ඇස් දෙකේ දිලිසෙන ආලොකයේ
තොල් අතර රැදෙන සිනහවේ
සන්සාරේ පුරා ලිය වුන කථාවේ
මමයි නුබයි නැවතත් හමු වුනාවේ
සිහින් කට හඩ මගේ සවනට කොදුරා
ඔය උනුසුමේ මාව පටලවා
හුස්ම ගන්න රාවේ ඇසුනා
මගේ මුලු සිතම නලවා
රෑ අහසේ සදත් සමග දග කරනා තරු කැකුලේ
මල් පෙත්තේ ඉගි මරමින් සුව විදිනා පිනි බිදුවේ
ඔහුගේ උනුසුම සොයන්නට මග කියනා සීතල මද පවනේ
කියන් ඔහුට එන්න කියා පාලුයි නැතුව ඔහු, මා සිත් අහසේ