Author Topic: ශ්‍රී ලංකාවේ පරිගණක සාක්‌ෂරතාව 20.3%  (Read 2756 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDEŽ
Advertisement
දෙදහස්‌ නවය වසරේ දෙවන කාර්තුව අවසන් වන විට මෙරට ජනතාවගේ පරිගණක සාක්‌ෂරතාව සියයට විස්‌සයි දශම තුනක්‌ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්ෂික වාර්තාවක දැක්‌වේ.

එම අගය දෙදහස්‌ හත වසර වනවිට සියයට දහසයයි දශම එකක අගයක පැවැති බව ද එම වාර්තාවේ සඳහන් කර තිබේ.

නාගරික ජනතාවගේ පරිගණක සාක්‌ෂරතාවය සියයට තිස්‌ එකයි දශම එකක අගයක්‌ වාර්තා කරද්දී ග්‍රාමීය ආශ්‍රිතව එම අගය සියයට දහනවයයි දශම හතරක අගයක්‌ ගනී.

දෙදහස්‌ හත වනවිට වතු ආශ්‍රිත පරිගණක සාක්‌ෂරතාවය හතරයි දශම තුනක්‌ වැනි අගයක්‌ වාර්තා කළ අතර එය දෙදහස්‌ නමය වන විට අටයි දශම හතර දක්‌වා අගයක්‌ වාර්තා කර ඇත.

පරිගණකය පිළිබඳ දැනුවත් භාවය දෙදහස්‌ නවය වසර වනවිට හතළිස්‌ තුනයි දශම අටක අගයක්‌ ගෙන ඇති අතර ඊට ඉහළම දායකත්වයක්‌ සපයා ඇත්තේ බස්‌නාහිර පළාතයි.



අකිත පෙරේරා
2/10/2010 (divaina)
I'm on the way..