ලාංකික මස්‌ මරන්නන් ඔරුව සහ එහි කොටස්‌ විවිධ නම් වලින් හඳුන්වා ඇත. ඒ අනුව ඔරුවේ කොටස්‌ 42 ක්‌ පමණ වේ. බැලු බැල්මට එපමණ කොටස්‌ ඔරුවක්‌ සතුව ඇතැයි සිතීමටද නුපුළුවන. එම කොටස්‌ මේ ලෙස හඳුන්වමු.

1.ඔරුකඳ 2. ඔරුතල්ල, 3. කොල්ලෑව 4. වියල් 5. පා කොණ 6. රුවල 7. කුඹගස 8. උඩුමිටිය 9. පාවර දණ්‌ඩ 10 වාවරය 11. අච්චු යොත 12. කඹේ 13. කොක්‌කි 14. ගොව්ව 15. දාමන්නෙ 16. කට්‌ටිදාමන්නෙ 17. කඩිස්‌සෙ 18. කඩිස්‌සවැල 19 ඇනිය 20 දවරෙ 21 පල්ල 22. මාන්තඩිය 23. කස්‌සරුව 24. බාර ඇණ 25. බාරයොත. 26. කොටායොත, 27. යටතලේ 28. බඩයොත 29. මැන්ද පුඩුව 30. හිටින රෑන 31. පුංචි කොටා යොත 32. කුට්‌ටියොත 33 කදයොත 34. පත්තාර 35. මිදිලි දෙක 36. පිටපෝරු 37. වෙල්ම 38. වංගු 39 පෙත්ත 40 කොටවැල 41. හබල් 42. දියාලුව .

අපි මෙම කොටස්‌ වෙන වෙනම හඳුනා ගනිමු.

ඔරුකඳ - පොදුවේ ඔරුව ලෙස හඳුන්වන ඔරුකඳ ජලයට ඔරොත්තු දෙන ලී කොටයක්‌ හාරා හැඩ ගසා ගැනීමෙන් සකස්‌ කර ගනී.

ඔරු තල්ල - ඔරු කඳේ කෙළවර කොටස

කොල්ලෑව - ඔරුවේ පෙරලීම වැළැක්‌වීම සඳහා වියල් දෙක අග බඳින ලද සැහැල්ලු ලීය

වියල් - කොල්ලෑව ඔරු කඳට සම්බන්ධ කර බඳින වක්‌වූ ලී දෙක. මේ සඳහා දොඹ අතු යොදා ගනී.

පාකොණ - වියල් දෙක සෙලවීම වැළක්‌වීම සඳහා දෙවියලේ සිට ඔරුවේ කෙළවර දෙකේ (තල්ල) ගැට ගසන ලණු

රුවල - ඔරුව යාත්‍රා කරවීම සඳහා සුළඟේ ආධාරය ලබා ගන්නට අදින රෙද්ද

කුඹගස - රුවල බැඳීම සඳහා ඔරුව මැද සිටුවා බඳින ලද ප්‍රධාන කණුව

උඩුමිටිය - කෙළින් සිටුවන ලද කුඹගස

පාවර දණ්‌ඩ - උඩුමිටියේ මුලසිට උඩට ගැටගසා තිබෙන කුඹය.

වාමරය - කඩිස්‌සේ සිට උඩුමිටිය මුදුනේ කෙළවරට සවිකරන ලණුව.

අච්චුයොත - උඩුමිටිය මුදුනේ සිට ඔරු තල්ලට ගැට ගසන ලණුව

කඹේ - පාවර දණ්‌ඩේ මුදුන් කෙළවර සිට ඔරු තල්ලට ගැට ගසන ලණුව

කොක්‌කි - උඩුමීයේ කෙළවර සහ පාවර දණ්‌ඩේ කෙළවර සවි කරන ලණුව

ගොව්ව - ඔරු තල්ලේ ගැට ගසන රුවලේ පාත කොතේ ලණුව

දාමන්නෙ - ඔරුවේ වේගය බාල කිරීම සඳහා හෝ වැඩි කිරීම සඳහා රුවලේ පාත කොණේ ගැට ගසා තිබෙන ඔරුවේ ප්‍රධානියා අල්ලාගෙන සිටින කඹේ.

කට්‌ටිදාමන්නෙ - දාමන්නෙ මැද සිට පාවර දණ්‌ඩට අදින හීනි ලණුව

කඩිස්‌සෙ - මැදවියලේ කොල්ලෑව සවි කරන තැන ඉහළින් තිබෙන ලීය.

කඩිස්‌සවැල - කඩිස්‌ස බඳින ලණුව

ඇනිය - ඔරුවක්‌ යාත්‍රා කරන ඉදිරිපැත්ත

දබරෙ - ඔරුවක්‌ යාත්‍රා කරන විට පිටුපැත්ත

පල්ල - ඔරුව පාලනය කරන සුක්‌කානම ලෙස තිබෙන ලෑල්ල

මාන්තඩිය - පල්ල සවි කර තිබෙන මිට

කස්‌සරුව - පල්ල ගැට ගසන ලණුව

බාර ඇණ - පල්ල ඉහළ පහළ නොයැම සඳහා ඔරුතල්ලේ සවි කර තිබෙන ලී කෝටුව, මෙය තලප්පුව යනුවෙන්ද හඳුන්වයි

බාරයොත - පල්ල අල්ලාගෙන සිටින අයගේ ඉනේ ගැට ගසා මුහුදට දමන යොත

කොටා යොත - කඩිස්‌සේ කෙළවරේ ගැට ගසා දමන යොත

යටතලේ - පාවරදණ්‌ඩේ අග ගැට ගසා දමන යොත

බඩ යොත - යටතලේ යොත ළඟට ඇඳීමට තිබෙන පුංචි යොත් කැබැල්ල

මැන්ද පුඩුව - වාවරය ගැට ගසන යොත

හිටින රෑන - ඔරුවේ සිට කොල්ලෑව දෙසට යන්නට අවශ්‍ය වූ විට (වියල දිගේ) අල්ලා ගන්නට තිබෙන ලණුව

පුංචි කොටා යොත - හිටි රැනේ මැද ගැට ගසන යොත

කුට්‌ටියොත - මැද පා කොණේ කෙළවර ගැට ගසන යොත

කඳ යොත - මැද වියලේ සහ ඔරුවේ ගැට ගසන යොත

කඳ යොත - මැද වියලේ ඔරුව ළඟ ගැට ගසන යොත

පත්තාර - ඔරු කඳට උඩින් වතුර ගලා ඒමට නොහැකි වන සේ බැඳ සවිකර ඇති දෙපස ලෑලි

මිදිලි දෙක - ඔරුතලු දෙකට ගැට ගසන ලෑලි

පිට පෝරු - පන්නාර උඩින් සවිකර ඇති ලී තීරපටි

වෙල්ම - ඔරුවේ කට සවි වීමට හරස්‌කර ඇති ලී පටි

වංගු - ඔරුවේ කටයුතුවලට ගනු ලබන ඇද ලී

පෙත්ත - පාවර දණ්‌ඩ සිටුවීමට වළක්‌ හාරා තිබෙන ලී කොටය

කොටවැල - උඩුමිටිය උඩ සවිකරන ලණුව

හබල් - ඔරුව පැදගෙන යැම සඳහා දෙපසින් සිට ජලයේ දමා ශක්‌තිය ලබා ගන්නා ලීයෙන් සැදූ පිති (හබල් ගෑමට)

දියාලුව - මුහුදු රැලි ආදියෙන් ඔරුව තුළට ජලය දැමුව හොත් එම ජලය රැගෙන ඉවතට දැමීමට යොදා ගන්නා උපකරණය


දේ. සු ද සොයිසා




(Divaina - 11/07/2010)
Logged

WEBMASTER®,
SINHALAYA WORLDWIDE.
Pages: [1] Go Up Print 
National Forum - Sinhala culture, tradition, history, arts, folks in Sri Lanka  |  SRI LANKAN CULTURE  |  Cultural Values, Norms, Rituals And customs,,,  |  Topic: ඔරුව සහ එහි කොටස්‌ « previous next »
Jump to:  


Login with username, password and session length

sinhalaya, songs, poems, jokes, lanka, sl, sinhala, sindu, articles, books, novels, reading, writing, education, colombo, general, school, chat, sinhalachat, kasukusu, mp3, srilanka
 


SINHALAYA UNIVERSAL BROADCASTING SERVICE [SUBS]

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.11 | SMF © 2006-2009, Simple Machines LLC Valid XHTML 1.0! Valid CSS!
Page created in 0.059 seconds with 17 queries.