Author Topic: ගූගල් වෙතින් "ගූගල් ටීවී" ! Google introducing "Google TV"  (Read 2986 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
Advertisement

හැමදාම බලන, එකම ආරේ රූපවාහිනී වැඩසටහන් වලින් හෙම්බත් වූ අපට, "ගූගල්" (Google) වෙතින් හඳුන්වා දුන් නවමු අත්දැකීමක් ගැන කියන්නයි මේ හදන්නෙ..

දැන් ගූගල් හී නවතම නිපැයුම, "ගූගල් ටීවී" (Google TV) තුලින් වෙබ් අඩවි හරහා අප නරඹන ක්‍රීඩා, නාට්‍ය, අධ්‍යාපනික  වැඩසටහන් හැමකක්ම රූපවාහිනිය තුලින්ම නරඹන්නට හැකියි..! එමෙන්ම, ඔබේ ප්‍රියතම වැඩසටහන ප්‍රචාරය වන වෙබ් අඩවියත්, රූපවාහිනියත් එක විට එකම තිරයෙන් නරඹන්නට "ගූගල් ටීවී" පහසුකම් සපයා අවසන්...

අන්තර්ජාලය නුදුරේදීම තවත් එක චැනලයක් බවට පත්වේවි.  ඔබේ ප්‍රියතම වැඩසටහන් චැනල සහ වෙබ් අඩවි වලට කෙටි පිවිසුම් යොදන්නට හැකි නිසා රූපවාහිනී තිරයත්, පරිගණක තිරය තරමටම ඔබට හුරු පුරුදු වේවි.
ඔබ ඔබගේ "ස්මාර්ට් ෆෝන්" (Smart Phone) උපකරණය හරහා පිවිසෙන අන්තර්ජාලයේ "ඇමසෝන්", "ට්විටර්" (Amazon, Twitter) වැනි සියළු භාවිත "ගූගල් ටීවී" තුලින් අඩු නැතිවම ඔබේ රූපවාහිනී තිරය තුලම දිස්වේවි..

එහෙයින්, ඔබේ රූපවාහිනියේ හෝ අන්තර්ජාලයේ ඔබට අවැසි සියලු දේ එකම විට සොයන්නටත්, වැඩසටහන් නරඹන්නටත්, ඔබේ "ස්මාර්ට් ෆෝනය" දුරස්ථ පාලකයක් ලෙස යොදා ගනිමින් රූපවාහිනියේ වැඩසටහන් හසුරුවන්නට ඔබට "ගූගල් ටීවී" පහසුකම් සපයා තිබෙනවා.  මේ විධාන දීම ඔබගේම කටහඬ උපයෝගී කරගෙනත් (Voice Commanding) කරන්නට හැකි බව ඔබ දන්නවා ද ?

ඔබට "ඩිෂ් ටීවී" චැනල පාරිභෝගිකයෙක් නම්, අන්තර්ජාලයේ ඔබේ ප්‍රියතම වැඩසටහනක් නරඹන අතරේ, රූපවාහිනියේ විකාශනය වන ඔබගේ තවත් සිත් ගත් වැඩසටහනක් ඔබට අතපසු වේ යැයි දැන් ඔබට සංකා ඇති විය යුතු නැහැ. සැටලයිට් චැනල, රූපවාහිනී, කේබල් රූපවාහිනී චැනල මෙන්ම අන්තර්ජාලය සමග මනා සහයෝගීතාවයකින් මෙන්ම මුහුවකින් ද ක්‍රියාත්මක වෙන "ගූගල් ටීවී" නිසා ඔබේ ප්‍රියතම වැඩසටහන විකාශය වන වේලාව කල් තියා දැන, එය පටිගත කර (Podcasting) පසුව නැරඹීම ඔබට දැන් සුළු දෙයක්...!


අප මේ සඳහන් කල විස්තර වලට වැඩියෙන් යමක් දැන ගන්න නම්, මෙන්න මේ යොමුවට පිවිසෙන්න..
http://www.google.com/tv/


සිංහලයා ෆැන්ටසි නිම්නය වෙනුවෙන් මං,
ආශා නානායක්කාර



Image Version :


« Last Edit: October 28, 2010, 11:56:00 PM by Asha Nanayakkara »

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®

තාක්සනේ දියුණු වෙන ඉක්මණ බොලං..!

"ගූගල් ටැලිවිසොං" බලන්න නං ඉතිං ටිකක් විතර අතමිටත් දිග අරින්ට වෙනව කියලත් අපේ ඇත්තො දැනගන්නව හොඳා..
"ගූගල් ටැලිවිසොං" එක හයි කොරගන්ට ඔය ඇත්තන්ට තවත් අඩුමකුඩුම ටිකකුත් ඕනෑ..

අන්තර්ජාල වැඩකිඩ ඇති අළුත්ම ටැලිවිසොං එකක් ( ගූගල් නං කියන්නෙ Sony Internet TV ගන්ඩ ය කියල..)
( http://www.sonystyle.com/webapp/wcs/stores/servlet/CategoryDisplay?catalogId=10551&storeId=10151&langId=-1&categoryId=8198552921644751998&XID=O:sit:googlehp_corp_display#/Feature_DualView )

එහෙමත් නැත්තං,
දැනට ගෙදර තියෙන ටැලිවිසොං එකට හයි කර ගන්ට ඕනෙ කරන අඩුමකුඩුම ටිකකුත් ඕනෙ කියන්නෙ ඔය... ( ගූගල් කියන විදිහට නං Logitech RevueTM  හරි  Sony® Internet TV Blu-ray කට්ටලයක්..)
( http://www.logitech.com/en-us/smartTV?WT.mc_id=usym_redir_partner_google-overview&strf=partner )

හැබැයි ආයිබොවන්ඩ,
මෙව්ව හරි මිලයි... ඒ කියන්නෙ අස්ප ගණං..

තාක්සනේට ආසා එක ඇත්ත.. ඒත් ආසාවට ගූගල් ටැලිවිසොං බලන්ඩ ගිහින් හතරවටේට ම ණයතුරුස් වෙලා අමාරුවෙ වැටෙනව නෙමේ ඕං..

- ෆැන්ටසි රාළ




Image Version:



« Last Edit: October 26, 2010, 11:19:31 PM by WEBMASTER® »
I'm on the way..