Author Topic: Kaviyata Kaviyak !  (Read 357757 times)

0 Members and 4 Guests are viewing this topic.

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1040 on: January 08, 2012, 10:57:45 AM »
Advertisement
තුති ගෙනෙනව රශ්මියෙ මා මේ    ලෙසට
කල ඇරයුම පිළිගෙන ගෙන ආ  තේමාවට
නුඹයි මමයි විඳිනා රස කවිකර  ගොතන්ට
හොඳ තේමාව මෙය වෙයි කව් පද බඳින්ට

අපේ වෙබී නිම් දෙන්නත් හිමි කරුවොයි මේ  කිරුලට
කියල දෙන්න එනවද අප හා කවියෙන් අන්         අයට
පෙම් ලොව ජය ගන්න නම් පා තැබිය යුතුමයි කසාදෙට
නෙල්ලි කනව වගේ එය රස   බව ටික ටික      ඉදිරියට

හරි ආඩමබරයි නන්දන නුඹෙ              කතාවට
වැටිලා බලන්නට හිතුවට මේ                   වලට
හිතනවා බොරුයි මල්ලියෙ නැවත   ගොඩවෙන්ට
එනමුදු වැටිය යුතුමයි කවුරුත් මේ            වලට


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1041 on: January 09, 2012, 01:09:23 PM »
අම රස ඵල විදි පෙම කිම වී නරුම...
පෙම් කළ ළද වධ භාරිය වූ අරුම...
දුක හිතුනට පෙනි පෙනි මැවු පෙම් හීන...
තාමත් මගෙ පෙම නුඹටයි පණ දෙවන... :004:

වලක් ලෙසින් ඇයි පෙනුනේ කසාදය....
විලක් ලෙසින් නොපෙනේවිද පියකරුය......
පෙමක් පතන් ළද සමගින් විදි සුවය ...
නිවනට පමණි දෙවනිය එය මනහරය....  :003:
Love - Laugh - Life

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1042 on: January 09, 2012, 10:46:23 PM »
මවන පෙම් හීන සැමවිට සුවය     නොදේ
වධ භාරිය ගැහැණිය පමණක්ම    නොවේ
පෙමක් සමඟ ගෙවනා යුගදිවියේ     රඟේ
වැටී බැලුවොතින් තේරෙයි ඒ වලේ  රසේ


:011: :004: :011:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1043 on: January 11, 2012, 11:12:21 PM »
රහ බලමී මං නගේ ඒ වලේ
වදක බිරියක් නම් නොවේ කිසි කළේ
මිහිරි අරුතකි එය ජීවිතේ
නිවනම එයයි සිතමි හැම කළේ

NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1044 on: January 12, 2012, 01:36:19 PM »
කවියට කවිය ගොතනට මා හරි ආසයි...
කවුරුත් හොද කියන මගුළක් කතා කරයි...
පටන් ගමුද වෙන කරුනක් හිත විමසයි..
රට ගැන බදිමු කවි පද බිය වෙනු නාකයි...  :dft012:

බඩු මිල අහස උසටම නැගලා තියෙනා...
සොච්ච්ම් පඩිය සති දෙකකට පිරිමැහෙනා...
කවුද මේවා වෙනුවෙන් අද වග කියනා....
කියනු මැනවි මිතුරන් හැම වී කරුණා...  :61:

සැම දෙයකම වැරදි දැකුම හොදද නැතී...
හොදක් දකින්නට නැතිනම් කිම කරතී...
කන්න අදින්නට විදියක් අද නොමැතී...
බැවින් හිතේ මහ කළකිරුමක් පවතී.... :034:

අනේ අපේ රට හදනට කෙනෙක් නැතී...
කරවන උන් භේද වෙලා ගහ ගනිතී....
අද රට තොට බල්ලන්ගේ තිප්පොලකී...
ඉවසනු බෑ හෙට අප හට රටක් නැතී.... :dft007:

එස් මහින්ද හිමි ආපහු එනවානම්...
කන්නන්ගර මැතිදුන් යළි ඉපදුනි නම්...
ගැමුණු නිරිදු ලක්දිව යළි බිහිවේ නම්...
මිය යයි ඒ හැම තම තම ගෙල මිරිකන්... :55:
Love - Laugh - Life

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1045 on: January 24, 2012, 11:13:30 AM »
අරලියා මල රශ්මි මුතූ මොකද උනේ...
රටට හෙටක් ගැන සිතනට බයද අනේ...?
කොදු ඇට ඇති හරි සින්හල කවි තාලේ..
ගළපා ලියමු වඩවා අප දෑ ආලේ... :dft010:

ටිබෙට් රටේ හිද පැමිනිය මිහිදු හිමී...
ලීවා රකින්නට අපෙ රට සිහල කවී...
කීවට වැඩක් නෑ ලොකු අය කළ වැරදී..
සිතමින් නිහඩ නොම වෙන් ඒකත් වැරදී.. :034:

වැරදි කරන මිනිහා නොව නිහඩ කෙනා..
වැඩිම වරද කරනා බව සිතනු මැනා...
මා කීවට පමණක් පිළි ගන්න එපා.. :048:.
මුලින් කීවෙ එය ලොකු උතුමෙක්ය මනා...
Love - Laugh - Life

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1046 on: January 27, 2012, 03:18:54 PM »
දුන්නට කවි තේමාවක් ලියන්ට කවි රසකර
හැමෝම කැමතියි වාගේ කසාද කර ගන්නට
බැදපල්ලා ඊට පස්සෙ ප්‍රේමය රැක ගන්නට
මහ සටනක් දෙන්න වෙනව උඩ පැනගෙන බැන්දට

හිතන් හිටියෙ කසාදයට කැමති කියල කියන්නයි
ඒත් බොලේ අද හැමෝම ඉන්නෙ බදින අදහසෙයි
තනිකඩකම කසාදයට වැඩියෙන් ඇත්තට හොදයි
කියන්න මම එන්නම් කවි මඩුව නැතොත් නීරසයි.

කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1047 on: January 27, 2012, 03:25:13 PM »
ඉර දෙන්නම් හද දෙන්නම් කියල තමයි බදින්නේ
ඊට පස්සෙ  ඉර හද තරු හැම අමතක කරන්නේ
අගහිගකම් නැතිබැරිකම් ගෙට එබිකම් කරන්නේ
බැදලා වලට වැටෙන්නැතුව තනිකඩවී ඉදින්නේ...

කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1048 on: January 28, 2012, 11:51:45 AM »
නුඹේ කීම හරි රෂ්මියෝ හරියටම
පෙන්නන්නේ කොල්ලො මහ ඉහලින් කෙරුම
බැදගත් දා පෙනේ බයිලා කතා හැම
අනේ ඉතින් පමා වැඩී අසරණිය

තනිකම හොදයි රෂ්මියෙ මේ හැමට වඩා
හිතුනත් ඉන්න බෑ තනියම මේ කලටා
දකිනා බහුරු කෝලම් නොපෙනෙන ලෙසටා
හිටියොත් ඉවසාන ඉන්නට හැකිය හොදා

NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1049 on: January 28, 2012, 02:40:48 PM »
අනේ කෙල්ලේ නුඹලා පොට වරදගෙන....
කරනවාඅ නේද ප්‍රේමෙට අද අවමාන....
ඇතිනම් පෙම දුක හැකි වෙය විදගන්න...
එක නිවසක දෙදෙනෙකු නැත දැනගන්න... :048:

මා නිවසට නුඹ ආවේ පෙම විදගන්නයි...
දරු පැටුවුන් පැමිණීයේ සතුට සදන්නයි....
අග හිග කම් අප වෙනුවෙන් ඉවසනු මැනවයි...
තනි තනියෙන් නොම නොසිතන් මෙය අපෙ පවුලයි.... :048:

උදේ ඉදන් වෙහෙසෙන්නේ අප රැක ගන්නයි...
දරුවන් නුඹ සැමගේ සිතෙ සතුට සදන්නයි...
අප දෙදෙනා වෙහෙසී පෙම් කූඩුව හැදුවයි...
ඉවසීමෙන් සැනසෙමු අපි හෙට ජය නියතයි....:54:.
Love - Laugh - Life

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1050 on: January 28, 2012, 07:45:42 PM »
නැත කිසි දින කරන්නෙ මා අවමාන
ප්‍රේමය නම් උතුම් හැම විට දනිමි මම
කියන්නෙ මා මිනිස් සිතේ ඇති හැගුම
වෙනස්වේය හැම සිත් එක් ක්ෂණයකින

දහදිය වගුරමින් තුන් යම දුක් විදින
සැමියන් සිටී තම පව්ලට සෙනෙහෙබර
රෑ තුන් යම සැනකෙලිවල ජොලි කරන
සැමියන් වැඩිය කාලය හොද නෑ මිතුර

NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Re: Kaviyata Kaviyak !
« Reply #1051 on: January 30, 2012, 01:45:18 AM »
ඉර හඳ පවතින්නෙ විශ්වය තියෙනා කල්
ගහ කොල පවතින්නෙ පොලොවක් තියෙනා කල්
පින් පවු පවතින්නෙ ධර්මය තියෙනා කල්
ප්‍රේමය පවතින්නේ පෙම් හිත් තියෙනා කල්

ගැහැනු කුමට සල්ලිය බාගෙත් ඇත්නම්
මිනිසා කුමට දෙව් මිනිසත්කම් නැත්නම්
මිනිසා කුමට ජඩ නොමිනිස්කම් ඇත්නම්
ගැහැනු කුමට සත් ගුණ පිරිමින් නැත්නම්
« Last Edit: January 30, 2012, 01:47:37 AM by w乇乃ᄊム丂イ乇尺« »
I'm on the way..

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1052 on: January 31, 2012, 03:09:48 PM »
පටලවාන ප්‍රේමය හා කසාදේ
දගලන හැටි වගෙයි හරියට සලාදේ
තිබුනත් ප්‍රේමයේ අපමණ විනෝදේ
ප්‍රේමය පැන යනව බැන්දම කසාදේ

ඇවිදින්  ඇඩ්මිනුත් ඉදහිට  මේ පැත්තේ
මොනවද දෙයියනේ මේ කියලා ඇත්තේ
නන්දන හඩා වැටෙමින් කියනා තත්තේ
ඇත්තයි කියා කිසිදින නොසිතිය යුත්තේ

නන්දන තවම සුකුමාලයි කිරිකෝඩුයි
බඩපිස්සෙක් වෙලා දගලන හැටි නාකයි
තාමත්  බඩගාන හැටි දැක්කම සෝකයි
මල්ලියෙ කසාදෙට ප්‍රේමය හරි ඈතයි...
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1053 on: January 31, 2012, 03:22:27 PM »
නිම්නය ගොඩදාන්නට අපි එක් වෙමු කියලා
කැති මන්නා උදලු අපෙ දෑතට දීලා
දගලපු දිනීශව දැන් හැමතැන හොයලා
අම්මප නිමාලියෙ මට දැන් හති වැටිලා


හැමදාමත් වගේ වැඩටික පවරාලා
මල්ලිය ගිහින් මෙනි හැමටම පිටුපාලා
ගෙනෙනා කෙනෙකු හට ඔය මලයව අල්ලා
දෙනවා කවිමලක් මේ අම්මාපල්ලා
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1054 on: January 31, 2012, 10:31:59 PM »

ඇත්තයි රෂ්මියේ නුඔ කියනා කියුමන්
පෙම් කරනා කළ නොසිතේ ඒ බව නම්
බැන්දම කසාදේ රග තේරෙන කොටනම්
තනිකම අගේ මේ යැයි කිව නොහැකි තරම්

සත් ගුණවත් මිනිසුන් බැහැ හොයන්නට
මුදලට යටයි අද ඒ හැම ගුණයක්ම
ජඩ නොමිනිස් කම් ඇත හරි ඉහලින්ම
වෙබී අයියෙ නැහැ හොද අය දකින්නට
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1055 on: February 01, 2012, 02:18:18 PM »
කලකිනි මේ පැත්තට මම ගොඩ බැස්සේ....
බඩ පිස්සෙකි දන්නව මම මගෙ තත්තේ....
දුන්නට පහදලා ඒ ටික සුදු අක්කේ....
දෙන්නම් කිස් එකක් ආවොත් මේ පැත්තේ....

නුඹේ කසාදයේ ප්‍රේමය හරි ඈතයි...
කියනවනම් පිළිගන්නම් එය ඇත්තයි...
මගේ පෙමේ කෙළවරනම් කසාදයයි...
නමුත් මාමා ඒකට අපෙ අකුල් හෙළයි....

අති රමණිය මගෙ සොබනිය නුඹ කැන්දන්....
සොමි සද වැනි නුඹෙ රුව වෙත සිත බන්දන්...
පෙම පණ වැනි අප දෙදෙනගෙ සඵල වෙමින්...
බදින දිනය එනතෙක් බැහැ ඉනු ඉවසන්....

කවුරු කොහොම කීවත් මේ ගැන කියුමන්...
පෙම වඩනා ළද සමගින් දිවි ගෙවමින්...
ඉන්නට හැකිනම් සැමදින සිනහ වෙමින්....
කසාදයක් වෙනුවෙන් මා දිවි දෙන්නම්....
Love - Laugh - Life

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1056 on: February 01, 2012, 09:49:31 PM »
සක්‍රයා ඇවිත් අපේ ගේ ඇතුලටම                    හොරෙන්
බෙල්ලෙන් අල්ලලා දැම්මනේ මා නිම්නයට            උඩින්
රශ්මි අක්කාගේ කවියේ තියන                         රසෙන්
සක්‍රය මත් වෙලා අක්කට පෙරනවා                 හොරෙන්

හැකි හැම විටම නිම්නය වෙත ගොඩ                වෙන්නේ
මිතුරු කැලගේ කවි දැක්කාම                     කියවාන්නේ
කොහොමද අක්කේ මම පිටු පාලා                    යන්නේ
දුකට, සැපට දෙකටම ඔයාලයි තනියට                ඉන්නේ


:dft011: :dft011: :dft011: DINISHA  :dft012: :dft012: :dft012:

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1057 on: February 02, 2012, 10:26:40 PM »
පෙම් කරනා කල පෙම්බස් සුන්දරය
බැන්ඳ කලදි ඒ බස අති අමිහිරිය
නැත වෙලාවා ප්‍රේම කරනා කසාදය
පෑල දොරෙන් පැනයයි ප්‍රේමේ සුවය

පෙම් කරනා විට සිතන්නේ බැඳගන්ට
බැන්ඳ කලදි දඟලන්නේ ලිහගන්නට
බැඳලා ලිහද්දී නලියයි නඩු කියන්නට
තනිය හොඳයි සැපසේ සුව ගෙවන්නට

සැමදෙන නොවුනත් මේ දුක විඳින අය
ඇත ලෝකයේ දුක් විඳ විඳ කසාදය
ප්‍රේමය සහ කසාදය නොදැන හරි හැටිය
නොබැඳන් සොයුරු සොයුරියේ කසාදය

ප්‍රේමය සුන්දරයි ප්‍රේමේ විඳිනා කල්
කසාදේ සුවයි ප්‍රේමය තියෙනා කල්
සල්ලි වටී ජිවිතේ තියෙනා කල්
ජිවිතේ රසයි තනියම ඉන්නා කල්
« Last Edit: February 02, 2012, 10:41:00 PM by -Ŵă«śĦń- »

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1058 on: February 03, 2012, 11:37:16 AM »
මුදල් වටී අපෙ ජීවය තියෙනා කල්...
කවිය වටී ඒ පද ටික නොතිබුනි නම්....
ප්‍රේමේ වටී අපෙ දිවි හෙට තියෙනාකල්..
නුඹ නොවටී ඔය ටික හිතෙ තිබුනා නම්.... :007:

වර්ෂා කියන්නේ ලොකු නමකුයි මේකේ....
කියලා තියෙන්නේ පොඩි ළමයෙක් වාගේ...
දී දෙදෙනා තම තම හැකි සහයෝගේ..
ඉන්නවනම් අපමණ තුටු වෙයි දීගේ...
:54:
Love - Laugh - Life

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1059 on: February 03, 2012, 12:36:58 PM »
නන්දනයෝ මාමන්ඩී මොනව කලත්
ඉවසාපන් දූ පොඩ්ඩව බැද දෙනකන්
තාත්තා නොවැ ඇගේ මොනවා නුඔට කළත්
පස්සේ හරියනව ඹය කරනා කෙරුමන්

නොපතා රන් රුවන් මුතු පිළි අබරනද
රස මසවුලු දිව් බෝජන වාහනද
දැසි දැස්සන් සදලු තලත් රජ සැපද
ආවේ දීගෙ රජ වෙන්නට නොවේ අප

පැතුවේ සෙනෙහසයි සැමදා සැමියාගේ
ඉන්නට ඹහුගෙ තුරුලේ හැම ළංවීමේ
කරන්නට බැරි දෙයක් ඉල්ලා නැහැ හැඩුවේ
අනේ ඒත් කරුණාවක් නැහැනෙ හිතේ


NIM7 - ALWAYS WITH HONEST HEARTS