විවෘත සංවාද - open discussions > සිංහලයා පුවත් ඒජන්සිය | sinhalaya news agency

(UN)United Nations - the symbol of shamelessness ~~~

(1/1)

w乇乃ᄊム丂イ乇尺:
Image Version:
http://www.sinhalaya.net/store/UNCommitee27062010.jpg

සිංහලයා පුවත් ඒජන්සිය:
බෑන් කී මූන් මහත්තැන්ට අපි ගැන තියෙන කැක්කුම ඉහටම ගහලා.. අපි ගැන කිව්වට අපි ගැනමත් නෙමෙයි... කොටි ගැන.. ඕං ඒ පාර අර උපදේසක කමිටුවකුත් පත්කොර ගත්තා තමන්ට උපදෙස් දෙන්ඩ කියාල.. !

හැබැයි තවමත් අපේ රටේ ඉන්නව කොන්ද පණ තියෙන "මිනිස්සු" ටිකක් ! ඒ දේශමාමක මිනිස්සු ටික ඒ තීරණේට කෙලින්ම විරුද්ධ උනාට මොකෝ, තවත් සමහරු කියැව්වේ "අපි වැරැද්දක් කරලා නැත්නම් මොකටද ඔච්චර කෑගහන්නේ" කියාලා.. මෙතන තියෙන්නේ වැරදි කොලාද නැද්ද කියාල ප්‍රශ්නයක් නෙවෙයි නෙව, පුංචි උනාට අපේ ලංකාවත් නිදහස් රටක් ! ඒ නිදහස හෑල්ලු කොරලා පිටරට්ටුන්ට ඕනේ ඕනේ දේවල් කොරන්ඩ දෙන්ඩ පුළුවන්ද ආයිබොවන්ඩ ...

අන්තිමට උන් ඇවිල්ලා මේකේ කැත කරලා යනකනුත් බලන් ඉන්ට කියයි නෙව...
කොහොම උනත් සුද්දාගේ පස්ස සේදුවත් සැපයි කියාලා හිතාන ඉන්න ලැජ්ජ නැති එවුන් ටිකකුත් ඉන්නවානේ තවම... !

මේ බෑන් කී මූන් මහත්තයා එක්ක පෙළ ගැහිච්චි කොටි නැටි ටිකට මේ පහල උනු සත්ව කරුණාව අපේ හොඳකට නෙවෙයි කියාලා පහුගිය කාලේ සිද්ධ උනු දේවල් හරියට බැලුවානම් , ඕනේම මොලේ තියෙන කෙනෙකුට තේරෙනවා..

හැබැයි ඉතින් ඒව ඔය මැදවච්චියෙ, පාමංකඩ ගියපු, යුද්ද කරන්නේ ගොන්නුය කියාපු, සීනුවෙන් පටන් අරන් පඩික්කමට වැටුනු කාළකණ්නි රොත්තට නම් තේරෙන්නේ නැහැ.,,,
උන්දැලාගේ රාජකීය පිටරට කැස්ස තවම හොඳ වෙලා නැති පාටයි... අනෙක අර ජනරාල්ටත් දැන් හරි සනීප ඇති නෙව..?

ඒ කොයි හැටි වෙතත්,, මේ ඊයේ පෙරේදා ටැලිවිසොන් එකේ පෙන්නුවානේ අපේ බවලත් උදවිය කීපදෙනෙක් උදම් අනන හැටි, තමන්ගේ මෝඩකම පෙන්නගෙන... පිටරට්ටු අපේ රට ගැන මේ තියෙන උනන්දුව "හරීම ෂෝක් ලු" ...! ඔය ඉතින් දන්න තරම තමයි...!

ඇයි හත් ඉලව්වේ,, මේ කොමිසන් දාන අමාරුව ඉස්සරත් තිබුනා නම්,, අර ප්‍රභාකරන් කියල මස් වැද්දා පොඩි දරුවො පොලවේ ගහලා මරද්දී,,, බස් වල බෝම්බ තියලා අහිංසක මිනිස්සු මරාදාද්දී ,,,කෝ ඔය ලොකු ලොකු රටවල් එක වචනයක් කිව්වද ? උන්ගේ දත කට පූට්ටු වෙලා වෙන්ඩැ උන්නේ !
අවුරුදු තිහක් තිස්සෙ ම මේ රටේ අසරණයො මරා දැමෙනව "නපුංසකයො" වගේ බලා උන්නු මේ මහත්තුරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ "අන්තිම කාලෙ දි ත්‍රස්තවාදීන් මැරුනෙ කොහොමද? කියල හොයන එක..."

තමන්ගේ ගේ හරියට තියාගන්ඩ ඕනේ අනුන්ගේ ඇද හොයන්ඩ කලින්..! ඔය ඇමෙරිකාව වත්, එංගලන්තේවත් තමන් කරපු අපරාධ ගැන කතා නැහැ...
ඇෆ්ඝනිස්තානේ, ඉරාකේ, වියට්නාමේ, ගාසා තීරේ උන් කරාපු අපරාධ හොයන්ඩ එකට දහයක් කොමිසන් දාන්ඩ වෙයි මූන් ගොයියට...
කොහෙද ඉතින් ඇමරිකාව, එංගලන්තේ කිව්වොත් ඉතින් මූන් උන්දැ අතපය හතරම උස්සගෙන නේ හෝයියා දාන්නේ ! ජාඩියට මූඩිය වගේ ඉන්නවා හිල්ටොන් නෝනා, බෙලෙක් උන්දැ, නවනීතන් පිල්ලිය එහෙමත් ...
තමන්ගේ ආයුධ ටික විකුණා ගන්ඩ, ඩොලර් කොල වලට කෙල හලන කාලකණ්නි හැත්ත !

මේ අල්ලපනල්ලේ, බෑන් කී මූන් මහත්තැන් ගේ උපදේසක කමිටුවෙන් අපිට "චාන්ස් එක" ගන්ට කියල කියාපි ඇමරිකාව ! ඔන්න බළලා පැන්නා මල්ලෙන් එලියට !
දැන් ඉතින් අපිට සුවර් ඔය කමිටුව ඇටෙව්වේ කාගේ උවමනාවටද කියලා...

දැන් මේ වැඩ වෙන විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානයට "එක්සත් ජනපද සංවිධානය" කියාලා දැම්මොත් හොඳයි කියාලයි අපේ නම් අදහස .....! මොනවා උනත්, එක්සත් ජාතීන්ගෙ සංවිධානෙ බැන් කී මූන් මහත්තයා අනා ගන්නෙ මෙතැන ඉඳල කියාල නං පේනව.. මොකද එක්සත් ජාතීන්ගෙ සංවිධානෙ කියන්නෙ ඇමරිකාවයි, අර ම්ලේච්ඡ බ්‍රිතාන්‍යයයි විතරක් නෙමෙයි... (ඒක අපි ඔක්කොම දන්නව වුණත් නොදන්නෙ බැන් කී මූන් විතරයි ) මේ සම්බන්ධ ව ඊ ලඟ එ.ජා රැස්වීමෙදි මොකක්ද වෙන්නෙ කියාල විතරක් බලං ඉමු...

- සිංහලයා පුවත්

මෙම පුවතේ ඉංග්‍රීසි සංස්කරණය මෙතැනින්:
United Nations - which did nothing for the innocent civilians massacred by the LTTE for 30 years, is now investigating how terrorists died ..!
http://www.sinhalaya.com/news/eng/2news2lanka2.php?go=fullnews&newsid=685

අදාල පුවත් :
Mr.Ban Ki Moon, SHAME ON YOU..! (a letter from a Sri Lankan)
http://www.sinhalaya.com/news/eng/2news2lanka2.php?go=fullnews&newsid=672

Ban Ki Moon, Navanethem Pillay voice up if you trully have a Backbone !!!
http://www.sinhalaya.com/news/eng/2news2lanka2.php?go=fullnews&newsid=676

Navigation

[0] Message Index

Go to full version