Author Topic: කන්දක් විළි ලා මී පැටවෙකු වැදීම the balance sheet of "operation bin laden" by USA  (Read 2460 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Advertisement
Unicode Versaion:
- බින් ලාඩන් මෙහෙයුමේ ශේෂ පත්‍රය ලාංකේය ඇසින්..


සී ඊ කටුවාවලගේ, සිංහලයා පුවත් ඒජන්සිය:
ඇමරිකානු හමුදා දිගු දුර ඒකකයක් විසින් පාකිස්ථානයේ දී අල් කයිඩා නායක, ඔසාමා බින් ලාඩන් ව ඝාතනය කලැයි මේ දිනවල ජනපති බැරැක් ඔබාමා සිටිනුයේ බොහෝ සතුටින් විය හැකි ය. එසේම ඇතැම් බටහිර මාධ්‍ය නාළිකා සහ යුරෝපා/බටහිර රාජ්‍යයන් විසින් ද බැරැක් ඔබාමා ව වීරයෙක් බවට පත් කොට තිබේ.

ත්‍රස්තවාදී නායකයෙකු ලොවින් තුරන් කිරීම යනු, ඔබාමාගේ, ඇමරිකානුවන්ගේ මෙන්ම ලෝ වාසී සියළු දනන් හට සතුටු විය හැකි කරුණක් බවට ද වාදයක් නොමැත. ශ්‍රී ලාංකික අපිදු මෙයට දෙවසරකට පෙර මේ සතුට මෙන් දහස් ගුණයක සැනසුම් සුසුමක් හෙළූයේ, නිදහස් ජාතියක පුනරුත්පත්තිය ලොව හමුවේ තබමිනි.

30 වසරක් තිස්සේ සමස්ථ ජාතියක දියුණුව අත්හිටවූ ම්ලේච්ඡයෙක් වූ වේළුපිල්ලේ පිරබාහරන් හෙවත් ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්ත රැළම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් මුළුමණින් ම විනාශ කරද්දී,
2996ක පමණ පිරිසක් ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මරා දැමීම වෙනුවෙන් ඇමරිකානු ආරක්ෂක අංශ විසින් අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා ඇතුළු කිහිපදෙනෙක් පමණක් විනාශ කරයි.

ත්‍රස්තවාදය නම් ලොව කොහේ වුවද ත්‍රස්තවාදය ය. එය නැසීම නම් සියළු දනන් වෙනුවෙන් කරනා මහා සේවයකි.
එහෙත්, බින් ලාඩන් සහ වේළුපිල්ලෙයි ප්‍රභාකරන් යන ම්ලේච්ඡයන් දෙදෙනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්, ඇමරිකාව, කුප්‍රකට බ්‍රිතාන්‍යය සහ ඇතැම් යුරෝපා රටවල් මෙන්ම ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට් වොච් වැනි හිඟන කුලී සංවිධාන ද අනුගමනය කරන පිළිවෙත් දෙයාකාර ය. විහිළු සහගත ය. ලජ්ජා සහගත ය.

වසර තිහක් තිස්සේ සමස්ත ජාතියක් පීඩාවට පත් කරමින්,
ගම්මාන වලට කඩා පැන ගම් වැසියන් කපා කොටා මර දමමින් සහ මව්වරුන්ගේ ඇකයේ හුන් බිළිඳන් දෙකකුලින් ගෙන පොල් ගස් වල ගසා මරා දැමූ හ,
අහිංසක සිවිල් වැසියන්, පාසල් ළමුන් ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ, දුම් රිය හි බෝම්බ පුපුරවා සිය දහස් ගණනක් වූ අහිංසකයන් අමු අමුවේ මරා දැමූ හ,
බහුතර ජනතා ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරුන්, ඉන්දියාවේ අගමැතිවරුන්, මෙරට විසූ කෘතහස්ත දේශපාලඥයන් ව මහ මග අමු අමුවෙන් මිනිස් බෝම්බ එවා මරා දැමූ හ,
මරාගෙන මැරෙන ජැකට්ටුව ලොවට හඳුන්වා දුන් හ,
ජාත්‍යන්තර ත්‍රස්ත කල්ලි වලට අවශ්‍ය පුහුණුව ලබා දුන් හ,

තම අදහස් ගරු නොකරන සිවිල් වැසියන්, ද්‍රවිඩ විද්වතුන්, ආගමික නායකයින් සහ දේශපාලඥයින් මහ මග අමු අමුවේ මරා දැමූ හ,

තම සංවිධානය "විමුක්ති සංවිධානයක්" ලෙස හඳුන්වමින් තම ත්‍රස්ත ක්‍රියාවන්ට සහය වූ රාජ්‍ය නොවන සංවිධාන වල සල්ලාල නියෝජිතයන් පිනවීම සඳහා දෙමළ තරුණියන් බලහත්කාරයෙන් ගණිකා සේවයේ යෙදවූ හ. (මුලතිව් විශ්වමඩු, ධර්මපුරම් වැනි ප්‍රදේශ වල පිහිටා තිබූ එල්.ටී.ටී.ඊ. කඳවුරු වල තිබී උපත් පාලන කොපු හෙවත් කොන්ඩම දහස් ගණනක්, අසභ්‍ය ඩීවීඩී තැටි, ගණිකා සේවයේ යෙදවූ තරුණියන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුලත් ඇල්බම විශාල ප්‍රමාණයක් හමු විය. මේ අනුව තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ජාතියේ දූවරුන් විකිණීමට තරම් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් නරුම වී ඇති බව පෙනී යයි.)

මේ ඉහතින් දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම්, බැන් කි මූන්ට උපදෙස් ලබාදෙන දරුස්මාන් ගේ වාර්තාවෙන් "අවස්ථානුකූල ව විනයගරුක වූ ජාතිකවාදී විමුක්ති සංවිධානයක් ලෙස" කිසිදු ලැජ්ජාවකින් තොරව නිර්වචනය කල එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ කැරැට්ටුවෙන් ඉතාමත් සීමිත කොටසක් පමණි.

එවන් විනාශකාරී ත්‍රස්ත සංවිධානයක නායකයා ප්‍රමුඛ සමස්ථ ත්‍රස්තවාදීන් විනාශ කල ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්, ශ්‍රී ලංකාවේ ජනපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපර්තමේන්තුව හැසිරෙන්නේ පිස්සුවෙන් මෙනි. ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ද ගරුතරබව උකස් කොට තිබේ. (එ.ජා. ලේකම්වරයා සහ ඔහුගේ උපදෙස් යනු, කිසිවෙකු ගණන් නොගන්නා සාධක බවට දැන් දැන් පත්වෙමින් තිබේ.)
හේතුව නම් තම උපදෙස් නොතකා ත්‍රස්තවාදය විනාශ කිරීමෙන් තමන්ට ඇති වූ ලෝක ලජ්ජාව වසා ගැනීමයි. ඒ කාර්යය සඳහා කුප්‍රකට බ්‍රිතාන්‍යය සහ ඇතැම් යුරෝපා රටවල් ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග සිටිති.

මානව හිමිකම් හෝ යුද අපරධ වෙනුවෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඇති සැබෑ කැක්කුමකට නොවේ. එසේනම්, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ සහ ලිබියාවේ සිවිල් වැසියන් දස දහස් ගණනින් ගුවන් ප්‍රහාර මගින් මැරී වැටෙන්නේ ද නැත.

සැබවින්ම, ලෝක සාමයට තර්ජනයක් වන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සී.අයි.ඒ. නමින් හඳුන්වන ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ නිභීන ක්‍රියා කලාපය යි. ඔවුහු ලොව යුද්ධ ගණන වැඩි කිරීමට ක්‍රියා කරන අතරේ ශ්‍රී ලාංකිකයෝ ලොවෙන් යුද්ධයක් අඩු කරයි,.
පුංචි රටක දුප්පත් ජනතාවක ගේ ශක්තියක් ඉදිරිපිට දැවැන්ත රාජ්‍යයන් කෙතරම් පහළින් සිතත් ද? ක්‍රියා කරත් ද?

මේ අතර ප්‍රභාකරන් නැසීමේ මෙහෙයුමට සාපේක්ෂ ව බින් ලාඩන් ව නැසීමේ ඇමරිකානු මෙහෙයුමේ ශේෂපත්‍රය විමසා බැලීම වටී. මන්ද ඒ වනාහී "කන්දක් විළි ලා මී පැටවෙකු බිහි කිරීමක්" තරමට ම හාස්‍යජනක ය.

2001 දී සැප්තැම්බර් 11 වෙනිදා සිට "ඔපරේෂන් ජෙරනිමෝ" නමින් ක්‍රියාත්මක අවසන් මෙහෙයුම දක්වා (මහා ලොකුයැයි කියා ගන්නා) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සී. අයි. ඒ ඔත්තු සේවා ප්‍රමුඛ සහ ඇමරිකානු හමුදාවන් දින වලින් නම් 3519ක් ගත කර ඇත.

එම කාලය තුල ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධ දෙකක් නිර්මාණය වූ අතර ඒවායේ වැඩි අයිතිකරුවෝ නම් ඇමරිකානුවෝ ම වූ හ. ඉහත කාල වකවානුව තුල වැයකර ඇති සමස්ථ වියදම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.283කි. (එනම් ඇමරිකානු වැසියන්ගේ බදු මුදල් වලින් බිලියන 1283කි.) එම කාලය තුල ඇෆ්ගනිස්ථානයේ දී සහ ඉරාකයේ දී මැරී වැටුනු ඇමරිකානු සොල්දාදුවෝ ද දහස් ගණනකි. තම දේශය වෙනුවෙන් සටන් වැද දේශයේ වැලි කැට පහස විඳ මිය යාම ඕනෑම රටක සොල්දාදුවෙකුට ඇති ගෞරවණීය ප්‍රාර්ථනය යි. එනයින් ශ්‍රී ලාංකේය සොල්දාදුවාට සාපේක්ෂව ඇමරිකානු සොල්දදුවා කෙතරම් අවාසනාවන්ත ද?
තමන්ට අයිති නැති පොලවක විදේශිකයෙක් සේ මිය යාමට ඔවුනට සිදුවෙත්.

අල් කයිඩාවට එරෙහිව ඇමරිකාවට සහයෝගය දැක්වීම වෙනුවෙන් පාකිස්ථානයේ දී පමණක් පුද්ගලයෝ 4240ක් අනතුරට ලක් වූයේ පාකිස්ථානය තුල සිදු වූ බෝම්බ පිපිරීම් වලිනි.

ශ්‍රී ලාංකිකයෝ විසින් ලොව ම්ලේච්ඡත ම ත්‍රස්තවාදියා ඇතුළු සමස්ථ ත්‍රස්ත රැළ ම මිහිපිටින් තුරන් කරද්දී,

ලොවට මේ සා හානියක් කරමින්, වියදමක් දරමින්, කාලයක් ගත කරමින් අවසානයේ දී
අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇතුළු අතේ ඇඟිලි ගණනකටත් අඩුවෙන් ගණන් කල හැකි පිරිසකගේ මරණ ප්‍රථිපලය සේ නෙළා ගනියි.
මක්නිසාද යත්, තවමත් ලොව පුරා ලක්ෂ ගණනක් වූ අනුගාමිකයින්ගෙන් සුසැදි අල් කයීඩා සංවිධානය වැනසූ බව මෙයින් නොහැඟවෙන බැවිනි. අල් කයීඩාව කවදා තුරන් කල හැකිවේදැයි ඇමෙරිකාව දන්නේ ද නැත.

බින් ලාඩන් ව මරා දැමීම නිමිත්තෙන් ඇමරිකානු වැසියන්ගේ දින දෙකේ ප්‍රීති ඝෝෂාව සහ ප්‍රභාකරන් නැසීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෝ මාසයක් පුරා ප්‍රීති උත්සව පැවැත්වීමේ අරුමය නම් ඉහත ඇමරිකානු-බින් ලාඩන් ශේෂපත්‍රයේ සමස්ත ශේෂය ද?

අපගේ අදහස නම්,
සහෝදර ඇමරිකානු ජනතාවට මීටත් වඩා ප්‍රීතිඝෝෂා කල හැකි දවසක් ඇත.
එනම්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ජනපතිවරයා, සී.අයි.ඒ. ඔත්තු සේවය විසින් තමන්ගේ නරුම ක්‍රියා පිළිවෙත් අත් හල දා ය.

- සිංහලයා පුවත්


Image Versaion:
« Last Edit: May 09, 2011, 12:43:44 PM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
mh @l`kO v#dk\ [email protected]\@n a#mrQk`v p`rm| b`n\@n

nQr`yEq mnEs\[email protected]\ mr`q`l` @l`\@ktm @swk\ kl` [email protected]\@n kw`v. kS [email protected]`t @m| ek\sw\ j`wWn\@g m`nv hQmQkm| kv|n\[email protected]\ nQqQq?. @k`\ mh @l`kO yEq apr`q nWwQ

un\tm gQy @l`\@k.

@mv|v @[email protected] @[email protected]`t ktvl\ [email protected] in\@n @k`@h`mq? b$n\kWmRn\vyQ b#rk\ ob`[email protected] ps\@s in\n nr#[email protected]` tQkyQ ul wQyl m#r#vq`tvw\ [email protected]\vl\ vlt s`{`rnyk\ i;\T\ @v|vQ
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline iris

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 124
  • Gender: Female
  • Mage sanda oba ...
ලංකාවේ අපි කලා වගේ ත්‍රස්තවාදය සම්පූර්ණෙන් නැතිකරන්න බැරි උනානේ මෙයාලට,,, ඒ ගැන තිබ්බ ලැජ්ජාවත් එක හේතුවක් තමයි මෙයාල අපිට කුඩුකේඩුකම් කරන්න.
දැන් මේ බොරුවට පුම්බන්නේ මිනිස්සු දාස් ගාණක් මරලා බින් ලාඩන්වත් මරාගත්තු එක ගැන.. බින් ලාඩන් වගේ ත්‍රස්ත නායකයෙක් ලෝකෙන් තුරන් කල එක හොඳයි තමයි, නමුත් තවම වැඩේ සම්පූර්ණ නැහැ.

මොකක් උනත් කමක් නැහැ, ත්‍රස්තවාදය ලෝකේ කොහෙටත් එක වගෙයි බලපාන්නේ කියන දේ තේරුම් ගන්නව නම්,, මිනිස්සු දහස් ගාණක් අමු අමුවේ මරපු ප්‍රභාකරන්ව තමයි අපි විනාස කලේ,, ඇමෙරිකාව බින් ලාඩන් කියන ත්‍රස්තවාදියව විනාශ කරන්න අහිංසක මිනිස්සු දහස් ගාණක් මැරුවා..