Author Topic: තාල වර්ගයේ සිංහල බෞද්ධයෝ  (Read 1983 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Advertisement

Unicode Version:

තාල වර්ගයේ සිංහල බෞද්ධයෝ

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්‌ ලෙස හැඳින්වීම පිළිබඳ උරණ වන අය ද සිටිති. එහෙත් මේ රට සිංහල බෞද්ධ රටක්‌ ලෙස අපි හඳුන්වමු. ඒ අප තුළ තිබෙන කිසියම් ආගම්වාදී උමතුවක්‌ නිසා හෝ බෞද්ධ නොවන සිංහලයන් හෝ වෙනත් ජන වර්ග පිළිබඳව හෝ අසතුටකින් නොවන බව ද පැහැදිලිවම කිව යුතුය. ජාති, ආගම්, කුල භේද බුදුන්වහන්සේ ද ප්‍රතික්‍ෂේප කළ සේක. මිනිසකු වසලයකු වන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නොවන බව ද බුදුන්වහන්සේගේ ඉගැන්වීම විය. එමතු නොව උන්වහන්සේ ඒ බව පරමාදර්ශයෙන් ද තහවුරු කළ සේක.

බුදුන්වහන්සේ ජීවත් වූ භාරතීය සමාජය උග්‍ර කුලභේදයකින් පිරී තිබුණි. කුලීනයන් හා කුලහීනයන් අතර දැඩි පරතරයක්‌ ද දක්‌නට ලැබුණි. එහෙත් බුදු සසුන තුළ ඒ කුලවාදය ප්‍රතික්‍ෂේප විය.

අප මේ කරුණු කීපය සඳහන් කළේ සිංහල බෞද්ධ යෑයි කී පමණින්ම නොදිරවන පිරිස්‌ ද අප අතරම සිටිතැයි දත් හෙයිනි. අප සඳහන් කරන මේ සිංහල බෞද්ධ සමාජයටත් සිංහල බෞද්ධ සංස්‌කෘතියටත් ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එහෙත් ඒ ඉතිහාස මාවත දිගේ පැමිණ සිංහල බෞද්ධයා අද රැඳී සිටින්නේ කොතැනද? ඔහු හෝ ඇය ඒ සිංහල බෞද්ධ සංස්‌කෘතිය විසින් හික්‌මවන ලද මනසකින් හෝ පිළිවෙත්වලින් හෝ යුක්‌ත වන්නේද?

සංස්‌කෘතිය යනු කාලය හා අවකාශය අනුව වෙනස්‌ වෙමින් අඛණ්‌ඩව ගලා යන්නකි. එහෙත් කිසි විටක කවර සංස්‌කෘතියක වුවද මුල් හරය වෙනස්‌ නොවේ. බුදුන්වහන්සේ ජීවමානව වැඩ විසූ යුගයත් අදත් අහසට පොළව මෙන්ය. එදා වැඩ විසූ භික්‍ෂූන්වහන්සේ මෙන්ම බෞද්ධයා ද අද නොමැති විය හැකිය. එහෙත් මේ කොටස්‌ දෙක වෙනස්‌ වී ඇති ආකාරය පිළිබඳ විවිධ විවේචන ද තිබේ.

භික්‍ෂුවගේ උරුමය හා කාර්යභාරය කුමක්‌ද යන්නට අද විවිධ පිළිතුරු ලැබිය හැකිය. එහෙත් භික්‍ෂු ජීවිතය සරල හා චාම් එකක්‌ බව ද එහි පදනම අනිත්‍ය ධර්මතාව අනුව සැකසුණු අධ්‍යාත්මික ජීවන චර්යාවන් ඔස්‌සේ යන්නක්‌ බව ද පිළිගනු ලැබේ. එහෙත් නූතන සමාජය තුළ භික්‍ෂුව හා භික්‍ෂු සමාජය විවේචනවලට ලක්‌වන බව ද පෙනේ.

කෙසේ හෝ අපගේ අරමුණු භික්‍ෂුව හෝ භික්‍ෂු සමාජය පිළිබඳව විමසා බැලීම නොවේ. අපගේ අවධානය අප විසින් සඳහන් කරන ලද එකී සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන්a පෝෂණය වූ සිංහල සමාජයයි. මේ සමාජය නවීන සංස්‌කෘතික කුණාටුවලින් ප්‍රකම්පිත එකක්‌ බව බොහෝ විට කියනු ඇසෙයි. නවීනත්වය මගින් හකුලන ලද ලොවක ජීවත් වන පුද්ගලයා එම ලෝක සමාජය සමඟ ගැටෙමින් ද ඒ පිළිබඳව විමසමින් ද සිටින්නකු බව ද කියති. ඒ පිළිsබඳ අපට විවේචනයක්‌ නැත. එහෙත් අද අප ජීවත්වන සමාජය තුළ සිටින සිංහල බෞද්ධයා කුහකයකු නැතහොත් වංචනිකයකු යෑයි කිවහොත් ඔබ එයට එකඟ වන්නෙහිද?

සැබැවින්ම අද සමාජය තුළ බොහෝ විට අප දකින්නේ සිංහල බෞද්ධ ලේබලය පමණි. සිංහල බෞද්ධ සංස්‌කෘතික අධ්‍යාත්මයෙන් හිස්‌ වූ ඔවුහු තාල වර්ගයේ සිංහල බෞද්ධයෝ නොවෙත්ද? ඔවුහු බෞද්ධ සාරධර්ම රකින්නෝ වෙත්ද? සාරධර්ම යනු සිංහල බෞද්ධ සමාජයට සුවිශේෂ දෙයකි. සිංහල බෞද්ධයෝ අනාදිමත් කාලයක සිටම එම සාරධර්ම රැක ගත්හ. එය ප්‍රදර්ශන විලාසිතාවක්‌ නොවූ හෘදයසාක්‍ෂියට එකඟව නොසිඳී නොබිඳී ගලා ආ එකක්‌ බව ද අපගේ හැඟීමයි.

අද දවසේත් සිංහල බෞද්ධ සමාජය තුළ සාරධර්ම සුරකින මෙන්ම සුසිරිත් වඩන ස්‌වල්ප දෙනෙක්‌ හෝ සිටිති. එහෙත් බහුතරය පිළිබඳ කිව හැක්‌කේ කුමක්‌ද? අද බොහෝ දෙනෙක්‌ හුරු වී සිටින්නේ ද පිළිවෙත් පූජාවට නොව ආමිස පූජාවටය. ආමිස පූජාව නොමැනවැයි කිව නොහැක. එහෙත් අද මේ සමාජ අර්බුදය විස¹ගත හැක්‌කේ ප්‍රතිපත්තිගරුක සමාජයක්‌ බිහි කර ගැනීමෙන් පමණි.

ප්‍රතිපත්ති යනු දේශනා කිරීමෙන් පමණක්‌ම සුරැකෙන්නක්‌ නොවේ. ප්‍රතිපත්ති ගරුක වීම සුචරිතවත් සමාජයකට අත්‍යවශ්‍ය වන්නකි. සිංහල බෞද්ධයා සිරිත් විරිත් යනුවෙන් හඳුන්වන්නේ කළ යුතු යහපත් දේ හා නොකළ යුතු හෙවත් වැළකිය යුතු දේවල්ය. මේ සිරිත් විරිත් එක්‌ පැත්තකින් සාරධර්ම සමඟ ද බැඳෙයි.

සිංහල බෞද්ධ සමාජය පන්සිල් මත පදනම් වූවකි. ඉතා සරල පිළිවෙත් පහක්‌ ලෙස හැඳින්වෙන මෙම කරුණුවලින් කීයක්‌ අද සමාජය තුළ දැක ගත හැකිද? සත්‍යය අසත්‍යයෙන් යටපත් වී තිබේ. ප්‍රාණඝාතය හෙවත් පරපණ නැසීම වෘත්තියක්‌ වී තිබේ. කුලී ඝාතකයෝ මෙන්ම පාතාලයෝ නොවෙත්ද?

අනුන් සතු දේ උදුරා ගැනීම මෙන්ම පොදු ජන දේපොල සොරා ගැනීම අද සුලභය. ජාතික ධනය වනසන සුදු රෙදි සොරු හාත්පස සරති. කාමභෝගී ජීවිතවලට හුරු වූ සල්ලාලයන්ගේ ගැහැට විඳින යුවතියෝ පමණක්‌ නොව මව්වරුද සිsටිති. කුමරි බඹසර බිළිගන්නා ධනීහු නොවෙත්ද? මේ සියලු දුසිරිත් වසා ගංවතුරක්‌ මෙන් පැතිර තිබෙන්නේ සුරාව හා වෙනත් මත්කුඩු වර්ගයන්ය.

සමාජ විරෝධී මත් වෙළෙ¹ම බරපතල ලෙස පැතිර ගොස්‌ තිබේ. බලපත්‍ර ලද සුරාසල් තරමටම හොර සුරාසල් තිබේ. මෙබඳු සුරාසලක්‌ නැති නගරයක්‌ ගමක්‌ නැති තරම්ය. සුපිරි වෙළෙඳසල්වල ද මත්වතුර බෝතල් තට්‌ටු තට්‌ටු අසුරා තිබෙනු පෙනේ. වසරකට මේ රටේ මිනිසුන් විසින්ම පානය කරනු ලබන අරක්‌කු වැනි බීම ප්‍රමාණය ලීටර් දහස්‌ ගණනකි.

මේ මත් වතුර පානය නිසා කළහකාරයෝ වැඩෙති. ඔවුහු ගෙවල්වලට ගොස්‌ දබර කරති. දරුවන්ට තලති. බිරිඳට පහර දෙති ගෙයි බඩු මුට්‌ටු පවා විනාශ කරති. එපමණක්‌ ද? මේ රටේ වැඩිම මත්පැන් අලෙවියක්‌ සිදුවන්නේ කවර දිනකට දැයි ඔබ දන්නෙහිද? පොහෝ දිනයට පෙර දිනය මත්පැන් බහුලව විකිණෙන බව කියති. හේතුව කුමක්‌ද?

පොහෝ දිනය සුරාසල් වසා තැබෙන හෙයින් මත්ලෝලියා කල්වේලා ඇතිවම තමන්ට වුවමනා බෝතල් ගබඩා කළ යුතුවේ. එනිසා හේ නොවරදවාම පොහෝ දිනයට පෙරදින මත් බෝතලයක්‌ රැගෙන ඒම සඳහා පෝලිමට එක්‌වෙයි. පෝදිනට පෙර දින "වයින් ස්‌ටෝර්ස්‌" නමින් හැඳින්වෙන ඒ අදැහැමි වෙළෙඳපොළවල් ඉදිරිපිට පෝලිම් දිගට තිබෙනු ඔබත් දැක තිබිය යුතුය.

මෙතැනදී තවත් වරදක්‌ වේ. එනම් ආත්ම වංචනිකයකු වීමයි. පෝය දිනයටවත් මේ අශිෂ්ට ඇබ්බැහිකමෙන් මිදීමට තරම් මානසික ශක්‌තියක්‌ නැති වීමය. අද බෝතලය හැම සමාජ කොටසක්‌ තුළම ව්‍යාප්ත වූ පිළිලයකි. ගෙදර කෙරෙන පින්කමකදීත් මේ බෝතල් පාටිය අත් හැරීමට බැරිය.

සමහර කාලකන්නියෝ මත්වතුර බෝතල පිරිත් වතුර ලෙසද හඳුන්වති. අපි නම් මත්පැන් යන යෙදුමද නොඉවසමු. පැන් යනු බෞද්ධ සංස්‌කෘතියේ විශිෂ්ට භාවිතයකි. පැන් වැඩීම මෙන්ම පැනින් කෙරෙන දෝවනය එහි අගනා පිළිවෙත් දෙකකි. එබඳු පැන් යන්න "මත්පැන්" නමැති දහජරාව සඳහා යෙදීමද නොමැනවි.

මතට තිත නමින් ඉතා වටිනා ව්‍යාපෘතියක්‌ සමාජගත කර තිබේ. එහෙත් මත්වතුර අලෙවි කිරීමට තිබෙන අවස්‌ථා අඩු වී නැත. දේශපාලන සාදවලදී පවා මත්වතුර වුවමනාය. සංචාරකයන්ට අවන්හල් නැතිව බැරි යෑයි කියන්නෝද සිටිති. එහෙත් මේ අවන්හල් වැඩි හරිය එබඳු සංචාරකයන්ට නොව මේ රටේ ජනයා ඉලක්‌ක කළ ඒවා බව පෙනේ.

අද අප ඉදිරියේ ඇත්තේ සුසිරිත් වඩන සමාජයක්‌ නොවේ. එහි වැඩියෙන්ම ඇත්තේ දුසිරිතය. දුසිරිත් වැඩීමට දෙන අනුබල ද බොහෝය. සාරධර්ම බිඳ වැටුණු අවිචාරවත් සමාජයක අනතුරට වැටී සිටියත් අපට එය හුරු වී තිබේ. ඉන් මිදීමට හෝ ගැලවීමට අපට වුවමනාවක්‌ද නැත. එහෙත් පින්කම්, පෙරහැරවල් කොපමණ සිදුවේද, දන්සල්, තොරණ හා එබඳු ප්‍රදර්ශන අඩුවක්‌ තිබේද?

ලොව පවතින්නේ හිරි ඔතප් හෙවත් ලැඡ්ජා බය යන ධර්මතා නිසාය. පව යනු අපරාධයට ඇති බියයි. පවට බිය නැතිවීම එඩිතර කමක්‌ නොවේ. සමාජ සම්මතය බිඳ දැමීම වීරත්වය ලෙස සළකන ගැටවරයෝද සිටිති. එහෙත් ඔවුහු සමාජ සාධු ධර්ම නොදත් මුග්ධයෝය, ඉන්ද්‍රිය සංවරය සීලයකි. එහෙත් මේ සීලය බිඳ විලාසිතා කිරීම අද ජනප්‍රිය දෙයකි.

ඇඳුම, පැළඳුම, කෑම, බීම, ඉඳීම මේ හැම දෙයක්‌ම සංස්‌කෘතියේ ඇතුළත් අංග බව ඇත්තය. එහෙත් ඒවායේදී දෙගොඩ තලා යන ගංවතුරක්‌ සේ සංස්‌කෘතික ඉවුරු බිඳ ගෙන යැමක්‌a අද දැක ගත හැකිය. නව යොවුන් ලියන් අඩ නිරුවත් විලාසයෙන් එවන අම්මලා සිටිති. රූපවාහිනි වැනි මාධ්‍ය ඔස්‌සේද එබඳු නොහොබිනා ඇඳුම් විලාසිතා පෙන්වන මරඟන දූලා සිටිති. ඇඳුමෙහි ඇති ඔබින බව විනාශ වී ගිය විට එය ඔබින්නේ නැති හෙවත් නොහොබිනා එකක්‌ වේ.

අද අප මේ හැම දෙයක්‌ පිළිබඳවම සැලකිළිමත් විය යුතුය. අපට නවීන ලෝකය සමග තිබෙන සබඳතා අත්හැර දැමිය නොහැක. එහෙත් නවීනත්වය සංස්‌කෘතිය වසන සංකර ඇඳුමක්‌ නොවේ. එය නිසි පමණට ආදේශ කර ගත යුත්තකි.

මේවා සුරැකීමට සංස්‌කෘතික පොලිසියක්‌ අවශ්‍ය නැත. තමා විසින්ම පමුණුවා දත යුතු දේවල්ය. උචිත අනුචිත බව තමන් විසින්ම දැන ගත යුත්තකි.

සිංහල බෞද්ධයා ප්‍රදර්ශන බෞද්ධයකු විය යුතු නැත. සංස්‌කෘතික මුල් සිඳ ගත් සමාජයකින් නවීනත්වයක්‌ පිළිබිඹු නොවේ. එහි ඇත්තේ විකෘතියක්‌ පමණි. සාරය හා අසාරය වෙන වෙනම හඳුනා ගැනීම අද අවශ්‍යම දෙයයි. අසත්‍යයෙන් සත්‍යය බේරා ගැනීම අද මූලිකම දෙයයි. ඒ සඳහා සමාජයේම අවධානය යොමු විය යුතුය. නැත්නම් මේ තාල වර්ගයේ සිංහල බෞද්ධයන්ගෙන් සමාජයට හෝ රටට යහපතක්‌ සිදු නොවේ.

- ජී. ඇස්‌.




Source:
Divaina (28/04/2010)




w`l [email protected]~ sQAhl @b_q~{@y`~

XYW lAk`v sQAhl @b_q~{ rtk~‌ @ls h#[Qn~vWm pQLQb[ urN vn ay q sQtQwQ. [email protected]~ @m| rt sQAhl @b_q~{ rtk~‌ @ls apQ h[En~vmE. e~ ap wOL [email protected] kQsQym| a`gm|v`qW umwOvk~‌ nQs` @h`~ @b_q~{ @n`vn sQAhlyn~ @h`~ @vnw~ jn vr~g pQLQb[v @h`~ aswOtkQn~ @n`vn bv q p#h#qQlQvm kQv yEwOy. j`wQ, a`gm|, kOl @x~q [email protected]~ q pYwQk~‍@;~p kL @s~k. mQnQskO vslykO [email protected]~ kYQy`@vn~ mQs upwQn~ @n`vn bv q [email protected][email protected]~ ig#n~vWm vQy. emwO @n`v [email protected]~ e~ bv prm`[email protected]~ q whvEr# kL @s~k.

[email protected]~ jWvw~ vR x`rwWy sm`jy ugY [email protected]~qykQn~ pQrW wQbENQ. kOlWnyn~ h` kOlhWnyn~ awr q#dQ prwryk~‌ q qk~‌nt l#bENQ. [email protected]~ bEqE ssEn wOL e~ kOlv`qy pYwQk~‍@;~p vQy.

ap @m| kr#NE kWpy s[hn~ [email protected]~ sQAhl @b_q~{ y$yQ kW pmNQn~m @n`qQrvn pQrQs~‌ q ap awrm sQtQw#yQ qw~ @hyQnQ. ap s[hn~ krn @m| sQAhl @b_q~{ sm`jytw~ sQAhl @b_q~{ sAs~‌k^wQytw~ a#[email protected]~ qWr~G iwQh`sykQ. [email protected]~ e~ iwQh`s m`vw [email protected]~ p#mQN sQAhl @b_q~{y` aq rF[W [email protected]~ @k`w#nq? ohE @h`~ a#y e~ sQAhl @b_q~{ sAs~‌k^wQy vQsQn~ hQk~‌mvn lq mnskQn~ @h`~ [email protected]~vlQn~ @h`~ yEk~‌w [email protected]~q?

sAs~‌k^wQy ynE k`ly h` avk`Xy anEv @vns~‌ @vmQn~ aKN~‌dv gl` yn~nkQ. [email protected]~ kQsQ vQtk kvr sAs~‌k^wQyk vEvq mEl~ hry @vns~‌ @n`@v|. [email protected]~ jWvm`nv v#d vQsR yEgyw~ aqw~ ahst @p`Lv @mn~y. eq` v#d vQsR xQk~‍;[email protected]~ @mn~m @b_q~{y` q aq @n`m#wQ vQy h#kQy. [email protected]~ @m| @k`ts~‌ @qk @vns~‌ vW a#wQ a`k`ry pQLQb[ vQvQ{ [email protected]|cn q [email protected]|.

xQk~‍;[email protected]~ ur#my h` k`r~yx`ry kOmk~‌q yn~nt aq vQvQ{ pQLQwOr# l#bQy h#kQy. [email protected]~ xQk~‍;E jWvQwy srl h` c`m| ekk~‌ bv q ehQ pqnm anQw& {r~mw`v anEv s#ksENE a{&`w~mQk jWvn cr~y`vn~ os~‌@s~ yn~nk~‌ bv q pQLQgnE l#@b|. [email protected]~ nRwn sm`jy wOL xQk~‍;Ev h` xQk~‍;E sm`jy [email protected]|cnvlt lk~‌vn bv q @[email protected]~.

@[email protected]~ @h`~ [email protected]~ armENE xQk~‍;Ev @h`~ xQk~‍;E sm`jy pQLQb[v vQms` b#lWm @n`@v|. [email protected]~ av{`ny ap vQsQn~ s[hn~ krn lq ekW sQAhl @b_q~{ sAs~‌k^[email protected]~a @p`~;Ny vR sQAhl sm`jyyQ. @m| sm`jy nvWn sAs~‌k^wQk kON`tEvlQn~ pYkm|pQw ekk~‌ bv @b`@h`~ vQt kQynE a#@syQ. nvWnw~vy mgQn~ hkOln lq @l`vk jWvw~ vn pEq~gly` em @l`~k sm`jy smM g#@tmQn~ q e~ pQLQb[v vQmsmQn~ q sQtQn~nkO bv q kQywQ. e~ pQLQsb[ apt [email protected]|cnyk~‌ n#w. [email protected]~ aq ap jWvw~vn sm`jy wOL sQtQn sQAhl @b_q~{y` kOhkykO n#[email protected]`w~ vAcnQkykO y$yQ [email protected]`w~ ob eyt ekM [email protected]?

s#b#vQn~m aq sm`jy wOL @b`@h`~ vQt ap [email protected]~ sQAhl @b_q~{ @l~bly pmNQ. sQAhl @b_q~{ sAs~‌k^wQk a{&`[email protected]~ hQs~‌ vR ovEhE w`l [email protected]~ sQAhl @b_q~{@y`~ @n`@vw~q? ovEhE @b_q~{ s`r{r~m [email protected]`~ @vw~q? s`r{r~m ynE sQAhl @b_q~{ sm`jyt [email protected]~; @qykQ. sQAhl @b_q~{@y`~ an`qQmw~ k`lyk sQtm em s`r{r~m rFk gw~h. ey pYqr~Xn vQl`sQw`vk~‌ @n`vR h^qys`k~‍;Qyt ekMv @n`sQ[W @n`bQ[W gl` a` ekk~‌ bv q [email protected]~ h#MWmyQ.

aq [email protected]~w~ sQAhl @b_q~{ sm`jy wOL s`r{r~m sErkQn @mn~m sEsQrQw~ vdn s~‌vl~p @[email protected]~‌ @h`~ sQtQwQ. [email protected]~ bhEwry pQLQb[ kQv h#k~‌@k~ kOmk~‌q? aq @b`@h`~ @[email protected]~‌ hEr# vW [email protected]~ q [email protected]~ pRj`vt @n`v a`mQs pRj`vty. a`mQs pRj`v @n`m#nv#yQ kQv @n`h#k. [email protected]~ aq @m| sm`j ar~bEqy vQs¹gw h#k~‌@k~ pYwQpw~wQgr#k sm`jyk~‌ bQhQ kr g#[email protected]~ pmNQ.

pYwQpw~wQ ynE @q~Xn` [email protected]~ pmNk~‌m [email protected]~nk~‌ @n`@v|. pYwQpw~wQ gr#k vWm sEcrQwvw~ sm`jykt aw&vX& vn~nkQ. sQAhl @b_q~{y` sQrQw~ vQrQw~ [email protected]~ h[[email protected]~ kL yEwO yhpw~ @q~ h` @n`kL yEwO @hvw~ v#LkQy yEwO @q~vl~y. @m| sQrQw~ vQrQw~ ek~‌ p#w~wkQn~ s`r{r~m smM q b#@[yQ.

sQAhl @b_q~{ sm`jy pn~sQl~ mw pqnm| vRvkQ. iw` srl [email protected]~ phk~‌ @ls h#[[email protected] @mm kr#NEvlQn~ kWyk~‌ aq sm`jy wOL q#k gw h#kQq? sw&y asw&@yn~ ytpw~ vW [email protected]|. pY`NG`wy @hvw~ prpN n#sWm v^w~wQyk~‌ vW [email protected]|. kOlW G`[email protected]`~ @mn~m p`w`[email protected]`~ @n`@vw~q?

anEn~ swO @q~ uqEr` g#nWm @mn~m @p`qE jn @[email protected]`l @s`r` g#nWm aq sElxy. j`wQk {ny vnsn sEqE @rqQ @s`r# h`w~ps srwQ. k`[email protected]`~gW jWvQwvlt hEr# vR sl~l`[email protected]~ g#h#t vQ[Qn [email protected]`~ pmNk~‌ @n`v mv|vr#q sQstQwQ. kOmrQ bBsr bQLQgn~n` {nWhE @n`@vw~q? @m| sQylE qEsQrQw~ vs` gAvwOrk~‌ @mn~ p#wQr [email protected][email protected]~ sEr`v h` @vnw~ mw~kOdE vr~gyn~y.

sm`j [email protected]`~{W mw~ @[email protected]¹m brpwl @ls p#wQr @g`s~‌ [email protected]|. blpwY lq sEr`sl~ wrmtm @h`r sEr`sl~ [email protected]|. @mb[E sEr`slk~‌ n#wQ ngryk~‌ gmk~‌ n#wQ wrm|y. sEpQrQ @[email protected][sl~vl q mw~vwOr @b`~wl~ wt|‌tE wt|‌tE asEr` [email protected] @[email protected]~. vsrkt @m| [email protected]| mQnQsEn~ vQsQn~m p`ny krnE lbn ark~‌kO v#nQ bWm pYm`Ny lWtr~ qhs~‌ gNnkQ.

@m| mw~ vwOr p`ny nQs` kLhk`[email protected]`~ v#@dwQ. ovEhE @gvl~vlt @g`s~‌ qbr krwQ. qr#vn~t wlwQ. bQrQ[t phr @qwQ @gyQ bdE mEt|‌tE pv` vQn`X krwQ. epmNk~‌ q? @m| [email protected]| v#dQm mw~p#n~ [email protected]~‌ [email protected]~ kvr qQnkt q#yQ ob [email protected]? @p`@h`~ qQnyt @pr qQny mw~p#n~ bhElv [email protected] bv kQywQ. @h~wOv kOmk~‌q?

@p`@h`~ qQny sEr`sl~ vs` w#@bn @hyQn~ [email protected]`~lQy` [email protected]|l` a#wQvm wmn~t vEvmn` @b`~wl~ gbd` kL [email protected]|. enQs` @h~ @n`vrqv`m @p`@h`~ qQnyt @prqQn mw~ @b`~wlyk~‌ [email protected] e~m s[h` @p`~lQmt ek~‌@vyQ. @p`~qQnt @pr qQn "vyQn~ s~‌@t`~r~s~‌" nmQn~ h#[[email protected] e~ aq#h#mQ @[email protected][@p`Lvl~ iqQrQpQt @p`~lQm| qQgt [email protected] obw~ q#k wQbQy yEwOy.

@mw#nqW wvw~ vrqk~‌ @v|. enm| a`w~m vAcnQkykO vWmyQ. @p`~y qQnytvw~ @m| aXQ;~t a#b|b#[email protected]~ mQqWmt wrm| m`nsQk Xk~‌wQyk~‌ n#wQ vWmy. aq @b`~wly h#m sm`j @k`tsk~‌ wOLm v&`p~w vR pQLQlykQ. @gqr @[email protected] pQn~kmkqWw~ @m| @b`~wl~ p`tQy aw~ h#rWmt b#rQy.

smhr k`[email protected]`~ mw~vwOr @b`~wl pQrQw~ vwOr @lsq h[En~vwQ. apQ nm| mw~p#n~ yn @yqEmq @n`ivsmE. p#n~ ynE @b_q~{ sAs~‌k^[email protected]~ vQXQ;~t x`vQwykQ. p#n~ v#dWm @mn~m p#nQn~ @[email protected] @q`~vny ehQ agn` [email protected]~ @qkkQ. eb[E p#n~ yn~n "mw~p#n~" nm#wQ qhjr`v s[h` @yqWmq @n`m#nvQ.

mwt wQw nmQn~ iw` vtQn` v&`p^wQyk~‌ sm`jgw kr [email protected]|. [email protected]~ mw~vwOr [email protected] kQrWmt [email protected] avs~‌}` adE vW n#w. @q~Xp`ln s`qvlqW pv` mw~vwOr vEvmn`y. sAc`rkyn~t avn~hl~ n#wQv b#rQ y$yQ [email protected]`~q sQtQwQ. [email protected]~ @m| avn~hl~ v#dQ hrQy eb[E sAc`rkyn~t @n`v @m| [email protected]| jny` ilk~‌k kL e~v` bv @[email protected]~.

aq ap [email protected]~ a#[email protected]~ sEsQrQw~ vdn sm`jyk~‌ @n`@v|. ehQ v#[email protected]~m a#[email protected]~ qEsQrQwy. qEsQrQw~ v#dWmt @qn anEbl q @b`@h`~y. s`r{r~m bQ[ v#tENE avQc`rvw~ sm`jyk anwOrt v#tW sQtQyw~ apt ey hEr# vW [email protected]|. in~ mQqWmt @h`~ g#lvWmt apt vEvmn`vk~‌q n#w. [email protected]~ pQn~km|, @prh#rvl~ @k`pmN [email protected]|q, qn~sl~, @w`rN h` eb[E pYqr~Xn adEvk~‌ [email protected]|q?

@l`v [email protected]~ hQrQ owp~ @hvw~ l#C~j` by yn {r~mw` nQs`y. pv ynE apr`{yt a#wQ bQyyQ. pvt bQy n#wQvWm edQwr kmk~‌ @n`@v|. sm`j sm|mwy bQ[ q#mWm vWrw~vy @ls sLkn g#[email protected]`~q sQtQwQ. [email protected]~ ovEhE sm`j s`{E {r~m @n`qw~ mEg~{@y`~y, in~qYQy sAvry sWlykQ. [email protected]~ @m| sWly bQ[ vQl`sQw` kQrWm aq jnpYQy @qykQ.

a#[Em, p#L[Em, k$m, bWm, i[Wm @m| h#m @qyk~‌m sAs~‌k^[email protected]~ a#wOLw~ aAg bv a#w~wy. [email protected]~ e~v`@y~qW @[email protected]`d wl` yn gAvwOrk~‌ @s~ sAs~‌k^wQk ivEr# bQ[ @gn y#mk~‌a aq q#k gw h#kQy. nv @y`vEn~ lQyn~ ad nQr#vw~ vQl`[email protected]~ evn am|ml` sQtQwQ. r$pv`hQnQ v#nQ m`{& os~‌@s~q eb[E @n`@h`bQn` a#[Em| vQl`sQw` @pn~vn mrMn qRl` sQtQwQ. a#[[email protected] a#wQ obQn bv vQn`X vW gQy vQt ey [email protected]~ n#wQ @hvw~ @n`@h`bQn` ekk~‌ @v|.

aq ap @m| h#m @qyk~‌ pQLQb[vm s#lkQLQmw~ vQy yEwOy. apt nvWn @l`~ky smg [email protected] sb[w` aw~h#r q#mQy @n`h#k. [email protected]~ nvWnw~vy sAs~‌k^wQy vsn sAkr a#[Emk~‌ @n`@v|. ey nQsQ pmNt a`@q~X kr gw yEw~wkQ.

@m|v` sErFkWmt sAs~‌k^wQk @p`lQsQyk~‌ avX& n#w. wm` vQsQn~m pmENEv` qw yEwO @q~vl~y. ucQw anEcQw bv wmn~ vQsQn~m q#n gw yEw~wkQ.

sQAhl @b_q~{y` pYqr~Xn @b_q~{ykO vQy yEwO n#w. sAs~‌k^wQk mEl~ sQ[ gw~ sm`jykQn~ nvWnw~vyk~‌ pQLQbQBE @n`@v|. ehQ a#[email protected]~ vQk^wQyk~‌ pmNQ. s`ry h` as`ry @vn @vnm h[En` g#nWm aq avX&m @qyyQ. asw&@yn~ sw&y @b|r` g#nWm aq mRlQkm @qyyQ. e~ s[h` sm`[email protected]~m av{`ny @y`mE vQy yEwOy. n#w~nm| @m| w`l [email protected]~ sQAhl @b_q~{[email protected]~ sm`jyt @h`~ rtt yhpwk~‌ sQqE @n`@v|.

- jW. a#s~‌.




Source:
Divaina (28/04/2010)

« Last Edit: April 28, 2010, 03:49:52 PM by WEBMASTER® »
I'm on the way..