Author Topic: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,  (Read 15492 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #40 on: October 24, 2011, 02:13:18 PM »
Advertisement
සිහිනෙන් නෙවේ පැතුවේ හැබහින් නුඹව
පෙම හැර ගියේ  නුඹ කිසි  ගානක් නැතුව
මා තනි වුනේ හඩවත මත දුක් ගින්න
තවමත් දැනේ මා තනිවුන ඒ දිනය

හඩමින් ඉකි ලමින් කිව්වේ නවතින්න
අසරන නිසයි නුබ නැති කල මා ලොවම
පරසතු වෙන්න මා හැරගියෙ කවුරුන්ද
තවමත් හද දවයි සිහිවන විට ඔන්න

කුලුදුල් පෙමක තැවරුනු මගෙ ආත්මය
සතුටින් පුද දුන්නේ පතමින් ජීවිතය
හිමි වුනෙ ඒත් කදුලින් පිරි රාත්‍රිය
වැනසී ගියා මගෙ ලෝකය අනාතය

ගිනි දල්ලකින් කෑවම බැට පෙර දිනක
කන මැදිරි එලියත් බයකට මුලය
තනිවුන මාසිතත් තාමත් ඒ වගෙය
පෙම් කව කියන්නට හදවත බය වැඩිය
« Last Edit: October 24, 2011, 02:16:27 PM by @[email protected] »


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #41 on: October 24, 2011, 08:29:48 PM »
සිහිනෙන් නොවේ හැබහින් සෙව් බව දන්නේ
ඔබ හට තුරුළුව ගෙවූ පෙරදින     සිහිවන්නේ
පෙරදින හෙළු කඳුලැලි හද          හඬවන්නේ
එනමුදු නැවත මා ඔබ තනි      නොකරන්නේ

මව් සෙනෙහස ලඟ මා අසරණ වූ       පෙරදිනක
තුරුලට ගෙන ඔබ කීවේ කීකරු වෙන      ලෙසක
සැමටම නැතිව මිය යන්නට සිතු              දිනක
ඔබ නොව ලඟ සිටියෙ සැනසුම් බස් දී       නේක

ඔබ කී ලෙසට මා ජීවිතයට ජීවත්           වෙන්න
අවසර දුන්න මට අද විය දුක්              උහුලන්න
පෙරදින කී ලෙසට වැරදුනහොත්            එන්න
එනිසයි සිතුවෙ නැවතත් ඔබ වෙත          එන්න

කුළුඳුල් පෙමක තැවරුන ඔබෙ            ආත්මය
සමගින් එක්ව ඇත තාමත් මගෙ           ආත්මය
පෙර කී ලෙසට ගොඩනගනට               ජීවිතය
පරසතු වුවත් අද ඔබ ලඟ මගේ           ලෝකය

.....මුතූ.....
     


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #42 on: October 26, 2011, 10:37:02 AM »
කිව්වට කවියෙන් ආදරයේ විරහව කවි     කරලා
කව්රුද දන්නේ කොයි කාටද වැරදුනෙ    කියලා
හේතුව නොසෙව්වේ ඇයි ඇය ගියෙ කිමද   කියා
දොස් නැගුවේ ඇගෙ යෙහෙළිය හට තමයි    එදා


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #43 on: October 26, 2011, 05:43:41 PM »
වැරදුනෙ මටයි ඔහු ආදරෙ දමා           ගොසින්
පණමෙන් ආදරෙන් ඔහු සිටියේ මා      අසලින්
එනමුදු පිටු පෑ නොහැකි විය මාපියන්ට   ඉතින්
මග වැරදිලා අද අපි දෙදෙනා          විරහවෙන්

මුතූ


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline menu2290

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Female
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #44 on: October 27, 2011, 04:04:05 PM »
« Last Edit: October 27, 2011, 04:07:51 PM by menu2290 »

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #45 on: October 27, 2011, 06:20:28 PM »


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #46 on: October 27, 2011, 07:03:06 PM »
සින්නක්කර ලියා අරගෙන මගේ හද
මා හැර ගියා කදුලක් මට උරුම කර
බහදෙන දිනේ අමතකවිද මවුගෙ ගුණ
අසරන වුනේ පෙම්කල මම පුදපු පෙම

නුඹෙ ඔය හදේ දුක් ගිනි ගලනව දැකලා
කෙලෙසද ඉන්නෙ අවසර නොම දී කිපිලා
මා හද ගලක් කරගෙන දුක් ගිනි දරලා
අවසර දුන්නෙ පියබා යන්නට මිදිලා

පරසතු මලක් ලෙස මා ලග හද පුදලා
මගේ ආත්මය රිදවයි නුබ හඩලා
පෙරදින සේම තාමත් මා හද දවනා
අවසර මෙන්න පෙම ගන්නට රිසි ලෙසිනා


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #47 on: October 27, 2011, 07:07:13 PM »
කිව්වට කවියෙන් ආදරයේ විරහව කවි     කරලා
කව්රුද දන්නේ කොයි කාටද වැරදුනෙ    කියලා
හේතුව නොසෙව්වේ ඇයි ඇය ගියෙ කිමද   කියා
දොස් නැගුවේ ඇගෙ යෙහෙළිය හට තමයි    එදා


කාටද වැරදුනේ කියලා මම නොදනී
විරහව හදේ සිරවී ඇත මට දුකිනී
නෙතු මත ගලන කදුලක උනුසුම පේවී
දොස් පැවරීම නොහිතම සිදු වේවී


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #48 on: October 28, 2011, 12:23:09 AM »
මට වැඩි හොදට මගෙ හදවත දන්නෙ  නුඹ
මව් පිය අනට කීකරු වෙනු කිවෙ        නුඹ
වැරදුන දිනක ආපසු එනු කිවෙ           නුඹ
වැරදුන දිනේ ආපසු දොස් කීවෙ          නුඹ

සින්නක්කර ලියා ගත් ඔබගේ හද       මඩල
තාමත් එලෙස තියෙනව මගෙ හද      මඩල
යාමට නොහැකි වූ දින බිඳ පෙම්     කැකුල
යන්නට කීවෙ ඔබ සකසා සිත්           මඬල

දිවි ඇති තුරුම ඔබ පෙම ලඟ ණය   ගෙවමි
කුළුඳුල් පෙමින් සිටි ලෙස ඔබ ලඟ     හිඳිමි
සසර සරන තුරු ඔබ පමනක්             පතමි
යලි කිසි දිනක දුක් ගිණි ඔබ හට   නොදෙමි

පරසතු මලක් වුව යලි                   පුබුදාලා
ආදර සුවෙන් ගත සිත                නහවාලා
ඉන්නට ඔබේ තුරුලට වී             සැනසීලා
දුන් අවසරය පිළි ගමි මගෙ හිස        නමලා

.....මුතූ.....


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #49 on: October 28, 2011, 09:07:31 AM »
වැරදුනු මගක ගොස් ආපහු හැරිලා
නිවැරදි මාවතේ එන නුඹ පා සලලා
දුක් ගී ගැයූ හදවත මගෙ සනසාලා
අවසර දුනිමි නවතින්නට මා ගාවා

අමිහිරි මතක හද මලුවට රිංගනවා
පෙරදින සේම යලි යාදෝ සිත් වෙනවා
උරුමය අරුම කරුමය දෝ ලතැවෙනවා
ආපහු ගියොත් පෙම වලලා මම යනවා

වරදට සමා දෙන්නේ ආලය හින්දා
රිදවූ මත්ක අමතක කර යලි කැන්දා
පෙම් කල හිතේ වයිරය ඇත දුක හින්දා
ආපහු වැරදුනොත් මොනවා වේ විද මන්දා


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline menu2290

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Female
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #50 on: October 28, 2011, 09:47:11 AM »

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #51 on: October 28, 2011, 10:08:41 AM »


උඩවැඩියා උඩ පිපුනම ලන්වෙන්නට බෑ
පරසතු මලේ රොන් ගන්නට අසරන මට බෑ
වදනින් කෙසේ සැනසෙන්නද කියන්න මට බෑ
අහිමි සුවද විද ගන්නට මට අවසර නෑ


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #52 on: October 29, 2011, 01:48:12 PM »
වැරදුනු මගක ගොස් ආපහු හැරිලා
නිවැරදි මාවතේ එන නුඹ පා සලලා
දුක් ගී ගැයූ හදවත මගෙ සනසාලා
අවසර දුනිමි නවතින්නට මා ගාවා

අමිහිරි මතක හද මලුවට රිංගනවා
පෙරදින සේම යලි යාදෝ සිත් වෙනවා
උරුමය අරුම කරුමය දෝ ලතැවෙනවා
ආපහු ගියොත් පෙම වලලා මම යනවා

වරදට සමා දෙන්නේ ආලය හින්දා
රිදවූ මත්ක අමතක කර යලි කැන්දා
පෙම් කල හිතේ වයිරය ඇත දුක හින්දා
ආපහු වැරදුනොත් මොනවා වේ විද මන්දා


මඟ වැරදුනේ කෙළෙසකදැයි නුඹ   දන්නේ
නිවැරදි මඟත් නුඹමයි මට     පෙන්වන්නේ
දුක් ගී ගැයූ හදවත අද          සැනසෙන්නේ
කිසිදා නොයන ලෙස නුඹ ලඟ මා  ඉන්නේ

අමිහිරි මතක කිසිදින සිහි      නොකරන්න
පෙරදින ලෙසින් කිසිවිට යලි බැහැ  යන්න
කරුමෙට උරුම දුක් ගිනි වලළා      ඔන්න
ආපසු නොයන ලෙස ආවේ මෙහි   ඉන්න

වරදට ඔබෙන් මම ලද මේ             සමාව
අමතක නෙවෙයි පෙර දින වූ         පමාව
වයිරය තවත් ඇතිනම් නුඹේ සිත       ගාව
පිළිගත් හැකිද ආදරයෙන් යලි          මාව


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #53 on: October 31, 2011, 05:11:01 PM »
ජය පැරදුම නිතරම මේ උරුම ලොවේ
පෙරටයි යා යුත්තෙ අප පසු පසට නොවේ
නිවැරදි මග බලා පායුග නගන දිනේ
කෙලෙසද හැරයන්නේ මතකයි බැදපු පෙමේ

කරුමය උරුම කරගත් දුක් ගිනි වලලා
තනිවූ හදවතේ තනිකම මග හරවා
ආපසු නොයන ලෙස ආවම මා සොයලා
හදවත ඉකිබිදියි නුබ පෙම ඉල්ලාලා

දුක් ගී ගැයූ හදවත මගෙ සනසාලා
බොදවුනු සිරියහන මා වෙත ලැබදීලා
පෙරදින ලෙසේ ප්‍රේමෙන් මුසපත් වීලා
උනුසුම විදිමු අපි එක යහනක සැතපීලා


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #54 on: November 04, 2011, 12:15:57 AM »
ජය නොව සදා පැරදුම හිමි මේ         මාහට
මග වැරදුන දා මා ලඟ සිටි              ඔබහට
පෙර බැඳි සෙනේ වැඩි වී ඇත    මේලෙසට
හැර යා නොහැක සිහිනෙන්වත් යලි මෙමට

කරුමය උරුම යැයි නුඹෙ සිත        සිතුවාට
තනි වී ඇතැයි හැම විට නුඹ             කීවාට
ආපසු යති ඔබේ සිත ඉකි              ගැසුවාට
කිසි දින යන්නෙ නෑ මම පිටුපා         නුඹට

දුක් ගී ගැයූ හදවත නිති              සනසාලා
බොඳ උනු සිරියහන යලි හැඩ වැඩ   කරලා
පෙරදින සේම ආදරයෙන් යලි       වෙලිලා
උනුසුම විඳිමු හැම දින අප          සැනසීලා 


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #55 on: November 14, 2011, 09:03:56 AM »
පෙරමග පිය නගන දින මා අත් හැරලා
සිතුවිලි මෙලෙස ඇයි නාවේ මල් පිපිලා
වැරදුනු දිනේ මගේ ආදරේ මතු වීලා
සරනක් වුනිද හද මඩලම සනසාලා

පිය නැගු මාවතේ කිරුලට හිමිකාරී
උරුමය නුබේ වී නම් අද කිම වේවී
හැමදා උරුම තනිකම මගෙ ලගපේවී
නුබ තුටු සිතින් බුදු පහනත් දල්වාවී

වුනදේ සිදු වුනා ලෝකය කැරකෙනවා
ආලය නිසා හදවත ගිනි උහුලනවා
ඒ ගිනි නිවන්නට නුබ ආපහු එනවා
වියකුනු සිරියහන තුටුවී දගලනවා


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
« Reply #56 on: November 16, 2011, 11:09:25 PM »
පෙරමග පිය නැගුවෙ යායුතු වූ        හන්දා
සිතිවිලි හැම දිනම තිබුනේ ඔබ ලඟ රන්දා
වැරදීමට පෙරද ඔබෙ ආදරෙ හද     රන්දා
මගෙ ජීවිතය ඔබ වෙනුවෙන් දුක්    වින්දා

පිය නැගු මාවතේ කිරුළට         හිමිකාරී
වුව හැකි උනා සිටියානම් වී        සිරකාරී
ඔබ හද නොවෙන ලෙස දුක් ගිණි   බේරී
බුදුනට කීවෙ වෙන්නට ඔබෙ     හිමිකාරී

ලෝකය කැරකුනත් ඔබ මා එක  සිතිනේ
ආලය නිසා ඇයි නුඹ දුක්     උහුලන්නේ
නුඹ හට අවැසි සැනසුම මා සතු  වන්නේ
වියකුනු සිරියහන සැමදින හිනැහෙන්නේ   


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)