Author Topic: Me paaren Enna  (Read 2261 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline nisansala welipitiya

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 113
  • Gender: Female
  • jeewithaya adaraneeya kapakireemaki
Me paaren Enna
« on: March 09, 2018, 12:26:46 PM »
Advertisement
ජිවිතයේ යන්නට සිදුවන සමහර පාරවල් අපි කලින් මේ පාරෙන් යම්මේ යයි නිර්නය කරගත් ඒවා නොවේ.. සමහර පාරවල් කෙදිනකවත් මේ පාරෙන් නම් යන්නෙම නැතයි අපි කලින් සිත සිටි පාරවල්ය . නමුත් සමහර අවස්ථාවල අපි සැලසුම් කර පාරෙන් නොව ජීවිතය විසින් අපට යන්නට යයි තොර දෙන පාරය - කැමැත්තෙන්  හෝ අකමැත්තෙන් යාමට සිදුවන පාරය - අප්පියෝගෝ සම්පයෝගේ දුක්කෝ මෙන් ඒ පාරද අපට කටුක හා වේදනාත්මක අත්දැකීම් ලබා දෙන්නක් විය හැකිය. නුහුරු බව, යාමට ඇති අකමැත්ත, කටුක බව, තනිකම, අසරණ කම මේ ආදී දේවල් ගණනාවක් අපව රිදවන්නට ඒ පාර දෙපැත්තට වී පෙරමග බලා සිටිනවා නියතය. නමුත් අෂ්ට ලෝක ධර්මය හා කර්මය  අවබෝධයෙන් මුලදී වේදනාවෙන් හෝ අකමැත්තෙන් වුවද තමන් ඉදිරියේ මේ යන්නට ඇති පාර කෙසේ හෝ යන්නේ යයි කියා අදිෂ්ටනයෙන් උත්සාහයෙන් පියවර තබා ගමන් කරන්නේ නම් ඒ පාරේ යනවිට වැටෙන කඳුලක්, දහදිය බිදක් පවා යනෙන ගමනට ආශීර්වාදයක් වනු ඇත. කඳුල සමග සිනහෙන්නට හැකිනම් කඳුල හතුරෙකු නොව මිතුරෙකු ලෙස දැකිය හැකිනම් ඒ කටුක මාර්ගය දිනක දුකට නොව සතුටට කදුලින් තෙමෙනු ඇත . අකමැති පාරෙන් යන්න හිත හදා ගන්නා තැනැත්තා වේදනාව දැරීමට නිරායාසයෙන්ම හුරු වෙන්නේ එය ජිවිතයේ අතිශය සාමාන්‍ය අත්දැකීමක් කරගෙනය - ඉන් ඉදිරියට වේදනාව එකී පුද්ගලයා පසුබට කිරීමට නොව දිරිමත් කිරීමට හේතුවක් වනු ඇත . යන මග තනි වුවාට කමක් නැත - මන්ද උපදින්නට මෙන්ම මියෙන්නටද අප සමග කිසිවෙකුත් තනියට අවේද, එන්නේද නැති නිසාය.
ganna hama husmakinma wenakekuge hadaka nagena susumaka unusuma windiya hakinam.. nihada susumaka thaewarunu ownge aathmaya owntada nohagena paridi kiyawiya hakinam...own ayadinnata pera own wenuwen kala hakidaa kondesi wirahithawa nirlobweewa kala hakinam wedanaawa pamanak ithiri kara own palaagiyadaa  niramisawama own wenuwen subapathiya hakinam sabawinma apa jeewath wana bawa harda shakshiyata awankawama pasak karagatha hakiya