හොද පැත්තට කවියක් මම ගොතන්නම්..
ඇතිනම් මෙහි අඩුවක් මට කියාපන්...
නොවැටුනමුත් වලට මෙමා තාම නම්...
ආසයි වටෙනට ඒ වලෙ දවල් මන්..
අමු ආඹයක් කන්නට හරි අමාරුයි
නමුත් දකින් උන් ඒකට කෙළ හලයි
අඹය ලෙසින් සමහරු මේ ගැන සිතයි
පෙළවහකට මටනම් දැන් බය හිතෙයි..
වෙහෙස වෙලා ඉගෙන ගත්තා හොදට මන්..
ඒක නිස පෙම් හබ නැති උනා බන්...
බදින හිතෙන් මට කෙල්ලෙක් ලැබුන බන්..
කෙල්ල තාම පොඩි කිව්වා ඉවසපන්...
පෙම් කරනා ළද මා හට ලැබේ නම්...
තව හතරක් අවුරුදු ඉවසමිය මන්...
බැරිවෙලාවත් ඇය මට හිමි නොවුනොතින්...
වැරදි කියමි අර මිදි කෑ නරියා මෙන්...
මන් තාම රස නොබලපු කසාදය ගැන කියන්න දන්නේ නෑ... ඒත් ආසයි... මන් ඉගෙන ගෙන ඉවර උනාට මගෙ ගෑනු ළමයා තාම පටන් ගත්තා විතරයි... පහු වෙනකොට සමහර විට මන් කසාදයට විරුද්ද වෙයි.. නමුත් තාම නම් සහය හොද පැත්තට තමයි....