Author Topic: Kaviyata Kaviyak !  (Read 349672 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1080 on: February 12, 2012, 12:34:47 AM »
Advertisement
කතා කලොත් අවංකකම           වැගිරෙන්නේ
කොල්ලො මොකද මේ හැටි චපලව    ඉන්නේ
කොතරම් පැණි හැලුවත් දිනීෂයෝ අහපන්නේ
එක කෙල්ලයි සදහට බොට          හිමිවන්නේ

ඔය විදියට හිටියොත් අපේ               දිනීෂට
විසිපහ වෙන්න කලියෙන් උඹ යයි      වයසට
මම මේ කියලා දෙන්නේ නම්          හැබෑවට
ගිය විට දැනෙයි එහි රස නුඹ          කසාදෙට   


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE
Re: Kaviyata Kaviyak !
« Reply #1081 on: February 12, 2012, 02:37:28 AM »
හෙරලිය වැනි වුනත් ඔය ඉඟ සුඟ මහළු
අරලිය මල වගේ සුවඳට ඉන්නව ලූ
බොරදියෙ කුමට අපි අල්ලන්නේ මාලූ
දයබර කමට මිස වෙන කිම මේ විහිළු

- වෙබී
I'm on the way..

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1082 on: February 12, 2012, 11:39:27 AM »
හෙරලි වගේ ඉඟ සුඟ තිබෙනා     බවට
වෙබී දන්නේ කොහොමද  අරලියමලට
සුවඳ පවා දන්නවා ඔහු මඟේ    හොඳට
හිතාගන්න හැකි නොවැ මම නොකීවට

නිම්නයේ සැවොම අපි ඉන්නේ එකාවගේ
දුක සැප සමග බෙදෙනවා නිර්මාණ අගේ
රස වැඩි වෙනවා විහිළු සමගින් මේ වගේ
දයාබර කමට සැමදා දයාබරයි     නුඹගේ


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1083 on: February 13, 2012, 11:41:34 AM »
ආදරණීය වර්ෂා මගෙ සුදු කෙල්ලේ
නෑ සැර වෙලා නන්දනයට කිසි කාලේ
එල්ලා ගන්න කෙල්ලෙක් නන්දන බෙල්ලේ
අපි සප් එකක් දෙමු නෑ සැක එක එල්ලේ


මට ලැබෙන්න හොද කොල්ලෙක් කියලා සුභ පැතුවට
ස්තූතියි සූටික්කියේ නෑ සැකයක් ඒකට
කවි කිව්වට මැදට වැටී ඔබත් එක්ක තරගෙට
මට ඉන්නව හොද සැමියෙක්  සසර පැතූ විලසට...


තනිකඩ පැත්තට කවුරුත් නැති හින්දා
තරගය දුර අරන් යන්න මං කවි පද බැන්දා
සංසාරේ පුරුදු සුවද ළංව දැනුනු  හින්දා
සත් මසකට පෙර නංගියෙ මං කසාද බැන්දා

මගේ ලොවට හිරු පායයි ඒ සිනාව මැදින්
හදේ සපිරි කරුණාවට බැදුනෙමි මුළු හදින්
සරා සසර ආ හින්දා මං වෙනුවෙන් ඉතින්
ඒ  සෙනෙහස අසල සදා රැදෙනෙමි හදවතින්......

                     - රශ්මි.

කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1084 on: March 14, 2012, 02:53:40 PM »
තකා ආල නොතකාගෙන ඉමි වර්ෂා
කකා බිබී හිටියත් එනවා වර්ෂා
කොකා නොවෙයි පෙන්වන්නේ වර්ෂා
යකා බස්සවයි නුඹගේ නියමෙට වර්ෂා

ආදරණීය -වර්ෂා-
(අව් වැසි නැතිව, ගස් ගල් යට නොයිඳ, මදුරුවො නොමරා, කකා බිබී හිටියත්, මා එනවා...)


තකා ආල නොතකාගෙන අව් වර්ෂා
නොකා නොබී ඉඳගෙන එනකල් වර්ෂා
කොකා නොපෙන්නාපන් මට උඹ වර්ෂා
යකා නගින්නට යන්නේ මට වර්ෂා

- ආදරණීය වෙබී
(අව් වැසි එක්ක, ගස් ගල් යට, මදුරුවො මර මර, නොකා නොබී, ඔබ එනකල්...)


Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1085 on: March 14, 2012, 03:27:44 PM »
දන්නවා මගේ ආදර සුදු අරලියා මලේ
නුඹෙ පැතුමන් සැමදා මා වෙත කියා මලේ
රහස බෙදයි ජයගත් නුඹෙ ජීවන ගමනේ
ජයපැන් බොමි මමත් එලසින් මේ ගමනේ

තනිකඩ දිවියේ රසය සැපයි තනියම ඉන්නා කල්
බැන්ද කලදි දීගේ සැපයි ජොලියක් තියෙනා කල්
ජොලිය සැපයි ඉඳ හිට වලි බස් තියෙනා කල්
බැඳලා සුවය විඳහල්ලා මේ ජිවිතෙ තියෙනා කල්


වෙබී පැණිය බව හරියට      දැනගන්න
උඹ පොඩි වැඩි උනා මල්ලියෙ නන්දන
හැබැයි හොඳින් මේකත් උඹ  අහපන්න
මහ එකා යනමග යන්නට නොහිතන්න

වර්ෂා මගේ සුදු නංගියෙ             අහගන්න
අක්කිට වගේ නුඹටත් හෙට ජය      වෙන්න
අක්කියා මෙසේ පැතුමක් ගෙනෙනව ඔන්න
හොඳ සහකරුවෙක් නුඹටත්  හිමි    වෙන්න

තනිකඩ දිවිය හොඳයැයි පද ගැට ගහලා
කෑගහනා අය අහපන්            ඉවසාලා
තනිකඩ කමට හෙට දිනයෙදි     සමුදීලා
කසාදයට ඇවිදින් රස           විඳපල්ලා

පෙම් කරමින් හිඳිනට වයසක්        ඇත්තේ
ටික ටික වයස යනවිට පෙම් ලොව  තිත්තේ
කසාදයට එලෙසට නොමවෙයි       තත්තේ
අපි හොඳ නම් සතුටින් ගතවෙයි     ජීවිතේ


muthu

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1086 on: March 14, 2012, 04:07:10 PM »
අනේ අපේ වෙබි කොල්ලා පැණි නැතුවා
පොඩ්ඩක් ඉතින් මනමාලයි මේ ගැටයා
අහිංසකයි රටක් වටී අපේ චූටි වෙබා
දයාබරයි ඔහු සැමහට නිම්නයේ සැමදා

නොඳනිමි නුඹත් දීගේ රස බැලුවාය කියා
සුභ පතනවා නුඹෙ දීගෙට රශ්මි මෙමා
සසර පුරා නුඹෙ ජිවිතේ කිරි උතුරන්න කියා
ආසිරි පතමි මෙලෙසින් තුටි මල් මිටක් එවා


For You Rashmi
« Last Edit: March 15, 2012, 05:43:28 PM by -ŴăśĦ- »

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1087 on: March 20, 2012, 08:49:59 PM »
අම්මප රශ්මියේ නුඹ බැදලා නොවැනෙ
මගෙන් සුභ පැතුම් එහෙනම් අරගන්නේ
අපේ වර්ෂගේ කළ දැන් පැමිණෙන්නේ
කවදා දෝ මට ඇගේ ඇරයුම් පත දෙන්නේ
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1088 on: March 21, 2012, 11:55:49 AM »
කලෙකින් එන්නට බැරිවිය මන් ලතැවිල්ලෙන්
නොසිතුව ලෙස පියතුම එබිලා මේකෙන්
බලලා හරි ජර මර දෝනිගෙ කෙරුමන්
ඒ හින්දා සැඟවුනි ටික දොහකට නිම්නෙන්.. :dft005:

හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වාලූ
හැංගි හැංගි වෙස් බඳින්න කවදත් බෑ යාලූ
ආදරයයි කැස්සයි හංගන්නට ලෝකෙන් බෑලූ
ඉවසන්නට බැරි තැන සූටික්කී නිම්නෙට ආවාලූ :011:

රශ්මිට සුබ පතුමන් දෙන්නට පමා වෙතේ
පතනෙමි දැන් රශ්මිට සුබ අනාගතේ
තනිකම පාලුව දැන් මට එපා වුනා
දීගෙක රස බලන්න දැන් මට ආස වුනා :021:

වෙබී වෙත උතුරා යන අපුලෙන් ලියන වග නම් :019:

වියපත් ඹබරුන් කවදත් මට එපා අනේ :031:
නාඹර හාවෙක් හැමදා මන් හොයන්නේ  :52:
ආලේ වෙනුවෙන් හොඳ දේ කරන්නේ :dft012:   
කිචි බිචි ගෑවත් සූටික්කි හරි ප්‍රියයිනේ :011:

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1089 on: March 21, 2012, 05:54:26 PM »
නිම් අක්කේ මගෙ දීගය දැන් ළඟ ළඟනේ   :002:
ඇරයුම් පතක් දෙන්නට මේ සැරසෙන්නේ  :003:
ඇරයුම් පතට කලියෙන් මධුසමයට යන්න අනේ    :033:
සූටික්කියේ එනවද මගෙ තනියට ඉන්න අනේ  :015:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1090 on: March 21, 2012, 07:29:57 PM »
අනේ දෙයියනේ එය නම් කරනු එපා
සූටික්කිව අරගෙන නම් යන්න එපා
මධුසමයේ අග මුල ගැන අහන නිසා
ඉන්නයි වෙන්නෙ එළිවන තුරු ඇය එක්කා

සූටික්කියෙ හා මස් නමි හරි රහනේ
කන්නට හිතෙනවා දැක්කම ඒ මසනේ
ආලය කරන්නට නියමම හාවානේ
රසයෙන් ගුණයෙන්ද හාමස් හරි අගනේ
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1091 on: April 13, 2012, 09:14:25 PM »
නිම්නය පූරා කාවි  වල රස රැව්                     දේවා
හැම කොල්ලෙක්ටම ,කෙල්ලෙක් සෙට්           වේවා
මාසේම ගැට ගහාගන්න 2500ක් ඇති             වේවා
කිරීයෙන් පැණියෙන් පිරි නව වසරක්              වේවා



 :54: :54: :54: DINISHA  :021: :021: :021:

Offline CrEaTivE

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 7
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1092 on: April 20, 2012, 11:55:34 AM »
කවියට කවියේ පද ගලපන්න
ආවා මේ මමත් අද ඔන්න
දන්නා හැටියට පද ගලපන්න
මුලසුනෙන් මටත් අවසර දෙන්න

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1093 on: May 03, 2012, 05:25:56 PM »
කිරි ගොවියොත් කිරි ටික බිම හැලුවා
එලවලු ගොවියො ටික කොපි කෙරුවා
නිවන්නට බැරිව කුසගිනි අපි දත්මිටි කෑවා
ලොවන්නට කිරි නැතිව දරුවොත් හඬ ගෑවා
:dft007: :dft007: :dft007:

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1094 on: May 04, 2012, 11:21:52 AM »
කිරි බිම හලන කොට එක ගොවියෙක් ආවා
හොද හැටියට ඒ කිරි දියරෙන් නෑවා
දැක පත්තරේ පලවී තියනව මේවා
මගෙ බඩ පපුව දෙයියම්පල්ලා දෑවා...

බොන්නට  දෙන්න තම වසු දරු පැටියාට
‍දරු සෙනෙහසට එරුනා කිරි උතුරන්නට
උදුරා මහ පාරෙ හැමතැන හැලුවාට
ගොවියනි කෑගසා පල නැත බීරන්ට

« Last Edit: May 04, 2012, 10:00:35 PM by -ŴăśĦ- »
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1095 on: May 04, 2012, 01:59:43 PM »
bWpl\l` kQrW  q#n\ pQtQ n#wOv
n#g\g` [email protected]\ ihlt aq sQtm
k$ghl plk\ n# @m| bWrn\t`
kQypl\l` vs\ kvQy un\ ht @hn @qn\t

a`X\cr\@y h#tQ q#n\ @b`t @p\[email protected]\
hQMn\[email protected] pwt mEn\ v#lQ q#m|m`@n\
a#mwQ mn\[email protected]\ bd kt pQr#n`@v|
[email protected]\ @[email protected] rt @kr#mk\ q#k\k`@n\

rX\[email protected]\ [email protected]\ @mv|v` a#hEv`m
@qy\ym|p` @hn vqQnv mEn\ h#mt
@k`n\qk\ n#wQ @qXp`[email protected]`\ h#mt
yn\nt ap`yk\ h#qQyn\ @g`d @n\n
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: Kaviyata Kaviyak !
« Reply #1096 on: May 07, 2012, 01:00:40 PM »
කරන නාඩගම් සේරම මේ ලෙසට
පටි තද කරගන්න කිව්වලු පෙරදින යසට
ඒ ඔවදනත් පිලිගත් මේ සියලු දෙන
පුරුදුයි ඉතින් තදවී ඇත පුරුදු ලෙස

තුනෙන් දෙකක් ඉල්ලූවා කරන්නට
උඩපැන ගීගයා දුන්නා නටන්නට
මේ හැම දේම වන්නේ ඇයි කියන්නට
තුනෙන් දෙකක් දුන්නේ නුඹ විදින්නට

කෙලිනා පිස්සු දැක දැක නිදි වැදියල්ලා
රට කරවන්න කාසිය බදු ගෙවපල්ලා
ඇමති මංඩලේ බඩ තව පුරවල්ලා
කියනා හැම දේට හූ මිටි තියපල්ලා

යුද්දෙට ගියපු කාසිය කෝ අහපල්ලා
යුද්දෙට තම බඩු දෙනවද අහපල්ලා
යලි හෙට අනිද්දට තෙල්මිල බලපල්ලා
කතිරය නැවත මේ හැත්තට දී පල්ලා




ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1097 on: May 09, 2012, 02:04:37 PM »
දෙන්නට ගොහින් මහලොකුවට  කතිරෙ අපේ
පේනව නේද අපි ඔක්කොම විදින සැපේ
මේ හැටියටම බඩු මිල යනවනම් කපේ
මොකටද අපට මේ මැති ඇමතිලගෙ ඔපේ...?

ඇස් දෙත පියාගෙන ඕනෑ දෙයක් වෙයන්
කියලා හිතාගෙන ඉන්නෙමු කටද පියන්
ඉන්නා තුරුම අපි නැතිබැරි ගීය ගයන්
‍මුන් ටික නගියි ඔළුවට රෙදි කරේ තියන්
:006: :006:
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline CrEaTivE

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 7
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1098 on: May 14, 2012, 08:26:19 PM »
කවිය‍ට කවියේ අරුතේ :017:
කාටත් අමතක වීයෑ සිතේ :022:
කියන්නට ඇති සැම දේ :031:
එක් කවියකින් කිවුවොත් අගේ
  :045:

Offline CrEaTivE

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 7
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1099 on: May 14, 2012, 09:08:21 PM »
Quote
එතෙර විදේසෙන් එන පරගැතියන් හට ලෙංගතුකම් පෙන්නූ
වාසිය හින්දම ඇහැකන වහගෙන නොදන්න තාලෙට උන්නූ
කළු සුද්දන් ටික එලවා ගන්නට අසිපත සුරතට ගම්මූ
මොකටද මේ වැනි උත්තම රටකට ඒ වගෙ බත් කන ගොන්නූ


කීවත් ඔය විලස ලොකුවට පුරසාරම්, ඔබ
සැල වූවා ඉන්නෙත් පිටයි සිරි දේසෙන්, ඔබ
කියනා විලස රාවණා පරපුරෙන් වුවත් ඔබ
යතුරු පුවරු විරුවෙක් විලසට නම් හැ‍ඟෙයි මට