Author Topic: වසර 25ක් තුල Microsoft Windows වල විකසනය | History of Windows  (Read 1800 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
Advertisement

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් (Microsoft Windows) කියන්නේ දැනට වඩාත් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් (operating system) කිව්වොත් වඩා නිවැරදියි.
"Linux", "Ubuntu" වගේ මෙහෙයුම් පද්ධති තරම් දත්ත ආරක්ෂාව පිළිබඳව සහතිකයක් නොතිබුනත්, සාමාන්‍ය පරිගණක පරිශීලකයෙකුට වඩාත්ම පහසු සහ හුරු පුරුදු වන්නේ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්.
දැන් මේ සාරංශ ගත කරලා කියන්න හදන්නේ 1985 ඉඳන් වසර 25ක් තුල මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් එක් එක් අනුවාද වලින් විකසනය වුනු හැටි.


1. මයික්‍රොසොෆ්ට් විසින් මුලින්ම 1985 දි චිත්‍රක වැඩතල මෙහෙයුම් පද්ධතියක (graphical desktop operating system) 1.0 වන අනුවාදය (Windows 1.0) එළි දැක්වුවා "වින්ඩෝස්" (Windows) නමින්.


2. 1.0 වන අනුවාදය අතිශය ප්‍රාථමික එකක්. එහි යෙදුම් කවුළු (application windows) මෙහෙයවීමේ දී ඇතිවුනු නොයෙක් අඩුපාඩු කිහිපයකුත් සකසලා 1.01 වන අනුවාදය (Windows 1.01) එලිදැක්වුනා ඒ වසරේම. මේ අනුවාදයේ දී පරිගණක තීරයේ පහලින් කාර්ය තීරුවක් (taskbar across the bottom of the screen) අඩංගු කොට තිබුනා.


3. ඊලඟට නිකුත් වුනේ වින්ඩෝස් වල 2.0 වන අනුවාදය (Windows 2.0) 1987 වසරේ. කවුළු එක මත එක පතිත වීමේ (overlapping windows) අංගය හඳුන්වා දුන්නේ මේ අනුවාදයෙන්. ඊට අමතරව, තරමක් දියුණු කරපු චිත්‍රක (improved graphics), "Paint","Terminal","Clock" වගේ භාවිතයට පහසු යෙදුම් (familiar applications) වගේම දත්ත ගොනු කළමනාකරණය කරන්න "File Manager" අඩංගු වී තිබුනා.
"windows excel" සහ "windows word" නිකුත් කරන්න මූලාරම්භය උනෙත් මේ වින්ඩෝස් 2.0 වන අනුවාදය යි.


4. වින්ඩෝස් වල 3.0 වන අනුවාදය (Windows 3.0) නිකුත් වුනා වසර 1990 දී. මීට පෙර අනුවාදයට වඩා අංග රැසක් එහි අඩංගු කොට තිබුනා.
ක්‍රමලේඛ කළමනාකරණය කරන්නට වැඩසටහන් (Program Manager), "Solitaire" නමැති පරිගණක ක්‍රීඩාව, වීඩියෝ චිත්‍රක නිරූපණ සඳහා සහායක වැඩසටහන් (support for VGA), අතාත්වික මතකය සඳහා සහායක වැඩසටහන් (support for virtual memory) වගේම නවතම ත්‍රිමාන (3D look) පෙනුමකුත් තිබුණු නිසා පෙර අනුවාද වලට වඩා මේ අනුවාදය ජනප්‍රිය වුනා.


5.  3.0 වන අනුවාදයට වඩා ජනප්‍රිය වුනා 1992 වසරේ දි නිකුත් කරපු 3.1 වන අනුවාදය. (Windows 3.1) ප්‍රමාණිකව සැකසිය හැකි පරිගණක අකුරු (scalable true type fonts), වැඩි දියුණු කරන ලද ඇද හෙලන ( improved drag-and-drop functionality) ක්‍රියාවලිය, "Minesweeper" පරිගණක ක්‍රීඩාව වගේම ප්‍රථම වරට බහුමාධ්‍ය නිරූපණ (introduced multimedia support) හඳුන්වා දුන්නෙත් මේ අනුවාදයෙන්.


6. වින්ඩෝස් 3.1 වන අනුවාදය පදනම් කරගෙන, කණ්ඩායම් ජාලයන්ට (workgroups / networks) වඩාත් උපයෝගී වන (විශේෂයෙන්ම LAN ජාල සඳහා ) "Windows for Workgroups 3.1" අනුවාදය එළි දැක්වුනා 1992 දී.


7. 1993 දී එළි දැක්වුනා "Windows NT 3.1" අනුවාදය. බිටු 32ක මෙහෙයුම් පද්ධතියක් (32-bit operating system) සහිත මේ අනුවාදය අධි තාක්ෂණික සේවාදායක යෙදුම් (high-end workstation and server applications) සඳහායි නිපදවා තිබුනේ.


8. මයික්‍රොසොෆ්ට් සමාගමෙන් වින්ඩෝස් 95 (Windows 95) නිකුත් කලේ වසර 1995 දියි. දෘඩ තැටි භාවිතා වන මෙහෙයුම්
පද්ධති (DOS-based consumer operating system) පදනම් කරගෙන වැඩි දියුණු කල මෙහි නව මාදිලියේ කාර්ය තීරුවක් (taskbar), ආරම්භක මෙනුවක් (start menu) වගේම තවත් නා නා ප්‍රකාර නවතම අංග රැසක් ඇතුලත් වුනා.


9. ව්‍යාවසාය කටයුතු වලට් (business release) යොදා ගැනීමට හැකි "Windows NT 4.0" අනුවාදය එළි දැක්වුනා වසර 1996 දී.


10. අත්ල මත තබාගෙන හැසිරවිය හැකි තරමේ පරිගණක (pocket version) බිහි වුනා 90 දශකයේ අග භාගයේ දී. එවැනි පරිගණක තුල භාවිතය සඳහා මෙහෙයුම් පද්ධතියක් ලෙස "Windows CE 1.0" නමින් නවතම වින්ඩෝස් අනුවාදයක් බිහි වුනා 1996 වසරේ දී.


11. 1998 දී "Windows 98" අනුවාදය බිහි වුනා නවතම අංග රැසක් සහිතව. අන්තර්ජාල ගවේශකයා (Internet Explorer) වෙබ් බ්‍රව්සරය වින්ඩෝස් හී අනිවාර්ය අංගයක් වුනා.
ක්ෂණික යෙදුම් පුරන කාර්ය තීරුවක් (quick launch toolbar), USB ධාවක භාවිතයට ඇති හැකියාව (support for USBs) වගේම තවත් ආකර්ෂණීය අංග මේ අනුවාදයට ඇතුලත්.


12. වින්ඩෝස් NT මාදිලියේ අළුත්ම සාමාජිකයා ලෙස වින්ඩෝස් 2000 (Windows 2000) එළි දැක්වුනේ වසර 2000 දී. සාපේක්ෂව වඩා ස්ථාවර සහ ආරක්ෂිත මෙහෙයුම් පද්ධතියක් (stable and relatively secure Operating System ) වුනු මෙය වින්ඩෝස් 98 හී වෙබ් සංකලන සමග සේවාදායක (designed for workstation and server environments) සඳහා නිර්මාණය වූවක්.


13.  වසර 2000දීම නිකුත් කරපු "වින්ඩෝස් ME" (Windows ME) නම් ඒ තරම ජනප්‍රිය උනේ නැත්තේ එහි තිබුනු අස්ථාවර තත්වය නිසාමයි. (highly unstable release )


14. වින්ඩෝස් XP (Windows XP) එළි දැක්වුනේ 2001දියි. අද වනතුරුත් මයික්‍රොසොෆ්ට් පරිශීලකයින් අතර වඩාත්ම
ජනප්‍රිය මෙහෙයුම් පද්ධතිය (most popular operating system ) තමයි ඒ. වර්ණවත් අතුරු මුහුණත් (colorful new interfac), වැඩි දියුණු කල දත්ත ආරක්ෂක විධි විධාන (security enhancements) වගේම තවත් නොයෙකුත් අංග නිසා ග්‍රාහකයින් අතර වඩා වේගයෙන් ව්‍යාප්ත වුනා.


15.  2003 දී "Windows Server 2003" එළි දැක්වුනා සේවාදායක සඳහා නිපැයුනු මෙහෙයුම් පද්ධතියක් ලෙස. (server operating system)


16. වින්ඩෝස් විස්ටා (Windows Vista) ආවේ 2007 දී. වින්ඩෝස් XP වල තිබුනු අංග සම්පූර්ණ වෙනසකට ලක් කරමින්, වඩා
දීප්තිමත්, ආකර්ෂණීය අතුරු මුහුණත් (flashy, translucent Aero interface), පෙර අනුවාදන වල තිබුනාට වඩා විශාල නිරූපක (larger icons), නව ආරම්භක මෙනුවක් (new Start menu) වගේම තවත් අළුත් අළුත් වින්‍යාස රැසක් විස්ටා වල අඩංගු වුනා.


17. වින්ඩෝස් විස්ටා වල සේවාදායක සඳහා වූ අනුවාදය (server version of Windows Vista) ලෙස "Windows Server 2008" එළි දැක්වුනා 2008 දී.


18. වින්ඩෝස් විස්ටා වල නා නා ප්‍රකාර "ගැජට්" තිබුනට, ග්‍රාහකයින්ගෙන් ලැබුනේ මල් වලට වඩා ගල්. විස්ටා මයික්‍රොසොෆ්ට් සමාගමේ අසාර්ථක නිර්මාණයක්.
ඒ පාඩුව සහ අවමානය ආවරණය කරගන්න තමයි වින්ඩෝස් 7 (Windows 7)එළි දැක්වුනේ 2009 දී.



සිංහලයා ෆැන්ටසි නිම්නය වෙනුවෙන් මං,
ආශා නානායක්කාර



Image Version :



« Last Edit: November 19, 2010, 01:28:21 AM by Asha Nanayakkara »