Author Topic: කනවා පරිප්පූ  (Read 3252 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Suhasini

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Female
කනවා පරිප්පූ
« on: January 02, 2013, 12:14:25 PM »
Advertisement

හොඳටම වෙරිවෙන තරමට බීලා       කසිප්පූ
කන්න උයා නැත කියමින් වෙලා     ඔරොප්පූ
හැමදාමත් මට දෙනවා පාර            සෙරෙප්පූ
අනේ අපොයි විවාහවී කනවා             පරිප්පූ

 :013: :034: :002:
« Last Edit: January 02, 2013, 04:14:52 PM by Suhasini »

Offline Suhasini

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Female
Re: කනවා පරිප්පූ
« Reply #1 on: January 02, 2013, 03:55:13 PM »

සතුටෙන් ඉන්නට පැතුම් පතාගෙන
කරගත්තා ඇය  මගෙ බාරී
මොන සතුටක්දෝ බොරු වරදක්ගෙන
නිතරම ඇය දානව ගෝරී
තනිකඩකම මොනතරම් අගේදැයි
දැන්නම් හොඳටම ඇත තේරී
කසාදයක් නොව මරාලයක් මේ
මැය නම් මගෙ කරදරකාරී

 :023: :018: :50: :036:
« Last Edit: January 02, 2013, 05:36:59 PM by Suhasini »

Offline Suhasini

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Female
Re: කනවා පරිප්පූ
« Reply #2 on: January 02, 2013, 04:09:35 PM »

විස්වාසය දිවිය පුරා සුරකින හැගුමන්         දරා
වාසනාව පිරි දිවියක් ගැන පැතුමන් සිත    පුරා
රි මග යන්න දුක් කරදර ඉවස                දරා
හපත සතුට ඔබ වෙත එනු ඇත            ඉඳුරා
« Last Edit: January 02, 2013, 04:25:43 PM by Suhasini »