අම්මා තත්තා කියමින් බහ තෝරාලා
කිරිබත් ටිකෙන් ඉඳුලුත් තොල කට ගාලා
නැගිටපු කෙනා මේ හැම අමතක කරලා
මමා ඩැඩා යැයි පවසති කට පුරවාලා
උඩටත් නැති යටටත් නැති කොට ඇඳුම
ඇඳගෙන ඉන්නෙ පෙන්නන් රට උජාරුකම
ඉංගිරිසියට සිංහලයට නැතිව දෙකටම
දොඩනා බස ගැන කුමක් කියමි මම
සොයන කලට කන්නට ගොස් රට කෑම
ඉල්ලන විදිය බොන්නට අද රට බීම
දොඩනා බසත් ටික ටික රට බස වීම
පුදුමත් නෑනෙ මවුපියො අමතක වීම
......මුතු........