Author Topic: සන්නි යකුම හෙවත් දහඅට සන්නිය  (Read 6536 times)

0 Members and 1 Guest are viewing this topic.

Asha Nanayakkara

  • Guest
Advertisement
ඉන්දීය ආභාෂය තුළින් අප ලත් අභිචාර කලාවක්‌ ලෙස දහඅට සන්නියට අත්වන්නේ අති විශිෂ්ට සැලකීමකි. ලංකාව පුරා ඒ ඒ පළාත්වල භූත දොaෂ මගින් ඇතිවන ආබාධ සඳහා පිළියම් වශයෙනුත් ෘ ශාන්තිය උදාකරගැනීම් වශයෙනුත් ෘ දහඅට සන්නිය පැවැත්වීම පුරාණයේ සිට පැවැති චාරිත්‍ර විධියකි. මේ සඳහා බොහෝ වත්පිළිවෙත් ආදිය සිදුකරන අතරමෘ නැකැත් බැලීම, හඳහන් බැලීම, ආදී දේත් සිදුකර මරයෝග තිථි රිට්‌ටා දොaෂ ආදිය හැර සියලු ශුභවේලාවන් ප්‍රධාන කොට ගෙන ශාන්තිකර්ම පැවැත්වීම සිදුකෙරේ. බොහෝවිට මෙම ශුභ දේ සඳහා යොදාගනු ලබන්නේ පුරපක්‍ෂය යනුවෙන් ජනවහරේ යෙදෙන චන්ද්‍ර පූර්වකාල සමයයි. අවපක්‍ෂය හෙවත් චන්ද්‍රයාවක්‌වීමේ කාලසීමා මේ සඳහා අයෝග්‍ය ලෙස සැලකේ.

දහඅට සන්නිය නැටවීමේදී සන්නි දහඅට ප්‍රධාන තැනක්‌ ගනී. ඒ ඒ සන්නියට උචිත ඇදුම් ආයිත්තම්වලින් සැරසෙන යකැදුරෝ රඟමඩලට පිවිසෙන්නේ ආරාධනා කවිවලින් කෙරෙන ආරාධනයත් ඊට ආවේණික වූ භේරිපද මාත්‍රාත් සමගින්ය. එය අසන නරඹන හැමට විනෝදය ගෙනදෙන කටයුත්තකි. මිනිසුන්ට වැළඳෙන අටඅනූවක්‌ රෝග නවඅනූවක්‌ ව්‍යාධි දෙසියතුනක්‌ ආන්තරා ආදියට මෙම අද්භූතබල සහිත සන්නියකුම් නැටීමෙන් යම් සහනයක්‌ ලැබෙන බව ජනතාවගේ විශ්වාසයයි. සමහර රෝගාබාධ සඳහා බෙහෙත් ආදියෙන් පිළියම් කර සුවයක්‌ නූන අවස්‌ථාවලදී මේ දහඅට සන්නි යකුම් නැටවීම සිදුකරනු අප දැක ඇත්තෙමු. වීථි සැකසීම්, කුරාලබැදීම් කපාල කූඩු සැකසීම් ආදී බොහෝ දේ සන්නි යකුම් පැවැත්වීමේදී අවශ්‍යවේ. යම් යම් ග්‍රහ අපල සඳහා ශාන්තිකර්ම කිරීමේදී ඊට අවශ්‍ය බලි ආදිය මැටියෙන් ඇඹීමද සිදුකෙරේ.

එසේ බලි අඹනු ලබන්නේ ඒ ඒ ග්‍රහයා සඳහා නියමිත රූපකාය දර්ශනය වන පරිද්දෙන්ය. මේ සඳහා අවශ්‍ය මැටි ගැනීමට භූමි දොaෂ හැර ආරක්‍ෂා මන්ත්‍ර ජපකර නැකැත්බලා මැටිකපා මැටි අනා එම කටයුත්ත කරන්නේ බලි ඇඹීමේ කලාව හොඳින් දන්නා ඇදුරන් විසිනි.

සන්නි යකුම නැටීමේදී සන්නි යක්‍ෂයන් දහඅට දෙනෙක්‌ රඟමඩලට ප්‍රවිෂ්ඨ වේ. ඒ ඒ සන්නි යක්‍ෂයා සඳහා වෙනම බෙරපද ඇත එසේම වෙන වෙනම ආරාධනා කවිද ඇත. අතක පන්දමද තවත් අතක දුම්මලද ගෙන ගිනිදැල් විහිදුවමින් සබයට එන යකුන් තම ආධිපත්‍ය පිළිබඳවත් තමාගේ හැකි කම් ගැනත් කවිවලින්ම ප්‍රකාශ කරන අතර අවසානයේ මේ සියලු දොස්‌ විශාලා මහනුවර තුන්බිය දුරුකළ ආකාරයෙන් විද්වංශනය කෙරේවායි කියමින් සබයෙන් පිටවේ. මේ සන්නි චරිත අපට ඉන්දීය ආභාෂය ඇතිව ලැබෙන බව මුලදී හැඳින්වීමු. මේ යක්‍ෂ භූත ආදී පිළියම් ක්‍රම මුලින් ලංකාවේ පවත්වන ලද්දේ බමුණන් විසින්ය.

දඹදෙණි රාජධානි සමයේ දෙවන පැරකුම්බා මහරජුට සැදුන ශ්‍රොaත රෝගයක්‌ දුරුකිරීම සඳහා බමුණු පිරිස්‌ යාගයක්‌ කළ බව සඳහන් වේ. එසේ පුරාණ කාලයේ සිට පැවත ආ මෙම යාග විධි අද අලුත්වෙමින් තවත් දැ එකතු වෙමින් කරළියට පැමිණ ඇත.

සන්නි යකුන් දහ අටදෙනා පිළිබඳව විමසීමේදී අපට ඒ දහඅට මෙසේ හඳුන්වා දීමට පුළුවන.

භූත සන්නිය
අභූත සන්නිය
අමුක්‌කු සන්නිය
වෙඩි සන්නිය
වාත සන්නිය
බීරි සන්නිය
කන සන්නිය
පිත් සන්නිය
ගොළු සන්නිය
කෝල සන්නිය
මූර්තු සන්නිය
දෙමළ සන්නිය
නාග සන්නිය
කොර සන්නිය
ගිනිජල් සන්නිය
ගුල්ම සන්නිය
ජල සන්නිය
දේව සන්නිය

ඉහතින් දැක්‌වෙන සන්නි ව්‍යාධි ලෙස මිනිසුන්ට වැළඳුන විට ඒවා දූරී භූත කිරීම පිණිස සන්නි යකුම් නැටීම පුරාණ කාලයේ සිට අපේ රටේ පැවැති ව්‍යාධි භංග කිරීමේ ක්‍රමයකි. මේ සඳහා ඒ ඒ සන්නිවලට අයත් වෙස්‌ මුහුණු පැළඳීම සිදුකෙරේ. මෙහි මුලින්ම සඳහන් කළ ආකාරයට අපේ රටට මේ සන්නි සියල්ලම පැමිණියේ ඉන්දියාවෙනි. එසේම ඒවා ඉවත් කිරීම සඳහා වූ වත් පිළිවෙත් යන්ත්‍ර මන්ත්‍ර ආදී දේද අප ලබාගත්තේ ඉන්දියාවෙන්ය. මෙම සන්නි යකුමක්‌ නැටීම සඳහා ගතවෙන්නේ රාත්‍රියක්‌ හා තවත් අඩක්‌ පමණකි. මේ රාත්‍රිය ගැනෙන්නේ තුන්යමක්‌ ලෙසය. එය පළමු යාමය මධ්‍යම යාමය හා පශ්චිම යාමය ලෙසින්ය.

මුල් යාමයේ සිදුවන්නේ ලෙඩා හෙවත් ආතුරයා යාග නැතහොත් යකුම් මඩලේ වාඩිගන්වා ඒ මූලික වත්පිළිවෙත් සිදුකිරීමයි. මෙහිදී පන්සිල් ගැනීම්, බුදුන් දෙවියන් උදෙසා ස්‌ත්‍රොaත්‍ර ගායනා පැවැත්වීම් පහන් දැල්වීම් ආදිය සිදුකොට සුවඳ දුම් අල්ලා රඟමඩල ඊට උචිත ලෙසින් සකස්‌කර ගැනීම සිදුකරන්නේ ප්‍රධාන යකැදුරා ඇතුළු පිරිස විසින්ය. ඒ සඳහා බෙරවාදනයද සිදුකෙරේ. මෙම මුල් සමයම පටන්ගත් පසු මධ්‍යම යාමයට කිට්‌ටුවන විට පිදේනි දොළදීම් යකුන් යක්‍ෂණියන්ට අඬගසා ආතුරයාට ඇති ආශා අත්හැර දමා දොaෂ දුරුකරමින් විශාලා මහනුවර යන ලෙසින් ආයාචනා කෙරේ. මේ විශාලා මහනුවර ඇත්තේද ඉන්දියාවේය. ඒ නිසා ඒ රටින් ආ ලෙඩ රෝග නැවත ඒ රටටම යෑවීම මෙහිදී සිතට ගත යුතු කරුණකි.

අප ඉහත සඳහන් කළ පරිදි මෙම සන්නි යකුම නැටවීමේදී යකුන් සඳහා විශාල කැවිලි පෙවිලි ප්‍රමාණයක්‌ සකස්‌ කරන අතර ඊට සුරා, පැණිරස, බැදිලි, පුලුටු ආදියත් විශේෂයෙන් පඬුරු හෙවත් මුදල්ද ගනු ලැබේ.

මේ මුදල් පඬුරු ලෙසින් ඔප්පු කිරීම යකුන්ට පමණක්‌ නොව දෙවියන් උදෙසාද සිදුවේ. පහන් පැල්වලටත්, ග්‍රහ තටු හා පිදේනි ආදියටත් පඬුරු දමන අතර යකාත් මුදලට ආසයි. යන පිරුළ අප අතරට ආවේ මේ නිසා බැව් කියවේ. අපේ රටේ වාසය කළ විදේශිකයන් පවා මේ තොවිල් ක්‍රම පිළිබඳ අධ්‍යයනය කර ඒවා තම පර්යේෂණ කෘතීන්හි ඇතුළත් කොට ඇත. ඉංග්‍රීසි ජාතික හි්‍යු නෙවිල් හා රොබර්ට්‌ නොක්‌ස්‌, ඉන් කීපදෙනෙකි.

දහඅට සන්නිය පුරාම විහිදී ඇත්තේ රසවත් නැටුම් අංග වලින් හා දෙබස්‌ අංග වලින් පූර්ණ වී ගිය ප්‍රාසාංගික ප්‍රාසංගයක ඇති විලාසයකැයි කීවොත් එය සත්‍යයකි. නරඹන පිරිස්‌ සිනාගස්‌වමින් සිදුවන දෙබස්‌ මෙහිදී කා තුළත් විනෝදය ඇතිකරයි. යකුන්ට රඟමඩලට ආරාධනය කරන විට අමුතුම විලාසයේ අඬගැසීමක්‌ කරයි. ඒ යක්‌ භාෂාවයි. මේ ඉන් කොටසකි. ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන් ඩෙනාන ඩෙන් ඩෙනා ඩේ ඩ්රු ඩෙනා ඩේ ඩිරුඩෙන් ඩෙනාන ඩෙන් ඩෙනා

මෙය බෙර පදයට අනුව ගායනා කරන විට යකා වීදි අස්‌සෙන් එබී බලා කෝලිත්තම් කරමින් නැටුම් පදයෙන් රඟමඩලට පැමිණේ. රඟමඩලේ වටයක්‌ නටමින් ගොස්‌ ගුරුන්නාන්සේ හෙවත් බෙරවාදකයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම සිදුකරයි.

ගුරුන්නාන්සේ - ආ කව්ද? මේ කොහේ ඉඳලද මෙහාට ආවේ.

යකා - ඇයි මං සමයමක ඉන්නකොට විගහට විගහම එන්ඩ කියල මට අඬ ගහපු හින්දා පැනගෙන පැනගෙන ආව.

ගුරුන්නාන්සේ - හැබෑට පුළුවන්ද ඔය ඉන්න හැටියට එහෙම පැනගෙන පැනගෙන එන්ඩ?

යකා - ඒ මොකෝ මට බැරි

ගුරුන්නාන්සේ - ඇයි ඉතින් ඔය ඉන්න හැටියට එන්ඩ පුළුවනැයි ඔය අතපය සේරම කොරවෙලා වක ගැහිල නොවැ තියෙන්නෙ.

යකා - ඒ වුණාට අමාරුවක්‌ නැතිව යන්ඩ පුළුවන්.

ගුරුන්නාන්සේ - පුළුවන් වුණොත් හොඳා ප්‍රවේශමෙන්.

යකා - මොකක්‌ද කීවේ.




ධර්මරත්න තෙන්නකෝන්
Divaina 22-05-2011