Author Topic: ත්‍රස්‌තවාදය මැඬලීමෙන් වසරකට පසු...  (Read 1677 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDEŽ
Advertisement
ත්‍රස්‌තවාදය මැඬලීමෙන් වසරකට පසු...

2009 මැයි 19 දින පිරබාහිරන් ප්‍රමුඛ එල්.ටී.ටී.ඊ. නායකයන් ද විනාශ කරමින් කොටි සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කරන ලද බව ජනමාධ්‍ය මගින් රටට නිවේදනය කරන විට සාමය ගරු කරන රටවැසියන්ට ඇති වූයේ අප්‍රමාණ ප්‍රීතියකි. නමුත් ඉන් වසරක්‌ ගෙවී යද්දී දැන් එය ඉතිහාසයට එකතු වූ සිදුවීමක්‌ සේ සැලකීමක්‌ දක්‌නට ලැබේ යෑයි කීම වරදක්‌ නොවේ.

1976 මැයි 14 වැනි දින වඩුක්‌කොඩේ සම්මේලනයෙන් එAකමතිකව තීරණය කරන ලදුව ප්‍රකාශයට පත් කරන ලද "ඊළාම්වාදය" නව දේශපාලන යුගයක ආරම්භය විය. දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ, ලංකා දෙමළ කොන්ග්‍රසය හා වතුකරයේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොන්ග්‍රසය යන ප්‍රධාන දෙමළ දේශපාලන සංවිධාන හා විවිධාකාර දෙමළ සංවිධානයන් එAකරාශී වී එAකමතිකව පිළිගත් "ඊළාම්වාදය" යනු උතුර හා නැගෙනහිර පළාත් වෙනම රාජ්‍යයක්‌ බවට පත්වීමය. මෙම අරමුණ ක්‍රියාවට නංවාලීම සඳහා පාර්ලිමේන්තු ක්‍රමය පමණක්‌ ප්‍රමාණවත් නොවන නිසා දේශපාලන ක්‍රියාවලියට අතිරේකව සන්නද්ධ අංශයක්‌ ද මැයි 14 ට දින 9 ට ප්‍රථම, එනම් මැයි 5 දා ආරම්භ කෙරිණ. එල්.ටී.ටී.ඊ. යනු එම යුද අංශයයි. 1977 මහ මැතිවරණයෙන් පසු ඒ. අමිර්තලිංගම් මහතා විරුද්ධ පක්‍ෂයේ නායකයා වූ පසු තම රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය සහිතව ලෝකය පුරා යමින් විදේශගත දෙමළ ඊළාම් අංශය ද (අද දෙමළ ඩයස්‌පෝරාව) සංවිධානය කෙරිණි. මේ අනුව බෙදුම්වාදී ඊළාම්වාදය යනු පෙරමුණු 3 ක ක්‍රියාකාරීත්වයක්‌ විය. 1. දෙමළ ඩයස්‌පෝරාව නොහොත් මතවාදී හා ප්‍රචාරක පෙරමුණ 2. දෙමළ දේශපාලන පක්‍ෂවල දේශපාලන පෙරමුණ (මෙහි ස්‌වරූපය කලින් කලට වෙනස්‌ විය), 3. සන්නද්ධ යුද අංශය නොහොත් එල්.ටී.ටී.ඊ. සංවිධානය.

එල්.ටී.ටී.ඊ. ය පරාජය කළ පමණින් බෙදුම්වාදය පරාජය නොවූ බව එනිසා අප තේරුම්ගත යුතුයි. ඉතිරි පෙරමුණු දෙක අද දින ක්‍රියාත්මක වේ. විදේශගත ඩයස්‌පෝරාව රටවල් 5 කදී ඡන්දයක්‌ පවත්වා එA හැම රටකදීම 94% ට වඩා වැඩි ඡන්දයක්‌ බෙදුම්වාදය වෙනුවෙන් ලබාගෙන ඇත. පලස්‌තීන විමුක්‌ති ව්‍යාපාරය මෙන්ම ඩයස්‌පෝරාව ද යුරෝපයේදී (දැනට ස්‌විට්‌සර්ලන්තය තෝරාගෙන ඇත) ඊළාම් රාජ්‍යය පිහිටුවීමට කටයුතු සම්පාදනය කර තිබේ. ලංකාව තුළදී දේශපාලන පෙරමුණට බලවත්වීමට අවශ්‍ය වෙන්නේ වැඩි වැඩියෙන් ඡන්ද පැවැත්වීම හා උතුරු පළාත් සභාව පිහිටුවීම පමණකි. පළාත් සභා ක්‍රමය අහෝසි කළොත් උතුරට ලැබෙන විසඳුම පළාත් සභාවකට වඩා වාසිදායක බව දෙමළ ජනතාව විශ්වාස කරති.

යුද්ධයෙන් හෙම්බත් වූ උතුරේ සාමාන්‍ය ජනතාව නැවතත් 1956 ට පෙරදී මෙන් දේශපාලන උනන්දුවෙන් අඩු වූ තත්ත්වයට පත්ව ඇත. දේශපාලන ක්‍රියාකාරීත්වය දේශපාලනඥයන්ට, උගතුන්ට, ව්‍යාපාරිකයන්ට හා මධ්‍යම පාන්තිකයන්ට දැනට සීමා වී ඇත ද ඉදිරියේදී නැවතත් දුප්පත් දෙමළ ජනතාව දේශපාලන අරමුණුවලට ආකර්ෂණය කරගත හැක. කෝවිල එම කටයුත්ත ගැන ක්‍රියාත්මක වනු ඇත. උතුරු පළාත් සංවර්ධනය කළ විට දෙමළ ජනතාව තම "වෙනම රාජ්‍යයක" අපේක්‍ෂාව අත්හරිතැයි කීම එAකපාක්‍ෂික දේශපාලන කියුමක්‌ පමණි. ගැඹුරට දිවූ මුල් ඇති තාක්‌ ගසක්‌ කාප්පාදු කිරීම නිසා එම ගස විනාශ වී නොයන බව කාටත් පැහැදිලිය. මතවාදී පෙරමුණ නොහොත් ඩයස්‌පෝරාව සහ දේශපාලන පෙරමුණ පරාජය කරන තුරු බෙදුම්වාදය අවසන් නොවේ. නැවතත් සන්නද්ධ අංශය හා ත්‍රස්‌තවාදය අවශ්‍ය නොවේ.

අද දින "ඊළාම්" යන වචනය පාවිච්චි කිරීමට දෙමළ ජාතිවාදීන් අකමැතිය. එA වෙනුවට "අපේම පරිපාලන එAකකයක්‌" යනුවෙන් සැර බාල වූ වචන ඔවුහු පාවිච්චි කරති. උතුරු පළාත තමාට ලබාගැනීමට යාපනේ උගතුන් අපේක්‍ෂා කළේ 17, 18 සියවස්‌වලදී පටන්මය. කයිල්‍යමාලෙයි, පරරාජසේගරම් උලේ, රාජමුරායි වැනි කෘතිවලින් එA බව පෙනේ. ඕලන්ද ආණ්‌ඩුවේ පෙළඹවීම මත 1935 දී මයිල්වාතනම් පුලවර් තම "යාල්පානම් වෛපව මාලෙයි" ලිවීමෙන් ලංකාව පිsළිබඳ දෙමළ ආධිපත්‍යයක්‌ අවශ්‍ය බව මුල්වරට ප්‍රකට කළේය. දෙවැනි 1929 දී රාසනායගම් මුදලිඳු විසින් පුරාතන යාපනය (Aබජසැබඑ Jaබෛa) යනුවෙන් කරුණු ආශ්‍රිත ශාස්‌ත්‍රීය ග්‍රන්ථයක්‌ කළේය. දෙවැනිව 1929 දී කාර්තිගේසු ඉන්ද්‍රපාලන් නමැති පේරාදෙණියේ ඉතිහාස කථිකාචාර්යවරයා විසින් "ලංකාවේ දෙමළ ජනාවාස හා යාපන රාජ්‍යයේ ආරම්භය" (ඕපසක seඑකකැපැබඑs සබ Ceහකදබ aබා එයෑ දරසටසබ දෙ Jaබෛa ණසබටාදප) නමින් ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ පශ්චාත් උපාධි නිබන්ධනය සඳහා ඔහුට පී. එච්. ඩී. (ආචාර්ය) උපාධිය ලැබිණි. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මෙම පිළිගැනීම වැරැදි බව පෙන්වීමට මැලි වූ ලංකාවේ සියලුම ඉතිහාස ආචාර්ය මහාචාර්යවරු මෙම යාපන රාජ්‍යය "ඓතිහාසික සත්‍යයක්‌" ලෙස පිළිගත්හ. අදත් ඔවුන් පවසන්නේ 13 වැනි සියවසේ සිට උතුරේ යාපන රාජ්‍යයක්‌ පැවතුන බවය. 1987 දී ජයවර්ධන ජනාධිපතිවරයාට ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට හා පළාත් සභාව පිළිගැනීමට සිදු වුණේ මෙම ව්‍යාජ මතය නිසාය.

වසර 3000 ක්‌ පැරැණි නිජබිමක්‌ කෙසේ වෙතත් 13 වැනි සියවසේ සිට හෝ උතුරේ යාපන දෙමළ රාජධානියක්‌ තිබුණේ නම් අප එA ගැන සැලකිලිමත් විය යුතුය. එබැවින් එහි සත්‍ය අසත්‍යතාව විමසා බැලිය යුතුය.

1. යාපනය අර්ධද්වීපයේ දෙමළ අගනුවරක හෝ රාජ්‍යයක පුරාවස්‌තු හෝ නටබුන් කිසිවක්‌ සොයා ගැනීමට නැත.

2. දෙමළ ගොවිතැන් ක්‍රමයක්‌ හෝ වාරිමාර්ග ක්‍රමයක්‌ නැති අතර යාපා පටුනේ කෘෂිකර්මයක්‌ ගැන අසන්නට නැත.

3. පෘතුගීසින්ගේ හා ඕලන්දයන්ගේ යාපනේ සිතියම් අනුව යාපන අර්ධද්වීපය කැලෑවකි. ජනාවාස තිබුණේ 4 පමණි. එනම් උතුර, නැගෙනහිර, දකුණු හා බටහිර වෙරළ ආශ්‍රිතවය. උතුරේ වැදිආරච්චි (අද වදමරච්චි), නැගෙනහිර පස්‌හෙළපාලි (අද පච්චලිප්පලෙයි), දකුණෙහි තෙන් ආරච්චි (අද තෙන්මරච්චි) සහ බටහිර වැලිගම (අද යාපනය) යන ආරච්චි කොට්‌ඨාස 4 න් සමන්විත මුදලි කොට්‌ඨාසයක්‌ ලෙස යාපනය පැවතිණි. මුදලි යනු මුදල් එකතු කළ අය බවද ක්‌වේරෝස්‌ පියතුමා පවසයි.

4. ආර්ය චක්‍රවර්ති රාජ පරම්පරාව ලෙස දෙමළ ග්‍රන්ථවල විස්‌තර කරන්නේ ආරියසිංහ නොහොත් "චින්කේ ආරියන්" රජවරුන් ලෙස හඳුන්වන මුදලි පරම්පරාවයි.

5. අනුරාධපුර යුගයේ පටන්ම බෞද්ධ විහාරස්‌ථානවල නටබුන් හා පුරාවස්‌තු දඹකොල පටුන (කන්කසන්තුරේ), නාගදීපය කදුරුගොඩ හා තවත් වෙරළ ආසන්න ප්‍රදේශවල හමුවන නමුත් හින්දු ආගමික ස්‌ථානවල නටබුන් සොයා ගැනීමට නැත. සුප්‍රකට නල්ලූර් කෝවිල යනු කෝට්‌ටේ හය වැනි පැරකුම්බා රජු විසින් සපුමල් කුමරුන් ලවා රන් කළ තුනක වියදමින් සාදවා දුන් කෝවිලයි.

6. පොළොන්නරු අගනුවර විනාශ කිරීමෙන් පසු අස්‌ථාවර වූ සිංහල රාජධානිය දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පල ආදී ලෙස තැනින් තැනට මාරු වී යද්දී යාපනේ ආර්යචක්‍රවර්තී මුදලි පරම්පරාව අර්ධ ස්‌වාධීන ලෙස පාලනය කළහ. නැවත එය සෘජුව කෝට්‌ටේට යටත් කර ගත්තේ හය වැනි පැරකුම්බා රජු විසිනි.

7. ලංකාවේ වයඹ දිග, උතුරේ සහ නැගෙනහිර ගව්වක්‌ පළල බිම් පටියක්‌ 1766 දී ඕලන්දයන් ලබාගත්තේ උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙනි. එබැවින් උතුර හා නැගෙනහිර කාට අයත්වීද යන්න පැහැදිලිය.

8. පෘතුගීසි ලියවිලි අනුව අවසන් පාලකයා වූ සන්කිලිගේ (1621) අගමැති නොහොත් ප්‍රධාන උපදේශක වූයේ ආනන්ද අමරකෝන් නමැති අයෙකි. සංකිලිගේ උපදේශක සභාව රැස්‌වූ විට එහි සිටි දස දෙනාම පෘතුගීසීන් විසින් එතැනම මරා දමන ලද අතර මෙම දස දෙනාම සිංහල බෞද්ධයන්ය. සංකිලිගේ බිසව බෞද්ධ තැනැත්තියකි.

9. ඕලන්ද යුගයේ යාපනයේ විශාලම ඉඩම් හිමියා වූයේ වසරකට රික්‌ස්‌ ඩොලර් පන්දහසක්‌ බිම්බදු උපයාගත් රත්නසිංහ නම් සිංහල අය බව ඕලන්ද ලියකියවිලිවල සඳහන්ය.

10. 1832 කෝල්බෲක්‌ කොමිෂන් සභා වාර්තාවේ පවා දක්‌නට ඇත්තේ ජැෆ්නාපටම්වල (යාපා පටුනේ) ගොවිතැන් නොතිබූ බවය. එමෙන්ම ස්‌ථිර ජන සංඛ්‍යාවක්‌ දැක්‌විය නොහැකි බව යාපනේ කලෙක්‌ටර් (පසුව ආණ්‌ඩුවේ එAජන්ත) පැවසූ බවයි. පැවතුනේ සංක්‍රමණික ජනගහනයකි.

කරුණු කිහිපයක්‌ පමණක්‌ ඉහත දක්‌වා ඇති අතර යාපන රාජ්‍යයක්‌ නොතිබූ බවට ආර්ථික, සාමාජික, ආගමික හා සංස්‌කෘතික සාක්‍ෂි බොහෝය. මේ සියල්ල අභිබවා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඉන්ද්‍රපාලන් මහතා ලද ආචාර්ය උපාධිය නිසා 13 සියවසේ සිට උතුරේ යාපන රාජධානියක්‌ තිබූ බවට අපගේ ඉතිහාසඥයන් විසින් ප්‍රකාශ කිරීම ජාතික අපරාධයකි. ලොව වෙනත් ශිෂ්ට රටක නම් දඬුවම් ලැබිය හැකි වරදකි.

1931 දී ඩොනමෝර් ක්‍රමය යටතේ ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු පසු දෙමළ ප්‍රභූ දේශපාලනය විසින් රටේ පූර්ණ පාලන ආධිපත්‍යය වෙනුවට පනහට පනහ නොහොත් සිංහල හා දෙමළ කතා කරන්නන් සඳහා සමාන මන්ත්‍රීන් සංඛ්‍යාවක්‌ ඉල්ලා සිටියහ. එයද අසාර්ථක විය. 1948 දී නිදහස ලැබුණු පසු රටේ මධ්‍යයේ බලය වෙනුවට දෙමළ බහුතරය ඇති උතුර හා නැගෙනහිර පළාත් 2 ට පෙඩරල් තත්ත්වය ඉල්ලමින් 1949 දී දෙමළ රාජ්‍ය පක්‍ෂය (ඉලංකෙයි තමිල් අරසු කච්චි) පිහිටුවා ගත්හ.

මේ වනතුරුත් දෙමළ දේශපාලනය ඉංගිලිසි උගත් මධ්‍යම පන්තියට සීමා වූ ප්‍රභූ දේශපාලනයක්‌ විය. එය වෙනස්‌ වුණේ 1956 දී සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසාය. ආණ්‌ඩුවේ රැකියාව ජීවනෝපාය කරගත් උතුර නැගෙනහිර දෙමළ ජනතාව ඉන් බිය වූහ. තමන් සිංහල නොදැනීම නිසා රජයේ රැකියාවලට ඇතුළු කර නොගනිතැයි ඇති වූ බිය තුළින් සාමාන්‍ය ජනතාව ද දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට දෙමළ දේශපාලන පක්‍ෂවලට හැකි විය. එA තුළින් උපවාස, සත්‍යග්‍රහ, රැස්‌වීම්, රැළි, පෙළපාලි, විරෝධතා, ඉල්ලීම් ආදිය තුළින් උතුරට හා නැගෙනහිරට පෙඩරල් රාජ්‍යයක්‌ ඉල්ලීමේ සටන දියුණු තියුණු කරගත්හ. අන්තිමට සියල්ල තීරණය වුණේ 1976 වඩුක්‌කොඩේ සම්මේලනයෙනි.

1976 මැයි 14 දා සමස්‌ත ලංකා දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන හා අන් සැම සංවිධානයකම නියෝජිතයන් වඩුක්‌කොඩේහිදී රැස්‌වී "ඊළාම්" සටන තීරණය කළහ. 1. උතුර-නැගෙනහිර සාම්ප්‍රදායික නිජබිම, 2. එහි දෙමළ ජාතිය හා 3. එම ජාතියට ස්‌වයංනිර්ණ අයිතිය යනු තේමාව විය. මෙය හුදෙක්‌ පාර්ලිමේන්තුව තුළින් ඉටුකර ගත නොහැකි නිසා එල්.ටී.ටී.ඊ. නමැති සන්නද්ධ අංශයක්‌ ද ආරම්භ කළහ. 1977 මහ මැතිවරණයෙන් පසු ඊළාම් දේශපාලන සටන ඇරැඹිණි. විදේශගත දෙමළ ජනතාව ද ඊට අනුග්‍රහය දැක්‌වූහ. නමුත් 1976 සිට 1986 දක්‌වා දස අවුරුදු කාලයක්‌ තුළ සටන් කිරීම මිස ප්‍රතිඵලයක්‌ නොවීය. එබැවින් කලකිරුණු දෙමළ ජනතාව යුද අංශය වන කොටි සංවිධානය කෙරේ වැඩි බලාපොරොත්තු තැබූහ. මෙම කාලය තුළ ඊරෝස්‌, ඊ.පී.ඩී.පී., ඊ.පී.ආර්.එල්.එෆ්., ටෙලෝ ආදී තවත් සන්නද්ධ තරුණ සංවිධානයන් ද බිහි විය. නමුත් බලවත් සන්නද්ධ ව්‍යාපාරය වුණේ වඩුක්‌කොඩේ සම්මේලනය විසින් බිහි කළ එල්.ටී.ටී.ඊ. විය. 1986 ඔක්‌තෝබර් මස චාවාකච්ෙච්රි පොලිසිය පුපුරුවා හරිමින් පළමුවැනි ඊළාම් යුද්ධය ඇරැඹුවේ ඔවුන් විසිනි.

1987 දී කොටි සංවිධානය පැරදවීම සඳහා යාපන අර්ධද්වීපයේ සටන් සිදුවද්දී වදමරච්චි සටනින් කොටි පරාජය වී සටන් අවසන්වීමට තිබියදී ඉන්දියාව මැදිහත් වී එය නවතා පෙඩරල් ක්‍රමයක්‌ වූ පළාත් සභාව ලබාදුනි. නමුත් පිරබාහිරන් ප්‍රමුඛ කොටි සංවිධානය එය ප්‍රතික්‍ෂේප කළ නිසා ලංකාව තවමත් එAකීය රාජ්‍යයක්‌ ලෙස පවතී. පෙඩරල් පාලනයක්‌ අනවශ්‍ය වූ ඉතිරි පළාත් 7 එය භාරගති. බෙහෙත බීවේ නිරෝගී අයයි. ඔවුහු ලෙඩ වූහ.

1987 සිට කොටි නැඟෙමින් වැටෙමින් හා සටන් විරාම ඇති කර එAවා කඩ කරමින් සාම සාකච්ඡා පවත්වමින් ක්‍රමයෙන් බලවත් වූහ. නමුත් පිරබාහිරන්ගේ මානසික විකෘතිය නිසා අරමුණක්‌ හා සැලැස්‌මක්‌ නොවීය. 1995 රිවිරැස මෙහෙයුමින් යාපනය අල්ලාගත් විට මුලතිව් කැලෑව අලුත් කොටි බල ප්‍රදේශය විණි. 2002 පෙබරවාරි සටන් විරාම ගිවිසුම කොටි ජයග්‍රහණයක්‌ විය. කොටි බල ප්‍රදේශ රජයෙන් පිළිගැනීම, ඔවුන්ට නිදහසේ ගමන් කරන්නට හැකිවීම, කොටි පොලිසි හා උසාවිවලට ක්‍රියාත්මකවීමට ඉඩදීම ආදිය නිසා රටේ කොටසක පාලකයන්ගේ තත්ත්වයට එල්.ටී.ටී.ඊ. ය පත්විය.

අශුභ මොහොතක මාවිල්ආරු අමුණ වසා ජලය නිකුත් කිරීම නවතාලීමෙන් කොටි සංවිධානය තම විනාශයේ ආරම්භය විවෘත කරගත්හ. 2007 ජුලි 11 වන විට මුළු නැගෙනහිර පළාතම රජයේ ආධිපත්‍යයට අවනත විය. එA සමගම උතුරේ සටන අරඹන ලදින් උතුරින් බටහිරින් හා දකුණින් ආ සේනාංක මුලතිව් මූලස්‌ථානය අල්ලාගෙන 2009 මැයි 19 දින එල්.ටී.ටී.ඊ. සහ එහි සියලු නායකයන් වනසා දමා ඊළාම් යුද අංශය සම්පූර්ණයෙන් පරාජය කරන ලදී.

වැදගත්ම සිදුවීම නම් ඊළාම් යුද පෙරමුණ පමණක්‌ පරාජය කළ රජය විසින් බෙදුම්වාදය පරාජය කළ බව රටට ප්‍රචාරය කිරීමය. කැනඩාව, එක්‌සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඔස්‌ටේ්‍රලියාව හා ස්‌විට්‌සර්ලන්තය ආදී රටවල ඡන්ද පවත්වා ජයග්‍රහණය කර ලංකාවෙන් බැහැරදී ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමට ඊළාම් ඩයස්‌පෝරාව තීරණය කිරීම නිසා බෙදුම්වාදය පරාජය වී ඇති බව පැහැදිලිය. එල්.ටී.ටී.ඊ. වෙනම රාජ්‍යයක්‌ ඉල්ලීමට රජයේ විසඳුම වන පළාත් සභාවක්‌ උතුරට ද දෙන බව රජය ප්‍රකාශ කර ඇත. කුමන අලංකාර වචනවලින් කීවද මේ පෙඩරල් ප්‍රාන්ත ආකෘතියයි. පළාත් සභා සහිතව බලය බෙදූ විට එAකීය රාජ්‍යයක්‌ නැත. කොටි සංවිධානය නැති අද දින ඔවුන් සඳහා දුන් විසඳුම වන පළාත් සභාව තවදුරටත් පවත්වාගෙන යන්නේ ඇයි? එමෙන්ම මෙරට සුළු ජාතීන් නැති බවත් ඉන්නේ රටට ආදරය කරන හා රටට ෙද්‍රdaහිවන ජනකොටස්‌ දෙක බව ජනාධිපති ප්‍රකාශ කර ඇත. එසේනම් තවදුරටත් ජාතික කොඩියට සුළු ජාතික වර්ණ පටි දෙක අවශ්‍ය ද?

ඇසට වර්ණවත් ලෙස හා කනට මිහිරි ලෙස පෙන්වන හා අසන්නට ලැබෙන දේ නිවැරැදි ද? එමෙන්ම ගැලපේද යන්න තීරණය කිරීමට රටේ ජනතාව බුද්ධිමත් නොවේ නම් එබඳු සමාජයකට බලයක්‌ අහිමිය. එබැවින් කොටි පරදා උතුරේ යුද්ධය ජයගෙන ත්‍රස්‌තවාදය අවසන් කර වසරක්‌ ගත වෙන තැනදී මෙරට වැසියන් බුද්ධිමත් ලෙස සිතිය යුතුය. බෙදුම්වාදය අවසන් ද? නැතිනම් එය අවසන් කිරීම සඳහා කුමක්‌ කළ යුතු ද?.

ආචාර්ය සූරිය ගුණසේකර



Source:
Irida divaina (06 may 2010)

I'm on the way..