Author Topic: කන්ගැට්‌ටෝ බොල කන්ගැට්‌ටෝ,..  (Read 8732 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDEŽ
Advertisement
කන්ගැට්‌ටෝ බොල කන්ගැට්‌ටෝ
තෝත් නටාපිය කන්ගැට්‌ටෝ!
අපිත් නටන්නම් කන්ගැට්ටෝ!

නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක විසින් පසුගිය අගෝස්‌තුවේදී රටට විස`දා දුන් කෞතුකාගාර හොරකමේ ප්‍රධාන සැකකරු ලංසාගේ ප්‍රියන්ත මෙන්ඩිස්‌ හෙවත් කන්ගැට්‌ටා පසුගිය 27 වැනිදා මීගමුවේදී පොලීස්‌ අත්අඩංගුවට පත්වුනේය. ඒ රහස්‌ පොලීසිය විසින් දියත් කළ සූක්‌ෂම මෙහෙයුමක ප්‍රතිඵලයක්‌ ලෙසය. ස්‌ත්‍රී ලෝලියෙක්‌ බව කියනා කන්ගැට්‌ටා පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේ ගැහැණියක්‌ ලවා සැලසුම් කළ උගුලකට හසුවීමෙන් බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි පසුගියදා මාධ්‍යයට කීවේය.

දැන් කටුගෙයි හොරා අත්අඩංගුවේය. ඒ අසන අපට සතුටුය. අපට පමණක්‌ නොව කෞතුකාගාරයේ උදවියටත් සතුටුය. පොලීසියටත් සතුටුය. පොලිස්‌ අත්අඩංගුවේ ඉන්නා කන්ගැට්‌ටාටත් සතුටුය.

සාමාන්‍යයෙන් අපේ එකෙක්‌ පොල් ගෙඩියක්‌ හොරකම් කර පොලීසියට හසුඋනත් පොලීසියෙන් එන්නේ වැල මදුලක්‌ වෙලාය. ඒත් ජාතියේ අග්‍රේසර උරුමයක සජීවී සාධක සමූහයක්‌ ජාතික කෞතුකාගාරය බිඳ කොල්ලකෑ කන්ගැට්‌ටා පොලිස්‌ අත්අඩංගුවේ ඉන්නා බව පෙනෙන්නේ ප්‍රමෝදයෙනි. එසේ නොමැතිනම් සුවිසයිඩ් කරගත හැකි තරමේ සික්‌ එකකිනි. කන්ගැට්‌ටා තම කඩු හොරකම ගැන කියන අතර කෞතුකාගාරයේ ඇති වටිනා භාණ්‌ඩ ගැනත් කතා කරන්නේය. වාහනයක්‌ තිබ්බානම් රාජසිංහ රජුගේ ඔටුන්න හා සිංහාසනයත් රැගෙන යන බව කියන්නේය. ඌ කියන කතා ඇසෙනා විට අපත් ප්‍රමෝදයට පත් වන්නේය. රටම අන්දොස්‌ කළ, මාස හතකට ආසන්න කාලයක්‌ පොලීසිය නන්නත්තාර කළ, මේ නින්දිත ජාතික අපරාධය දවසකට රුපියල් විසි දහසක කුඩු ගසනවා යෑයි කියනා කන්ගැට්‌ටා විසින් සිදුකර සරල සුගම ආකාරය අපව මවිත කරවන්නේය. එවිට අපටත් කුඩු ගහන්නට හිතෙන්නේය.

එබැවින් කන්ගැට්‌ටාගේ වික්‍රමය ගැන ලියා තබනු වටින්නේය.

කන්ගැට්‌ටාගේ වික්‍රමය

කන්ගැට්‌ටා පොලිසියට කියුවා යෑයි කියනා වික්‍රමය පොලීසිය අපට කියන්නේ මෙසේය. එය කොටස්‌ ලෙස වෙන්කරගැනීම අප කාටත් කියවීමට හා තේරුම් ගැනීමට පහසුය.

පළමු පියවර

කන්ගැට්‌ටා කෞතුකාගාරයට යන්නේ කුඩු ගන්නට අතේ පිච්චියක්‌ නැති නිසා සික්‌එකට හතර අතේ චාටර් වෙමින් සිටියදීය. එසේ යන ඔහු ටිකට්‌ පතක්‌ මිලදී ගෙන කෞතුකාගාරයට ඇතුළුවෙයි. ඇතුළුවූ විට බඩු සොරකම් කරන්නට සිතෙයි. ආරක්‌ෂක කැමරා දැක දැක කෞතුක භාණ්‌ඩ පෙට්‌ටි අරී. ඔහු ඒවා අරින්නේ කෞතුක භාණ්‌ඩ බලන ආකාරයටය. බොහෝ වේලාවක්‌ එතැන සිටියත් කිසිම ආරක්‌ෂකයෙක්‌ එන්නේ නැත. එබැවින් ආරක්‌ෂක කැමරා වැඩ කරන්නේ නැති බව ඔහු උපකල්පනය කරයි.

දෙවන පියවර

පසුදින බීඩි 20ක්‌ රැගෙන කෞතුකාගාරය නරඹන පුද්ගලයෙක්‌ ලෙස කන්ගැට්‌ටා කෞතුකාගාරයට ඇතුළුවෙයි. ඔහු අතේ ඔහු හැම තැනම ගෙනියන පුදුම එළවනසුළු ගමන් මල්ලක්‌ තිබේ. එහි ඉස්‌කුරුප්පු නියනක්‌ හා ඇඳ ඇතිරිලිද ඇත. එම බෑගයද රැගෙන එදා හවසත් ඔහු කෞතුකාගාරයට ඇතුළුවන්නේ ටිකට්‌ පතක්‌ රැගෙනය. අනතුරුව කෞතුක භාණ්‌ඩ බලනවා මෙන් සිට කෞතුකාගාරය වසන වෙලාවේදී කබඩ් එකක්‌ තුළ සැ`ගවී රෑ වනතුරු බීඩි බොයි. රෑ වූ පසු ගෙනයන්ට හැකි හැමදේම බෑගයේ දමාගනී. ගෙනියන්නට බැරි බැරි භාණ්‌ඩ කැබලි කර තලා මල්ලේ දමා බෑගයේ තිබූ බෙඩ් සීට්‌ එක ජනේලයේ ගැටගසා උඩ තට්‌ටුවෙන් බිමට බැස පලා යයි.

තුන්වන පියවර

ඔහු කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුවෙන් පිටවේ. මහ රෑ ප්‍රධාන දොරටුවෙන් ගමන් මල්ලක්‌ද රැගෙන පිටවන කන්ගැට්‌ටා අභියස පොලිස්‌ ජංගම රථයක්‌ නවතා ඇත. එහෙත් ඔහු එයින් පරීක්‌ෂා වන්නේ නැත. ප්‍රධාන මාර්ගයේ තවත් තැනකදී පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ කන්ගැට්‌ටා ඉදිරියට පැමිණේ. ඔවුන්ද ඔහු පිළිබඳව උනන්දු නොවේ. අනතුරුව ඔහු රෑ කඩයකින් තෝසේ කයි.

හතරවන පියවර

පොලීසිය රට පෙරළාගෙන කන්ගැට්‌ටා හොයනවිට ඔහු ත්‍රීවිල් එකක බඩු දමාගෙන මාලිගාවත්ත අවට සැරිසරමින් කෞතුක භාණ්‌ඩ විකුණයි. එම මුදල් කාන්තාවන් වෙනුවෙන් වියදම් කරයි. කෞතුකාගාර සොරකමට සම්බන්ධයෑයි කියනා අය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ දුටුවිට තමුන් හසු නොවන බව උපකල්පනය කරයි. සොරාගත් භාණ්‌ඩ කීපයක්‌ පසුව පිලියන්දලින් හමුවීමත් සමගම කොළඹින් සැ`ගව යයි. තම ඡායාරූප පුවත්පත් වල පළ කර තිබෙනු දැක දැක නිර්භීතව පෙදරේරුවන්ට අත්වැඩ දෙමින් පෙට්‍රල් ෂෙඩ් වල වැඩකරමින් හි`දී. අනතුරුව ගැහැණියකගේ ගැටයට හසුව රහස්‌ පොලීසියට කොටුවේ. පසුව කිසිවෙකුගේ උදව්වක්‌ නැතිව තමන් මේ හොරකම කළ ආකාරය ගැන නිර්භීත ප්‍රකාශයක්‌ නිකුත් කරයි. එය කිසිම කෙනෙකුගේ සම්බන්ධයක්‌ නැති තමුන්ගේම ගේමක්‌ බව කියයි. වාහනයක්‌ තිබ්බානම් රාජසිංහ රජුගේ ඔටුන්නත් සිංහාසනයත් රැගෙන යන බව පවසයි. දැන් හොරා පිළිබඳ සැකයක්‌ නැත. ඒත් පොලීසිය විසින් සොයාගත් ඇ`ගිලි සලකුණු 16 ත් කන්ගැට්‌ටාගේ ඩී.එන්.ඒ පරීක්‌ෂාවෙන් පසු කෞතුකාගාර සොරකම දා එම මැදිරිවල තිබී සොයාගත් සාක්‌ෂිත් තවම සස`දා නැත . පොඩි පරහක්‌ දෙකක්‌ තිබුණත් දැන් වැඩේ තීන්දුය.

කතාවේ පසුබිම අපට පෙනෙන්නේ මේ ආකාරයටය. කන්ගැට්‌ටාට කිසිම සැකයකට පාත්‍ර නොවී ඔහුගේ අරුම පුදුම බෑගය කෞතුකාගාරය තුළට ගෙනයා හැකිය. අනතුරුව අල්මාරියක්‌ අස්‌සේ කිසිවෙකුට නොපෙනී සැඟවී සිටිය හැකිය. ඔහුගේ බීඩි වලින් දුමක්‌ නොනගී. ඒබීඩි ගඳ ගසන්නේත් නැත. එම නිසා පැය කීපයක්‌ තිස්‌සේ බීඩි විස්‌සක්‌ ඉරිය හැකිය. කන්ගැට්‌ටා විසින් හොරකම කරනු ලබනා මේ මුළු කාලය පුරාම කෞතුකාගාර මුරකාරයන් ඉන්නේ නින්දේය. අනතුරුව කන්ගැට්‌ටා දැවැන්ත බෑගයත් රැගෙන කෞතුකාගාර ගේට්‌ටුවෙන් පැන ප්‍රධාන මාර්ගයට පිවිසේ. එතැන ජංගම පොලිස්‌ රථයකි. පොලිස්‌ රථයට මේ තැනැත්තා ගැන වගේ වගක්‌ නැත. අනතුරුව ඉදිරියට හමුවන පොලිස්‌ නිලධාරීන් පිරිස කන්ගැට්‌ටාට හිනා වී යයි. මේ දෙගොඩහරියේ අධිආරක්‌ෂිත කලාපයක්‌ ආසන්නයේ අහවල් දෙයක්‌ කරනවාදැයි කියා උගෙන් අහන්නටවත් පොලීසියට නිනව්වක්‌ නැත.

ගමේ වෙසක්‌ නාට්‍යයකවත් මෙපමණ මනරම් වස්‌තු විෂයයක්‌ නොවේ. එබඳු නාටකයක්‌ පිළිබඳ වාර්තා කරන්නට වුවහොත් අපට මේ පෙළගැස්‌ම නිමා කරන්නට වෙන්නේ මෙසේය.

වරහන් තුළ - සභාවේ තදින් සිනා

රටට පෙනෙන හැටි

මුලින්ම කිවයුතු වන්නේ මේ සිරිමත් කතාව රට කුල්මත් කරවන බවය. මේ පිළිබඳ පුරවැසියන් වන අපට අල්ප මාත්‍ර සැකයක්‌ සංකාවක්‌ නොමැති බවය. ඒ නිසා ඕමල්පේ සෝභිත හිමියන් සමග අමනාප උනාක්‌ මෙන් අප සමගත් අරෝවක්‌ ඇතිකරගත යුතු නැති බවය. ඇත්තටම කන්ගැට්‌ටාගේ කතාවේ ටක්‌කෙටම ගැළපෙන තැන් බොහෝමයක්‌ තිබේ. උදාහරණය පොලිස්‌ ජංගම රථය පිළිබඳ කියනා දේය. පොලිස්‌ ජංගම රථයක්‌ කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුව ළ`ග කොල්ලය සිදුවූ දා නවතා තිබුණේ යෑයි මුලින්ම කීවේ ජාතික කලාභවනේ ප්‍රධාන මුරභාර ස්‌ටැන්ලි ලියනගේය. ඔහු මේ බව කුරු`දුවත්ත පොලීසියටත් කීවේය. අනතුරුව සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස්‌ දින ගණනාවක්‌ රඳවාගෙන සිටියා යෑයි කී ස්‌ටැන්ලිගේ ඇටකටු කුඩු කර මහ පාරේ අතහැර ගොස්‌ තිබුණේය. මහනුවර මහ රෝහලට ඇතුළත්ව සිටි ඔහු පසුදා මාධ්‍යවලට කීවේ  හත්මුතු පරම්පරාවම ගොඩ දමා දෙන්නම්, කෞතුකාගාර හොරකමට සම්බන්ධ යෑයි පිළිගන්නට කියමින් තමුන්ට වද දුන් බවය. ස්‌ටැන්ලි රෝහල්ගතව සිටිද්දී රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ ඔහු සොයා නුවර ගියේය. එක්‌ කණ්‌ඩායමක්‌ මාධ්‍යවේදීන් සේ රෝහලට ගොස්‌ ස්‌ටැන්ලිගේ ප්‍රකාශ වීඩියෝ කරගෙනත් පැමිණියේය. පොඩි අවුලකට ඇත්තේ කුමක්‌දෝ හේතුවක්‌ නිසා මේ ඇ`ග හිරිවැටෙන බරපතල ප්‍රකාශය කළ ස්‌ටැන්ලිව වැඩිදුර පරීක්‌ෂණ සඳහා පොලිසියට වැදගත් නොවීමය.

තවත් ගැළපෙන තැන් තිබේ. කන්ගැට්‌ටා විසින් කියන මේ කතාව හොරා හොයන්නට අංජනම් බලන කාලයේ පොලීසිය විසින් විටින් විට කියන ලද කතාවලටත් ටක්‌කයටම ගැළපෙන්නේය. පරීක්‌ෂණ සාධක ඇසුරින් පොලීසිය කළ විශ්ලේෂණ නිවැරදි බව කන්ගැට්‌ටා දැන් සනාථ කර තිබේ.

කෙසේ වෙතත් කන්ගැට්‌ටාගේ ඕනෑවට වැඩි කික්‌ එක හෝ සික්‌ එක නිසා ඉදිරිපත් වී ඇති කතාවේ පුංචි පරහක්‌ දෙකක්‌ පෙනෙන්නට පටන් අරන් තිබේ. ආයුධ පෙන්නන්නට ගිය අපරාධකාරයින් මාංචු පිටින් ගඟට පැන පීනා යන්නට ගොස්‌ දියේ ගිලී මිය යැම, සඟවා තිබූ අවියකින් වෙඩි තබන්නට ගොස්‌ වෙඩි කෑම වැනි පුනරුච්ඡාරණය වන සිදුවීම්වලට වඩා නැවුම් යමක්‌ පෙනෙන්ට තිබුණද ඉදිරිපත් වන කතා සැලසුමේ ආවේනික දුර්වලතා ඇත. මේ ගැන තේරුම් ගැනීමට කන්ගැට්‌ටා කියන වන් මෑන් ෂෝ එක ගත හැකිය.

කෞතුකාගාරයේ ආරක්‌ෂාව පිළිබඳ ප්‍රශ්න තිබුණේ සෑහෙන කාලයක සිටය. වර්ෂ 2001 සිට මේ පිළිබඳව මේ සම්බන්ධව ලිත ඉල්ලීම් කර තිබිණි. රක්‌නා ලංකා ආයතනයෙන් ආරක්‌ෂක කටයුතු සම්බන්ධ මිල ගණන් කැඳවා තිබුණද එම මුදල අධික යෑයි කියා ඊට භාණ්‌ඩාගාරයේ අනුමැතිය නොලැබිණි. එහෙත් කෞතුකාගාරය පාරේ යන එන උන්ට පැමිණ මුත්‍රා කර යා හැකි තරමේ පාළු අම්බලමක්‌ම නොවීය. එහිත් වසර ගණනක සිට ලෝකය අනුදත් යම් ආරක්‌ෂක ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක වෙමින් පැවතිණි. සෑම ගැලරියකම ගැලරි සහායකයෙක්‌ සිටී. සෑම දිනකම ගැලරි සහායකවරයා ගැලරිය භාරගන්නේත් වැඩ මුරය අවසන් කර ගැලරිය භාර දෙන්නේත් ප්‍රධාන මුර භාරකරුත්, රාත්‍රී සේවය කරන මුර භාරකරුත් ඉදිරියේ අත්සන් කිරීමෙනි. එම මුර භාරකරුවෝද පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව අදාල භාරගැනීම් නිවැරැදිව කළ බවට සහතික කර අත්සන් කරති. එමෙන්ම මෙවැනි වටිනා කෞතුක භාණ්‌ඩ සහිත ගැලරියක්‌ නිරන්තරයෙන් ගැලරි සහායකයකුගේ අධීක්‌ෂණයට ලක්‌වේ. මේ සිදුවිය යුතු ආකාරයය.

කෞතුකාගාර කොල්ලය සිදුවූ මාර්තු 16 වැනිදා මෙම කොල්ලය සිදුවූ ගැලරියේ ගැලරි සහායක අත්සන් කර ගැලරිය භාරගෙන හෝ භාරදී තිබුණේ නැත. එහෙත් කෞතුකාගාර ආරංචිමාර්ග කියනා ආකාරයට ඔහු ගැලරියේ ඉඳ තිබුණේය. පොලීස්‌ චිත්‍ර ශිල්පීන්ට ටයිගර් වුඩ්ස්‌ගේ පෙනුම ගත් කටුගෙයි හොරාගේ විකට සිතුවම අඳින්නට තොරතුරු මූලික වශයෙන්ම සපයා තිබුණේ මේ ගැලරි සහායකයාය. මොකක්‌දෝ වෙලාවකට මෙවැනි පෙනුමක්‌ ඇති එකෙක්‌ හතරදිග්භාගයේ හිටියේ නැත. හිටියානම් සමහරවිට කන්ගැට්‌ටා කියනදේ කියන්නට වෙන්නේ ඔහුටය. මෙතැනදී මුල්ම වරට කන්ගැට්‌ටා කියන වන් මෑන් ෂෝ එක ගැන සැක උපදී.

අනෙක්‌ කාරණාව කන්ගැට්‌ටාගේ අරුම පුදුම මල්ලය. ගැහැණු කෙනෙකුගේ හෑන්ඩ් බෑග් එකක්‌ හැරුණ විට කිසිම ස්‌වදේශිකයෙකුට හෝ විදේශිකයකුට කෞතුකාගාරය තුළට බෑගයක්‌ ගෙනයා නොහැකිය. එහෙත් කන්ගැට්‌ටා පත මල්ලකුත් අරගෙන ගැලරියට ඇතුළු වන්නේය.

අනෙක්‌ කාරණාව ඔහු කෞතුක භාණ්‌ඩ බලන මුවාවෙන් අල්මාරි විවෘත කළ බව කියනා කතාවය. ආරක්‌ෂාවට මොකෙක්‌ නැති වුවද අඩුම තරමේ මේ අල්මාරි ටික පවතින්නේ යතුරු දමා වසාය. යතුරු ඇත්තේ කෞතුකාගාරයේ ප්‍රධාන නිලධාරියෙක්‌ භාරයේය. අපට කැමති ලෙස ගොස්‌ කෞතුකාගාරයේ අල්මාරි ඇර කෞතුක වස්‌තු නැරඹීමට තබා ඒඅසලට අනවශ්‍ය ආකාරට ලං වීමටවත් කිසිවෙකුට නොහැකි බව එක්‌ වරක්‌ හෝ කෞතුකාගාරයට ගිය අයෙක්‌ දන්නේය. ඉස්‌කුරුප්පු නියනක්‌ භාවිතයෙන් තොරව, යතුරු වලින් ඇරියාක්‌ මෙන් අල්මාරි ඇර භාණ්‌ඩ සොරාගත් බව තේරුම් කර දීමට මෙන්ම වන් මෑන් ෂෝ එකට අපව එකඟ කරගැනීමට මේ කතාව ගැළපෙන්නේ නැත.

එමෙන්ම යකඩ පට්‌ටම් රහිත දොරම බිඳගෙන සිය බෑගයේ තිබූ ඇඳ රෙද්ද ආධාරයෙන් පහළට බැස විදුලි බුබුලක්‌ සේ ආලෝකවත් කර ඇති ගොඩනැගිලි පරිශ්‍රය අසලින් එදා සේවයේ සිටියා යෑයි කියනා මුර කරුවන් තිදෙනාට හසු නොවී, කොල්ලකෑ පුරාවස්‌තු සහිත සිය බෑගයත් එල්ලාගත් කන්ගැට්‌ටා පිටව යන්නේය. ඔහු පිටවන්නේ කෞතුකාරයේ ප්‍රධාන දොරිනි. එම ගේට්‌ටුව හැමදාම රාත්‍රියේ පවතින්නේ ඉබි යතුරු දමාය. එහෙත් ජංගම පොලිස්‌ මුර රථයක්‌ අසලින් මහ රෑ විසාල මල්ලකුත් රැගෙන කෞතුකාගාර ගේට්‌ටුවෙන් පනින ලද බව කියනා කතාවට කන්ගැට්‌ටා අපට එකඟ වන්නට යෑයි කීම සාධාරණ නැත.

එමෙන්ම ආරක්‌ෂක කැමරා ගැන මේ විචක්‌ෂණ කුඩු කාරයාගේ නිරීක්‌ෂණත් අප තුළ කුහුල දනවයි. කෞතුකාගාරයේ ආරක්‌ෂක කැමරා අක්‍රීය වන්නේ මාර්තු 15 වැනිදා බ්‍රහස්‌පතින්දා අලූයම 1ටය. කන්ගැට්‌ටා කියන ආකාරයට සික්‌ එක නිසා සල්ලි හොයන්නට ඉබාගාතේ ඇවිදිනා ඔහු අහම්බෙන් මෙන් කෞතුකාගාරයට පැමිණ ආරක්‌ෂක කැමරා ක්‍රියාත්මකදැයි නිරීක්‌ෂණය කළ බව කියන්නේ අමුතු ආකාරයකටය. ඔහු අල්මාරියක්‌ අරී. එහෙත් ආරක්‌ෂකයින් එන්නේ නැත. එබැවින් ඔහු මෙම කැමරා ක්‍රියාත්මක නොවන බව දැන පහුවදා පැමිණ කොල්ලය සිදුකරයි. හොරකමට ඇවැසි සියලූම වටපිටාව ඔහු වෙනුවෙන් නිර්මාණය කර තිබේ. ඔහුට ඇත්තේ හොරකම් කිරීම පමණය. මේ සිද්ධිය අනුව අපට හිතන්නට කියන්නේ කෞතුකාගාරයේ මුර කරුවන්, කවුන්ටරයේ සිටිනා ආරක්‌ෂකයින්, ගැලරි භාරකරුවන්, ගැලරි සහායකයින් ඇතුළු සියලූ කෞතුකාගාර නිලධාරීන්ද, පොලීසිය මතු නොව 17 වැනිදා සෙනසුරාදා සැකකරුගේ තොරතුරු හඹාගිය පොලිස්‌ සුනඛයා පවා කිසිම රාජකාරියක්‌ සිදු නොකර කන්ගැට්‌ටාට හොරකම් කිරීමටත්, හොරකම් කර පැන යැමටත් ඉඩ දී සිටි බවය. මේ කතාව පිළිගන්නට නම් අපත් කුඩු ගසා සිටිය යුතුය. එබැවින් දැවැන්ත පරිශ්‍රමයකින් අනතුරුව හොරා අල්ලාගෙන ඌ ලවා මෙවැනි කතා කියවා කන්ගැට්‌ටා කෞතුකාගාර හොරකම කරනවා තබා කවදාවත් ජාතික කෞතුකාගාරයට පැමිණ නැතැයි වැනි හැඟීමක්‌ පුරවැසියන් තුළ ඇති නොකිරීමේ වගකීමක්‌ පොලීසියට තිබේ. එසේ නොවුනහොත් අපේ නොසන්ඩාලයින් වලහාගේ සහ මීයාගේ කතාව වැනි වනචර කතාවලට මේ සිද්ධිය සම්බන්ධ කර පොලීසියට මඩ ගසන්නට ඉඩ තිබේ. ඒ නැහැදිච්ච උන් කියනා කල්පිත කතාව මෙසේය.

කැලෑවක්‌ අසල තිබූ ගමකට පැමිණි මැරෑටි මීයෙක්‌ ගමේ වගාවන් විනාශ කරමින් ගම දෙවනත් කළේය. ගමේ මිනිස්‌සු මීයා ගැන පොලීසියට පැමිණිළි කළෝය. පොලිස්‌ කණ්‌ඩායමක්‌ පැමිණ කැලෑව වටකළේය. ටික වේලාවකින් මීයා සොයාගත් බව ප්‍රකාශ විනි. ඒත් පොලිස්‌ කණ්‌ඩායම ගමට රැගෙන ඇවිත් තිබුණේ තඩි වලහෙකි. තූෂ්නිම්භූත වූ මිනිස්‌සු යටහත් පහත් ලෙස පොලිසිය
I'm on the way..

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: කන්ගැට්‌ටෝ බොල කන්ගැට්‌ටෝ,..
« Reply #1 on: November 05, 2012, 10:07:12 PM »
aththemma loku parahak thiyanava ethana.....kangatta one shot kenek nevi me pasu psa balal ath kiriyathmaka venava

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: කන්ගැට්‌ටෝ බොල කන්ගැට්‌ටෝ,..
« Reply #2 on: November 09, 2012, 02:15:25 AM »
ස්ටැන්ලිගේ හත්මුතු පරම්පරාව ගොඩදාන්න කතා කල අය කන්ගැට්ටගෙත් පවුල් පිටින් ගොඩ දාන්න පොරොන්දු වෙල නැතෑ.බුදුන්ගෙ රටේ මුසාවදා වේරමණී කියන්න මුලින්ම බැරි වෙන්නෙ කාටද කියලා හිතා ගන්න පුළුවන් නේද?අපිට අපේ අනාගතය ගැන බය නොවී ජීවත් විය නොහැකි බව නම් කනගාටුවට කරුණකි.

මුතූ   
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)