Author Topic: වේගවත් ම සුපිරි පරිගණකය (Super Computer) චීනයෙන්..  (Read 1804 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺®

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 974
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
වේගවත් ම සුපිරි පරිගණකය (Super Computer) චීනයෙන්..

ලොව මෙතෙක් නිපදවූ වේගවත් ම පරිගණක හඳුන්වන්නෙ "සුපිරි පරිගණක" (super computers) නමින්.. ඉතිං එවන් පරිගණක අතරෙ මෑතක් වෙන තුරුම ලොව අංක එකේ රැඳී සිටියෙ ඇමරිකානු එක්සත් ජනපදයේ Cray XT5 Jaguar කියන සුපිරි පරිගණකය යි.. ඒ.එම්.ඩී. සකසන  (AMD processors) 37,376ක සුපිරි වේගයකින් යුතු මේ සුපිරි පරිගණකය නිපදවා තිබුණේ ඇමරිකාවේ "ඕක් රිජ් ජාතික පර්යේෂණාගාරයේ" (Oak Ridge National Laboratory) දී යි..

:013: ඒත්,
චීනයේ "ආරක්ෂක තාක්ෂණය පිලිබඳ ජාතික සරසවිය" (National University of Defense Technology) විසින් දැන් නිපදවා ඇති "චි‍යන්හේ-1ඒ" (Tianhe-1A) කියන්නෙ, අර කලින් කිව්ව ඇමරිකානු සුපිරි පරිගණකය ලොව අංක එකේ සිට දෙකට ඇදල දමන්නක්...!

රූප සකසන ඒකක NVIDIA Tesla M2050 GPUs (graphics processing units) 7,168ක් සමගින් "ඉන්ටෙල් මධ්‍යම සකසන ඒකක" (Intel Xeon CPU's)14,336ක සුපිරි ධාරිතාවයකින් යුතු මේ චීන සුපිරිතමයා දැනට ලොව සුපිරි පරිගණක අතර අංක එක බවට පත් ව තිබෙනවා..

එහෙනම් Made In China ලේබලය ආයෙත් පාරක් ඇමරිකාව දෙවෙනියට ඇදල දාල නේද?  :005:

- වෙබී




Image Version:

« Last Edit: October 31, 2010, 03:33:02 AM by WEBMASTER® »
එතෙර විදේසෙන් එන පරගැතියන් හට ලෙංගතුකම් පෙන්නූ
වාසිය හින්දම ඇහැකන වහගෙන නොදන්න තාලෙට උන්නූ
කළු සුද්දන් ටික එලවා ගන්නට අසිපත සුරතට ගම්මූ
මොකටද මේ වැනි උත්තම රටකට ඒ වගෙ බත් කන ගොන්නූ