Author Topic: ශ්‍රී ලංකා ගුවන් හමුදාව 59 වැනි සංවත්සරය සමර&  (Read 2794 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Advertisement


දෙවන ලෝක යුද සමය තුළදී ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවක්‌ හෝ ගුවන් ආරක්‌ෂණ පද්ධතියක්‌ නොතිබීම ගැන ශ්‍රී ලංකාව තම රාජකාරි වාසස්‌ථානය කරගත් පෙරදිග ආසියා කලාපයට අණ දුන් ශ්‍රීමත් ජෙෆ්රි ලේටන් හට තදින්ම දැනෙන්නට විය. එවකට ආරක්‌ෂක හා විදේශ අමාත්‍යවරයාගේ ලේකම් ආර්. ජී. සේනානායක මහතා පාර්ලිමේන්තුවට 1949 දී ඉදිරිපත් කළ පනත ආණ්‌ඩුකාර සොල්බරි සාමිවරයා අනුමත කිරීමෙන් පසු 1951 මාර්තු මස දෙවන දින "රාජකීය ලංකා ගුවන් හමුදාව" අප රටට තිළිණ විය.

ගෲප් කපිතාන් ජී. සී. බ්ලේඩන් යටතේ ඇරැඹි රාජකීය ලංකා ගුවන් හමුදාව කෙටි කාලයක්‌ තුළදී චිප්මන්ක්‌ බැලියොල් (01 බලඝණය) ඔක්‌ස්‌ෆර්ඩ් ඩී හැචිලන් හෙරෝන්, ඩී. හැචිලන් ඩෝවි, පයිනියර් යන ගුවන් යානාවලින්ද, ඩ්‍රැගන් ෆ්ලයි හෙළිකොප්ටර්වලින්ද (02 බලඝණය) සන්නද්ධ විය. පළවන බලඝනය මගින් නියමුවන් පුහුණු කිරීම මූලිකව සිදු කෙරුණු අතර ප්‍රවාහන කටයුතු හා නිරීක්‌ෂණ කටයුතු අංක දෙක බලගණය සතුවූ මූලික වගකීම් විය.

1958 සිට 1962 දක්‌වා එයාර් වයිස්‌ මාර්ෂල් ඡේ. එල්. බාකර් ගුවන් හමුදාපතිතුමන් යටතේ අප පිරිස්‌ බලය 840 සිට 1240 දක්‌වා වර්ධනය විය.

1959 දී රාජකීය ලංකා ගුවන් හමුදාව ප්‍රථම වරට ප්‍රහාරක ප්‍රොaවෝස්‌ට්‌ ජෙට්‌ යානා මගින් සන්නද්ධ විය. 1960 වන විට පළමුවන බලඝණය චිප්මන්ක්‌ ගුවන් යානා හා ජෙට්‌ යානා වලින්ද දෙවන බලඝණය ඩව්, හෙරන්, පයිනියර් ගුවන් යානා හා ඩ්‍රැගන් ෆ්ලයි එස්‌ 51 හෙළිකොප්ටර් යානයකින්ද සමන්විත විය.

රාජකීය ලංකා ගුවන් හමුදාවට පත්වුණු පළමු ශ්‍රී ලාංකික ගුවන් හමුදාපති වූ එයාර් වයිස්‌ මාර්ෂල් ඊ. ආර්. අමරසේකර 1962 සිට 1972 දක්‌වා කාලය තුළ ගුවන් හමුදාව මෙහෙයවනු ලැබීය. 1968 දී බෙල් ජෙට්‌ රේන්ජර් හෙළිකොප්ටර් යානා තුනක්‌ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා ලදී.

රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භයේ සිටම ගුවන් හමුදාව ප්‍රයෝජනයට ගත් 1969 දී ඩ්‍රැගන් ෆ්ලයි හෙළිකොප්ටර් හා චිප්මන්ක්‌ ගුවන් යානා භාවිතයෙන් ඉවත් කරන ලදී. 1963 දී ගුවන් පුහුණු පාසල කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට චීන වරාය ගුවන් හමුදා කඳවුරට අනුයුක්‌ත කරන ලදී. 1966 වන විට අප පිරිස්‌ බලය ශ්‍රී ලාංකිකයන් ගෙන් පමණක්‌ සමන්විත විය.

1971 සිට 1976 කාලය තුළදී ගුවන් හමුදාපති ධුරය හෙබවූයේ පී. එච්. මෙන්ඩිස්‌ විසිනි. 1971 අප්‍රේල් 05 දා රාත්‍රිය අපට අමතක නොවන එකක්‌ විය. ඒ වැල්ලවායට එල්ල වූ කැරැළි කරුවන්ගේ ප්‍රහාරයි. 1971 මාර්තු 15 දින රාජකීය ගුවන් හමුදා භූමි මෙහෙයුම් හා නවක පුහුණු කිරීමේ ඒකකයක්‌ ඇති කරන ලදී. ඒ සමගම 1971 දී ඇතිවූ

කැරැල්ල මැඩලීමට අපද සිය දායකත්වය උපරිමයෙන් ලබාදුනි. 1971 අප්‍රේල් 17 වන දින මහා බ්‍රිතාන්‍යයේ රාජකීය ගුවන් හමුදාව හරහා අපට බබල් නමින් හඳුන්වන බෙල් 47 ජී හෙළිකොප්ටර් යානා 6 ක්‌ ලබාදෙන ලදී. තවද 1971 අප්‍රේල් 22 දා රුසියාවේ නිෂ්පාදිත කමෝවි කේ.ඒ. 26 හෙළිකොප්ටර්ද ප්‍රථම වරට මිග් යානාද ලබා ගන්නා ලදී. ප්‍රථම වරට ලබා ගත් මෙම යානා යොදා ගනිමින් එවකට පැවති කැරැලි උවදුර මැඩලීමට ගුවන් හමුදාව සටන් බිමට අවතීර්ණ විය. 1972 දී හෙලි ටුවර්ස්‌ ආරම්භයත් සමගම අප සිවිල් ගුවන් සේවාවන්ටද දායක විය.

1975 වන විට අප ප්‍රධාන බලඝණ 6 කින් සමන්විත විය. 1976 මාර්තු මස 31 දා අප ගුවන් හමුදාවට වසර 25 ක්‌ සපිරෙන අවස්‌ථාවේදී එතෙක්‌ කරන ලද විශිෂ්ට සේවය අගය කරමින් ජනාධිපති වර්ණයෙන් පිදුම් ලැබීය. 1976 නොවැම්බර් 01 දින එයාර් වයිස්‌ මාර්ෂල් පී. මෙන්ඩිස්‌ මහතා එම ධුරයෙන් සමුගන්නා විට අප පිරිස්‌ 1400 සිට 3100 දක්‌වා සියයට 150 කින් පමණ වර්ධනය වී තිබිණ.

ඉන්පසු 1976 සිට 1981 කාලය තුළ ගුවන් හමුදාපති ධුරය හෙබවූයේ එයාර් වයිස්‌ මාර්ෂල් ඩබ්ලිව්. ඩී. ඒ. ගුණතිලකයන්ය. කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි සිසුවකු වූ එතුමා 1951 දී ගුවන් හමුදාවේ ප්‍රථම නිලධාරි පුහුණු කණ්‌ඩායමට පියාසර කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ඇතුළත් විය. එතුමා විප්මන්ක්‌ හා බැලියොල් ගුවන් යානා පුහුණුව වෙනුවෙන් 1954 දී සම්මානයටද පාත්‍ර විය. එතුමා හෙරොන් ගුවන් යානය මගින් මහා බ්‍රිතාන්‍යයටද පියාසර කොට නැවත පැමිණි අති දක්‌ෂ ගුවන් නියමුවකු වීමද විශේෂත්වයකි. එතුමාගේ කාලය තුළ ඩොෆින් එස්‌.ඒ. 165 සී හෙලිකොප්ටර් හා ඩැකෝටා ඩී සී 3 ගුවන් යානා අපට ලබාගත් අතර පැස්‌මනී ගුවන් යානය දේශීයව නිපදවීම ගුවන් හමුදාව සාර්ථකත්වය කරා රැගෙන ගියේය.

1981 සිට 1985 කාලය තුළ එයාර් වයිස්‌ මාර්ෂල් ඩී.සී. පෙරේරා මහතා ගුවන් හමුදාපති ධුරය හෙබවීය. 1982 දී එතුමා විශිෂ්ට සේවා විභූෂණයෙන් ද පිදුම් ලැබීය. ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කොග්ගල හා සීගිරිය ගුවන් හමුදා ඒකක ඔහුගේ කාලය තුළ බිහිවිය. මෙම වකවානුව අප දේශයේ ඉතිහාසයේ අති බිහිසුණුතම කාලයට මුල පිරීය. මෙතෙක්‌ සාමය භුක්‌ති විඳිමින් සිටි ගුවන් හමුදාව ක්‌ෂණයකින් වෘත්තීය නිපුනතාවකින් හෙබි සංග්‍රාමික ගුවන් සේනාවක්‌ බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය විය. මෙතුමාගේ කාලය තුළ බෙල් 212, බෙල් 412 හෙළිකොප්ටර්ද සියාමා ෂෙට්‌ටි, එස්‌.එෆ්. 260, සෙස්‌නා 337, ඇව්රෝ එච්.එස්‌. 748 හා බීච් කින්ග් ගුවන් යානා මගින් ද සන්නද්ධ විය.

1985 සිට 1990 දක්‌වා එයාර් චීෆ් මාර්ෂල් ඒ. ඩබ්. ප්‍රනාන්දු මහතා ගුවන් හමුදාපති ධුරය හෙබවීය. එතුමාගේ කාලය තුළ ත්‍රස්‌ත භීෂණය ආරම්භ වීමත් සමගම ඊට සරිලන ලෙස ගුවන් හමුදාව එම තර්ජනය මැඩලීමට ක්‌ෂණිකව හා උපක්‍රමිකව සන්නද්ධ විය. 1990 සිට 1994 තුළ එයාර් චීෆ් මාර්ෂල් එම්. එම්. ඡේ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා ගුවන් හමුදාපති ධුරය හෙබවීය. මෙතුමාගේ කාලය තුළ බෙල් 412, සියාමා චෙට්‌ටි හා චීනයේ නිෂ්පාදිත වයි 12 ගුවන් යානා ලබාගන්නා ලදී, 1981 දී චීනයේ නිෂ්පාදිත එෆ්.ටී. 05 පුහුණු ජෙට්‌ ගුවන් යානාද, එෆ්.ටී. 07 පුහුණු ගුවන් යානාද, චිෆ් 07 බී.එස්‌. ප්‍රහාරක ජෙට්‌ යානාද එක්‌වෙමින් ප්‍රහාරක මෙහෙයුම් වලටද දායක විය. 1993 දී ප්‍රථමවරට රුසියාවේ නිෂ්පාදිත එම්.අයි. 17 ප්‍රවාහන හෙළිකොප්ටර් යානා සිය සේවාවන් ලක්‌ අඹරේ ඇරැඹීය.

1994 සිට 1998 කාලය තුළ එයාර් චීෆ් මාර්ෂල් ඕ. එම්. රණසිංහ මහතා ගුවන් හමුදාපති ධුරය හෙබවීය. 1998 සිට 2002 දක්‌වා කාලය තුළ එයාර් චීෆ් මාර්ෂල් ඒ. ඡේ. වීරක්‌කොඩි මහතාත්. 2002 සිට 2006 දක්‌වා කාලය තුළ එයාර් චීෆ් මාර්ෂල් ජී. ඩී. පෙරේරා මහතාත් 2006 සිට මේ දක්‌වා ගුවන් හමුදාපති ධුරය එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් හොබවනු ලබයි.

අපේ ත්‍රිවිධ හමුදාවන් අතර වයසින් ළාබාලතම හමුදාව වන ගුවන් හමුදාව මේ ගෙවනුයේ 59 වැනි වසරයි. වත්මන් ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක 12 වන ගුවන් හමුදාපතිවරයායි. ඔහු 05 වන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් හැරී ගුණතිලක මහතාගේ පුතණුවන්ය. වත්මන් ගුවන් හමුදාපති තුමන්ගේ සොහොයුරු ගෲප් කපිතාන් ශිරන්ත ගුණතිලක මහතාගේ ගුවන් යානයට එල්ල වූ කොටි මිසයිල් ප්‍රහාරයක්‌ හේතුවෙන් දේශය වෙනුවෙන් දිවි පිදුවේය. එහෙයින් යුද්ධයේ කුරිරු බව ඉතා හොඳින් අවධාරණය කරගත් වත්මන් ගුවන් හමුදාපතිතුමාගේ නායකත්වය යටතේ ගුවන් හමුදාව අභිමානවත් ජයග්‍රහණ සම්භාරයක්‌ උදාකර ගත්තේය. කණ්‌ඩායමක්‌ ලෙස අධිෂ්ඨානය, කැපවීම, හැකියාව, තාක්‌ෂණය හා නායකත්වය එකට ගොනුකර ජයග්‍රහණයේ අරමුණු කරා ඉහළම චිත්ත ධෛර්යකින්, ඉහළ මානසිකත්වයකින් ඉදිරියට ගෙන යැම වත්මන් ගුවන් හමුදාපතිතුමාට හිමිවිය යුතු විශේෂ පැසසුමකි.

අනාගතයේ ඇති විය හැකි ඕනෑම අභියෝගයක්‌ වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙරට ඒමට ගුවන් හමුදාව නිබඳව බැඳී සිටියි.

එම්. ඩබ්ලිව්. සිල්වා






(Source: Divaina 02 03 2010)

« Last Edit: March 02, 2010, 07:23:50 PM by WEBMASTER® »
I'm on the way..