Author Topic: ඓතිහාසික මුහුදු මහ විහාරය | Ancient Muhudu Maha Viharaya  (Read 2351 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
Advertisement
topic moved, pls. visit following url for requested contents..
http://www.sinhalaya.com/network/index.php/topic,4514.0.html
« Last Edit: October 29, 2010, 12:05:48 AM by WEBMASTERŪ »

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
ඓතිහාසික මුහුදු මහ විහාරයේ පුරාවෘත්තය කියවූ ඔබගේ අවධානය යොමුවිය යුතු තවත් කරුණු කිහිපයක් තිබෙනවා.

මේ මුහුදු මහ විහාරය පිහිටා තිබෙන්නේ ප්‍රධාන මාර්ගයෙන් තරමක් ඇතුලට වන්නට.
නමුත් නොදන්නා කෙනෙකුට එය සොයා ගැනීම තරමක් අපහසු වන්නේ පන්සලට මං සලකුණු කිසිවක් දැකිය නොහැකිවීම නිසාවෙන්.

විහාර වාසි හිමියන් පවසන අන්දමට, උන් වහන්සේ ආරක්ෂක හමුදා සොයුරන් සමග දෙවරක් ම පන්සලට එන මාර්ගය දැක්වීම උදෙසා බෞද්ධ කොඩි දැමුවත්, පන්සල අවට සිටින අන්‍යාගමික පිරිස් විසින් ඒ සියල්ල ඉරා දමා විනාශ කර තිබෙනවා.

එසේම, පෙර රජවරුන් විසින් පන්සල් භූමිය සඳහා අක්කර සිය ගණනක් සඟ සතුකොට පූජා කර තිබුනත්, දැන් ඒවා පවතින්නේ ශිලා ලිපි ලේඛන වල පමණමයි. අනවසර නිවාස ඉදිකිරීම් සහ බලහත්කාරයෙන් අත්පත් කරගැනීම් නිසා පන්සල් භූමියට දැන් ඉතිරිවී තිබෙන්නේ අක්කර 5කටත් අඩු භූමි ප්‍රමාණයක්.
ඒ තරමට හෝ පන්සල් භූමිය ආරක්ෂා වී තිබෙන්නේ පන්සලේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරී මහතුන් නිසා බව විහාරවාසී හිමියන් කෘතඥපූර්වකව පවසා සිටියා.

පන්සලට දාගැබක් සෑදීමේ කාර්යය අතරමග නවතා ඇත්තේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් යැයි සැලකෙන ගල්කණු 6ක් එම බිමෙන් මතුවී ඇති බැවින්. මෙසේම පන්සල් භූමියේ අනෙකුත් දිශා වලත් මෙවැනිම නටඹුන් හමුවිය හැකි බවට විශ්වාස කරන විහාරවාසී නායක හිමියන්, කැණීම් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නිරතුරු දැනුවත් කිරීම් කලත්, ඔවුන් නෑසූ කන් ව සිටීම ගැන උන්වහන්සේ කතාකලේ තරමක් කණගාටුවෙන් සහ අසතුටකින්. 

දැන් උන්වහන්සේලා ඒ උත්සාහයත් අත් හැර උපේක්ෂාවෙන් බලා සිටින්නේ මේ සඳහා බලධාරීන්ගේ මැදිහත්වීමක් ලැබෙන තෙක්.

කුමක් නමුත් ඉක්මනින් සිදුවිය යුතුයි. නැත්නම් අපේ වටිනා ඉතිහාසය ගැන සාක්ෂි දරන නටඹුන් විනාශ වී පොලවටම වැලලී ගිය පසු කිඹුල් කඳුළු හෙලීමෙන් පලක් නැහැ,