Author Topic: B O O N D I - Bedaganu Pinisa  (Read 48275 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Re: B O O N D I - Bedaganu Pinisa
« Reply #100 on: May 05, 2008, 01:14:15 PM »
Advertisement

Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Re: B O O N D I - Bedaganu Pinisa
« Reply #101 on: May 06, 2008, 11:14:07 AM »
Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Re: B O O N D I - Bedaganu Pinisa
« Reply #102 on: August 11, 2008, 03:29:51 PM »
Aadaraya Siyallata Ihalin...!

Offline Cleo.

  • The QueEn oF KiNgS --;--;--<@
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 1063
  • Gender: Female
  • Aadaraya,, ---->> E Mage Aagamai
    • හද බිඳි සර..
Re: B O O N D I - Bedaganu Pinisa
« Reply #103 on: August 11, 2008, 08:36:38 PM »
අක්ෂර සෙනග



අකුරුවලින් මැවුණු සෙනග

අකුරු වගෙම බැඳුණු දිනක
එක තේරුමක් දෙන
එක වචනයක්, එක පේළියක්, එක ඡේදයක්
වෙන දවස

කොයි තරම් දුරද ?

අක්ෂර සෙනග කිවුවාට

අකුරු වෙනමයි
සෙනග වෙනමයි

ජාලයෙත් එහෙමයි
පිටත් එහෙමයි

‍කොහෙත් එහෙමයි ‍.... නේද ?


ලෝකය තනි යායක් වුණේ
එකම එක තැනකදි විතරයි

ඒ සේකරගෙ හිතේ විතරයි

අක්ෂර සෙනගත් ඒ වගෙයි

අකුරුයි සෙනගයි juxtapose වෙන්නේ

වියුක්ත සංකල්ප දෙකක් විදිහට
අපි සංයුක්ත නෑ

සෙනග සහ ‍ඔවුන්ගේ අකුරු
සංයුක්ත නෑ

අක්ෂර සෙනග ෆැන්ටසියක්
ෆැන්ටසි හොඳයි එක අතකට
ඒවත් නැතිවුණොත්
මොකුත්ම නැතිවෙනවනෙ


මට හිතෙන දේ ඔබට නොහිතීම
අප දෙදෙනාගේ වරදක් නොවේ

අපි එක වගේ නම්
මේ ලෝකෙ කොයි තරම් boring ද?
කොහොම වුණත්

මගේ සුබ පැතුම් !

"අක්ෂර සෙනග" ට

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Re: B O O N D I - Bedaganu Pinisa
« Reply #104 on: September 11, 2008, 02:07:46 PM »
AKSHARA SENAGA EVENT Pics By Thushara Dharmawickckrama-

http://picasaweb.google.com/Thushara.Dharmawickrama/Boondhi#

Event eke Video eka ikmanin net ekata ekathu karanna plan karamin innawa.

Thuthi hamata.......!

Koomb
Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Re: B O O N D I - Bedaganu Pinisa
« Reply #105 on: September 17, 2008, 12:13:46 PM »
Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Re: B O O N D I - Bedaganu Pinisa
« Reply #106 on: September 18, 2008, 02:35:20 PM »
Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Re: B O O N D I - Bedaganu Pinisa
« Reply #107 on: September 22, 2008, 11:34:00 AM »
Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Re: B O O N D I - Bedaganu Pinisa
« Reply #108 on: October 02, 2008, 10:45:55 AM »
Nosithu Deyak.........
Eththamath Newe, Borumath Newe.

Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Aadaraya Siyallata Ihalin...!

Offline Piya_G

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 4
Re: B O O N D I - Bedaganu Pinisa
« Reply #110 on: December 30, 2008, 07:45:21 AM »
Boondi- set wenu pinisa liyanna : [email protected]




MADA MADA MADA SAHA PRAHARA. PUNCHI LENIN KENEK MMM. NEGITAPAN.  :D

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Re: B O O N D I - Bedaganu Pinisa
« Reply #111 on: January 15, 2009, 01:31:30 PM »
Piya_G>>

Kanthareta wathuta binduwak issa ekata sthuthiyi.
Namuth echchara clear naha kiyana de.  :D :D
Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
B O O N D I - 61 : Owuhu Apa Menma Minissu Wuha + Rasikagen SIW SITH KAV + Nirodhagen HAMBANTHOTA KALUWARA








BOONDI eMag Set Wenu Pinisa [email protected] ta liyanna.
Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Re: B O O N D I - Bedaganu Pinisa - පුංචි පහේ් මං
« Reply #113 on: January 21, 2009, 03:32:21 PM »
පුංචි පහේ් මං

පහේ් පංතියේ් පාසැල් දරුවෙකුට තරම්වත් දැනුමක් මට නොමැති බව ප්‍රසිද්ධියේ් පිළිගනිමි.

පුංචි පහේ් මං වැඩසටහන බැලු අයට මේ වගන්තිය දැන් හොඳට හුරු ය. බැලු බැල්මට, පැන විසඳුම් තරඟයක් වූ පුංචි පහේ් මං හැම සතියකම රටේ ප්‍රකට චරිතයක් ගෙන්වා පාසැල් විෂයය නිර්දේ්ශයෙන් ප්‍රශ්න අසයි. දිගටම පිළිතුරු දෙන්නට අසමත් වෙන අය ඉහත වගන්තිය කිව යුතු වෙයි. මීඩියා පබ්ලිසිටි වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ම ජනතාව ඉදිරිපිට නෝන්ඩි වීම තෝරා ගන්නා මේ පුංචි පහේ් (අ)දේ්ශපාලකයෝ, කලා - ක්‍රීඩා සහ වෙනත් පොරවල් අපිට කියා දෙමින් සිටින්නේ් කුමක් ද? තමන්ගේ් ඇතුළ හිස් බවයි

අදාළ චැනලය උන්ගේ් එම්ප්ටිනස් එක ළමා වැඩසටහනක ස්වරූපයෙන් විකුණයි. එන එවුන්ගේ් එම්ප්ටිනස් වැඩි වෙන තරමට වැඩේ නැගලා යන බව දන්නා වෙළෙන්ඳෝ වැඩසටහන මැද්දේ් ඇඩ් දමා ගන්නට පොර කති. විකිණීමේ සහ විකුණාගැනීමේ බහු විධ ස්වරූප ඉගෙන ගැනීම වාගේ්ම, ගල් පිළිම සහ බොල් පිළිම වෙන වෙනම හඳුනාගැනීමත් පුංචි පහේ් වැඩක් නොව ලොකු පහේ් (මෙගා සයිස්) වැඩකි.

ඉදිරියේ්දී, මේ බ්‍රහ්ම පරීක්ෂණයට ආංඩුවේ හැම කැබිනට් ඇමතිවරයෙක් ම, හැම පක්ෂයකම පා: මංත්‍රී කෙනෙක් ම, නිලධාරියෙක් ම ගෙන්නනවා නම් හොඳ ය. මරේ මරු ය විනෝද ය. ජනතාවගේ් ෆන් පවස නිවීම මීඩියා වල වගකීම ය.

කොහොමටත්, මේ මහතුන්ට බොහෝ විෂයය කරුණු අමතක ය. සමහරක් එAවා කිවුවාට පසුව මතක් වෙන අතර එවිට පෙරහැර ඩොටේ ඩොට් වී නොපෙනී ගොස් හමාර ය. ළමයින්ට අපරාදෙ පොත් ගත්තු සල්ලි, සාපෙ සාපෙ කියා හිතෙන විදිහේ් වික්‍රමයක් කළ, විද්වතුන් ව වහාම මේ පුංචි පහේ් පරික්ෂණයට ලක් කළ යුතු ය. මොවුන්ට පුංචි පහේ් ඔළුවක් හෝ තිබේද යන ප්‍රශ්නය දනන් තුඩ තුඩ රැව් දෙන හෙයින් කල් නොයවා ම එය කළ යුතු ය. විගඩං ගණං ප්‍රශ්ණ පත්තරයක් එවූ මේ ගණංකාරයන් දැං දෙකට ගනින්නට බැරි බබ්බු ගානට රඟපාන හැටි බලංඩ ලස්සන ය. විභාගය වෙනුවෙන් තවත් මිලියන ගානක් වියදම් කරන්නට වීම එA හැටි ප්‍රශ්නයක් නෙමේ ඔය මිලියන ගාණ ඉතුරු වුනා කියා සිද්ද වෙන කෙංගෙඩිය කුමක් ද?

මේ සියඹලාණ්ඩුකාරයන්ට ගණං බැරිවීම දැන් ඕපන් සීක්‍රට්ටුවකි. සති ගණනාවක් පුරා උත්සවාකාරයෙන් රඟ දැක්වූ තෙල් ඉලක්කම හොයාගැනීමේ නාඩගමේ අවසානය මොන පාටදැයි මේ ලියන මොහොත දක්වාත් අපි දන්නේ් නැත. දියවන්නා දන්සැලේ් අඩු මිල අධි පෝෂ්‍ය කෑමෙන් ඇඟවල් ටයර්කරණය කරගත් පිංවතුන්ගේ් තෙලේ් දවසින් දවස මෝරද්දී, ජහමනතාව නුදුරු දිනෙක මුහුද පලාගෙන උඩට විදින තෙල් නිධිය හීනෙන් දකිමින්, පත්තරවල කාටූන් සහ එසැණ පුවත් බුදිමින් එදාවේල සරි කර ගනිති. තෙලේ් ඇවිස්සීමෙන් මිලියන ගණනක් මහජන මුදල් සමග පිස්සු නැටූ ජනතා පුත්‍රයෝ, රෝම කූපයකට පවා හානියක් නැතිව යෙහෙන් වැජඹෙති. මේ මගෝඩිස් උතුමන්ගේ් සොඳුරු අතපසුවීම් හෙවත් චුච්චං මිස්ටේක්ස්වල වන්දිය ගෙවන්නේ් ඉපදුනු, ඉපදෙන්නට ඉන්නා දරුවන් බව මේ කාටූන් කතා දෙස විවර වූ මුඛයෙන් යුක්තව බලා ඉන්නා පුංචි පහේ් ඔළු ගෙඩි ඇති සිරිබිරිස්ලාට වැටහෙන්නේ් නැත.

මේ මහත්වරුන්ට ඉස්කෝලේ පොත් වල ඉගෙන ගත් දේ්වල් මතක නැත. පරිසරය, සමාජ අධ්‍යනය අමතක ය. ආගම නම් වාටියේ්ත් නැත. ඉතිහාසය ඉස්කෝලෙන් එද්දී ගේ්ට්ටුව ළඟ වීසි කොට ඇවිත් තිබේ. ජීවිතවල වටිනාකම පයිසෙකට කෙයාර් නොකරන, අහසේ් තිඛෙන ඕසෝන් හිලට ඇති ආදරයවත් ජීවිත වෙනුවෙන් පළ නොකරන, මරණය මොබයිල් මැසේ්ජයකට ඌණනය වූ මේ ගන්ධබ්බ අවකාශය අහඹුවක් නොවේ. එය මේ රට කරවූ, කරවන සහ කරන්නට දත මදින මහත්වරුන් විසින් ඇති දැඩි කළ ඔළු දහසේ් මකරෙකි. දිනෙක, එA මකරාක්ෂයා සියල්ලෝ කා වනසනු ඇත.

එතෙක්, එන්න. ටෙලි කැමරාව ළඟ තම තමන්ගේ් සීතාම්බර පට ප්‍රසිද්ධියේ් ගලවා පුංචි පහේ් හෙළුව ජනතාවට පෙන්වමු...

කරුමේ අපිට- ජන කයිය

කවුදෝ ගැසූ කරු අපිට - හිරු රටට පෝස්ටරය උඩ කරුමේ අපිට - හිරු රටට කියා තවත් කවුදෝ අලවා තිබිණ. මේවා බලද්දි අපිට හරි හිනා ය. අනේ් ඔය දෙගොල්ලෝ එකහු වෙලා මේ වගේ් අපිව හිනස්සන එක පංකාදු ය. අනිවා ය. ඩෙෆා ය. මේ පෝස්ටර් කෙළිය බලලා ගෙදර ගෙහුං දොයියද්දී මේං මේ කයිය ජනතාවට (රූපවාහිනී පුවත්වලට වොයිස් කට් දෙන ජනතාව නොවේ) හීනෙං පෙනුනා ය (පෝස්ටර් ගහංඩ සල්ලිය බාගෙ නැති හංදා මෙවුවා රාමු කර හයියෙන් ඔළුවේ ගසා ගත යුතු ය.)

හිරු තොපිට - තරු තොපිට
සඳු තොපිට - කරුමේ අපිට


බේබි 81 සහ මීඩියා බේබිලා

සුනාමියෙන් හදවත් දියබත් ව අපි මෙසේ් ලිවුවෙමු.

නුඹ මයිකල් කුමරු අතදරු
සිටි හුණුවටය මැද බියකරු
රුහිරෙහි වුනෙන් සලකුණු
ගෘෘෂා වුනෙමි මම දරු දිනු

පුවත් මැවුවෙන් දනන් තුඩ තුඩ
රුවන් සියපත් පිපුනි යන මග
ගියත් දෙව්ලොව ලැබ පියාපත්
යළිත් වැටුනෙමු පුරුදු පොළොවට

අනේ්-පි~ුවරු මිදුලෙ කැරකුනු
අනේ් කෝ උන් කොහි ගියාදෝ
තෑගි ලැබු කිරි පෙට්ටි ඉවරයි
තනේ් කිරි බීපන් බිළින්දෝ

නැගී එයි අඟ හිඟ සුනාමිය
එබී දොරZගින් කුලී නිවසේ්
පෙඟී යද්දී යසස් සළු පිළි
නොදී සුරකිමි මපුතු දියඹට

එA බේබි 81 පුතු දිනූ ගෘෘෂාගේ් කවියයි. සුනාමි කඳුළු දියවරේ හතරවෙනි අනුස්මරණය දා සුපුරුදු පරිදි බේබි 81, අභිලාෂ් පුතු ආයෙම සාලය මැදට ආවේය. වසරකට වරක් කැමරා කණ්ඩායම් යවා අභිලාෂ් සහ ඔහුගේ් මවුපියන් ඉන්නා දුංඛිත තත්වය රොමෑන්ටික්කරණය කොට රටට කියන්නට මතක් වෙන මේ මීඩියා බේබිලාට, උන්ට ඉන්නට තැනක් හදා දෙන්නට මතක් නොවන්නේ් ඇයි? සුපර් ස්ටාර්, ඩී්‍රම් ස්ටාර් ඉඳං ඩෝග් ස්ටාර් දක්වා අජටාකාශ ව්‍යාපෘති වලින් හොයන මුදල් කන්දරාවෙන් මුදල් ඇබින්දක් එA වෙනුවෙන් වීසි කරන්නට නොහැක්කේ් ඇයි?

ජහමනතාවෙනි, මේ ඔබේ අවධානය පිණිසයි

-කූඹියා
Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
"කවුරුන් සඳහා වන්නේ ද මෙම මහා යුද්ධය?"- සයිමන් නවගත්තේගමගේ "සාපේක්ෂනී" - කෙටි කරපු දිග කතා

පළමුවන ශක වර්ෂයේදී
මහා යුද්ධයක් විය. ශක රාජයෝ ද,
ආරණ්‍ය සේනාපතීහු ද,
බිහිසුණු සේ යුද වැදුණහ.
ඔවුන්ගේ අශ්ව කුරයෙන්
සියලු කෙත් වතු පාලු විය.
ඉන්පසු ගොවීහු මෙසේ ඇසූහ
"කවුරුන් සඳහා වන්නේ ද මෙම මහා යුද්ධය?"
"ඔබ සඳහා" යැයි දෙගොල්ලෝම හඩ නගා පිළිතුරු දුන්හ.
"අනාගතයේ ද අප වැනි වීර පුරුෂයෝ ,
ඔබ සඳහා නියතයෙන්ම බිහි වන්නෝය"


-ශක රාජාවලිය
සයිමන් නවගත්තේගමගේ "සාපේක්ෂනී"

මෙම උපුටනය කුමාරිගේ කෙටි කරපු දිග කතා පුස්තකයෙනි.
Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
බූන්දි අක්ෂර සෙනග- සිරස ආර්ට් එක

එන්න. මේ අකුරු දෙස බලන්න.
අකුරු මියගොස් ඇතැයි කීවේ කවුරුන් ද?
ප්‍රවේශම්වන්න.
මේ පණ ගැහෙන අකුරු ඔබව වෙනස් කිරීමට හොඳටෝම ඉඩ තිබේ


http://www.youtube.com/watch?v=GRM4S2AO4rw
« Last Edit: January 23, 2009, 11:41:07 AM by koombiya »
Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Re: B O O N D I - අපි නොදන්න මහජනතාව
« Reply #116 on: January 28, 2009, 12:15:49 PM »
අපි නොදන්න මහජනතාව

සිදුවීම් කිහිපයකි. මේ කාලයේ් කොයි කතාවත් වාගේ් ම මෙය ද නම් ගම් මනඃකල්පිත ට්‍රැජි-කොමඩියකි. යට සිට උඩට වරක් සහ උඩ සිට යටට වරක් බැගින් දෙවරක් කියවන්න.

පහ

මෙන්න පුවත්..

අහවල් මාධ්‍ය ආයතනයට අහවල් දින රාත්‍රී එල්ල වුණායැයි කියන ප්‍රහාරය සහ අහවල් පුවත්පතේ් අහවල් කතුවරයාගේ් ඝාතනය සම්බන්ධයෙන් රජය (බොක්කෙන්ම) කණගාටු වෙයි. එහෙත් එම ප්‍රහාර සම්බන්ධයෙන් මහජනතාව විවිධ මත පළ කරයි. මේ අපේ් කැමරාවට මහජනතාව පළ කළ අදහස් කිහිපයක්.

(දර්ශන තලය- පොළක්. පොළේ් වට්ටක්කා විකුණන මහජනයෙක්. අත් කැපූ මේස් බැනියමක් ඇඳ සිටී. එක අතක පච්චයකි.)
ෂෑර්, මේව මේ ආංඩුව අමාරුවෙ දාන්ඩ උං උංම කරගන්න වැඩ. මුංගෙ තියන ඊරිසියාව. මෙවුවා කොළා කියලා මොකුත් වෙන්නෙ නැහැ. මහ ජනතාව දැං මේවා දන්නවා. රවට්ටංඩ බෑ. උංම උංගෙම එක ගිනි තියාගන්නවා. උංම ප්ලෑන් කරලා උංටම වෙඩි තියෝගන්නවා.

(දර්ශන තලය- පොළේ් සාස්තර කියන මහජනයෙක්. ජාතික ඇඳුම ඇඳ සිටී. කොණ්ඩය පොල් තෙල් ගා පීරා ඇත.)
පිංවත, ග්‍රහචාරෙ වෙනස් කොරන්ඩ බෑ. නරක කාලෙ ආවහම මිනිස්සු තමංඩම හිරිහැර කොරගන්නවා. අතුරු ආන්තරා කොරගන්නවා. ගිනි තියා ගංඩ වුනත් බැරි නෑ. සමහරු තමංවම මරා ගන්නවා. මේ සාත්තරේ බොරු කොරංඩ බෑ. දිට්ට දම්ම වේදනීය කරුමෙ. ඔවුව මේ කවුරුත් කරංඩ ඕනෙ නෑ. තමුං කරපු දේ්වල් තමුංඩම පළ දෙනවා. (ශ්ලෝකයක් කියයි.)

(දර්ශන තලය- නිදහස් චතුරශ්‍රය. මහාචාර්යවරයෙක්. අවු රස්නයට තට්ටය දිලිසේ්. පුළුන් වගේ් සුදු රැවුළ සුළඟට පැන සෙලවේ.)
ඇත්ත. බැලු බැල්මට සැක හිතෙනවා තමයි. නමුත් මධ්‍යස්ථ මතධාරියෙක් විදිහට, වාස්තවික දේ්ශපාලන පසුබිම පරීක්ෂා කිරීමේදී මට පෙනී යන්නේ් මේ ප්‍රහාරවලට රාජ්‍යයේ් මැදිහත්වීමක් නොමැති බවයි. සියළු සතුරන් මැඩ විජයග්‍රාහී කාලච්ඡේ්දයක අබියස ඉන්න සන්දර්භයක් තුළ එබඳු ක්‍රියාවක් අත වැරදීමකින් හෝ ආණ්ඩුවෙන් සිදු වීමට ඇති ඉඩ ඉතාම ඉතාම ඉතාම අල්පයි.

(දර්ශන තලය- නිදහස් චතුරශ්‍රය. ආචාර්යවරයෙක්. වමට බර වෙන ලෙස හිටගෙන සිටී.)
මේවා නිකං විග්‍රහ කරංඩ බෑ. ජේ්සුස් ව කුරුස කණුවෙ ඇණ ගැහුවා. බුදු හාමුදුරුවො ගාවට බඩේ දර මිටි තියලා කාන්තාවො එවුවා. රුසියාව ගොඩ නගද්දි ලෙනින්ට සතුරු බලවේග පහර දුන්නා. කස්ත්‍රෝ ගන්ඩ. විප්ලවයෙන් පස්සෙ සුරුට්ටුවට පවා බෝම්බ හයි කෙරුවා. මේවා ප්‍රතිගාමී කුමන්ත්‍රණ. මේ ප්‍රතිගාමීන්ට ඕනේ් මේ මහජනතා විප්ලවය ආපහු හරවංඩ. හනුමන්තා ඇවිත් (රටම) ගිනිතිබ්බත් අපි මේ විප්ලවීය මොහොතේ් ආණ්ඩුව සමග එක පෙළට හිටගන්නවා.

(දර්ශන තලය- සරසවිපාය ළඟ මරදානේ් මහපාර. නළුවෙක්. කර කපා මල් වැඩ දැමූ කුර්තාවක් ඇඳ සිටී. කොණ්ඩය පිටට වැටෙන සේ් දමා සිටී.)
කවුද? වසන්ත. ආහ්? මරලද? නෑ මං එයාව අහල නෑනෙ. හැබැයි ඔය අහවල් මීඩියා එකට නං ගිනි තියංඩම වටිනවා.
(සංස්කරණයේ්දී ඉවත් කරන ලද කොටස් : මොකද ගරෝෂයි බරෝෂයි එකට මාවත් ගංඩ කියලා කී වතාවක්නං ඉල්ලූවද? අඩු ගානෙ ඉස්ටාර් තරගෙ ජජ් බෝඩ් එකටවත් ඕකුං මට කතා කොළාද? හොඳම වැඩේ. කොටි කොටි)

හතර

(කාර්යාල කැන්ටිමක්. මිතුරන් දෙදෙනෙක්. කෑම පැය.)

මචං උඹ දන්නවද අලි මන්තර?
නෑනෙ ඩෝ?
අන්න බලාං ඊයෙ නිවුස් වලට කිවුවා අලි පන්දාහක් හීලෑ කරගෙන කියලා
(හිනා)
මාර ගේ්ම නේ්? ලනිල්ට ඇඩ්‍රස් නෑ නේ්?
සිරාවට. ලනිල්ලා නන්නා නේ්?
අඩෝ උඹ හිතන්නේ් ඔය සිරාවටම අලිද මචං?
ඔව් බං ඇයි කිවුවේ මහජනතාව පෙරහැරෙං ආව කියලා.
මහජනතාව?
ඔව් බං. ආයෙ ඉතිං වෙන කවුද?
එහෙමද?
කාල ඉවරනං වර යං දුමක් දාමු.


තුන

අප්පත්තී...
ඇයි දරුවො? එන්ඩ මේ නිවුස් බලංඩ.
(නිවුස් වල මහජනතාවගේ් වොයිස් කට් ප්‍රචාරය වෙයි)
මහදනතාව කියන්නේ් කවුද අප්පත්තී?
හපොයි පුතේ් එAක පුතාලට ඕනෙ නැහැ. එAක මේ ලොකු අයගෙ කතාවක්.
බෑ බෑ අප්පත්තී කියංදම ඕනෙ. මං තලායි තලායි.
(අ~ාගෙන කුස්සියට දුවයි.)
අම්මී අප්පුත්තා හලි නලකයි. මහදනතාව කවුද කියල එයා කියල දෙන්නෑ.
පුතේ්. මහජනතාව කියන්නේ් අපිම තමයි. මම... මයෙ පුතා... අප්පච්චී... එතකොට එහා ගෙදර බන්ටී... බන්ටිලැයි අම්මා... මහින්ද අංකල්... ඇතා මාමා... සරත් බාප්ප... මේ සේ්රම තමා මහජනතාව කියන්නේ්
එතකොට අපේ් ටොමියා? අපේ් චූටි කුකූ? එයාලා?
අනේ් පුතේ් යංඩ අර අප්පුච්චා එක්ක ටී.වී. එකේ් නිවුස් බලංඩ. පුතාට තේ්රෙයි

දෙක

(රාත්‍රී අටට පමණ. අවන් හලක්. )
දැං හෙට ෂූට් එක නේ් බං දහයට?
ඔව්. මට දැං මේක ඇති වෙලා බං? ටෙලියක් ඇට් කරං උන්න නං ඉවරයි.
යකෝ. ටෙලියක් වගේ්ද මේක? මේ ගාන හොයගන්ඩ පුළුවන්ද බං ටෙලිවලිං?
එAක හරි මචං.. එAත් බලහං දැං....
මේ ඔය විකාර නවත්තහං... මහජනතාව වුණහම හොඳට බොන්ඩ ඕනේ්...
(හිනා)
ගනිං...
ගමු...


එක

ටී්‍රං ටි්‍රං
ඊස් දිස් පීපල්ස් පූල් ප්‍රයිවෙට් ලිමිටඩ්?
යා. ස්පීකිං
හලෝ මට මහජනතාව දුසිමක් වගේ් ගන්න පුළුවන්ද?
කවදට වගේ්ද සර් ඕනේ්?
හෙට උදේ් දහයට ටොරිංටන් එක ළඟ ගෙනත් බස්සන්න.
ඔහොකේ් සර්. මොන මොන කැටගරීස් වලින් ද ඕනෙ සර්?
ප්‍රොෆා ජනතාව එකයි. ඩොකා ජනතාව එකයි. එයාල දෙන්නව ටොරිංටන් සිංහයා ගාව තියලා වොයිස් කට් ගන්නවා. ම්ම්ම්.. තව.. කලා ජනතාව එකයි. එයාගෙ වොයිස්කට් එක එල්ෆින්ස්ටන් එක ගාව ෂූට් කරනවා. ඇන්ඩ් ඉතුරු එවුංට ඔය නිකං ටං හුටං ජනතාව එවන්ඩ. උංව කිරුළපොනේ් පොළ ගාව දාල වැඩේ අදිමු.
ඔහොකේ් සර්. එහෙනං වොයිස් කට් වල පිටපත සර්ලා අපිට ඊමේල් කරනවද? නැත්නං අදත් පිටපත අපිම ලියාගංඩද?
අයිසෙ, පිටපත තමුසෙලා ලියනවා. දැං අර ගිය පාර ගේ්ම වෙලාවෙ ලිවුව එකම එඩිට් කරලා ගන්නවා. බයිබලෙං හරි ත්‍රිපිටකෙං හරි ජාතක පොතෙං හරි අවශ්‍ය එක්ස්ට්‍රෑක්ෂන්ස් ගන්නවා.
රයිට්. වී ල් ඩූ ද ජොබ් සර්. තෑන්ක්ස්.

කූඹියා
Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
හමුවීමක්.........


ස්ථානය :- කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට ඇති බස් නැවතුම


චරිත :- A මිනිසා - සරත් කොතලාවල

B මිනිසා - ධර්මප්‍රිය ඩයස්


( A බස් නැවතුම්පළේ වාඩිවී සිටියි. ඇඳුම් තරමක් දුර්වර්ණවී ඇත. ඊ ඈතින් පැමිණෙයි. ඔහුගේ හිසේ වෙළුමක් යොදා ඇත. ඩෙනිමක් සහ ටී ෂර්ට් එකක් හැඳ සිටියි.උරහිසේ ගමන් මල්ලක් වෙයි. ඊ පැමිණ A වාඩිවී සිටින ආසනයට යාබද ආසනයේ වාඩිවෙයි)


A- වෙලාව කීයද?

B - අ.. හයාමාරයි.

A - රෑත් වෙන්න ආව නේ.

B - හ්ම්ම්... කොහාට යන්ඩද?

A - හරි හමන් දිහාවක් නෑ....

B - ඒ කියන්නේ අරමුණු ලස්...ආ..

A - ඔව් ඒ කතාවෙත් වැරැද්දක් නෑ...

B - සහෝදරයා මොනාද කරන්නේ..රස්සාවක්..බිස්නස් එකක්...

A - රස්සාවක්..නේද? අද උදේ වෙනකම් රස්සවක් තිබ්බා..

B - හිහ්.. ඒ කියන්නේ රස්සාවෙන් දොට්ට දැම්මා...

A - නෑ. මම කැමැත්තෙන්ම අයින් උනා...

B - හ්ම්ම්.. පුදුමයිි. හැමෝම බලන්නේ මේ කාලේ රස්සාව බේර ගන්න..

මොකද්ද කලේ?

A - මම සුපවයිසර් කෙනෙක්...බිල්ඩින් සයිට් එකක...

අද උදේ එකපාරටම හිතුනා රස්සාවෙන් අයින් වෙන්න.. ඉතින් අයින් උනා..

B - ඉතින් මොකක්ද ඊළඟ ප්ලෑන් එක?

A - ප්ලෑන් නැහැ. පුලූවන්තරම් කල් ප්ලෑන් නැතිව ඉන්නවා. දන්නවද? එතකොට හරි නිදහසක් තියෙනවා ඔලූවට...

B - සහෝදරයා.. වැඩිකල් ඔහොම ඉන්න බැහැ. ඉන්න දෙන්නේ නැහැ. ආයෙත් ක්‍රියාත්මක වෙන්න වෙයි. ඇයි? මේ එන්ජින් එකට (අතින් තම ශරීරය දක්වයි) කෑම ඕනේ. ඇඳුම් ඕනේ. හෙවනක් ඕනේ. තව තව දේවල් ඔනේ. දෙන්න වෙනවා. අපිට ඕනේ නැහැ. ඒත් මෙයාට ඕනේ.. හිහ්

A - ඔව්. ඒකත් එහෙම තමයි.

මට එකපාරටම හිතුනා රස්සාවෙන් අයින්වෙලා රස්තියාදු ගහන්න. මොකද මම කවදාවත් රස්තියාදු ගහලා නැහැ. හැබැයි වෙලා තියෙනවා. ඒත් මගේ ඔනෑකමකට නෙමෙයි

මේ ඒක නෙමෙයි. ඔහේ මොකද කරන්නේ...

B - මම.... මම ඉගෙන ගන්නවා. ඉන්ජිනියරින් ෆැකල්ටියේ ..

A - ආ. හරි. එහෙනම් ඔහේගේ අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ. ඕනෙ කරන සේ්රමදේවල් ලැඛෙයි.

B - ඒ ගැන නම් හරියටම කියන්න බැහැ. අපිටත් පොඩි අවිනිශ්චිත බවක් තියෙනවා.

කොහේ හරි මොකක හරි අවුලක් වෙලා තියෙනවා වගේ දැනෙනවා නිතරම.

A - හ්ම්ම්ම්. ඔය ඔලූව.. ඔලූව තුවාල වුනේ කොහොමද?

B - ඒක වුනේ බෝඩිමේදි.

A - කොහොමද ?

B - නෑ. ඕන්නැති කතාවක් කිව්වා.

A - මොකද්ද?

B - පත්තරේ තිබ්බා ඇටෑක් එකකින් මැරිච්ච කොටියෙක් ගේ පොටෝ එකක් දාලා. මම කිව්වා පව් බං ඌ කියලා.

A - ඉතින්?

B - ඉතින් මම කියලා තියෙන්නෙ වැරදි කතාවක්. ඒක දිග්ගැස්සුනා. අන්තිමට එකෙක් මාව තල්ලූ කලා. ඔලූව වැදුනා යකඩෙක. ඉතින් පැලූනා. පස්සේ ඌම ඇවිත් බේත් දැම්මා.හිහ්...

A - මාරයි..

B - අහනවකෝ. (විශේෂ උනන්දුවකින්) මේ දවස්වල බෝඩිමේ මාර සීන් හරිද? ඔන්න එකෙක් කොළඹ එක්සිබිෂන් එකකින් බුදු පිළිමයක් උස්සලා.ඒක මාර ලස්සනයි. දැන් අනිත් උන් ඒකට බනිනවා අම්බානට. පව් මචන්.

A - ඉතින් ඇත්තනේ.. ඒක හොරකමක් නේ. අනික බුදු පිළිමයක්...

B - ඉතින් අහනවකෝ.... දැන් ඒකා ඒ පිළිමෙට


(මහා හඬින් වාහනයක් තිරිංග තද කරනු ඇසේ. දෙදෙනාම ඒ පැත්ත බලති )


B - ඔන්න ඔය සද්දෙට මම හරිම බයයි.

A - මමනම් බය ඔය සද්දෙට නෙමෙයි. ඕකට පස්සේ ඇහෙන සද්දෙට. මාව කීරි ගැස්සෙනවා.

B - මම මොකද්ද කිය කිය හිටියේ.. ආ ඔව්. පිළිමෙට උදේ හවස වඳිනවා මල් තියලා. හැබැයි ඒවැඩේට සෙට් වෙන්න කවුරුත් නෑ. මෑන්ස් විතරයි තනියම.

A - හිහ්...

B - මේ ඇත්තට ඇයි මං මේවා ඔහේට කියන්නේ..?

A - නොකිය ඉන්න හේතුවක් නැති නිසා. මොකද අපි මීට කලින් මුනගැහිලා නැහැ නේ. මීට පස්සෙත් මුනගැහෙයිද කියන්න බැහැ නේ..ඒ නිසා නොකිය ඉන්න හේතුවක් නැහැ..

B - ඇත්ත..


(මඳ නිහැඩියාවක් දෙන්නා අතරම)


B - මට පොඩි කාලෙ ඉඳන් තිබ්බ ඕනේකමක් ඉන්ජිනේ්රුවෙක් වෙන්න. කොහොමහරි ඒ ටාගට් එකට ආවා. දැන් ඔහේට තිබ්බේ නැද්ද එහෙම ඕනේ කමක්.

A - තිබ්බා. හැබැයි ඔහොම එකක් නෙමෙයි. ගෝල්ෆේස් පිට්ටනියට මගේම කාර් එකකින් එන්න. සන්ග්ලාස් එකක් දාලා. ඇවිත් හුලං වැදි වැදී ඉන්න . යතුර කරකව කව.

B - හිහ් මරුනේ. ඉතින් ඒකට මොකද වුනේ?

A - හ්ම්ම්.. ඒක බලාපොරොත්තුවක් විදිහටම තියෙන එක ලේසියි. ඒකට ළංවෙන්න හදන හැමතිස්සෙම ඒක තව තව ඈතA වෙනවා. ඒක මළ කරදරයක් මට.

අන්තිමට මම ඒ සේ්රම පැත්තකින් තියල දැන් රස්තියාදු ගහනවා.

හැබැයි ඒක තාම මගේ බලාපොරොත්තුවක්...හරිද?

B - ඒක බලාපොරොත්තුවකට වඩා හීනයක්. මට හිතෙන විදිහට...

A - ඔව්. එහෙම වෙන්න ඇති. ඒකයි ඒක හැමදාම ඈත.

B - හ්ම්.. මට යන්න වෙලාව හරි වගේ. බසුත් කීපයක්ම ගියා. ඔය එන එකේවත් යනවා.

A - හා.


( ඊ බසය වෙත දුව යයි. අතරමගදී නැවත හැරී බලයි.)


B - මේ සහෝදරයා මම ඉන්ජිනේ්රුවෙක් කිව්වේ බොරු. මම මිකැනික් කෙනෙක්. හරිද?

සහෝදරයා තමන්ටත් බස් එකක් එයි. ඒකෙ නැගලා යනවා. නිකන් ඉන්න එපා. හිටියත් ඉන්න වෙන්නේ නැහැ වැඩි වෙලා.


(බසයට නැග ජනේලයෙන් ඔලූව දමා මෙසේ පවසයි)


දන්නවද? අපේ හීනම තමයි අපිව අන්දවන්නේ.. අපේ හීන...


( A මඳ සිනාවකින් යුක්තව බලා සිටියි. බසය පිටත්වෙයි.)


හ්ම්ම්.. රස්තියාදු ගැහිල්ලත් ලේසි නැහැ තමයි .

හහ්.. ඒත් මට මිනිහට කියන්ඩ බැරි උනා නේ මම අත් උදව් දෙන එකෙක් මිසක් සුපවයිසර් කෙනෙක් නෙමේ කියලා


අනුෂ්ක තිලකරත්න

02/10/2009
Aadaraya Siyallata Ihalin...!

Offline koombiya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 255
Re: B O O N D I - A Poem ...Gaza...Wanni
« Reply #118 on: February 10, 2009, 01:37:26 PM »
A Poem ...Gaza...Wanni

Another Incarnation of .... or
Best Interrest of the Power Politics

This time
The bombs
That smashed over Gaza
Have no eyes, ears
And the senses too

It's too brutish,
Horrible and horrendous
Devastating and destructive
It's genuinely
A merciless act of terror

But the bombs
That smashed over Wanni
Have eyes
Nice and beautiful
Lotus like eyes
And have wonderful ears too
Which differentiate the sounds
Of mourning and the roaring
And penetrate to ponder the dreadful

Those who smashed to pieces
Child or an elder
May it be man or women
Who bore the children
In a wrong place
And at a wrong time

The bombs
That smashed over Wanni*
Have incredible sense of sensibilities
That targets only the evils
And it becomes
Another God Incarnation
In order to save
The saints of democrats
From the hands of
Demonic terrorists
The inborn destroyers of
World peace and order

January 2009
S.Jeyasankar
*Wanni is the north part of sri lanka where the war and fight is going on...between government army and LTTE
Aadaraya Siyallata Ihalin...!