සමුගෙන අවුරුදු හතරකට පස්සේ
නිදහසක් ලැබුණි ලියනට රිසිසේ
අමතක කර සියළුම දේ මැස්සේ
මිතුරන් සිටීදැයි කොහේ මේ අස්සේ
කවි ලියු නිම්නය අමතක නොමවේ
අත දුන් සුදීර සීගිරි අද කොහෙවේ
කියවා දැක වියළුණු මතකය තෙත්වේ
වෙබියෝ කොහොම දැයි ඔබේ තත්වේ
එදවස ලියූ පරණ කවි එලෙසම ඇත්තේ
හැමදෙන සේම නිම්නය අද හැඩවී ඇත්තේ
සිතකින් නෙවෙයි එදවස මා සමුගත්තේ
අවසර ලියන්නට නැවතත් කවිපද හිතුමත්තේ
* දුකකට තියෙන්නේ පරණ පින්තූර විදිහට දාපුව යල්පැන ඇති එක පමණයි. ආයුබෝ වේවා සැම දෙනාටම. දෙන්න අවසර නැවතත් ඩොකා ගේ, "ජීවිතය කවියක්, කිසිදා නිමනොවන, විවිධ තනු පිහිටන" ලියන්නට.....