ජනහිත පතන රජවරු අපහට ලැබීයන්
හැම ජන හිතම එක මවකගෙ මෙන් වීයන්
පරගැති ඇත්තවුන් නිති වැනසී පලයන්
මගේ මව් බිමට හැමවිට ජය අත් වීයන්
ජාතිය පතා නගනා හඬ සිහ නද වීයන්
ආගම පතා දෙසනා බණ අම රස වීයන්
මවුපිය නිසා වෙහෙසෙන දරු රජ වීයන්
මේ හැම සමග මගේ රට නිති බැබලීයන්
රට ජාතියට හැම සිත් ආලෙන් බැඳියන්
පරගැති සිතැත්තන් නිති වැනසී පලයන්
කට වරදගෙන කෙතරම් කෙරුවත් කෙරුමන්
රජකම් කලත් කලකම් නිති පලදීයන්