Author Topic: ආයුබෝවන්...,  (Read 1973 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
ආයුබෝවන්...,
« on: May 04, 2011, 03:44:56 PM »
Advertisement
ආයුබෝවන්...,
මන් සි0හලයට අළුත්..ඒ වගේමයි නෙට්වලටත් අළුත්...
ඒත් මට සි0හලයට කියන්න පොඩි කතාවක් තියෙනවා..ගැළපෙයිද මන්දා..

සි0හලයගේ දැකපු අපේ කම නිසා මන් සි0හලයා ගාව නැවතුනා...අත් වැල් බැද ගත්තා..ඒත් සි0හලයගේ අඩු පාඩුවකුත් මම දැක්කා..ලොකු දෙයක් නම් නෙමේ...ඒත් හදා ගත්තොත් වටිනාකම වැඩී කියලා මට හිතුනා...තරහා ගන් නැතිව අහ ගන්න....
හිතන්න....
කසු කුසු වලට කවුරු හරි අලුතෙන් එන්නෙ කොහොමද.....?  හායි...නැත්නම් හෙලෝ...කියාගෙන...අපි කෝල් එකක් දුන්නොත් ඉස්සර වෙලාම කරන්නෙ මොකක්ද...?මම "අහවලා" කියන එක..අපි නොදන්න ගෙදරකට ගියා කියමු...ඒත් කරන්නෙ මම "අහවලා" කියලා අදුන්නල දෙන එක...ඉතින් මම හිතනවා අපි  ෆැන්ටසියට එන අලුත් අයටත් ඒ අයව අදුන්වා දී ගෙනම මේකට එන්න අවස්තාවක් දෙන්න ඕනෙ කියලා..
මොකද පළවෙනි හදුනා ගැනීමේදී දක්වන සුහදතාවයම ඒ සම්බන්දතාවය ඉදිරියට ගෙනියනවද? නැද්ද? කියලා තීරණය කරනව කියල මම හිතනව..
අනික තමයි ෆැන්ටසියට අලුතෙන් එන අයට ඒක ලොකු ශක්තියක් වෙනව.තමන් ඇයි සි0හලයා ගාව නැවතුනේ..?කවුද මේකට මග පෙන්නුවේ...?මොනවද සි0හලයට දෙන්න බලපොරොත්තු වෙන්නේ..? ආදී නොයෙක් දේවල් ප්‍රකාශ කරන්න පුලුවන් තමන් ගෙන හැදින්වීමකුත් එක්කම...පරන අයට පුලුවන් ඒ අයව දිරිමත් කරන්න.. පළවෙනි ලියුම් කරදහියෙ ඉදලම..අඩුම ගානෙ අළුත් කෙනෙක්ට පෙරළා ආයුබෝවන් කීම තුලින් හරි..
ඉතින් අපි සි0හලයා තුලින් ඒ අවස්තාව දීල බලමුද..?
"ආයුබෝවන්"
"මාත් කැමතියි එකතු වෙන්න"
"තවත් සින්හලයෙක්"
මේ වගේ මාතෘකාවක් හරි ගැළපෙන වෙන එකක් හරි අළුතෙන්ම එන අයට වෙන් කරන්න කියලා මන් ඔය කට්ටිය ගෙන් ඉල්ලනව..
පරන අයට මේක එච්චර වටින් නැති උනාට අලුතෙන්ම එන අයට මේක කෝටියක් විතර වටිනවා කියල මට හිතෙනව..
හිතලා බලන්න..
හොදයිනම් ක්‍රියාත්මක කරන්න.. නොකෙරුවා කියලා අහිතක් නෑ....
අපි සි0හලයෝ...

(සි0හලෙන් ලියන හැටි කියල දුන්නු එන්.එස්.ගලගෙදර ට ස්තූතියි...)
අළුත් නිර්මාණ ගොන්නකුත් එක්ක හමුවෙමු....
මම  අළුත උපන් එකා..
:003: