Author Topic: ~ ~ * අපේ ජනාධිපතිතුමා හමුවන්න සචින් ආවේ ඇයි * ~ ~  (Read 2065 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Advertisement

දිනය - 2010 පෙබරවාරි 24 වෙනිදාය. ස්ථානය ඉන්දියාවේ ග්වාලියෝ ප්‍රදේශයේ කපිතාන් රූප් සිං ක්‍රීඩාංගණයයි. දකුණු අපි‍්‍රකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ විය. සචින් තෙන්ඩුල්කාර් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසෙද්දී සචින් ලෝක වාර්තාවක් පිහිටුවනු ඇතැයි ක්‍රිකට් ලෝලීන් නොව සචින්වත් සිතුවේ නැත.

මීට පෙර තරගවලදී නම් ඔහුට කිසියම් ගැටලුවක් තිබුණි. එනම් දණිස් දෙකේ ආබාධයයි. එහෙත් පෙබරවාරි 24 දා කපිතාන් රූප් සිං පිටිය හරහා සචින් පන්දු 23 ක් හතරේ සීමාව ඉක්මවා යන්නට හැරියේය. උඩින් හයේ පහර තුනක් යැව්වේය. නොදැවී ලකුණු 200 ක් ලබාගත් ඔහු ලෝක වාර්තාවක් පිහිටුවූයේ ලෝකයේ එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් ලබා ගත් ප්‍රථම ක්‍රීඩකයා වශයෙනි.

ලකුණු 200 නොදැවී ලබා ගැනීමට සචින් පන්දු 147 කට මුහුණ දුන්නේය. ගතවූ කාලය මිනිත්තු 226 කි. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි තෙන්දුල්කාර් ක්‍රීඩාලෝලීන්ගේ ඔල්වරසන් මැද ක්‍රීඩාගාරයට එමින් සිටියේය. ක්‍රිකට් තරගයේ විස්තර විචාරකයෙක් පිටිය මැදට දුව ගියේ රූපවාහිනී මයික්‍රෝපෝනය ද අතැතිවය.

වාර්තාව ගැන කියූ දේ

“ඔබගේ මෙම සුවිශේෂී වූ වාර්තාව පිහිටුවීම ගැන ඔබට හිතෙන්නේ මොනවාදැ”යි විස්තර විචාරකයා ප්‍රශ්න කළේය.

සචින් මොහොතක් නතර විය. “miracle Doctor from Sri lanka helped me. I must thank him and the President of Sri lanka” සචින් ක්‍රිකට් විස්තර විචාරකයාට කීවේය.

ඔහු එදා ඒ මොහොතේ සඳහන් කළ Miracle Doctor හමුවී තොරතුරු දැනගැනීමේ ආශාව අපට ඇතිවිය. එහෙත් කිසිදු තොරතුරක් ජනමාධ්‍ය මඟින් අනාවරණය නොවූ අතර ලෝක වාර්තාව පිහිටවූ තරගයට සති කීපයකට පෙර සචින් තෙන්දුල්කාර් ශ්‍රී ලංකාවට පැමිණි බවට කතාවක් පැතිර ගොස් තිබුණි. එම සංචාරයත් කපිතාන් රූප් සිං ක්‍රීඩාංගණයේ වාර්තාවත් අතර ඇති සබඳතාව ගැන විස්තර දැනගැනීමට අපට ක්‍රමයක් තිබුණේ නැත. ඒ නිසා එම සිද්ධිය අපි සිතින් බැහැර කළෙමු.

චමුදිත කතා කරා

2010 මාර්තු 03 වෙනිදා පස්වරුවේ අප මිත්‍ර චමුදිත සමරවික්‍රම අපට දුරකථනයෙන් කතා කළේය.

“අයියේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයාට දිනමිණ පත්‍රයේ මාධ්‍යවේදියෙක් මුණ ගැහෙන්න ඕනලු. මේ උදව්ව කරල දෙන්නකෝ. මං එයාට කියන්නම් ඔයාට කතා කරන්න කියලා.” චමුදිත කීවේය.

විනාඩි පහළොවකින් මගේ ජංගම දුරකථනය නාද විය.

“හෙට උදේ 8 ට විතර අපි කැමැතියි ඔබ මුණ ගැසෙන්න” රුවන් එදිරිසිංහ ලෙස හැඳින්වූ පුද්ගලයෙක් මට කීවේය.

එදා උදේ 8 ට මම රුවන් එදිරිසිංහ හමුවූයේ මා ගමන් කළ වාහනයේ තොරතුරු ලබාදීමෙනි. හරියටම මමත් රුවන් එදිරිසිංහත් නිවසකට ගොඩ වූයෙමු.

“ඩොක්ටර් මේ තමයි දිනමිණ කර්තෘ තුමා.” රුවන් එදිරිසිංහ නිවසේ සිටි හැඩිදැඩි එහෙත් පි‍්‍රය මනාප පුද්ගලයා හඳුන්වා දුන්නේය.

“මම ඩොක්ටර් ඊලියන්” ඔහු කීවේය.

“ඔව් ඔව් ඩොක්ටර් ඊලියන් ලින්සේ වයිට්. ජනාධිපතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා” රුවන් ඉතිරිය සම්පූර්ණ කළේය. ඔහුට ආචාර කළ මම අසුනක හරිබරි ගැසී වාඩි වූයේ මහ රෑ දකින හීනයක් පරිද්දෙනි.

“සචින් තෙන්දුල්කාර් ලෝක වාර්තාවක් තිබ්බේ මේ අයියාගෙන් ප්‍රතිකාර අරන්” රුවන් කීවේය. අයියා කීවේ ඩොක්ටර් වයිට්ටය.



වෛද්‍ය ඊලියන්ගේ තොරතුරු

වෛද්‍ය ඊලියන් ලින්සේ වයිට් හොඳ සිංහල භාෂාවෙන් කතාව පටන් ගත්තේය. ඔහුගේ නම සුදු පුද්ගලයකු හැඳින්වීමට තිබු එකක් වුවද ඩොක්ටර් ඊලියන් ශ්‍රී ලාංකිකයෙකි.

අප මුණ ගැසී පැයක් පමණ කතා කරද්දී  Doctor White එකම එක ඉංගී‍්‍රසි වචනයක්වත් කතා කළේ නැත.

ඔහුගේ කතාවට මිනිත්තුවක් දෙකක් සවන් දුන් මා දැන් සිටින්නේ 2010 පෙබරවාරි 24 දා ඉන්දියාවේ කපිතාන් රූප් සිං පිටියේදී සචින් තෙන්දුල්කාර් කී Miracle Doctor සමඟ බව දැනගත්තේය.

“සචින්ගෙ දණිස් දෙකේ ආබාධයක් ගැන පැමිණිලි තිබුණා.

ඇත්තම කියනවා නම් දණිස් දෙක ගෙවිලා.

ලකුණු තිහ හතලිහක් ගහන කොට ඔහුට ලොකු වේදනාවක් දැනුණා. ඉතින් මම තමයි ඒකට ප්‍රතිකාර කළේ.” ඩොක්ටර් වයිට් කතාව පටන් ගත්තේ එසේය.

සචින් ඉන්දියාවේය. ඔහුගේ බිරිඳ වෛද්‍යවරියකි.

ඉංගී‍්‍රසි වෙදකම හදාරා ඇති දොස්තර බිරිඳගේ සැමියා වන සචින් දණිස් ආබාධයට ප්‍රතිකාර ගන්න ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් ඇදහිය නොහැකි කතාව දැනගැනීමට මට අවශ්‍ය විය.

ඇදහිය නොහැකි කතාවක්

“ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේ සියලු දේටම මූලික වුණේ” දොස්තර මහතාගේ එම ප්‍රකාශයට කලින් ඔහු ජනාධිපතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස පත්වීමේ ඉතිහාස කතාව දැන ගැනීමට මට අවශ්‍ය විය.

ඩොක්ටර් ඊලියන් වෛද්‍ය විද්‍යාව හැදැරුවේ ඉන්දියාවේදීය. ඉන්දියාව සෘෂිවරුන්ට ප්‍රසිද්ධය. හිමාල අඩවිය වටිනා ඖෂධ වලට ප්‍රසිද්ධය. වෙනත් අයට නැති අද්භූත නොව විශේෂිත වූ කිසියම් ආකර්ශනීය බලවේග ඉන්දීය සෘෂිවරුන්ට ලැබුණේ අහිංසක රෝගීන් සුවපත් කිරීමේ වරමත් සමඟය. දොස්තර ඊලියන් වයිට් ද සැඟවුණ බලවේගයක් ආශ්චර්යමත් ආශීර්වාදයක් ලබා ගත් සෘෂිවරයෙකි.
ඔහුගේ දෑතට සිතට ඇතුල්වූ ඒ මහා බලවේගයත් කුමක් දැයි ප්‍රශ්න කළත් ඔහු මා සමඟ සිනාසුනා මිස සවිස්තර යමක් නොකියා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණ ආකාරයත් විවිධ රෝගාබාධවලට ලක්වී සිටින රෝගීන් දහස් ගණනක් ජනාධිපතිතුමාගේම උපදෙස් මත සුව කරන හැටිත් දොස්තර මහතා මෙසේ විස්තර කෙළේය.

හැම පාලකයකුටම කිව්වා


“මම මගේ මෙම වෛද්‍ය ක්‍රමය ගැන මේ රට පාලනය කළ සෑම පාලකයෙකුටම කීවා. ඔවුහු එයට සවන් දී කට කොනකින් සිනාසී නිහඬ වුණා. ඔවුන්ට මං කියන දේ තේරෙන්නට ඇතැයි සිතනවා. ඒත් පලක් වුණේ නෑ. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මුණ ගැස්සෙව්වේ ජනපි‍්‍රය ගුවන් විදුලි නිවේදිකාවක් වන සුමනා නෙල්ලම්පිටිය දොස්තර මහතා කතාව ආරම්භ කළේය.

වෙනත් අය වගේ නෙවෙයි ජනාධිපතිතුමා ඕනෑම දේකට සවන් දෙනවා. අපි කියන දේ එක කනකින් අහලා අනෙක් කනින් පිට කළේ නෑ. මං කියන කතාව ගැන එතුමා විවිධ ආකාරයෙන් පරීක්ෂා කර බැලුවා. මාගේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ගැන එතුමා ගවේෂණය කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි එතුමාගේ උපදෙස් පරිදි රෝගීන් දහස් ගණන් නොමිලයේම සුවපත් කළේ.”

යමක් කමක් ඇති අයගෙන්වත් මුදල් නොගන්නා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දොස්තර වයිට්ට උපදෙස් දී තිබේ. රෝගවලට අවශ්‍ය ඖෂධ ගෙන්වන්නේ ඉන්දියාවේ හිමාල අඩවියේ සිටයි. ඒ සඳහා වැය කරන්නේ ජනාධිපති අරමුදලේ මුදල්ය.

“ඉතින් සචින් මේ ප්‍රතිකාරවලට කැමති කරවා ගත්තේ කොහොම ද?” මම ඇසුවෙමි.

ක්‍රීඩකයන්ට ප්‍රතිකාර කළා

“අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකා පිලේ කීප දෙනෙකුගේම ආබාධ සුව කළේ මමයි. තිලාන් සමරවීර, අජන්ත මෙන්ඩිස්, මහේල් ජයවර්ධන සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන් ඒ පිරිස අතර ඉන්නවා. තිලාන් සමරවීර විශේෂයි. එයාට පකිස්ථාන ත්‍රස්ත ප්‍රහාරයේදී වැදුණ වෙඩි පහරකින් එයාගෙ දකුණු කලවේ අතක් ඔබන්නට තරම් විශාල සිදුරක් තිබුණා. ඔහු මං ළඟට එව්වේ ජනාධිපතිතුමායි.

පැය දහඅටක් ප්‍රතිකාර කළා. මගේ ප්‍රතිකාරවලින් පස්සෙ එයා ප්ලාස්ටික් සැත්කමකට පෞද්ගලික රෝහලටත් ගෙන ගියා. සැත්කම කරන්න සූදානම් වෙච්ච දොස්තරලා තිලාන් තියටර් එකෙන් ආපසු එව්වා. හේතුව තමයි මගේ ප්‍රතිකාරවලින් එයාගේ කකුලේ සිදුර සවි වෙලා තිබීම.”

කෙසේ හෝ බටහිර වෛද්‍ය විද්‍යාව හැදැරූ වෛද්‍යවරියකගේ සැමියා වන සචින් තෙන්දුල්කාර් අපේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා ළඟට ගෙන්වා ගැනීම ද ප්‍රශ්නයක් විය.

“එයාව මේකට නම්මවා ගන්න ගොඩක් උදව් කළේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් තමයි. විශේෂයෙන් මුත්තයියා. එයාගේ බිරිඳත් ඉන්දියාවෙ කෙනෙක්. මම දන්නවා අපේ ජනාධිපතිතුමා ඉන්දියාවේ අගමැති මන්මෝහන් සිං මහත්තයත් දැනුවත් කරලයි තිබුණේ. එයාට අපේ ක්‍රීඩකයන් සහ ජනාධිපතිතුමා ඉහළ මට්ටමින් කරපු බලපෑම් හින්දා ඇවිත් මා මුණ ගැහෙන්න කැමති වෙන්න ඇති.” දොස්තර වයිට් කීවේය.

සචින් තෙන්දුල්කාර් ශ්‍රී ලංකාවට පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ කටයුතුවල යෙදී සිටියදීය. සචින්ට ශ්‍රී ලංකාවට ඒමට විශේෂ ජෙට් යානයක් වෙන්කර ගෙන තිබුණි. එය පෞද්ගලික යානයකි. එය ලබා දුන්නේ ආසියාවේම ප්‍රථම පොහොසතා මෙන්ම ලෝකයේ තුන්වන ධනවතා ලෙස සැලැකෙන සුප්‍රකට රිලයන්ස් සමාගමේ අයිතිකරු වන මුකර්ජි අම්බාස්ය. ඔහුටත් අවශ්‍ය වී තිබුණේ මේ කියන අමුතු වෛද්‍ය හාස්කමේ ඇත්ත නැත්ත දැනගැනීමටය.

තිලාන්ගේ කකුලේ සිදුර

තිලාන් සමරවීරගේ කකුලේ සිදුර වැසූ හැටි ඔහු දුටුවේ නැත. අසා තිබුණි. ටී.එම්. ඩිල්ෂාන්ගේ කැඩුණ ඇඟිල්ල දින හතරකින් සුවපත් කළ බව දැනගෙන තිබුණි. කෙසේ හෝ සචින් තෙන්දුල්කාර් විශේෂ ජෙට් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති මන්දිරයේදී දොස්තර වයිට් මුණ ගැසුණේය. හාස්කම් ඇති දොස්තර මහතා ද හමුවූයේය. මෙහි එන්නට කලින් ඔහු දහසකුත් එකක් ප්‍රශ්න අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් විමසා තිබුණි.

බේත් බොන්න ඕන ද? කෝප්ප ගණන් බොන්න ඕන ද. ඕවා බොන්න පුළුවන් ද? පෙති කරල් ඉන්ජෙක්ෂන් වගේ ලේසි නැහැ නේද? ආදි ප්‍රශ්න රැසකි. සචින් ජනාධිපති මන්දිරයට ගියේය. ජනාධිපති ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මඳකට නතර කොට සචින්ට බේත් කරන හැටි පෞද්ගලිකවම බලාගෙන සිටියේය. ප්‍රතිකාරයට ගතවූයේ පැය දෙකක් පමණි. දවල් කෑම කා සචින් යන්නට ගියේය. ඔහුගේ ලෝක වාර්තාවට උදව් කළ Miracle Doctor Dr. White ය.

සචින්ගේ ලෝක වාර්තාවේ ගෞරවයෙන් සියයට 75 ක් අයිති අපේ ජනාධිපතිතුමාට. එතුමා තමයි පිහිට වුණේ. බෙහෙත් විශේෂ ගුවන් යානයකින් හිමාලයෙන් තමයි ගෙන්වා ගත්තේ.” දොස්තර වයිට් කීවේය.

සචින් ලෝක වාර්තාව පිහිටුවූ මොහොතේ සුබ පැතු විශේෂ පුද්ගලයා වූයේ ද ජනාධිපතිතුමාය. සචින්ට බෙහෙත් කිරීමත් ඔහු සුවපත් කිරීමත් ජනාධිපතිතුමා රටට හෙළි කළේ නැත. හේතුව ඒ මඟින් විශේෂ දේශපාලන වාසියක් ගනු ඇතැයි ඇතැමුන් සිතන නිසාය.

දොස්තර වයිට් තවත් රහසක් මෙහිදී හෙළි කළේය.

“ජනාධිපතිතුමාගෙ උපදෙස් පරිදි වැඩිපුරම සුවපත් කළේ විපක්ෂයේ අයයි. එතුමාට පහර ගසන අයයි. මේ වෛද්‍ය ක්‍රමයට දේශපාලන භේදයක් නෑ. ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීතුමාටත් වෙදකම් කළා. එතකොට සන්ඩේ ලීඩර් කර්තෘ තුමා ලසන්ත විකුමතුංග. එයාගේ ඔලුවේ ටියුචර් එකක් තිබුණා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එයා සනීප කළා. දෙන්නා හොඳටම යාලු වුණේ ඉන් පස්සේ. ලසන්තට වෙඩි තිබ්බේ ප්‍රතිකාර කරලා අවුරුද්දකට පස්සේ.” දොස්තර මහතා කීවේය.

ඖෂධ ගැන පරීක්ෂණ කරලා

දොස්තර මහතා ආවාට ගියාට රෝගීන්ට බෙහෙත් පොවන්නේ නැත. ඔහු සතු සියලු බෙහෙත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඇමෙරිකාවට යවා පරීක්ෂණ පවත්වා තිබේ. සිරුරට කිසිදු හානියක් එම බෙහෙත්වලින් නැති බව ඇමෙරිකාව වාර්තා කර තිබුණි. එම වාර්තා සියල්ල දොස්තර වයිට් සතුය.

දොස්තර යන්නට වඩා ඔහුට ගැලපෙන්නේ වෙද මහතා නැතිනම් ඊටත් එහා යමින් සෘෂිවරයා යන්නය. ඔහුගේ හදවත පිවිතුරුය. සිරුරේ නහර පුරා දුවන්නේ දයාව අනුකම්පාව කරුණාව මුසුවූ රුධිරය.

ඒ නිසා වත කමල පිවිතුරු සිනහවකින් වර්ණවත් වී තිබේ.

මේ සෘෂිවරයා දහස් ගණන් විවිධ රෝගීන් සුවපත් කර ඇත. ඒ ජනාධිපතිතුමාගේ ආශීර්වාදය මතය. තවත් ලක්ෂ ගණනක් පෝලිමේ සිටිති. ඒ අය ද සුවපත් කරනු ඇත. ජනතාව විවිධ ස්වරූපයෙන් සුවපත් කළ එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාය. ජනතාවගේ සිත පුරා තැන්පත් වී තිබුණු සැක බිය සංකා ඔහු ත්‍රස්තවාදයට බෙහෙත් දී සුවපත් කළේය. ආර්ථිකය යහපත් කොට ජනතාවගේ ජීවිත සුවපත් කරමින් සිටී. බුද්ධදාස රජතුමා මෙන් මාරාන්තික රෝගවලින් පෙළෙන සත්ත්වයෝ සුවපත් කරමින් සිටී.

“දොස්තර මහත්තයාට බුදු බව අත්වෙන්න ඕන.” සෘෂිවරයාගේ අතින් හා බෙහෙතින් සුවපත් වූවෝ කියති.

“අනේ අපේ රත්තරන් රජතුමාට ඉහෙන් බහින රෝගයක්වත් හැදෙන්න එපා” යයි සුවපත් වූවෝ ජනාධිපතිතුමා වෙනුවෙන් ප්‍රාර්ථනා කරති.

මෙම සෘෂිවර වෛද්‍ය තුමා මුණ ගැස්වීමට මඟ පාදා දී සියල්ල සම්බන්ධීකරණය කළ රුවන් එදිරිසිංහ තරුණ මහතාට ගොඩක් ස්තුතියි!

මහින්ද අබේසුන්දර
සිළුමිණ ඉරිදා සංග්‍රහය

2010-03-07
« Last Edit: March 07, 2010, 07:13:26 PM by WEBMASTER® »

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
හිතවත් ඩොකා,
අපේ හැමෝම දැනගතයුතු දෙයක් නිසාවෙන් ම ඔන්න සිංහලයා පුවත් වලත් ඒ පුවත ඒ ආකාරයෙන් ම පල කලා..

ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ දේවල් ගැන අවධියෙන් ඉන්න එකට..

- වෙබී..


Updated On:
http://www.sinhalaya.com/news/sin-unicode/2news2lanka2.php?go=fullnews&newsid=22
I'm on the way..

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
aq qQn (26) n#vww\ scQn\ XWY lAk`vt p#[email protected]\ [email protected]\ pEq\glQk a`yEr#@v|q @@vq&vry` hmEvWmty. e' [email protected] a#wQvR a`b`{yk\ sEv krg#nWmty. aq qQn ayQ.pW.el\ avsn\ mh` wrMyq avQnQX\cQw ww\[email protected]\ wb`@gn ohE @mm gmn p#mQN n#vww\ sQyrt bl` pQtw\v [email protected]\y.
 @m| awr ayQ.pW.el\. wrM`[email protected]\ @h`[m pQwQkr# sm|m`nyq scQn\ @wn\dEl\k`r\ nm| awQvQXQ;\T pQwQkr#v` hQmQkr gw\@w\y. [email protected]\ ohE sQy upn\qQnyq s#mr$ bv kQYkt| @l`\lQ obs#mt @mhQ s[hn\ kQrWmt k#m#w\@wmQ.