Author Topic: Kaviyata Kaviyak !  (Read 353899 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1160 on: July 14, 2013, 09:50:15 AM »
Advertisement
Phone එක Ring වුනා - Miss Call වැඩි වුනා 
නාද දෙන එක විටක - මට Hello කිය වුනා 

Hi ඔබ කවුරුන්ද - Voice එක මතු වුන
Wrong Number එකක් - ඉබේ මට කිය වුන

මම අලුත් Friend කෙනෙක් - අනෙක් පස කියෙව්වා   
කෝලමක් කිය මම - Call එක Cut කලා

අලුත් SMS එකක් - මගේ නෙත් කියෙව්වා
මම අලුත් Friend කෙනෙක් - එලෙස ඇය Chat කලා

කවුද ඔය පිස්සෙක්ද - කියා මම Rep කලා
නොනැවති එක දිගට - Messages වැඩි වුනා

එයින් නොනැවතුනු ඇය  - නිරතුරුව Miss කලා
නොදැනීම එ හඩට - මගේ හිත Happy වුනා

මටත් නොදැනීම මම - ඇයට කීකරු වෙලා
Phone එකේ Tone එක - ඇය නමට හැඩ වුනා

සිනාසී කතා කර - සුහද බව වැඩි වුනා
නොදැනීම අපි අපිට - බොහෝ ලෙන්ගතු වුනා

දකින්නට හිතයි ඔබ - Meet වෙමු කියනව
නමුත් හිත කලබලයි - Heart එක ගැහෙනවා

කවුද ඇය කවුරුන්ද- තාම මම හිතනවා....,

:57: :57: :57: DINISHA  :57: :57: :57:

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Re: Kaviyata Kaviyak !
« Reply #1161 on: November 15, 2014, 11:52:34 AM »
අමතක කර සියළුම දේ            පරණ​
ආවෙමි නිම්නයට බලනට දේ      කරන
මිතුරන් සිටීදැයි පිළිගන්නට        පරණ
අවසර මට ලියනට නැවතත් කවි   සිහින​

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1162 on: November 24, 2014, 01:45:43 PM »


ඇවිදින් ඩොකා කාලයකට පසුව හෙමින්
විමසයි ඇත්ද මිතුරන් තව මෙහි රැදෙමින්
කවියට කවිය පාළුව ගොස් ඇත යහමින්
කාලය ඒ සොදුරු මිතුදම් මකා ගිහින්
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Re: Kaviyata Kaviyak !
« Reply #1163 on: November 26, 2014, 07:40:57 AM »
නැවතත් පටන් ගමු ඒ මිතුදම් අළුත්         කරං
ලියනෙමි කවියට කවිය හොඳහිත අතට     අරං
පුරවා එකට එකක් දෙන කවි මළු අතේ     දරං
හොයලා ගමුද කවි කිවියෝ ලියනා අනං  මනං


Rashmi hw hw? Thaama mathakai apiwa neh  :57:  :047:  :048:

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1164 on: December 01, 2014, 11:30:37 AM »
මුහුනූ පොතේ දැන් කාලය ගෙවෙන්නේ   
මතක් උනොත් නිම්නය බලන්නේ
අතීතයේ සිටි කවි මිතුරන් ඇවිත්නේ
නිම්නය යලිත් හැඩ කර ගිහින්නේ..   :dft012:

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1165 on: December 09, 2014, 12:30:37 PM »
ඉදහිට ආව දවසක නිම්නය පැත්තේ
දැක්කා ඩොකා ඇවිදි්ල්ලා ඒ පැත්තේ
අමතක නොවන මිතුදම් පමණකි ඇත්තේ
මල්ලියෙ ඩොකා තවමත් අමතක නැත්තේ

එකතු කරන්නට නිම්නයේ කවිගොල්ලන්
සූටික්කී දරණ තැත නිම්නය හොල්ලන්
වෙන්නට නොදී සූටික්කිගෙ වැඩ සල්ලන්
දිරිදෙමු මලේ පෙන්වන්නට කවි සෙල්ලන්

හිරවී වැඩවලට දැන් එන්නට බැහැනේ
ඉදහිට ආවොතින් ඔබ අමතක නැහැනේ
කාලය ගතවුනත් නැති කරමින් සහනේ
කවියම තමයි ජීවය ජීවන පහනේ
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....