Author Topic: රාම රාවණාට බර අවිවලින් පහර දුන්නේ යුදඟනා ප  (Read 1619 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Advertisement
යුදඟනා පිටිය ගැන කතන්දර දෙකක් තියෙනවා. ඒවා ආවාට ගියාට කියපු දේවල් නෙවෙයි. එකක් තමයි රාවණ රජතුමා ගැන සම්බන්ධයක් තියෙන කතන්දරය. අනෙක දුටුගැමුණු රජතුමා ගැන ලියැවුණු කතාන්දරය. රාවණ රජතුමා 'ඉලක්ක ගලේ' ඉඳලා තමයි යුද කළේ කියලා පැරැණි අය කියනවා. ඉලක්ක ගල කියන්නේ ලංකාවේ පිහිටීම හොඳටම පෙනෙන තැන.

එතැන ඉඳලා ලංකාවේ කොනට වුණත් බර අවිවලින් පහර දෙන්න පුළුවන්. ඉලක්ක ගලේ ඉඳලා ඒ වගේ බර අවියකින් පහර දෙද්දි ඒ පහර දුන්න ඊතලේ බලේට ලකේ ගල කෑලිවලට කැඩිලා ගියා කියලා ජනප්‍රවාදයේ කියැවෙනවා. ලකේගල පාමුල ගල කඩා වැටුණු කෑලි අදටත් දකින්න තියෙනවා. එදා 'ලකේගල' මධ්‍යස්ථානය කරගෙන හිටියේ රාවණ රජු.

රාවණ රජුට පහර දෙන්න ආවේ රාම කුමාරයා ත්‍රිකුණාමලයෙන්. ලංකාවට ඇවිත් 'යුදඟනා පිටියේ' ඉඳලා යුද්ධය සංවිධානය කළා. රාම කුමාරයාගේ 'බර අවි' ඔක්කොම යුදඟනා පිටියේ තැන්පත් කරලා තිබුණා කියලා කියනවා. යුදඟනා පිටියේ ඉඳලා තමයි රාම කුමාරයා 'ලකේගලට' පහර දීලා තියෙන්නේ. ඒ කාලේ තිබුණ අවි මොන වගේද කියලා කියන්න අමාරු වුණාට ඒ පහර දුන්න එක ඊතලේක 'මහකෑල්ල' වැටුණු තැන මාතලේ කියලා හඳුන්වනවා කියලා කියනවා. ලකේ්ගල කන්දක් වගේ පෙනුණට කන්ද මුදුන ගොඩක් පැතැලියි. ඒ කියන්නේ සීයකට දෙසීයකට කන්ද මුදුනේ ඉන්න පුළුවන්. අපි හිතුවොත් කන්ද මුදුන කඩා වැටුන කියලා, ඒ කන්ද කඩා වැටුණු කෑලි අද වුණත් ලකේගල පාමුල තියෙනවා.

අනිත් කතාවේ විදියට දුටුගැමුණු කුමාරයා අනුරාධපුරයට පහර දෙන්න යද්දි නතර වූ තැන යුදඟනා පිටිය කියලා කියනවා. මෙතැන ඉඳලා සේනාව සංවිධානය කරලා අවි ආයුධ තනන්න යපස් උණු කළා කියලා කියැවෙනවා. ඒ උණු කරපු යපස්වල කොටස් ඉවත් කළාට පස්සේ ඒ කොටසේ හින්දා යුදඟනා පිටියේ පස් මේ තත්ත්වයට පත් වුණා කියලා කියන අයත් ඉන්නවා. කොහොම වුණත් දුටුගැමුණු රජතුමාගේ කතාව වුණත් පිළිගන්න පුළුවන් සාක්ෂි තියෙනවා. මොකද අවි ආයුධ හදන්න යපස් උණු කළාම 'ටින්' කියන ලෝහය හැදෙනවා. 'ටින්' සංඝටකයක් විදියට තියෙන්නේ යපස්වල. දුටුගැමුණු කුමාරයා කඳවුරු බැඳලා සේනාව සංවිධානය කරන්න මේ පිටියේ නතර වුණා කියන එක පිළිගන්න අමාරු දෙයක් නෙවෙයි. ඒ වගේ ඉතිහාසගත කරුණු දෙකක් යුදඟනා පිටියට එකක්ක බැඳිලා තියෙනවා.

එලෙස පවසා සිටියේ මඟ පෙන්වන්නාය. අප නැවතත් හඳුන්ගමුව කරා පැමිණෙමින් සිටියෙමු. හඳුන්ගමුවේ සිට රණමුරේට ඇත්තේ හැතැප්ම කීපයකි. අපි කෙමෙන් රණමුරේගමට පැමිණියෙමු. සත්කාරකයා රණමුරේගෙදර හේරත් බණ්ඩාය. කඳු බෑවුම් හෙල් මළු ක්‍රමයට වගා කරන හේරත් බණ්ඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශූර ගොවියෙකි. හෙළ ගොවිතැන කරපින්නාගෙන නව ඉසව් සොයා යන්නෙකි. ඒ නිසාම ඔහුට කළු කුමාරයා හමුවීලු. කළු කුමාර යනු වී ප්‍රභේදයකි. හේරත් බණ්ඩාට කළු කුමාර ඒ හමු වුණේ ඇමැත්තන්වලදීය. ගෞරව බහු මානයෙන් අපව පිළිගත් හේරත් බණ්ඩා ආගන්තුක පුද සත්කාර නියම ගැමියකු ලෙස ඉටු කළේය.

මෙතැන ඉඳලා කිලෝමීටර් 5ක් පයින් ගියාම මී මුරේට යන්න පුළුවන්. මිනිස්සු කිලෝමීටර් 98ක් යන දුර මෙතැන ඉඳලා කිලෝමීටර් 5යි. හැබැයි අපි යන්න ඕනෑ පයින්. පුදුම ලස්සන පරිසරයක්. රාවණ රජ්ජුරුවන්ගේ කළුනික පොකුණ තියෙන්නේ ඔය මාර්ගයේ අතරමැද.
මිනිස්සු කියන්න අකැමැති දේ තමයි මෙතැන ඉඳලා මීමුරේට ගොඩක් ළඟයි කියන එක. මොකද කොළඹ ඉඳලා මීමුරේ යන්න ලෑස්ති කරන උදවිය ලොකු ගාණක් හොයා ගන්නේ මීමුරේට යන පාර දුෂ්කරයි කියලා. ඒකට ලංකාවේ මිනිස්සු රැවටුණාට විදේශිකයෝ රැවටෙන්නේ නෑ. ඒ අය අන්තර්ජාලයෙන් බලලා තමයි මීමුරේ එන්නේ.

ප්‍රභාත් අත්තනායක

උපුටා ගැනීම - http://www.mawbima.lk/55-26667-news-detail.html


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්