Author Topic: mewa gana dana sitiima apita wadagath(uputa dakviimak)  (Read 2444 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
mewa gana dana sitiima apita wadagath(uputa dakviimak)
« on: March 05, 2012, 10:36:53 AM »
Advertisement
වම්ඉවුර

ජාත්‍යන්තර අඳුරෙන් එළියට

ශ්‍රී ලංකාවේ අපි තවමත් බලා සිටින්නේ ඇමරිකා එක්‌සත් ජනපදය විසින් අපේ රටට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය තුළ අපට එරෙහිව යෝජනාවක්‌ ගෙන එනවාද නැත්ද යන්න ගැනයි. ඉකුත් සිකුරාදා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්‌ වන මරියා ඔටෙරෝ මහත්මිය මානව හිමිකම් කවුන්සිලය අමතන අතර ලංකාව ගැනද සඳහනක්‌ කෙරුවද අපට එරෙහිව යෝජනාවක්‌ ගෙන එනවාද නැත්ද යන්න ගැන කිසිවක්‌ කීවේ නැත. මූලික වශයෙන් ඇය සඳහන් කර සිටියේ සිදුවූ දේ පිළිබඳ වගකීම පවරන්නේ නැතුව ස්‌ථිර සාර සාමයක්‌ ඇතිකර නොහැකි බවත් ලංකාව සම්බන්ධයෙන් කාලය ගෙවී යන බවත්ය. මේ උදෙසා ජාත්‍යන්තර ප්‍රජාව අවුරුදු 3 ක්‌ බලා සිටි බවද ඇය පැවැසුවාය. ලංකාවේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාව ඇය පිළිගත් අතර එය ක්‍රියාත්මක කළ යුතු බවද ඇය පවසා ඇත. ඇමරිකාව එයට උදව් දීමට සූදානම් බවද ඇය කියයි. ඇය අවසානයේදී කියා සිටියේ මෙම කවුන්සිලය තුළ දැන් ගන්නා ක්‍රියාමාර්ග වලින් ස්‌ථිරසාර සාමයකට පදනම දැමිය හැකි බවයි.

ඇය ලංකාව සම්බන්ධයෙන් කීවේ එපමණය. ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙන ඒමක්‌ ගැන මෙහි සඳහන් නැත. නමුත් ඇය ලංකාව සම්බන්ධයෙන් කී අවසන් වැකියේ මානව හිමිකම් කවුන්සිලය තුළ යම් කිසි ක්‍රියාමාර්ගයක්‌ ගැනීමේ සියුම් ඉඟියක්‌ ද නොතිබුණා නොවේ. එක පැත්තකින් බලන විට ලංකාවට එරෙහිව යෝජනාවක්‌ සම්මත කරනවා යෑයි කියමින් ප්‍රසිද්ධියේ ගෝරනාඩු දෙන තැන සිට, කීවාද නොකීවාද කියා සොයාගත නොහැකි තරමේ සියුම් ප්‍රකාශ දක්‌වා ඇමරිකාව පසුබැස සිටීම ලංකාවට යම් අස්‌වැසිල්ලක්‌ වනු ඇත. ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙන එනවා යෑයි කියමින් ඇමරිකාව ගෝරනාඩු කළ ද ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලැබේවි දැයි මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ආරම්භ වීමටත් පෙර සිටම සැකයක්‌ පැවතුණි. 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වී දින ගණනක්‌ ඇතුළත මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසි වාරයක්‌ කැඳවා ලංකාවට එරෙහිව යෝජනාවක්‌ සම්මත කරගැනීමට සියලුම බටහිර රටවල් එක්‌ව උත්සාහ දැරුවද එකී යෝජනාව කැත විදියට පැරදුනි. සාමාජිකයන් 47 දෙනකුගෙන් සමන්විත මානව හිමිකම් කවුන්සිලය තුළ එදා අපට පක්‍ෂව ඡන්දය දුන් රටවල් 18 ක්‌ තවමත් සිටී. ඒ සියලුම රටවල් නැවත වතාවක්‌ ලංකාව සමග සිටියොත් ඕනෑම යෝජනාවක්‌ පරාජය කිරීමට අපට අවශ්‍ය වන්නේ තවත් ඡන්ද 6 ක්‌ පමණි. 2009 න් පසු මානව හිමිකම් කවුන්සිලයට ඇතුළු වී සිටින අලුත් රටවල් 21 අතුරින් ලංකාවට ඡන්ද 6 ක්‌ සොයා ගැනීමට නොහැකි වේ යෑයි සිතීමට අසීරු නිසා ඇමරිකාවේ හඬ එන්න එන්නම හීන වෙනවා විය හැක. නමුත් අපි එවැන්නක්‌ සිතාගෙන දැන්මම සතුටුවීම නුවනට හුරු නැත.

ජිනීවා නුවර ඡන්ද ව්‍යාපාරය සැබැවින්ම ආරම්භ වන්නේ හෙට සිටය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ කාර්යාලයේ අනුග්‍රහය යටතේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන 5 ක්‌ විසින් ලංකාව ගැන විශේෂ රැස්‌වීම් 5 ක්‌ පැවැත්වීමට නියමිතය. ඉන් මුල්ම රැස්‌වීම කැඳවා ඇත්තේ "මානව හිමිකම් හා සංවර්ධනය සඳහා ආසියානු එකතුව" නමැති රාජ්‍ය නොවන සංවිධානයකි. එය පැවැත්වෙන්නේ හෙටය. ඉන්පසු "හියුමන් රයිට්‌ස්‌ වොච්" සංවිධානය විසින් මාර්තු 9 වැනිදා ද "ඇම්නෙස්‌ටි" ඉන්ටර්නැෂනල්" සංවිධානය විසින් මාර්තු 13 වැනිදා සවස 2.00 ට ද ඉන්පසු එදිනම සවස 4.00 ට ජාත්‍යන්තර අධ්‍යාපන සංවර්ධන පදනම නමැති සංවිධානයක්‌ විසින්ද මාර්තු 19 වැනිදා තර්ජිත ජනකොටස්‌ සඳහා ජාත්‍යන්තර සංවිධානය විසින් ද පිට පිටම රැස්‌වීම් 5 ක්‌ ලංකාව පමණක්‌ තේමා කරගෙන පැවැත්වීමට නියමිතය. වෙන කිසිදු රටක්‌ හෝ කාරණයක්‌ සම්බන්ධයෙන් වෙන වෙනම රාජ්‍ය නොවන සංවිධාන රැස්‌වීම් 5 ක්‌ පැවැත්වෙන්නේ නැත. එකම සැසිවාරයක්‌ තුළ එක රටක්‌ ගැන මෙතරම් රාජ්‍ය නොවන සංවිධාන ගණනක්‌ වෙන වෙනම රැස්‌වීම් කැඳවා තිබෙන පළමු අවස්‌ථාව මෙය බවට කිසිදු සැකයක්‌ නැත. ලංකාවට එරෙහිව සැලසුම් කර ඇති ඡන්ද ව්‍යාපාරයේ සැර එයින්ම සිතා ගත හැක. වර්තමානයේ සියලුම ජාත්‍යන්තර මාධ්‍ය වල විශේෂ අවධානය යොමුවී ඇති සිරියානු අර්බුදය ගැනවත් රාජ්‍ය නොවන සංවිධාන ලංකාව තරම් අවධානය යොමුකර නැත. අපට ඇති අභියෝගයේ තරම එයින්ම පැහැදිලි වෙයි.

නමුත් ලංකාව ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වූයේ සම්පූර්ණයෙන්ම අඳුරු වාතාවරණයක නොවන බවද කිවයුතුය. මේ ගැන මට ඉකුත් සතියේ වම් ඉවුරේ ලිවීමට නොහැකි වුවත් පසුගිය ඉරිදාට කලින් ඉරිදා "සන්ඩේ අයිලන්ඩ්" පුවත්පතේ ලිවීමට හැකි විය. ඒ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ඉකුත් සතියට කලින් සතියේ බදාදා පවත්වන ලද ලංකාව සම්බන්ධ විවාදයයි. මෙහිදී විරේන්ද්‍ර ෂර්මා නමැති ඉන්දීය සම්භවයකින් යුත් ලේබර් පක්‍ෂ මන්ත්‍රීවරයෙක්‌ ලංකාවට එරෙහිව යුද අපරාධ විමර්ශනයක්‌ කැඳවිය යුතු යෑයි යෝජනාවක්‌ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය තුළ ගෙන ආ යුතු යෑයි කියමින් යෝජනාවක්‌ ගෙන එන ලදී. 2011 අප්‍රේල් මාසයේදී එළිදක්‌වන ලද එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන්ගේ උපදේශක කමිටු වාර්තාවට අනුව සිවිල් වැසියන් 40,000 ක්‌ මියගිය බවද ශර්මා මන්ත්‍රීවරයා පවසා සිටියේය. ඔහු කතා කර අවසන් වූ පසු ඡේම්ස්‌ වෝටොන් නමැති කොන්සවේටිව් පක්‍ෂ මන්ත්‍රීවරයා බෑන් කී මූන්ගේ එම උපදේශන කමිටු වාර්තාව සම්පූර්ණයෙන්ම කියවා ඇත් දැයි අසා එම වාර්තාවේ 53 වැනි ඡේදයේ කර ඇති සඳහන් ගැන ශර්මා මන්ත්‍රීවරයාට කීමට ඇත්තේ කුමක්‌ දැයි යන්න ගැන විමසා සිටියේය. බෑන් කී මූන්ගේ මෙකී වාර්තාවේ 53 වැනි ඡේදයේ සඳහන් කොට තිබුණේ මෙම වාර්තාවේ සඳහන් වන කිසිවක්‌ ඔප්පු කරන ලද කරුණු ලෙස සැලකිය නොයුතු බවත්, වගකීමක්‌ පැවරීමට නම් එම වාර්තාවේ පාවිච්චි කර තිබෙනවාට වඩා සාක්‍ෂි වල ප්‍රමිතියක්‌ අවශ්‍ය බවයි. මෙයින් තක්‌කුමුක්‌කු වූ ශර්මා මන්ත්‍රීවරයා ඔහුගේ කථාව අතරතුරදී වෝටොන් මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙන බව කීවද ඔහු ඒ ගැන කිසිවක්‌ කීවේ නැත. වෝටොන් මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දීම පසෙකලා ශර්මා මන්ත්‍රීවරයා කියා සිටියේ ලංකාව සම්බන්ධයෙන් නිෂ්පාදනය කරන ලද චැනල් 4 වීඩියෝ පටය ගැනයි. එම වීඩියෝ පටයේ ඇති දර්ශන ගැන සඳහන් කොට ඔහු වෝටොන් මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය මගහැරියේය. නමුත් කොන්සවේටිව් ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් එයින් නැවතුනේ නැත. තවත් කොන්සවේටිව් මන්ත්‍රීවරයෙක්‌ වන ස්‌ටීවන් හැමන්ඩ් මන්ත්‍රීවරයා ශර්මා මන්ත්‍රීවරයාගේ තවත් ප්‍රකාශයක්‌ ප්‍රශ්නයට ලක්‌ කළේය. ශර්මා මන්ත්‍රීවරයා තවමත් මිනිසුන්a දහස්‌ ගණනක්‌ සිරභාරයේ පසුවන බව කියා තිබුණු අතර හැමන්ඩ් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ යුද්ධය අවසන් වන විට කොටි රැඳවියන් 11000 ක්‌ සිටින බව ලංකාවේ ආණ්‌ඩුව පිළිගෙන තිබුණු බවත් ලංකාවේ ආණ්‌ඩුව දැන් පවසන පරිදි එයින් වැඩි කොටස නිදහස්‌කොට මේ වන විට 300 ක්‌ පමණ සිරභාරයේ සිටින බවත්ය. ශර්මා මන්ත්‍රීවරයා කියන ආකාරයට දහස්‌ ගණනක්‌ රැඳවියන් සිටින්නේ කොහිදැයි හැමන්ඩ් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටි අතර නිවැරැදි දත්ත නොමැතිව මේ ප්‍රශ්නය ගැන කතා කිරීමෙන් ඵලක්‌ නොමැති බවද පවසා සිටියේය. ශර්මා මන්ත්‍රීවරයා මෙයට ද පිළිතුරක්‌ දිය නොහැකිව අන්දමන්දවී සිටින අවස්‌ථාවේ සෙසු ලේබර් පක්‍ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක්‌ ඔහුගේ උදව්වට කතා කළේය.

ගැරත් තෝමස්‌ නමැති තවත් ලේබර් පක්‍ෂ මන්ත්‍රීවරයෙක්‌ නැගිට අසා සිටි ප්‍රශ්නය වූයේ ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තා පළවෙද්දී බ්‍රිතාන්‍යයේ සිටින දෙමළ සරණාගතයින් ආපසු ලංකාවට පටවා යෑවීමේ ප්‍රතිපත්තිය සාධාරණීකරණය කළ හැකිද යන්නයි. මෙයට පිළිතුරු සපයන ලද්දේ කොන්සවේටිව් ආණ්‌ඩුවේ ඇලිස්‌ටෙයා බර්ට්‌ නමැති නියෝජ්‍ය විදේශ ඇමැතිවරයාය. ඔහු කියාසිටියේ ශ්‍රී ලාංකිකයන්ගෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණය ඉල්ලා ඉදිරිපත් වන සියලුම අයදුම්පත් ඉතා පරිස්‌සමෙන් සැලකිල්ලට භාජන වන බවත් ඒ සඳහා ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ට ඇති වත්මන් තොරතුරු ද භාවිත වන බවයි. ලංකාවට ආපසු යවනු ලැබුවහොත් ඔවුන්ට හිරිහැරවලට භාජන වීමට සිදුවේ යෑයි පිළිගත හැකි කරුණු ඉදිරිපත් කරන උදවියට දේශපාලන රැකවරණ ලබාදෙන බවත් එසේ කළ නොහැකි උදවිය ආපසු යවන බවත්ය. දේශපාලන රැකවරණය ඉල්ලා සිටි කෙනෙක්‌ ආපසු යෑවෙන්නේ බ්‍රිතාන්‍යයේ දේශසීමා ආයතනයත් උසාවියත් අදාළ පුද්ගලයාට ආරක්‍ෂාවක්‌ අවශ්‍ය නැති බවට තීන්දු කළහොත් පමණක්‌ බවද ඔහු පෙන්වා දුන්නේය. එපමණක්‌ ද නොව ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන ඔවුන් නිතරම අවදියෙන් සිටින බවත් මෙසේ ආපසු යවන දෙමළ සරණාගතයින් ලංකාවේදී අඩන්තේට්‌ටම්වලට ලක්‌වන බවට පළවූ මාධ්‍ය වාර්තාවන් ද ඔවුන්ගේ අවධානයට යොමුවූ බවත් ඒ සියලු මාධ්‍ය වාර්තා කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය විසින් විමර්ශනය කරනු ලදුව පදනම් විරහිත ඒවා බවට සනාථ වී ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවට දන්වා සිටියේය. මේ අනුව අපට පෙනී යන්නේ ලංකාවේ ඇත්ත තත්ත්වය ගැන ලංකාවේ නිසි මැදිහත්වීමක්‌ නොමැතිව බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින්ම ඒ රටේ පාර්ලිමේන්තුවට පැහැදිලි කර ඇති බවයි. මෙය සිදුවූයේ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට දින කීපයක්‌ තිබියදීය. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව ලංකාව ගැන දරන්නේ එවන් අදහසක්‌ නම් ඇමරිකාව විසින් ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් කළත් එය බොහෝදුරට සැර අඩු කළ යෝජනාවක්‌ වීමට ඉඩ ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මරියා ඔටේරෝ මහත්මිය ද මේ වන තෙක්‌ කතා කර ඇත්තේ ලංකාවේම උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ පමණි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ හටගත් ඉහත සඳහන් විවාදයෙන් ජාත්‍යන්තරය තුළ ලංකාව පිළිබඳව පැවැති චිත්‍රය උඩු යටිකුරු වන බවද කිවයුතුය. මෙහිදී බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව හා ඒ රටේ අධිකරණය දේශපාලන රැකවරණය ඉල්ලා ලංකාවේ දෙමළ අයදුම්පත්කරුවන් කියන කතා බොරු හැටියට තහවුරු කරගෙන ඇත. එපමණක්‌ ද නොව බ්‍රිතාන්‍ය ජනමාධ්‍යයේ ලංකාවට ආපසු පටවා යවන දෙමළ සරණාගතයින්ට හිරිහැර පැමිණෙන බවට පළවූ වාර්තා ද බොරු බවට ඔවුන්ගේ කොළඹ මහකොමසාරිස්‌ කාර්යාලය විසින් තහවුරු කරගෙන ඇත. මේ අනුව තහවුරු වන කාරණයක්‌ වන්නේ දෙමළ සිවිල් වැසියන් දේශපාලන

රැකවරණය ඉල්ලා බොරු කියන බවත් බ්‍රිතාන්‍යයේ ජනමාධ්‍ය ලංකාව සම්බන්ධයෙන් ප්‍රබන්ධ ලියන බවත් ඒ රටේ ආණ්‌ඩුවත් අධිකරණයත් පසක්‌ කරගෙන සිටී.

මෙයින් ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයේ ඇති නඩුව සම්පූර්ණයෙන්ම බිඳවැටෙයි. උදාහරණයක්‌ වශයෙන් බෑන් කී මූන්ගේ උපදේශන කමිටු වාර්තාව සහමුලින්ම පාහේ පදනම් වූයේ රටින් පැනගත් දෙමළ වැසියන්ගේ කතා හා බටහිර ජනමාධ්‍යවල ලංකාව ගැන පළවූ වාර්තාය. ලංකාවේ යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන්ගේ ගණන මුලින්ම ගණනය කිරීමට පටන් ගත්තේ ද බ්‍රිතාන්‍යයේ "සන්ඩේ ටයිම්ස්‌" පුවත්පතයි. ඔවුන් ඉදිරිපත් කළ සංඛ්‍යා දත්ත කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් හැමතැනින්ම එකතු කරගත් තොරතුරු සමග නොගැලපෙන බව මම මීට ඉහත අවස්‌ථා ගණනාවකදීම මෙම කොලමෙන් පැහැදිලි කර ඇත. පිටරට සිටින දෙමළ සිවිල් වැසියන් හා බ්‍රිතාන්‍යයේම ජනමාධ්‍ය ලංකාව ගැන ප්‍රබන්ධ ලියන බව බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් පිළිගන්නේ නම් ඒවා මත පදනම් වූ බෑන් කී මූන්ගේ උපදේශන කමිටු වාර්තාවත් බිඳ වැටේ. මේ බිඳවැටීම සනාථ කරමින් මානව හිමිකම් නැතැයි කියමින් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණය ඉල්ලා සිටි දෙමළ සරණාගතයන් පිරිසක්‌ ඉකුත් සතියේ ද ආපසු ලංකාවට පටවා එවන ලදී. මේ නිසා ලංකාවට අඳුරෙන් එළියට ඒමට හැකි තත්ත්වයක්‌ ඉදිරියේදී නිර්මාණය වේවි යෑයි අපට උපකල්පනය කළ හැක.

සී.ඒ. චන්ද්‍රප්‍රේම

 
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)