Author Topic: "Sinhalaya Modaya - Kavum Kanna Yodaya" (Edited/ Unicode Version)  (Read 10447 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE
Advertisement
"සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා"

මේ පද පේලිය ඔයාලටත් නිතර ඇහිල තියෙනවාට කිසිම සැකයක් නැහැ...
මේ ඒ ගැන ඔයාලගෙ දැනුමට යමක් එකතු කරන්න ගත්තු පුංචි උත්සාහයක්..

" දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ ලන්දේසි එක්ක යුද්ද කරනකොට.... ලන්දේසින් අතින් මැරිල වැටිච්චි අපේ සිංහල සොල්දාදුවො හැම කෙනෙකුගෙම වගේ කරේ කැවුම් මල්ලක් තිබිල තියෙනව.."

සටනින් මැරී වැටිච්චි ඒ වීර සිංහල සොල්දදුවන්ගෙ මිනී දිහා බලං උන්නු ලන්දේසිකාරයො අවඥාවෙන් හිනාවෙලා "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියල කිව්වලු..

ඒ වගේ "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන කියමන අපේ ම සිංහල බැලයන් ලවාම සමාජගත කරන්නට පරදේසක්කාරයො එදා ඉඳලම කටයුතු කලා.. ඒක කලේ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල මිනිස්සුන්ට අවමන් කරන්න කියන එක තේරුම් අරන් ඉන්නෙත් අද ඉන්න කීයෙන් කී දෙනා ද?

"සිංහලයා යනු මෝඩයෙකි" කියන මානසිකත්වය සිංහලයන් අතරෙ ව්‍යාප්ත කරන්නට එදා උන්නු පරදේසක්කාරය යොදාගත් උප්පරඇට්ටියට අහු වෙච්චි අද ඉන්න අපේ ඈයොත් "බූරුවො" වගේ කරන්නෙ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල ජාතියට දැන හෝ නොදැන අපහාස කිරීමක්..

තව ප්‍රශ්ණයක්..
දැන් ඔයාල අහයි අපේ මිනිස්සු කැවුම් මල්ලක් අරන් යුද පිටියට ගියෙ අහවල් එහෙකට ද කියාල.. ??

හේතුව මේකයි.. කැවුම් කියන්නෙ, තෙල් සහිත ටිකක් බර ආහාරයක්.... දින ගණනක් උණත් නරක් නොවී කල් තියා ගන්න පුළුවන් විදිහෙ ආහාරයක්.. ඉතිං අපේ මිනිස්සුන්ට බත් ගෙඩියක් ගෙනියනවට වඩා කැවුම් මල්ලක් ගෙනිච්චෙ බත් මුලක් දවසකට වඩා නරක් නොවී තියා ගන්න බැරි හේතුව නිසා..

ඉතිං,
අළුතින් හිතන්න.. පිට මිනිස්සුන්ට අපේ දේශීය චින්තනයට, අභිමානයට හානි කරන්න ඉඩ දෙන්න එපා.. ඒ වගේමයි, අපේකමට හානියක් සිද්ද වෙන විදිහෙ වචනෙකටවත් "සපෝට් එකක්" දෙන්න එපා අද ඉඳලවත්.. බුද්ධිමත් වෙන්න... මෙවන් පරගැති ගතිසිරිත් තවත් පරම්පරාවකට යන්න දෙන්න එපා...

ආයිත් සැරයක් කවදහරි
"සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන දේ තව කෙනෙකුට කියනවද නැද්ද කියාල තම තමංගෙන් ම ප්‍රශ්ණ කරගන්නව නං හොඳා..


- චන්න ඊ. කටුවාවලගේ



Image Version:


« Last Edit: October 18, 2010, 04:51:15 PM by WEBMASTER »
I'm on the way..

Offline crush99

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 18
Re: "Sinhalaya Modaya - Kavum Kanna Yodaya" (Edited/ Unicode Version)
« Reply #1 on: June 24, 2011, 03:19:52 AM »
mata mea gana poddak pahadili karala deanavada?
"sinhalaya MODAYA" kiyana eakea tearumea. MODAYA kiyanea mona nisada?
Crush

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE
Re: "Sinhalaya Modaya - Kavum Kanna Yodaya" (Edited/ Unicode Version)
« Reply #2 on: June 24, 2011, 10:40:38 PM »
උඹ අහනදේ පැහැදිලි නෑ මචං..  :022:

mata mea gana poddak pahadili karala deanavada?
"sinhalaya MODAYA" kiyana eakea tearumea. MODAYA kiyanea mona nisada?
Crush
I'm on the way..

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: "Sinhalaya Modaya - Kavum Kanna Yodaya" (Edited/ Unicode Version)
« Reply #3 on: June 25, 2011, 09:07:20 AM »
mata mea gana poddak pahadili karala deanavada?
"sinhalaya MODAYA" kiyana eakea tearumea. MODAYA kiyanea mona nisada?
Crush

Modaya kiyanne oya vage prasna ahana nisa evage mole nethivunta kiyana samana padayak nisa  :dft012: :57:


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: punchi nangilaa mallilaa wenuwen punchi satahanak
« Reply #4 on: October 20, 2011, 10:48:39 PM »
පුංචි නංගිලා,මල්ලිලා,දූලා පුතාලා ඔයාලා වෙනුවෙන් මගේ කාලය පොඩ්ඩක් වැය කරලා ගොඩාක් වටිනා දෙයක් ගැන ලියන්න හිතුන මට.ඔයාලා දන්නවද අපිට අපේ අම්මා තාත්තා තරම්ම වටින එයාලා වගේම ආදරයෙන් රැක බලා ගතයුතු වස්තුවක් ඔයාලට මට තියෙන බව.ඒ තමයි අපි ඉපදුන අපේ මව් බිම.අපි උපන් රටට මව් බිම කියලා හඳුන්වන්නේ එයට අපේ අම්මට තරම්ම වටින කමක් තියෙන නිසයි.ඉතින් ලෝකයේ ජීවත් වන ජනතාව අතුරින් වාසනාවන්තම ජනතාව වන්නේ ඔබ සහ මම කීවොත් ඔබට සතුටුද?.ඇයි දන්නවද මම එහෙම කියනේ ශ්‍රි ලංකාව වැනි රටක් අපේ මව් බිම වීමයි අපේ වාසනාවට හේතුව.ඉතින් ඔයාලා දන්නවද මේ ලස්සන රට හඳුවන්න ඇත අතීතයේ ඉඳලා නම් කීපයක් භවිතා උන බව.ඒ නම් වලින් අපේ රටේ වටිනාකම තවත් කියවෙනව.මම හිතන විදියට බොහෝ වෙලාවට ලංකාවෙන් පිට ජීවත්වන අපේ බොහෝ දරුවො මේ ගැන නොදන්නව විය හැකි.එසේනම් අපි දැනගනිමුකො ඒ ගැනත්.හෙළබිම,හෙළදිව,තම්බපන්නී,රත්නදීපය,ඉංදියන් සයුරේ මුතු ඇටය,සහ දැන් ශ්‍රී ලංකාව යනුවෙන් හඳුන්වන්නේ අපි ජීවත් වෙන මේ පුංචි ලස්සන රටයි.
         ඔයාලා දන්නවාද මේ පුංචි රට විශාලත්වයෙන් කුඩා වුත් ජනගහනය අඩු රටක් වුවත් මේ රට අද ලෝකයේ බොහෝ රටවලට වඩා ඉහලින් ඉන්නා බව.කොහොමද එහෙම වෙන්නෙ කියලා පුංචි ඔයාලා හිතන්න පුළුවන්.ඇත්තටම ඔව් ඒක එහෙම තමා ඇයි  එහෙම වෙන්නෙ කියලත් පුංචි ඔයාලට මම කියලා දෙන්නම්කො.අද ලෝකයේ ඉහලින් ඉන්න බොහෝ රටවල් එකතප්පරයකින් විනාශ විය හැකි තරමට ඒ රටවලට බලපාන ස්වාභවික විපත් ප්‍රමාණය වැඩි.ගිනි කඳු,ජලගැලීම්,සුලි සුලං,වැලි කුණාටු,හිම වර්ෂා වැනි බොහෝ ස්වාභාවික විපත් මෙන්ම ජාතිවාදී අරගල ආගම් වාදී යුද්ධ ලෝකයේ දියුනු බොහෝ රටවල විනාශයට හේතුවන හැටි අපි නිතර අසන්නෙමු.ඒත් අපේ වාසනාවන්ත රට ඒ සියල්ලන්ගෙන්ම නිදහස්ය.
      ඒ වගේම ලෝකයේ දියුණු බොහෝ රටවලට අනෙකුත් කුඩා රටවල් වලට පවා බලපෑම් ඇති කල හැකි අයුරින් ඒ රටවල් සම්පත් අතින් දුප්පත් බව දන්නවාද?ඔවුන්ට මුදල් කොපමණ ඇතත් වෙන රටවල් සැපයීම් නතර කලහොත් කුස ගින්නේ සිටීමට පවා සිදුවන අයුරින් සම්පත් අතින් හීන බව සැබෑවකි.ඒත් අපේ රට ඒ අතින් මහ ඉහලින් ඉන්න රටක් කීවොත් කුඩා ඔයාලා පුදුම  වනු නොඅනුමානය.ඇත්ත එයයි.බලන්න අපේ රටේ මෙ වෙනකොට මොනාද අඩුපාඩු කියල.විශේශයෙන් ආහාරයට ගන්නා සෑම දේම අපිට අපේ උනන්දුව ඇත්නම් මේ පුංචි රටේ නිපදවා ගත හකි බව ඔබ දන්නවාද.ඒ විතරක් නෙවී සම්පූර්ණ සරල ජීවිතයක් සඳහා අවශ්‍ය සියළුම දෑ අපි සතු බව දැන් දැන් අප රට සතු තෙල්,ගෑස් වැනි වටිනා දේ නිසා අපිට සිතිය හැකි නොවෙද.මෙවැනි වාසනා වන්ත රටක් අපි දිවි හිමියෙන් රැක ගත් යුතු බවනම් ඔබ අමතක නොකල යුතුය.

ඒ වගේම අපේ මේ පුංචි රට ඈත අතීතයේ සිටම අධිරාජ්ජ්‍ය වාදීන්ට යටත්ව තිබුන බව ඔබ අපි දන්නෙමු.ඒවගේම අපේ මුතුන් මිත්තන් යුද්ධ කොට අපේ රට බොහෝ අවස්ථාවලදි බේරාගත් අයුරු අපි ආසාවෙන් කියවන්නෙමු.එමෙන්ම මෑත යුගයක් වනතුරුම අපෙ රටේ පැවති ජාතිවාදී යුද්ධයෙන් අප රට නිදහස ලැබීමද අපි ලද භග්‍යකි.ඒ වගේම අනාගතේ දවසක ඔබට ඔබේ රට බේරගත් වීරවරයන් ඔබේ දෑසින් දුටු බව පැවසිය හැකි තරමටම ඔබ වාසනාවන්ත වෙලා.ඔවුන් සමග ඔවුන් නිදහස් කරගත් රටේ ජීවත්වෙන්න තරම් ඔබ වාසනාවන්තයි.
         එත් අපි අද කනගාටු විය යුතු කරුණක් ද ඇති බව මේ වාසනාවන්ත රටේ උපන් වාසනාවන්ත ඔබට කණගාටුවෙන් වුවද පවසිය යුතුය.මෙය ඔබට පවසන්න අදහස් කලේ හෙට රට බාර ගන්න ඉන්න ඔබ එවැනි දේ ගැන අවබෝධයෙන් සහ අවදියෙන් සිටිය යුතු නිසාවෙනි.අපි අද ලබා සිටින මේ නිදහසට සහා අපිටම හිමි අපේකමට නිගරු වෙන ලෙස ක්‍රියා කරන සමහර පුද්ගලයන්,සහා මාධ්‍යන් පිලිබඳව ඔබ දැනුවත්ව සිටිය යුතුය.මුළු ලෝකයම ගරු කරන අපේ රටට නිගරු කරන ක්‍රියාවන්,කථාවන් කරන්නේ අපෙ රටේ උපන් අපේම මිනිසුන් යැයි සිතීමට පවා පිළිකුල් සහගත නොවෙද?ඒත් අපි කොතරම් අකමැති වුවද සත්‍ය එයම නොවේද.මේ දේවල් පිළිබඳව මම පුංචි ඔබ සමග බෙදා ගන්න අදහස් කලේ අද ඔබ දැනුවත්ව සිටියොත් හෙට ඔබට එයට එවැනි ක්‍රියාවන්ට විරුද්ධව කටයුතු කල හැකි නිසාවෙනි.ඒ වගේම ඔබ ලෝකයේ මොන රටක උපත ලැබුවත්,මොන රටක ඉගෙනුම ලැබුවත්,ඔබ දෙමාපියන් ඔබ ලාංකිකයෙකු ලෙස හඳුන්වන්නේනම් ඔබ ඔබේ මව් බිමට මෙනම් අපේකමට ගරු කරමින් ජීවත් වෙන්න උත්සහ දරන්න.අපිටම කියල හිමි සදාචාරයක් ඇතිබව අමතක නොකරන්න.....පරගැති සිරිත් ඔළුවට නොගන්න....ලෝකයේ කොතැනක දුටුවත් ශ්‍රී ලාංකිකයකු යන අභිමානයෙන් ජීවත් වන්න.....අපේකමට......අපේ රටට....හානිවෙන ලෙස ක්‍රියා කරන ඕනම පුද්ගලයෙකු ලඟ සිහළකමින් නැගීසිටින්න.

.....මුතූ.....


 


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)