සහතික ඇත්ත.!
මං මේ ටිකත් එකතු කොරන්නම්කො තවත් ලුණු ඇඹුල් වැඩි වෙන්ඩ,..
පොඩ්ඩක් හිතේ මවා ගන්ඩ,,
"හෙට අනිද්ද ආජන්ටිනාවෙ ෆුට්බෝල් ටීම් එක ලංකාවෙ ටීම් එකකට පරාද වෙනව කියල ෆිෆා වර්ල්ඩ් කප් ෆයිනල් එකකදි.."
අන්න ඒ වගේ දෙයක් තමයි මේ ආණ්ඩුවටත් වෙන්නෙ..
නියම විදිහට ආණ්ඩුවක් පෙරළෙනව නම් පෙරළෙන්ඩ ඕනෙ දැවැන්ත ජන අරගලයකින් හෝ මැතිවරණයකින් උණත්, අද ආණ්ඩුවේ ඉන්න බූරු තඩියො දෙතුන් දෙනෙක් නිසා ආණ්ඩුවට වෙන්නෙත් ඒකම යි.
ඇයි ඉතින්, දැවැන්ත සංවිධාන ශක්තියකින් සහ ජන බලවේගෙකින් යුතු විපක්ෂයක් එක්ක හැප්පිල පරාද වෙනව වගේයැ
නන්නත්තාර වෙලා කුජීත වෙච්චි, සත පහකට වැඩක් නැති, ජනතාවගෙන් අතුගෑවිල ගිය හිඟන්නො රැළකට සෙකන්ඩ් වෙන්ඩ සිද්ද උනොත්?
කටුනායක සිද්ධියෙදි උනෙත් ඒකමයි.
අර කවුරුත් ගණන් ගන්නෙ නැති ජේවීපී මදාවි දෙතුන් දෙනෙකුගෙත් "ලේ අසාව" සංසිඳුවල, උන්ව ෆෝම් කරල, මහින්ද මහත්තයගෙ ආණ්ඩුවට අත් උණේ එසේ මෙසේ "කිණ්ඩියක්" නෙමෙයි. ආණ්ඩුවේ ඉන්න බූරු ඇමැත්තො දෙතුන් දෙනෙක් වගේම, අර පී.බී. ජයසුන්දර වගේ "ජන මනස නොහඳුනන" රාජ්‍ය නිලධාරි දෙතුන් දෙනෙක් නිසා ආණ්ඩුව නිකන් දෙකේ කොලේට වැටිල කියලයි මට නම් හිතෙන්නෙ.
- ජනපතිවරයගෙ බ්‍රිතාන්‍ය සංචාරය.
- ජගත් මානව හිමිකම් සැසියෙ ලංකාව වෙනුවෙන් "හරියට කටක්" ඇරගන්ඩ අපේ උන්ට බැරිවීම.
- පාර්ලිමේන්තුවේ දි "ක්ෂයවීම", "කෝටි හතරක් වියදම් කරල හැදුව කිලෝමීටර් දෙකේ පාර" ගැන උත්තර නොදී පිස්සු කෙලින බූරු ඇමැත්තො.
- පාඩු ලබමින් ඉන්න තැපෑලෙ සාද වෙනුවෙන් කෝටි ගණන් වැය කිරීමට එහි ඉහල නිලධාරීන් කටයුතු කිරීම.
- "ශ්‍රී ලංකා ක්‍රිකට්" අවුලෙන් අවුලට පත්වීම, ලාබ ලබමින් ඉඳල අම්බානට ලෝකෙට ණය වෙලා කෝටි ගණනින් පාඩු විඳීම
- කටුනායක සිද්ධිය
මේ ඉහලින් සඳහන් කලේ මේ වෙලාවෙ මතකෙට ආපු කරණා දෙක තුනක් විතරයි. ඒ හැමදේම උනේ, ආණ්ඩුව ඇතුලෙ ජනපතිවරයා එක්ක සාර්ථක සම්බන්ධීකරණයක් කරන්ඩ තරම් දක්ෂ මිනිස්සු ටිකක් නැති නිසාවෙන්.. ජනපතිවරයා වටේ ගුණ ගායනා කර කර ඉන්න වන්දිභට්ටයින්ට මේ රට තිබ්බත් එකයි නැතත් එකයි..
රට ඕනෙ උඹට අපිට මිසක් උන්ට නෙමෙයි.
රට දිනන යුද්දෙදි නං අපි මේ ආණ්ඩුව එක්ක උන්නා රටට තියෙන ආදරේට, (කටින් විතරක් නෙමෙයි, යුද බිමටම ගිහින්..) ඒත් දැන් නම් මේ ආණ්ඩුවේ "සැලසුම්කරණය" අන්තිමයි, නාස්තිය උපරිමයි.