nE@B| sEsEmk sQnQqE unEsEm
q#@nnwOr# mm lAvEn`....
hWn @p`qQ b#[ a`q@r\ lg
nE@B| n`@mn\ s#wpEn`.........
nEhEr# vQlst m@gn\ smE@gn
@vn hqk\ @vw lAvRn`
mwk mA@pw vQvr kr@gn
h@q\ qEk mm s#gvEv`.....
@l`@v| @k`w#nk @k`@h`m hQtQyw\
nE@B| mwky mwO@vl`
sQhQn hErwl\ qkQn h#mkl
nEB nmQn\ @nwO @b`[ kl`....
g@w\ v`r#v @h`qt wQbEnw\
hQwt v`r#v n#wQ@vl`
am`vk rFy m@g\ qQvQyt
s$mq`km lA@vl`
Unicode version
නුඹේ සුසුමක සිනිදු උනුසුම
දැනෙනතුරු මම ලංවුනා....
හීන පොදි බැඳ ආදරේ ලග
නුඹේ නාමෙන් සැතපුනා.........
නුහුරු විලසට මගෙන් සමුගෙන
වෙන හදක් වෙත ලංවූනා
මතක මංපෙත විවර කරගෙන
හදේ දුක මම සැගවුවා.....
ලොවේ කොතැනක කොහොම හිටියත්
නුඹේ මතකය මතුවෙලා
සිහින හුරතල් දකින හැමකල
නුඹ නමින් නෙතු බොඳ කලා....
ගතේ වාරුව හොදට තිබුනත්
හිතට වාරුව නැතිවෙලා
අමාවක රැය මගේ දිවියට
අහිමි පෙම මත ලංවෙලා.........