Author Topic: හඳුනාගත්තොත් ඔබ මා...  (Read 2878 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
හඳුනාගත්තොත් ඔබ මා...
« on: April 26, 2010, 12:02:59 AM »
Advertisement
මිනිසා සහ ගැහැනිය ලෝකය සහ එහි සියල්ල මැවූ මැවුම්කරුවාණන්ගේ විශිෂ්ට හා විස්‌මයජනක නිර්මාණයකැයි බෞද්ධ දර්ශනය හැර අනෙක්‌ බොහෝ නිර්මාණවාදී ආගම් අදහන්නන් විශ්වාස කරන අතර මිනිසා බිහිවුණේ වානරයාගේ පරිණාම විකාශය හේතු කොටගෙන යෑයි ලෝ ප්‍රකට විද්‍යාඥයකු වූ චාල්ස්‌ ඩාවින්ගේ මතයද පිළිගන්නා බොහෝ අය වෙති. පරිණාමවාදයේ පියා චාල්ස්‌ ඩාවින් යෑයි බොහෝ දෙනකු නම් කළද පරිනාමවාදය මුල්වරට ලොවට හෙළි කළේ ක්‍රි. පූ. හයවැනි සියවසේ බුද්ධ කාලයේ ඉන්දියාවේ පහළ වූ ෂට්‌ ශාස්‌තෘවරුන් අතර සිටි මක්‌කලී ගෝසාල නම් දේශකයාණන් විසිනි.

මහා පරිමාණයේ මිනිස්‌ ඝාතන දූෂණ භීෂණ අතින් ගෙන බැලුව කල තිරිසනුනටද වඩා පහත් තත්ත්වයට වැටුණ සුළු මිනිස්‌ ප්‍රජාවක්‌ ලොව වෙසෙනමුත් සමස්‌තයක්‌ ලෙස ගෙන බලන කල ලොව ජීවත්වන සියලු සතුන් අතර මිනිසා උසස්‌ම සත්ව ගණයට අයත් බව අවිවාදිතය.

ආදම් සහ ඒව ලොව මුල්ම මිනිසා සහ ගැහැනිය ලෙස සලකන්නෝ බොහෝය. එසේ වුවද ආදම් සහ ඒව පරිපූර්ණ ලෙසම ඔවුනොවුන් හඳුනාගෙන ජීවත් වුණාදැයි යන්නට ස්‌ථිර හා පැහැදිළි තොරතුරු දක්‌නට නොලැබෙන අතර මිනිසාගේ සම්භවයට හේතු වූ වානරයන් අතර හෝ ඔවුනොවුන් (වානර පිරිමි සතා සහ ගැහැනු සතා) හරිහැටි හඳුනාගෙන දිවි ගෙව්වාද යන්න පිළිබඳ ස්‌ථිර නිගමනයන් සත්ව විද්‍යාඥයන්ට පවා මේ දක්‌වා සම්පූර්ණ ලෙස එළි දැක්‌වීමට නොහැකිව තිබේ.

කෙසේ වුවද ලෝකයේ විවිධ රටවල විවිධ ජාතීන් මේ උත්කෘෂ්ඨ මැවීම හෙවත් පිරිමියා සහ ගැහැනිය පිළිබඳව දැරූ හා දරන අදහස්‌ දස දහස්‌ ගණනකි. එසේ වීමට මූලික හේතුව වී ඇත්තේ ඔවුනොවුන් ගැන එකිනෙකා දරන සැකය, අවිශ්වාසය හා අස්‌ථිරභාවය යන සාධාරණ හේතූන්ය. මෙසේ වී ඇත්තේද ඔවුනොවුන් අතර පවත්නා අනවබෝධය නිසාවෙනි. එකිනෙකා කෙරෙහි ඔවුනොවුන් දරන අදහස්‌ දෙස බැලූ කල ඉන් ත්‍රාසය, භීතිය, ජුගුප්සාව පමණක්‌ නොව කලකිරීමද අනෙක්‌ අතට දයාව, කරුණාව, මෛත්‍රිය, උපේක්‍ෂාව පමණක්‌ නොව ආදරයද ජනිත වන බව මනාව පැහැදිළිය.

එකිනෙකාට නැතුවම බැරි වස්‌තූන් බවට පත්ව ඇති මිනිසා සහ ගැහැනිය අතීත මානවයන් (පෙරදා) දෙස බලා ඔවුනොවුන්ගේ ගතිස්‌වභාවය යන්තමට හඳුනාගත් නිසා මේ වන විට එක්‌ව විසීමට සුදුසු වාතාවරණයක්‌ සකසාගෙන ඇත. විවිධ විෂම වූ ලෝකයේ භින්න හා භින්න රුචික ආකල්ප ගැන මෙයටත් වඩා එකිනෙකා කෙරෙහි හඳුනාගැනීමට වෙර දරන්නේ නම් එය හෙට උපදින (මතුදා) ගැහැනියට හා මිනිසාට එක්‌ව විසීම වඩා පහසු කරනු ඇත. මේ ඔවුනොවුන් කෙරෙහි එකිනෙකා බලන ආකාරය දස දහසකින් ගත් අල්ප මාත්‍රයෙකි.

ගැහැනිය පිළිබඳව මිනිසා දරන අදහස්‌ ගත් කල එහි සෘණාත්මක පැත්තට වඩා යොමුවූ කොටසක්‌ ලෙසට ඉංග්‍රීසි ජාතිකයන් හඳුනා ගැනීම අපහසු නොවේ. ආචාර සමාචාර සමාජ පිළිගැනීම හා කටයුතු කිරීමේදී ගැහැනිය පිළිබඳව ඔවුන් කෙසේ කටයුතු කළද මේ ඔවුන් රුවන් වැකි ලෙසට ගැහැනිය ගැන කියූ අදහස්‌වලින් ස්‌වල්පයකි. ගැහැනියකගේ අඟල් තුනක දිවකින් අඩි හයක්‌ උස මිනිසෙකු මැරිය හැක. ඔබට අයිති නොවන තුරු ගැහැනිය ලස්‌සනය. ලස්‌සන ගැහැනිය යනු මෙලොව ඉතා ද්‍රේහී වස්‌තුවය, ඇඟ බේරාගෙන කටයුතු කිරීමට නම් ගැහැනිය ගැන නරකටම සිතන තැනැත්තා වරදකට අසුවන්නේ කලාතුරකිනි. එය සාධාරණීය කරණය වන්නේ මේ නිසාය. යකාගෙ දැල ගැහැනියයි. නිරය සෑදුනේ කුමක්‌ නිසාද. ගැහැනුන් හා රත්රන් නොතිබෙන්න නිරයක්‌ද නොමැත. ගැහැනුන් ස්‌වභාවයෙන්ම අඬනවා රවටනවා ගොතනවා. මෙහිදී ගොතනවා යනුවෙන් අදහස්‌ කරන දේ අසන්නා විසින් නිශ්චය කරගත යුතු බව පෙනෙන අතර ගැහැනියගේ වැඩවල කෙළවරක්‌ නැත යනුවෙන් අදහස්‌ කරන දේ නිසාම ගැහැනියත් වීදුරුත් නිතරම අනතුරට මුහුණ පායි යනුවෙන් පවසන ඔවුහු ඊට පිළියමද පෙන්නා දෙයි. ගැහැනියට ඇති කදිම ආභරණය නිශ්ශබ්දතාවය යනුවෙන් පෙන්නා දෙයි. ගැහැනියකගේ ශක්‌තිය ඇගේ දිවය, එසේ වුවත් යහපත් බිරිය හොඳ මිනිසකු තනයි යන විශ්වාසයද ඔවුනට ඇත. ලෝකයේ දිග පළල ගැන දැනගන්නට නම් මෙය කියවිය යුතුමයි. ගැහැනියකගේ ලෝකය ගෙදරයි. පිරිමියාගේ ගෙදර ලෝකයයි. මතක තියාගන්න ගෙදර යතුර ගැහැනියයි. ගැහැනු හොඳනම් දෙවියනුත් විවාහ වේ. එසේ නොවුණ නිසාදෝ මිනිසා විසින් ශිෂ්ට කරනු ලබන අවසාන දෙය ගැහැනිය වනු ඇත. එසේ වූවා නොවූවා මෙය සිදුවිය යුතුය. ගැහැනියගෙන් ඉපදුණ පිරිමියා ගැහැනියගෙන්ම මිය යා යුතුය.

බොස්‌නියානුවන් ගැහැනිය දුටුවේ මේ ආකාරයෙනි. නියම ගැහැනිය වහලියක්‌ මෙන්ම ආර්යාවක්‌ද වේ. ගැහැනුන් නිසාම සිදු නොවූවත් ඇතිවූ ලෝක යුද්ධ දෙකටම මුල පිරූ ජර්මන් ජාතිකයන්ට අනුව ගැහැනුන් සහ ඔරලෝසු හරියට යන්නේ කලාතුරකිනි. මතක තබාගන්න තනි තන්ඩලේ යන ගැහැනියට මණ්‌ඩලේ බොහෝ ඇත. එසේ වුණා කියා ප්‍රශ්න කිරීමෙන් වැඩක්‌ නැත. මන්ද ගැහැනියකගේ ඔව්, නැහැ, අතර ඉඳිකටු තුඩකටවත් ඉඩක්‌ නොමැත. සත්‍යය නම් සෑම ගැහැනියක්‌ම කැඩපතේ දිස්‌වන ගැහැනියට ආදරය කරයි යන බවය. එසේ වන්නේ. ගැහැනියට අවලස්‌සනයි කී කැඩපතක්‌ නැති බැවිනි. මේ නිසාම කැඩපත දෙස නිතර බලන ගැහැනිය නිවස දෙස බලන්නේ අඩුවෙනි. ලස්‌සන ගැහැනිය දෑවැද්ද මුහුණේ ගෙන යනු ඇත. මේ මොන දේ වුණත් සැබෑවට වන එක දෙයක්‌ ඇත. ගැහැනියක්‌ මළවිට එක කලහයක්‌ද සංසිඳේ.

ප්‍රංශ ජාතිකයන්ගේ කියමන් දෙස බැලූ විට ඔවුන් ගැහැනිය හරිහැටි හඳුනාගෙන ඇතැයි යමෙකු සිතුවද එහි වරදක්‌ නොමැත. මේ බලන්න ගැහැනියකට රැකිය හැකි එකම රහස තමාගේ වයසයි. සමහර ප්‍රංශ ජාතිකයන් සිතන ආකාරය නිසා මේ වදන් සමාජගත වූවාදැයි නොදනිත්. ඔවුනට අනුව නම් ගැහැනිය මැව්වේ පිරිමියාගේ සැප පහසුවටය. ඒ කෙසේ වෙතත් යහපත් බිරියක්‌ සමග සෞඛ්‍ය සම්පන්න භාවය මිනිසකුට ලැබිය හැකි උසස්‌ම ධනයයි. සමහර විට ගැහැනියට තරාතිරමක්‌ නැත. එනිසාම පතිව්‍රතාව ගැන ගැහැනිය විශ්වාස කරන්න එපා. බලාගෙනයි. මතක තියාගන්න ගැහැනිය ප්‍රීතිවන්නේ පලිගැනීමෙනි.

වයසට යැම මිනිස්‌ ජීවිතයේ සාමාන්‍ය සිද්ධියකි. එහෙම වුණත් මිනිසකු වයසට යැම රුසියානුවන්ට අනුව නම් ස්‌වාමිපුරුෂයා හද්ද වයසට ගියා නම් වරදකරු ගැහැනියයි.

ගැහැනියක වී ඉපදීම දුකක්‌ද? ගැහැණු ළමයකු උපන් විට ගෙයි බිත්ති හතරම අඬනවා. ඒ වුණාට රුසියානුවන්ට අනුව ගැහැනු ළමයි වියපත්ව ගැහැනු ලෙස සමාජයට ගිය පසු නම් ඔවුන් අතිවිශාල පරාසයක්‌ ආවරණය කරනු ඇත. මෙන්න මේ පරිදි ගැහැණු දෙදෙනෙක්‌ මාර්කැට්‌ටුවක්‌ෘ තිදෙනෙක්‌ වෙළෙ¹ම් පොළක්‌, කෙසේ වෙතත් ගැහැනිය මතක තබා ගත යුතු එක දෙයක්‌ ඇත. භාර්යාවගේ නීතිය ස්‌වාමියාය.

බෝනික්‌කන් වැනි ලස්‌සන ගැහැනු ඉන්නා ජපන් ජාතිකයන්ගේ විශ්වාසය නම් අවලස්‌සන ගැහැනිය කැඩපතට කැමති නැත කියාය. සමාජවාදයේ ලොකුම කොටස්‌කාරයන් යෑයි අද දවසේ පවා කියුවද චීන ජාතිකයාට අනුව නම් ගැහැණිය පියාටත් ස්‌වාමිපුරුෂයාටත් පුතාටත් කීකරු විය යුතුය. මෙයොරි ජාතිකයන් සිතන්නෙ අමුතුම ආකාරයකටය. මිනිසා සටන් බිමටය. ගැහැනිය දරුවන් වැදීමටය. එසේම මිනිසුන්ගේ විනාශයට හේතු කාරක වන්නේ මූලිකවම මේ හේතූන් දෙකය. ඉඩම් සහ ගැහැණු මිනිසුන් නසති. මෙසේ සිතීමට තුර්කි ජාතිකයන් පෙළැඹුණේ ඇයිද යන්න ගැටලුවකි. සුනඛයා හිතෛෂිය. ගැහැනිය කවදාවත් එසේ නැත.

ලාංකික අපට මේ වන විට වී.ඕ.සී. බඩු බවට පත්ව තියෙන ඕලන්ද ජාතිකයා මෙසේ කියන්නේ අත්දැකීමෙන්ම විය නොහැකිද? නරක මිනිහා යකෙක්‌ නරක ගැහැනිය තනිකරම අපායක්‌. සමහර විට බොහෝ ගැහැනුන් රවටන්නේ පනාවයි දැලිපිහියයි විය හැකි වුණත් මිනිසකු වශයෙන් ජීවිත කාලයේදීම මතක තියාගත යුතු උපදේශයක්‌ද ඔවුන් නොමසුරුව ඔබට දීමට කාරුණික වී ඇත. හොඳින් මතක තියාගන්න. සතුටින් ජීවත් වී අවසානවන්න ඕනෙ නම් ගැහැනියක්‌ ගන්න. එතනදී චෙකොස්‌ලෝවැකියා ජාතිකයන් කියන මේ උපදේශයද ඔබට වැදගත් වනු ඇත. ගැහැනියක්‌ ගන්නවා නම් ළඟින්. හොරකම් කරනවා නම් ඈතින්.

ගැහැනිය පිළිබඳව සැබෑ අධ්‍යයනයක්‌ කර ඇති පෝලන්ත ජාතිකයන්ද ඔවුනගේ මේ වියත් වදන් දෙස බැලූ විට ඊට පිළිතුරු සැපයීම අපහසු නොවනු ඇත. ගැහැනිය විවාහයට පෙර අඬනවා මිනිහා ඊට පසු අඬනවා. යක්‌ෂයා ගැහැනිය ගිල්ලද දිරවාගත නොහැකි විය. ගැහැනියට යා හැකි දුර යකාටවත් යා නොහැකිය. කටු නැති මාළු නැත. තරහ නොයන ගැහැනු නැත. ඔරලෝසු සියයක වෙලාව එක විය හැක. ගැහැනු දහයකට එකඟ විය නොහැක.

බොහෝ දෙනා කිඹුලකු හැඬූ වග අසා හෝ දැක නොමැති වුවද කිඹුල් කඳුළු ගැන හැම දෙනාම දනිති. ඉතාලි ජාතිකයන් කිඹුල් කඳුළු තරමටම ගැහැනු කඳුළු ගැනද මනාව දනිති. ගැහැනියකගේ කඳුළු දෙවර්ගයකි. එකක්‌ කනගාටුවට, අනික රැවටීමට. හදිසි හෝ කලබල හෝ නොවන්න. ජනේලය ළඟ සිටින ගැහැනිය මහ පාරේ එල්ලු මිදි වැල වගේය. එම නිසා ගැහැණු පස්‌සෙත් බස්‌ පස්‌සෙත් දුවන්න එපා. ගැහැනිය ගැන ලියෑවුණු වියත් වදන් ලතින් භාෂාවෙන් බොහෝ සොයා ගත හැක. ඒ අතරින් මේ වියත් වදන්a දෙක පමණක්‌ වුවද ගැහැණු ගති කියා පෑමට ප්‍රමාණවත්ය. ගැහැනිය එක්‌කෝ ආදරය කරයි. නැතිනම් ඊර්ෂියා කරයි. ආලය කරන විටත් ද්වේෂ කරන විටත් ගැහැනිය බිය නැත.

පර්සියන් ජාතිකයන් මේ හදන්නේ ඉල්ලා ගෙන කෑමකටද ගැහැනිය මහා කරදරයකි. දෙවියන් එහෙත් එම කරදරය හැම නිවසකටම ගෙනත් දෙන්න. මෙහිදී ඇත්ත කතාව කියන්නේ නම් බල්ගේරියන් ජාතිකයන් පමණක්‌ බව ගැහැනුන් ගැන දන්නා ඕනෙම අයකු කියනු ඇත. ගැහැනියක්‌ නැති ගෙය පනිට්‌ටුවක්‌ නැති ළිඳ වගේය. එසේ වුවත් අමතක කරන්න එපා ස්‌පාඤ්ඤ ජාතිකයාට අනුව ගැහැනියකගේ කඳුළු සැලීමත් බැල්ලකගේ කොර ගැසීමත් විශ්වාස නැත යන්න.

ඇවිදින පය දහස්‌ වටී යෑයි කීවේ ලාංකිකයාය. එසේ වුවත් මොරොක්‌කෝ ජාතිකයනට අනුව නම් එය මෙසේ වෙනස්‌ විය යුතුය. ඇවිදින ගැහැනියක්‌ නොඇවිදින පිරිමියාගේ වැඩකට නැත. ගැහැනිය ගැන සිහිපත් කරන විට පෘතුගීසි ජාතිකයනට නම් නිතැතින්ම සිහියට එන්නේ කාලය පිළිබඳ ගැටලුවකි. එහෙයින්ම ඔවුන් භාර්යාවනුත් බැටළුවනුත් සවස්‌ වන්නට පෙර ගෙදරට ගෙන්නා ගත යුතුය කියති.

මේ ආකාරයට බලන විට ගැහැනිය ගැන ලියවුණ වියත් වදන් දස දහස්‌ ගණනකි. එසේම සිංහල භාෂාවෙන්ද ගැහැනිය පිළිබඳ කියුම් අපමණ සටහන්ව ඇත. මෙහිදී ඒ වියත් සිංහල වදන් සඳහන් නොකරන්නේ හය හතර දන්නා දා සිට අප ඒවා දන්නවාට අමතරව ප්‍රායෝගිකවද අත්දැකීම් ලබා ඇති බැවිනි. සරලම උදාහරණයක්‌ ගතහොත් සිංහල බෞද්ධයන්ගෙන් හැමදෙනාම පාහේ ජීවිතයේ එක්‌ වරක්‌ හෝ කියා ඇති උතුම් වදනක්‌ වන්නේ අම්මා බුදුවේවා කියාය. සෑම ගැහැනියක්‌ම අම්මා කෙනකු නොවුණත් සෑම අම්මා කෙනකුම ගැහැනියක්‌ වන බැවින් ගැහැනියක්‌ වෙනුවෙන් කිව හැකි හෝ ප්‍රාර්ථනා කළ හැකි මෙයටත් වඩා උතුම් වදනක්‌ ලොව තවත් ඉතිරිව තිබේද. සමස්‌තයක්‌ ලෙස ගෙන ගැහැනිය යන වදන සමග සමීපව යන තවත් පදයක්‌ වන්නේ විවාහයයි. මේ වදන පිරිමියා නැතිනම් මිනිසා යන්න සමගද එතරම්ම සමීපව යෙදෙන බැවින් ගැහැනිය පිළිබඳ ලියවුන වියත් වදන් සුවහසකින් අල්පමාත්‍රයක්‌ ගෙන හැර පෑ මේ ලිපියේ අවසානය සටහන් කිරීමට ගැහැනිය මිනිසා හා විවාහය සමග බැඳුණු මේ ඉංග්‍රීසි වියත් වදන කාලෝචිත යෑයි සිතමි. ප්‍රථම භාර්යාව දෙවියන්ගෙනි දෙවැනි භාර්යාව මිනිසුන්ගෙනි. තෙවැනි භාර්යාව යකාගෙනි. එසේ හෙයින් සම්මත හෝ අසම්මතව නැතහොත් නියම හෝ අනියම් අන්දමට බහු භාර්යාවන් පසුපස යන අය මේ ගැන සැලකිලිමත් විය යුතුය.


ආර්.සී. වතුහේන



Source:
Irida Divaina (25 Apr 2010)
I'm on the way..

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: හඳුනාගත්තොත් ඔබ මා...
« Reply #1 on: April 26, 2010, 01:54:01 PM »
gh#NQy pQlQbqv @mhQ qk\v` a#wQ sthn iw` unn\[email protected]\ [email protected] g#h#NQy pQLQbq mWt vd` vQs\wr`w\mk vQgYhyk\ @vnw\ lQpQyk m` qEtEvW n#wQ wrm|y.
@mhQ qk\v` awQ @lst g#h#NQy ynE mh pEq\m`k`r @ls sm`jy vQsQn\ ar\w nQr$pnyt lk\ kl mnEX\y pY`[email protected]
a`sQy`[email protected]\ ob|bt rtvl\ g#hNQy yn\n vQgYh krn\@n\ aw pl\@ln\ v#tEnE @[email protected]\ g`nty. m`w^w\ vy pQlQbq bQqkOqE h#gWmk\ @n`mwQ bthQr j`wWn\t g#h#nQyk\ ynE x`n\dykQ. wvq qr#@vk\ upqQn\@n\ [email protected]\ avXyw`vyt @n`v g#h#nQyk\ h` [email protected]\@g\ k`yQk avXyw`vyk pYwQplyk\ @ls ar\w qk\vn bthQr mQnQsEn\ @[email protected]\ nm| g#h#[email protected]\ agy vth`gnWq?

g#h#NQy ar\wq#k\vWmt nm| @b`@h`\ vQq\vwOn\ sQtQwQ. e' bv @mm [email protected]\ @m`nvt p#h#[email protected]|. [email protected]\ yw`r\}y nm| oy kQyn\n`vR ar\wq#k\vWm| kQsQvk\ pY`@y`\gQk @n`vn bvyQ.

vr\wm`n sm`jy wOl pmnk\ @n`v awWw sm`jy wOlw\ g#h#NQy ynE w`dn pWdn asWmQw\ @ls vQq qr`gnQmQn\ jWvw\ vR a`k`ry @p`w pw [email protected]\qW ph#[email protected]|.

m` m$wkqW kQyvn lq v`rQs\ dyrQ @g\ k`n\[email protected]\ kOsEm h` k`n\w`[email protected]\ qr#@v`\ n#mwQ k^wQ @[email protected]\m apQYk`nE @g`\wY sm`jy wOl k`n\wvt aw\vn irnm iw`mw\ kr\kXy.

s\wWY cr\[email protected]|qny v#nQ jWvQwyt as`@n`m#wQ iw`mw\ ktEk qEX\kr jEjEp\s`jnk aw\q#kWm| vlt mRn @qn em rtvl k`n\w`vn\ pQlQbqv kQyvn vQt mt nm| h#@gn\@n\ lAk`v v#nQ rt ipqWm m` @pr kl pEN& kr\myk\ bvyQ. @mv#nQ sm`j vt pQt`vk\ wOl k`n\w`vt vQvQq ar\w kwn ek\ kQrWm nm| pQlQgw @n`h#k
apQYk`nE k`n\w`v pmnk\ @n`v ar`bQy v#nQ m#[email protected] rtvl k`n\w`vtw\ aw\vn @k\qnWy irnm| g#n m` kQyv` a#w\@wmQ. em rtvl avQv`hk k`n\w`vk\ pv` @vnw\ [email protected] qQh` b#lEvw\, adEm [email protected]| lgQn\ gQyw\ avs`n irnm vn\@n\ mrnyyQ. em rtvl nWwQmy psEbQm sks\vW a#w\@w\q k`n\w`[email protected]\ sElE v#rq\qkt pv` qdEvm mrny vWmy.

[email protected]\ m#rWmt avsr a#w\@w\ a#[email protected]\ pQy`t @h`\ [email protected]`\qry`t @h`\ s\v`mQyty. pEqEmy nm| mWt l#@bn qdEvm vn\@n\ wOn\ msk sQr qdEvmk\ @h`\. a#p pQt wOn\ msk\ [email protected]\ rFqvWmy.

nmEw\ ap v`sn` vn\wy. e' nQr\ml bEqEqhm pvwQn ap rt wOl kvEr# @[email protected]\ kWvw\ k`n\wvk\ ynE pvElk vtQn`m sm|pwyQ. w`mw\ ap sm`j kYmy wOl k`n\w`vt hQmQ vn\@n\ uss\ w#nkQ.

wm s\v`mQy` qRqr#vn\@g sQylE vgkWm| krt @gn dEk\ mhn\[email protected]\ @n`k` @n`bW wmn\@g\ swOt s#pw k#pkrn m$NQyn\ x`r\y`vn\ aqtw\ apQ awr sQtWm swOtE q`yky. wm|n\@g\ [email protected] rFkQy`v avX&w` swOt wm pvEl @[email protected]\ k#p krn k`n\w`vn\ sQtQn [email protected]\ rt bthQr rtvl ar\w q#k\vWm| axQxv` ynE a#w.

[email protected]\ ymk\ kQv yEwOmy, h#m k`n\w`vk\m ek [email protected]\ y#yQ sQwWm v#rqQy. k`n\w`vkt upwQn\m hQmQvQy yEwO ahQAsk km, w#n\pw\km, @g_rvy, nQhwm`nQkm [email protected] sm`jy wOl pQlQg#nWmt lk\vn ayErQn\ jWvw\ vWmt wrm| @w\r#mk\ n#wQ k`n\w`vn\ mt nm| @k`@wkOw\ mEn g#sW a#w.

evn\ ay nQs` sms\w k`n\w` pYj`vm apkWr\wQyt pw\vWm @n`v#l#k\vQy h#kQ kr#nkQ.

[email protected]\ sthn avsn m` @[email protected]\ lQymQ,
ar\} q#k\vWm| nm| @k`@wkOw\ kQv h#k. @k`@wkOw\ lQv h#k. kQnm| ar\} q#k\vWm| lWvq [email protected]\ @s`b`qm axQbv` kQsQvk\ kWmt @n`h#k
uwOm| m`w^w\ vy lbn\nt vrm| a#w\@w\ k`n\w`vt pmNQ.

[email protected]\ mwk wb` gw yEwOyQ.
[email protected]\ sQy s#ryk\ n`v @gt gw\wq, @kl\lk\ n`v @gt gwh#k\@k\ jWvQwyt ek\vrk\ pmNW.
@m| kQymnt nm| [email protected]`\g krn\nt k`tw\ b#rQ bv qnQmQ.

@vbW [email protected]\ lQpQyt amwr [email protected]

nQm| 7
NIM7 - ALWAYS WITH HONEST HEARTS