Author Topic: එකමත් එක රටක  (Read 2791 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Suhasini

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Female
එකමත් එක රටක
« on: January 04, 2013, 08:44:28 PM »
Advertisement

සොඳුරුතම යෞවනය මාවතේ දැවෙන විට
කුමර රියෙ නැගි පුතුන් සිනාසෙයි ඔච්චමට
සිටු මැදුරෙ කුමරියන් රග දෙනා මැදියමට
දිරා ගිය යුවතියන් නිදිවරයි මැෂිම ළඟ

කුසට අහරක් නැතිව දිලිඳු දන හඬන විට
මහ මැඳුරෙ රජ බොජුන් ඉවත යයි වැඩිකමට
විරැකියා පෝලිමේ තරුණ සිත් තැවෙන විට
බල මහිම ඇති ඈයො පසුපසින් යයි පෙරට

   
« Last Edit: January 04, 2013, 08:47:24 PM by Suhasini »