Author Topic: pissage pala malla  (Read 23500 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
pissage pala malla
« on: November 06, 2010, 07:56:13 PM »
Advertisement
pQs\s`@g\ P\L` ml\l
cQlW mQnQsEn\ 33 @qn`@g apEr# 33 k}`v..
 cQlWhQ "s#n\ @j`\s\" nm| atk`m` k`n\wry abQys [email protected]
rA h` wB nQ{Qy mQnQsEn\ 33 @[email protected]\ sQrkrmQn\ [email protected] pQvQsEm|
q\v`ry @t`n\ 700000 k\ pmN ps\ kn\qk\ kd` v#tW v#sW
[email protected]\y. @p`Lv mwO pQt sQt mWtr\ 700k\ adQ 2400k\ pmN yt
mQnQsEn\ pN pQtQn\ vll` q#mWmt @vr @yqE m`ry` jy g#nWmt
mEU mhw\ mQnQs\ iwQh`sytm axQm`nyk\ @[email protected]\ pEr` qQn
69 mEUl\@l\ p#vwQ  @[email protected] psEgQy 13 nQm`vk\ [email protected]| cQlW
@q\Xyt pmNk\ @n`v mEU @l`vtm a`dmbryk\ @mn\m
swOtt k[ELk\  @nwt emQnQ.
           @mm mQnQsEn\ 33 @qn` @b|r` g#nWm  glv` g#[email protected]
@[email protected]\ glv` gn\n` @wk\ qWr\G k`lyk\ jQvw\vE mQnQsEn\
@ls vr\}` @p`wt a#wOlw\ vQy.
              vsr 131 p#rNQ @mm [email protected]\ 2010 .08 .05 vn
qQn pQvQsEm| q\v`ry ps\ vlQn\ v#sW  y`mw\ smg a#[email protected] 33
k}`v  ek\wr` @lskQn\ pEqEm shgwy..
        33 @n\ k}`vt 33n en vQqQy
 01.. pwl wOl mQnQsEn\ 33 @[email protected]\ sQrvWm
 02..It qQn 17psEv enm| [email protected]`\s\wO ms 22 [email protected]\ vn\@n @mm
        qQny ayw\ vn\@n\ 2010 [email protected]\ 33 vn swQyty
 03..22.08.2010 @mm qQny ekwO kl vQtq en\@n 33
        22+08+2+0+1+0=33
        @mm qQny qW wm` nQX\cQw @lsm km|kr#vn\ jWvw\ vW
       sQtQn bv q#ngw\ qQny
  04 mWtr\ 688k\ @p`Lv mwO pQt sQt g#BErt sQqEr# krmQn\
       tW-130 vQhQqEm| yn\wYy mQnQsEn\ sQtQn w#n\t smWp vE bv
       h#g vWm sqh`  km|kr#vn\ ym| q#nEm| qWmk\  [email protected]\y ey tW-130 v#d ptn\ @gn qQn 33kqQ
  05.. "ap 33 @qn` nQr#pqQYwv a`vrnyk\ yt sQtQnv` " kQy`
         lQy` evn lq s\@pn\s\ [email protected]\ wQbEn @k`l k$l\@l ak\;r
        33kQ.
  06..km|kr# pQrQs @br` g#nWm sqh` yvWmt avX& pWnQk\s\
       nmQn\ nm| kl k#p\sEly yvWm s[h` tW-130 yn\[email protected]\
      vQqQn lq [email protected]\ ary @s.mW.33kQ ehQ vQX\km|by 66kQ
   [email protected] glv` g#nWm sQqE vE @y\ ek\ vw`vkt ek\@kn`
        b#gQnQ e' anEv @g`dgn\n` ay aslm wQbE @r`\hlt @gn
       y`m s[h` gQln\ r}yt  vQn`dQ 33 k\ [email protected]\ k`lyk\
        gwvEnQ.
   08..33n\ vw`vk\ gQln\ r} @r`\hl @vw @g`s\ a#w
   [email protected] @[email protected]@m| avs`n @kn` @g`d gn\n` lq\@q
         ok\@w`\br\ 13 @vnQq`y ey 13.10.10  @ls lQyE kl
         ekwOv 33 kQ  13+10+10=33
               @mm @br` g#nWm mw lQyvEn 33 k}`v cQlW @[email protected]\
sQqEvEn q ap @q\[email protected] It h`w\ps kw`vk\ sQqEvQy enm|,
             a#n\[email protected]`\ 02 n#mwQ bhE qQn y`wY`v hm|bn\@w`tQn\
pQtw\ [email protected]\ ok\@w`\m|br\19 @vnQq`y 20 @vnQ qQn h#n\[email protected] @mm
y`wY`v k`r\mQk @q`\;ykt lk\vWm @h\[email protected]\ @m| mQnQsEn\@g\
sQw\vl sEU g#s\mk\ a#wQ @n`vEn`t nm| s#kyk\ n#w qQn 3k\
@[email protected] y`wY`v sq`g#nWmt @n`h#kQ @vn vQt hQwt
q#@nn g#s\m @qgOn @wgOn vRn bv nm| nQs#ky.
       q#n\ gwyEwO @h`[m kQYy` mr\gy a`{`r il\l`
@g`dbQmt pNQvQdyk\ yvWm pmnQ q#ngw\ @m`vEn\ kOd`v#l\@l\
@q`\NQ nm| y`wY`@vn\ @g`dbQmt @[email protected]@nk\ evnlqQ.ovEn\ 24
vnqQn p`n\qr @g`dbQmt p#mQN g`l\l vr`y,@p`LWsQyt,
n`vQk hmEq`vt ,vw\wl @p`LQsQyt qn\v` a#w.
                     25,27,29, [email protected] @rd`r\  m{&s\}`[email protected]\ y`wY`v
h` sm|bn\q vW  wQbEnW m` @my ml\lt qm` gn\n` aq qQny 2010.11.06 @v
@[email protected] @wk\ @mm pQrQs @b|r`@gn n#w {Wvr am`w&AXyk\ a#wQ [email protected]\
[email protected]| {Wvryn\ anwOrkqQ gn\n` kQYy` m`r\g @m|v`q ovEn\ @[email protected]\ ik\mn\ kYm @yqvQy yEwO mn\q ovEn\ anwOrt v#tW a#w\@w @g`dbQmkqQ @n`vn nQs`y
ap rt [email protected]|tm mh syErk [email protected]` ehQ mw\s& smpw @g`dk\ sQtQnv` {Qvryn\ [email protected]|m in\nv kQy` uqm| ann ap [email protected]| vgkQv yEw\wn\ aq mEnQvw rkQn\@n\ ovEn\ {Wvryn\@g\ hqQsQ anwOrkqQ @b|r`g#nWmt kYmyk\ n#wQnQs` @[email protected]|q...? brk\ usElnvQt kr arQym em br wm`@g a#M mwt
kd` v#@tn bv sQAhl kQymnk\ [email protected]\ sQhQyt n#@gn\@n\ vgkQvyEwO ay q$s\ vs` sQtQ b#vQnQ.
                    cQlW @q\[email protected]\ mQnQsEn\ @br` g#nWm sqh` a#[email protected]` mQlQyn22k\ enm| r#pQyl\2,44,000,000kQ vQyqm| @kr#@v| e a#t ms\ nhr vlQn\ h#qQ mQnQsEn\ mQy y`mt @n`qW jWvw\ krvWmty ovEn\ ek\ [email protected]\ @[email protected]\ @yqvR mEql r#pQ:73.99.999.26 kQ [email protected]\ nm| ap @q\[email protected]\ @mm mQnQsEn\ @b|r` g#nWmt @myQt vd` mEqlk\ yyQq...? @m`vEn\ a#t ms\ @l\ nhr vlQn\ h#qEn ay @n`@vq...? @m| mQnQsEn\ @b|r` g#nWmt @n`h#kQ [email protected]`w\ vgkWm qrn\@n kvEq..?
                         pQs\s`@g ml\@l [email protected]\ opmNQ nmEw\ k$mt gn\n b#rQunw\ sQwn\nt pEUvn ...mWt .....pQs\s`

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala malla
« Reply #1 on: November 10, 2010, 08:22:56 PM »
                              -----mqEr# uvqEr-----
 
                              aq [email protected]\ [email protected]| pmnNk\ @n`v sAvr\qny @vmQn\ pvwQn wOn\vn @l`\[email protected]\ rtvl brpwl pYs\Nyk\ vn mqEr# uvqEr [email protected]\ [email protected]|q mElQk pYs\nyk\ vW a#w
                              m#@lrQy`v,brv`,@dAgO,@m`@L\ uN, v#nQ mqEr#v` vQsQn\ @b`\ krn vsAgw @r`\g nQs` [email protected]\ [email protected]| b`l, wr#N, mhU, jWvQw rFsk\ [email protected] [email protected] bv @n`rhskQ.
                              m` qrn mwy nm| @mm vsAgw w\w\vy a#wQvWmt mElQkv mQnQs` vgkQv yEwOy.ey
s{`rNQkrny krn\@n m` @m @h\wO nQs`y.
                              01:-mqEr# ghny v#dQ vQmt mQnQs` vQsQn\ krn lq @n`kl yEwO @q\ sQqEvW a#w e'nm| k^mQn`;k ,vl\ n`;k x`vQwy
                             ob q#[email protected]` a#wQ is\sr [email protected]\ vwOr b#s yn k`nE pq\qwQ vl jWvw\ un @p`dQ mQrQqQy msEn\ @k`pmn sQtWq .? aq em msEn\ apt q#k gw @n`h#kQ ek kng`tEvt kr#nkQ mn\q mqEr#v` wm vrQgy` @b`\ krn\@n [email protected]\y. k^mQn`;k ,vl\n`;k nQs` a#l,@q`l gAg` vwOr [email protected] s\w`nvl jWvw\ un wQw\wyn\,qn\dQ ,@k`rlQ,gp\pQ. v#nQ msEn\ aq v[vW @g`sQnQ. em msEn\ sQtQy`nm| mqEr#vn\ @b`\ vWm 80% pmN [email protected] b#vQnQ. mn\q @mm  mw\syn\ @g\ pY{`n a`h`ryk\ vn\@n mqEr# pQLv`-mqEr# pNEv`- yn sw`y. mQnQs` vQsQn\ krn lq @mm avQqQmw\ v#dsthn nQs` a`h`r q`[email protected]\ ek\ pEr#kk\ bQ[[email protected]`s\ hm`ry
                             02:-mqEr#vn\ plv` h#rWmt @y`q` gn\n` w`vk`lQk kYm...
                                        klk\ [email protected] [email protected]| mqEr# pWd`@vn\ mQqWmt mqEr# qMr v#nQ kYm x`vQw` [email protected]\y ey mt q#@nn\@n\ [email protected]\ r#q`vt @k`t|ty m`r#kl` v#nQy mn\q mqEr# qMr g#n vQsQv`sy w#bE mQnQs` [email protected]\ smwOlQw bv g#n aBml\ @r\nEvkvw\ w#kWmk\ @n`kr wm` a`h`ryt gn\n @y`\gt| @k`\p\py,w#bQlQ @k`m|by, kQrQht|tQy. p$l @q`rQn\ [email protected]`dt vQkr q#[email protected]|y. e'[email protected]\m  v`hn vlQn\ ayQn\ krn tyr\ mQnQs`t [email protected] [email protected] w#n\vlvQsQkl`. @[email protected]\ [email protected]`w\ mQnQs` vQsQn\ mqEr#v`t nv`w#n\ sks` qEn\ bv q#n\ @n`rhskQ. mqEr# qMr vlQn\ mqEr#vn\ mQy yn\@n n#w . mqEr# qMr ynE :- bW,[email protected]|s\ pvEdr\ @n`@h`w\ a#l\s\@t`nQy` @h`\ pyQns\ [email protected]\ kOdE
sW,es\2,-100 @p`l\ktE kOdE aMlkt hQl\ 100k\ hQyn w#nkQn\ h#@ln,sW,es\2 300 -aMlkt hQl\ 300k\ wQyn w#nkQn\ h#@ln kOdE,vr\N k`rk,@p`t$sQym| nyQt|@t|Yt|,pyQnmQn\@p`\tQ @h` dW a#lwWYn\,gm| ,jly @mn\n @m|v`yQn\ smn\vQw @qykQ. @my [email protected]\ sQqEvn\@n pyQnmQn\@p`t| @h`\ dW a#lwWYn\ v`wyt mEq` h#rWmyQ emgQn\ mqEr#v @mn\m mQnQs`q mw\ @vn bv a#w\ww kr#nkQ.
                                   wrM k`rW @l`\[email protected] mQnQs` prQsry g#n @n`sQw` krn @q\  nQs` iqQrQ prm|pr`vtq qEk\ vQqWmt q#n\ k`ly elbW a#w.
                                  sQwn\n [email protected] a`w` mEw\w` jWvw\ @vn k`@l mqEr#vn\ hQtQy mEw\ @m [email protected]\ @ld @b`\krn mqEr#vn\ hQtQy bv apQ @n`[email protected] vyQrs\ shgw mqEr#vn\ @[email protected]`vt @b`\ vn\@n @[email protected]\q..? @my nv @s`y` g#nWm| vl pYwQplyk\ q? n#w @h`w\ sAvr\qQw rtvl\  wmn\@g\ nQ;\p`qn 3vn\ @l`\[email protected] rtvlt [email protected] mEql\ kr g#nWm sqh` @mv#nQ vyQrs\ shQw mqEr#vn\ @b`\ kr mEq` hrQnvq?
« Last Edit: November 10, 2010, 08:25:19 PM by nsgalagedara »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala malla
« Reply #2 on: November 12, 2010, 05:43:41 PM »


               @mm @br` g#nWm mw lQyvEn 33 k}`v cQlW @[email protected]\
sQqEvEn q ap @q\[email protected] It h`w\ps kw`vk\ sQqEvQy enm|,
             a#n\[email protected]`\ 02 n#mwQ bhE qQn y`wY`v hm|bn\@w`tQn\
pQtw\ [email protected]\ ok\@w`\m|br\19 @vnQq`y 20 @vnQ qQn h#n\[email protected] @mm
y`wY`v k`r\mQk @q`\;ykt lk\vWm @h\[email protected]\ @m| mQnQsEn\@g\
දින 20ක් මුහුදේ අතරමංව සිටි ධිවරයන් 3දෙනා බේරා ගනී
 ගාල්ලෙ සිට මුහුදු සැතපුම් 235ක් ඈතින් මුහුදේ පාවෙමින් තිබුන ඇන්ජලෝ 2 නැමති යාත්‍රාව පසුගිය 7 වෙනිදා ජේ සුරිඳු නැමති යාත්‍රාවට මුනගැසී ඇත එම යාත්‍රාවෙ සිට ගොඩබිම හා පණිවිඩ හුවමාරු කර නාවික හමුදාවට දන්වා නාවික හමුදාවෙන් ඇන්ජලෝ 2 සෙවීමට ගිය සුරනිමල නැව එම ස්ථානයට ගෙන්වා ඔවුන්ව බේරාගෙන ඇත
මානව දයාවේ නාමයෙන් ඔවුන්ව සෙවීමට උත්සුක වු හා ඔවුන් සොයාගත් ජෙ සුරිඳු යත්‍රාවටත් නාවික හමුදාවටත් මාගේ ස්තුතිය පුදමි

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala malla
« Reply #3 on: November 15, 2010, 10:57:48 PM »
 :57:පුරාණ සිංහල ගැම් කියමන්
අප පුරාණ ගැමි වහරේ එන සමහර කියමන් වල වචනයේ පරිසමාර්ථයෙන්ම ව්ද්‍යාත්මක පදනමක් නොමැති උවත් ඔවුන් විද්‍යාවට එහා දෙයක් සිතු බව මෙම ලිපිය කියවන ඔබටද තේරෙනවාට සැකයක් නම් නොමැත. ඔවුන් මෙම බස මෙසේ වාක්‍යකට  ගොතා කටකථාවක් ලෙස විසුරුවා හරින්න මොවුන් යෙදු උපමා උපමේය නම් මිනිස් සිතේ මනෝමය චකිතයක් අකමැත්තක් ඇති කිරීමට තවමත් තුඩු දෙන්නේ ඔවුන් විසින් යොදාගත් ක්‍රමයේ ඇති සාර්තක බවයි. මෙම වදන් වල තියෙන්නේ සැඟවුන අරුතක් බව නොදත් කොළඹ පැලැන්තියට නම් මෙම වැකි මෝඩයන්ට කියපුවා කියා සිතෙනවා නොවනුමානයි. නමුත් ඔබ සිතන්න මෙම ආකාරයෙන් නිම නොවුනානම් අද පරම්පරාව වන ඔබට අසන්න තියා පොත පතකවත් කියවීමට නොහැකි වන බව මා සහසුද්දෙන්ම  දනිමි. තවද මෙම සැඟවුන අරුත් සහිත වදන් කටකථා කියන සංනිවේදන මාද්‍යයේ තවමත් ගලා යන්නේ ඔවුහු විසින් මෙම වැකිය නිර්මාණය කිරීමේදි යොදාගත් ක්‍රමයේ තිබෙන අපූර්වත්වයි.
       
      01.රෙදි වැල යටින් රිංගායන්න එපා ආයුෂ කෙටි වෙනවා........
                 රෙදි වැල  යනු රෙදි වේලීම සඳහා ගස් දෙකක ගැට ගසන රැහැන් පොටයි. බලන්න ඉහත සඳහන් වාක්‍ය මෙසේ නිම නොවුනානම් මිනිසා ඔය රැහැන් පොට  කිසි වගව්භාගයක් නොමැතිව හිතුන හිතුන තැන බඳිනවා නේද? නමුත් ආයුෂ අඩුවෙනවා කියන බයට ඔවුන් එය මිනිසුන් වැඩිය ගැවසෙන්නෙ නැති ආරක්ෂිත ස්ථානයක ගැටගසනවා. මෙම රෙදි වැල යටින් රිංගුවාට ආයුෂ අඩුවෙන කථාවෙ කිසි විද්‍යාත් මක පදනමක් නැති වුවත් රැහැන් පොට හදිසියෙවත් අපේ පියවි ඇසට  නොපෙනි එය හරයා යාමට උත්සහා කලොත් එය බෙල්ලේ පැටලී මරණය පවා සිදුවීමට පුළුවනි. එම නිසා මිනිසාගේ අවදානය රෙදිවැල බඳින මොහොතේ  අවදිකිරීම සඳහා  මෙම වැකිය යොදා ගන්නා ලදි.
           
       02.නියපොතු කපා පෑගෙන්න දමන්න එපා දුප්පත් වෙනවා..
                මිනිස් නිය යනු විස සහිත දෙයකි මෙම නිය කපා මිනිසා හිතෙන හිතෙන තැන විසිකල හොත් එම නිය කැබලි කුඩා දරුවන්ගේ කකුල්වල ඇනී පැසවා ගෙඩි කරන්නට පුළුවනි එම නිසා මෙම වහර මේ ව්දියට කියු විට දුප්පත් වෙන බියෙන් මිනිසා නිය කැබලි නොපෑගෙන ස්ථානයකට විසි කරන්නට පොළඹවයි.

         03. රාත්‍රියේදී ගෙ අතුගා එළියට ව්සිකරන්න එපා සිරිකත ගෙට එනේ නැහැ...
            මෙහි එන සැඟවුන අරුත නම් රාත්‍රියෙදි ගේ පිහිදන විට බිම හැලී තිබෙන ඉදිකටු ඇල්පෙනෙති හෝ වෙනත් වට්නා කුඩා දෙ නොදැනුවත්ව එලියට විසි වෙනවා එය සමහර විට ඔබේම කකුලේ උදේට ඇනෙන්න පුළුවනි
              04. ඉස්සරහා දොර පැත්තට ගේ අතු ගාන්න එපා සිරිකත ගෙට එනේ නැහ...
            ගෙයක් සාදන විට එම නිවසේ ඉදිරි දොර යොමු කරන්නේ හොඳින් වාතය ගලා එන පරිසරයකට. ඉතින් අප ඉදිරි පස දොර පැත්තට ගේ අතුගාගෙන ගිය විට වෙනේ  ඇවිස්සෙන දුහුවිලි නැවත ගේ තුලටම එන එකයි එසේ ඌ විට කොතෙක් අතුගෑවත් අතු නොගෑව සේ ගෙදොර පෙනෙන නිසා.
              ඔය වැනි සැඟවුනු අරුත් සහිත කරුනු බොහෝමයක් අප ගැමි වහරේ තිබෙන බවත් එවා යේ තියන සැඟ වුන අරුත එලියට ගෙන කියනවාට වඩා සැඟවීම තිබෙන එක හොඳ බවත් මම සිතමි. තව කාලයක් යනතෙක් ඔය වදන් මිනිසුන් අතර පවතී මන්ද මෙහි අති මනෝමය කරුනු නිසා මිනිසා එයට අවනත වන බැවිනි මේ කරුනු ටික මම කීවේ ඔය වැනි වදනක  කි විට නව පරම්පරාවෙ අය මොන හතරබීරි කථාවක්ද මේ කියා අහන නිසාය....
                                  පිස්සා

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala malla දුටුත් නොදුටුසේ ඇයි
« Reply #4 on: November 30, 2010, 08:20:44 PM »
අනන්තයක් බඳු ලෝක ධර්මයේ හදවත වු දේශයක උපදින්න ලැබීමත් මහත් වාසනාවකි. එහෙත් එක් මාවතකින් යා යුතු අන්ත දෙකක් එම මාවතේම දෙපැත්තට ගමන් කරයි කීවොත් මා නිවැරදිය.කෙටියෙන් කීවොත් සකිය දනව්වට රෝද දෙකම කැරකවෙන්නේ නැතිව එක ඉදිරියටත් එකක් පසුපසටත් කැරකැවුනොත් කුමක් සිදු වේද.?
     ලෝක දහමේ කොටස් ගෙන මිනිසුන්ට තේරෙන අයුරින් දේශනා කල දේශකයානෝ බොහොමයක් ලොව බිහිවී ඇත. ඔවුන් දේශනා කලේ මිනිස් දිවි පැවත්ම  යහමගට ගෙන ඒමේ ක්‍රියාවලියකි. ධර්මය වනාහි හොඳ නරක තෙරුම් කර දෙන සූත්‍රයකි.
       නීතිය ධර්මයට පසුව බිහිවු දෙයකි. මන්ද ලෝක ධර්මය මිනිසුන් බිහිවීමට කලින් බිහිවී තිබුනු බැවිනි. ධර්මයත් වර්ථමාන නීතියත් ඝර්ටනයක (හැප්පිමක )යෙදේ. නීතියෙන් කරන්නෙද මිනිසුන් නරකින් ඈත් කර හොඳ කියන අරුතේ බැඳ තබා ගැනීමය.
       එසේනම් ඔබට වටහා ගැනීමට  හැකි උදාහරණයක් ගෙනහැර දැක්වුවහොත් මිනිසා කල නොකල කටයුටු අප දහමේ මනාවට සිඟාලොවාද සූත්‍රයේ එවගේම පංච සීලයේ සඳහන් වේ. සුරාව ,සූදුව, අනුන්ගේ දේ ගැනීම,බොරු කීම ප්‍රාණගාතය මිනිසා පරිහාණියට පමුනුවන සාධකය.
   සිඟාලොවද සූත්‍රය ,පංච සීලය ගෙන හැර දැක්කුවොත් නීතිය හා ධර්මය අතර ඇතිවන ඝර්ඨනය මනාලෙස පිළිබිඟු වේ.
   සුරාව ,දහම අනුව තහනම්ය . නමුත් රාජ්‍ය නීතිය මගින් බලපත් නිකුත්කර මත් පැන් නිෂ්පාදනය බෙදාහැරීම විකිනීම  කෙරෙති
 සුදුව,දහම අනුව තහනම්ය, නමුත් අද කැසීනෝ ,ලොතැරයි වැනි සූදු නිත්‍යානුකූල කර ඇත
  ප්‍රාණගාත, දහමට අනුව තහනම් ය ., නමුත් බලපත් ඇති සත්ව ගාතනාගාර ඇත එවගේම මස් මාංශ වෙලදාම තහනමකින් තොරව කෙරෙති
   මෙයින් නීතිය හා ධර්මය අතර ඇති හැප්පීම ,නොගැලපීම මනාවට පිළිබිඟුවේ , දහම හා නීතිය අන්ත දෙකකි නමුත් මෙ දෙකෙන්ම මිනිසා යහමගට ගැනීමට  උත්සහා කරයි
       පිස්සාට නම් තේරුන විදිය මෙසේයි, ඔබට කෙසේද මෙය වැටහෙන්නේ.....?

   
    ******* මා දකින හා බලන විදියට වඩා පැහැදිලි විදියකින් ,ඔබට දකින්නටත් පෙනෙන්නටත් පුළුවනි**********


Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala malla
« Reply #5 on: December 06, 2010, 08:33:42 PM »
දේශපාලනය යනු හැමෝටම කෙරිය හැකි වැඩක් නොවේ. එයට කපටි මොලයක් තිබිය යුතුය. දුර දක්නා නුවනක් තිබිය යුතුය. මහින්ද රාජපක්ෂ වනාහි සිංහ ලීලාවක් තියන, කපටි මොලයක් තියන( සථානෝචිත නුවනක්) තියන  උකුස්සෙකුට වගේ දුර දැක්මක් තියන පුද්ගලයකි. ඔහු සමග දේශපලන පොර පිටියේ කරනම් ගහන්න අද මේ දේශපාලනයේ කෙනෙක් නැත.
      කෙටියෙන් කීවොත් විපක්ෂය හා අනෙක් විරුද්ද වාදීන්  හරියට සිංහයගේ ඇඟේ වහන ඇට මැස්සන් වැනිය , මහින්ද සිංහයෙකි සිංහය ඇඟ සොලවන විට මැක්කන් විසිවෙති කොතෙක් ලේ බීවත් මැක්ක්ට සිංහයා නැසිය නොහැක ඒ වගේම කවදාවත් මැක්කන්ට සිංහයෙක් විය නොහැක
      ඔක්ස්පඩ් යනගමනේ අතිවිය හැකි සිදුවීම් මහින්දගේ සිතට දැනෙන්නට ඇත එම කොටි විරෝදය ඔහු බලාපොරොත්තු වෙන්නට ඇත ජනාදිපති තුමා මෙම ගමන ගියේ ඕනම දෙයකට මුහුන දීමට සූදානමිනි.
     අපේ රටේ  බලු දේශපාලනය කරන විජාතික ගැත්තන් ජනාදිපති තුමාගේ ගමනේ හරය විනාශ කිරීමට කොටි හිතවාදීන්ට  උල්පන්දම් දීපු බව මාද්‍ය පුරා පැතිරී යති. සිංහල කියන ජාතියට නිගාකරන අප රට පාවාදෙන මේ කවලම් ජාන ඇති ඔල මොට්ටලයන් කලේ අපුරු මෝඩ කමකි මංද
අද මහින්ද ජනාදි පති තුමාට කියන්න  අපේ රටේ යුද්දයක් නැත, බඩු මිල ඉහල නිසා සාමාන්‍ය මිනිසුන් සමහරක් ඔහුගේන් ඈතට ගොස් හිටි අවදියකි. ජනාදිපති තුමාට කපන්න හැදු වලේ ඔවුන් වටුනු බවවත් ඔවුන් නොදන්නවා ඇත.
         රටක් කාලයක් පලනය කරන විට ජනතා ප්‍රසාදය අඩුවෙන එක ස්භාවික දෙයකි .හරියට නිතර දකින කුකුළගේ කරමලය සුදුපාටට පෙනෙනවා වගේ දෙයකි එහෙත් අද එංගලන්තයේ දී සිදුවු දෙයින් නැවත් ඔහු හැර ගිය ජනයා ඔහුවටා රොක්වුනි ඔවුන්ගේ අනුකම්පාව ලැබුනි මංද සිංහලයාගේ ලේ ඉක්මනින් රත් වෙනවා වගේම ඉක්මනින් නිවෙති.
   මහින්ද යනු අප රටේ ජනාදිපතිය ඔහු අප රටේ රාජ්‍ය නායකයාය නැවත ජන්දයකින් තීරනය ලබෙන තුරු ඔහු අපේ නායකයාය  ඔහු  අප රටේ පහල වු නායකයන් අතරින් අනගිබවනීය නායකයෙකි ඔහුව අරක්ෂා කර ගැනීම පක්ෂ විපක්ෂ කාගෙත් යුතුකමකි .නමුත් කවලම් ජාන ඇති මන්ද මානසික දේශපාළුවන්ට ඔහු හා අප රට ගැන කැක්කුමක් නැත මොකද ඔවුන් දේශපාලන බඩගෝස්තර වාදීන් නිසාවෙනි.
        පිස්සාට දෙශපාලන පක්ෂයක් නැත නමුත්  ඌට රටක් ඇත් එය රැක ගැනීම කාගෙත් යුතුකමකි.

    ******* මා දකින හා බලන විදියට වඩා පැහැදිලි විදියකින් ,ඔබට දකින්නටත් පෙනෙන්නටත් පුළුවනි**********

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala malla
« Reply #6 on: December 31, 2010, 10:14:42 PM »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
 :012:මම ටික දොහක ඉදං බලාගෙන උන්නා නිම්නයට නිර්මාන දාන්න දැන් අපේ අය කම්මැලි වෙලාද කොහෙද මොකද ඔයලට උනේ , අයි ලියන්නේ නැත්තේ.
  ටිකක් හිතන්න ඔයාලගේ හිතේ කැකෑරෙමින් මෝදු වෙන අදහස් අන් අයත් සමග බෙදාගෙන රසවිදින්න. ඒ වගේම අන් අයටත් ඒ ඔබ ළඟ සැඟවිලා තිබෙන දැනුම දෙන්න. ඔබේ නිර්මාණයක් කෙනෙක් බලා එය රසවින්දින කොට එයින් ඔබේ හිතට දැනෙන සතුට මිල මුදල් දීලා ලබාගන්න බෑ. එවැනි සතුටක් හිතට දැනෙන විට ඇතිවෙන ප්‍රබෝධය කියල නිම කරන්න බෑ
       යම් නිර්මාණයක් කරන විට එය මතුවන්නේ හදවතේ සියුම් තැන් වලින් එම නිසා බේ සිත තුල තිබෙන සියුම් ස්ථාන ප්‍රබෝධමත් වෙනවා වගේම එය කියවල නරබල  ඔවුන්ගේ හිත් ද සුවපත් වෙනවා
 හිතවත් නිර්මාන කරුවනි ඔබේ නිර්මාණ නැවත නිම්නයේ පළකරන්න ඒ වගේම නිර්මාණ දාන්න හිතාගෙන නිම්නයට නිර්මානයක් දා ගන්න දන්නේ නැති කෙනෙක් සිටිනවනම් (chat) එකට ඇවිත් අහන්න මේ සිංහලයා එකේ ඉන්න අය හොඳයි ඔබට උදවු කරාවී මම උනත් මේ කට නිර්මානයක් දාන්න අහගත්තේ නිම්7 ,අයිරිස් . වැනි අයගෙන්නොදන්න දේ දැනගැනීමේ කුතුහලය පොඩිකාලේ ඉදං මම ළඟ තිබුනා එනිසා එයා අසා දැනගැනීම මදිපුංචි කමක් නෙවි.
     
   හිතන්න ඔබ ළඟ තිබෙන නිර්මාන එපමන වටින්නේ නැහැ කියා ඔබට හිතෙනවා ඇති නමුත් ඔබේ නිර්මානය වෙන කෙනෙක්ගේ ජීවිට්තයේ අලුත් පරිච්ජේදයක්  ලියන්න පෙලෙබුනොත් ඔබට දැනේන සතුට  ඔබේ මුළු නිර්මාන හැකියාවට වඩා වටිනවා නේද සමහර විට ඔබේ මුළු නිර්මානයම නොවුනත් එයින් කොටසක් හො ඉදිරි පරම්පරාව උහකා ගනීවී නේද
           
                      නිර්මානයක් කරල අන් අය සමග බෙදාගන්න එයින් ජනිතවෙන සතුට ඔබට මිල මුදල් වලින් ලබාගත් නොහැක.......

******* මා දකින හා බලන විදියට වඩා පැහැදිලි විදියකින් ,ඔබට දකින්නටත් පෙනෙන්නටත් පුළුවනි********** :54:
« Last Edit: March 25, 2011, 02:29:50 PM by nsgalagedara »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
ඇමරිකානු නිවට වියරුව මැද පෙර දිග ගිනිතියයි
   ** ඇමරිකානුවා ලෝක පොලිස් කාරයද....?
 තමන්ගේ රටේ නැති සම්පත් වෙනත් රටවලින් මංකොල්ලා කා ගැනීමට බ්‍රිතාන්‍ය (එන්ගලන්තය ) 1800 ගනන් වල අනු ගමනය කල ක්‍රමය නැවත් අමරිකානුවා අනුගමනය කරති .මැද පෙරදිග මහා නිධානයක් ලෙස ඇති තෙල් සම්පත මංකොල්ලා කෑම සඳහා නොයෙක් කූට උපක්‍රම යොදා එම රටවල අභ්‍යන්තර කැරලි කෝලාහල ඇතිකර  එහි මානව අයිතිවාසිකම් කඩකරනවා යන මතය ලෝකයට දැනුම් දී ඔවුනට පහර දී එම රටවල් යටත් කර ගන්න මාන බලති.
මීට ඉහත සිදුවූ ආසන්නම  සිදුවීම අප හොඳින් දනිමු ඒ ඉරාකයට පහරදී එම රට ආක්‍රමනය කර එම රටේ තෙල් සම්පත මංකොල්ලා කාපු අයුරු කාටත් නොරහසකි එහිදී මානව අයිතිවාසිකම් උල්ලංගනය කල අයුරු මාද්ධ්‍ය මගින් මුළු ලෝකයටම  පෙන්වා දෙන ලදි...

අද ඇමරිකානුවා ලිබියාවට පහර දෙයි මන්ද ලිබියාවත් තෙල් ආකර වලින් පොහොසත් රටකි .එය මංකොල්ලා කෑමට අමරිකානුවා යොදාගත්තේ ලිබියානු ජනාධිපති ඒකාදිපතියෙක් යන වචනයි.
හොඳයි මෙසේ සිත මු. ලිබියානු ජනාධිපති එකාධිපතියෙක් කියා එය එම රටේ අභ්‍යන්තර ප්‍රස්නයක් එයට වෙනත් රටකට අත දැමීමට සදාචාරත්මක අයිතියක් වෙනත් රටකට නැත එය වෙනුවෙන් යුදමය කියාදාමයක් ගැනීමට කොහෙත්ම ඇමරිකානුවාට අයිති නැත . ඔවුන්ට කල හැක්කේ සම්බාදක පැනවීම පමනි.
 තව දෙයක් පැහැදිලිය එනම් ලෝකයා කියනවනම් ලිබියානු ජනාදිපති එකාධිපතියෙක්ය කියා ලෝකයාට කියන්න වෙන්නේ ඇමරිකානුව ජාත්‍යන්තර ඒකාධිපතියෙක් යන වගයි.
ඔබට මතක ඇති අපරටේ ඇතිවූ අභ්‍යන්තර ප්‍රස්නය එනම් එල්.ටි.ටි ප්‍රස්නය ඒ අවස්ථාවෙදි අපි මානුෂිය මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී අප දිහා උකුසු ඇසින් බලාගෙන අපේ රට මානව අයිතීන් වලට පටහැනිව යනවා කියා හඬ නැගූ සැටි වෙලාවට අපේ රටේ තෙල් සම්පත සොයාගෙන නොතිබුනේ නැතිනම් අපටද නිවට ඇමරිකානුවා බෝම්බ දමති.
   දැන් ඔබට හිතන්න කාලයයි එදා ඉරාකය ,අද ලිබියාව හෙට ...? මැද පෙර දිග රටවලට පහර දී තෙල් සම්පත ඇමරිකානුවා ඩැහැ ගත් පසු සංවර්ධනයේ ඉහලට නැග තියන බලවත් රටවල් වන චීනය ඉංදියාව කොරියාව රුසියාව වැනි රටවලට ඉන්දන හිගයක් ඇති කර එම රටවල් පහතට ඇද දැමීමට ඇමරි කානුවා පෙරුම්පුරන බව.

« Last Edit: March 25, 2011, 02:30:16 PM by nsgalagedara »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala malla
« Reply #9 on: May 11, 2011, 03:19:46 PM »









Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
Re: pissage pala malla
« Reply #10 on: May 11, 2011, 04:34:03 PM »
 :031: :031:  :031:

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala mallaකටුනායක අලගෝසුවො
« Reply #11 on: June 04, 2011, 07:55:01 PM »
කටුනායක අලගෝසුවො
නීතියේ වල් නෙලීමට දැන් කාලය එළබී ඇත.  අප රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුල සැගවී සිටින මංද මානසිකයන් ඉවත්කල යුතුය. මංද එම ආයතන වලට රිංගාගෙන සිටින නිසි අධ්‍යාපන සහතිකයක් නොමැතිව දේශපාලක්යගේ, බලවතාගේ ලිපියට රැකියාව උසස්වීම ලබාගන්නා මොවුන් නීතිය කුමක්ද යන්නවත් දන්නේ නැති නිසාය. ඔවුන දන්නේ තමාට රැකියාවට ලියුම දුන් හා පගාව දෙන දේශපාළුවට හා බලවතාට පන්දම ඇල්ලීම පමනි.
      මීට ඉහතද මෙවැනි තත්වයන් බිහිවිය. 1970 ගනම් වල පොළීසියේ ක්‍රියා කලාපය තාවමත් අප දෙමා පියන්ගේ සිත් තුලින් ඉවත්ව ගොස් නැත. පොළීසිය එම කාලයේ හැසිරුන නින්දාසහගත තත්වය තාමත් ඔවුන්ගේ සිත් තුල රැව්පිළිරැව් දෙන්නේය. ඔවුන් අපට පවසන්නේ එය එක් අඳුරු යුගයක් ලෙසිනි.
       1988-1989 කාලයේ අලගෝසු මාරයන් නැවත හිස එසවීය. මිනිසුන් අමු අමුවේ ටයර් සෑයන් වල දිවා රාත්‍රී අඟුරු බවට පත් කල යුගය අප මතකයේ තැම්පත්ව ඇත සෑම පාරක් මංසන්දියක් සොහොන් පිටියක් වූ යුගය  තවත් එක් අඳුරු යුගයකී.
   අවු:25 කට 30කට සැරයක් යම් අරගලයක් බිහිවීමත් අරගල කරන සංවිධානයක අවසානයක් ඇතිවන බව අප දනිමි මංද තරුන පරම්පරාවක් බිහිවීමත් තරුන පරම්පරාවක් පරිනත වීමත් අවු: 25ත් 30ත් අතර සිදුවන නිසාය
       කටුනායක ප්‍රහාරය නීතිය ක්‍රියාත්මක කරන  මේ ආයතනයේ එක් නින්දිත ක්‍රියාවක් නොවන බවත් මීට ඉහතදී බම්බල පිටිය  මුහුදේ  මහ දවල් තරුනයකුට පොළුමුගුරුවලින් පහරදී මරාදැමීමත් අඟුළානේ තරුනයන් දෙදෙනෙක් ගෙන ගොස් වෙඩිතබා ගාතනය කිරීමත් දැකිය හැක. මේ දකින දෙයය නොදකින දේ බොහෝ සැඟව ඇත එනිසා ඒවා ගැන කතා කිරීම ඵළරහිත දෙයකි. අද කටුනායක ප්‍රහාරයෙන් ජීවිතයක් බිලිගෙන හමාරය.
      ඇත්තය මෙය උසිගැන්වීමකි නමුත් කම්කරුවන් වෙනුවෙන් ගෙන එන පනත් වලට කම්කරුවන්ට  ප්‍රති ක්‍රියාව දැක් වීමට ඇති අයිතිය ප්‍රජාත්‍රාන්ත්‍රික රජයක තිබිය යුතු ගුනාන්ගයකි. මංද ඔවුන්ගේ අනාගතය ගැන ගන්නා තීන්දු තීරන ගැන කම්කරුවන්ට හඬ නැගීමට අයිතියක් ඇත. එසේ නැතැයි කියා යමෙක් කියනවානම් මේ රට එම පුද්ගලයාගේ බුදලයක් විය යුතුය.
         තරුනයන් උසිගැන්වීමට ඔවුන්ගේ සිත්වලට විසපෙවීමට ජේ.වී.පී එක හොඳට දනී. මංද ඔවුන් දනී තරුන අසහනය ඇතිකර ගිනි ඇවිල වීමට එය මනා ලෙස 1970 ගනම් වල හා 1980 ගනම් වල  ඔවුන් කලේය  එයින් ආන්ඩුපෙරළුනා සේම එම ආන්ඩු මිනිසුන්ට වහ කදුරු කලේය ඒ වගෙම තරුන තරුනියන් සෑහෙන ප්‍රමානයක් බිළි දුන්නේය.
      අපරටේ ආන්ඩුපෙරලීම හා අරගල බිහිවීමට  යම් ක්‍රයා කාරි සාදක ඇත ඒ: ජා: පක්ෂය පාරවල් ගානේ හට්ටි මුට්ටි පොළවෙ ගැසුවත් පොල් ගැසුවත් ජෝගි නැටුවත් ආන්ඩු පෙර ලෙන්නේ නැත ඒ ගැන දැනීමක් එ: ජා: පක්ෂයට වඩා ජේ.වී.පී එකට ඇත. 
      ආන්ඩුවක් පෙරලීම රාජ්‍ය අංශය යොදාගෙන කිරීම අසීරු කරුනකි මංද එම එම පක්ෂවල ලියුමට රැකියාව ලැබූ සේවකයන් එම රාජ්‍ය  අංශවල ඇත ඔවුන් මොන කරුන වුවත් තමාට රැකියාව දුන් රජයට ගැතිකම් කරති.
    ජේ.වීපී එකට රාජ්‍ය අංශයේ බලයක් නැත  ඒ වගේම ඔවුන් දන්නව මනා ලෙස රජයක් පෙරලන්න පුද්ගලික අංශය වගේම සිසු සිසු වියන් යොදා ගත යුතු බව ඒ ගැන නැවත කිව යුතු නැත 1970 ගනම් වල හා1980 ගනම් වල එය මන ලෙස ඔවුන් කලේය  එහි අතුරුඵලය නම් අදත් එ.ජා.ප.  විඳවති.
          මේ රජ්යේ ඔලමොට්ටලයි ඒක නොදන්නා සේය. ඔවුන් ජෙ.වීපී එක අවුලන්න හදන ගින්නට පිදුරු එක්ලස් කරන්න්නේය අපේ රටේ නීති ක්‍රියාත්මක කරන  ඔල මොට්ටලයින් දැන ගත යුතු කරුනක් ඇත එනම් මේ රජයත් දැන් අවු:20 සීමාවේ බව  නව පරම් පරාවක් බිහිවෙන කාල සීමාවේ බව.
  යම් අර ගලයක් බිහිකිරීම හා රජයක් පෙරලීමට ලේසිම ස්ථාන 2ක පුද්ගලික  අංශය හා සිසු සිසුවියන් නැගිට වීම මගිනි එසේ වීමට හේතුව නම් රාජ්‍ය ආයතනවල ඉන්නේ දේශපාලන ලිපියට රැකියාවට ආ පිරිසකි ඒ වගේම ඔවුන් පවතින රජයට ගැතිකම් කරති නමුත් පුද්ගලික ආයතනවල නියුතු හා සිසු සිසුවියන්ට දේශ පාලකයන්ට ගැතිකම් කිරීමට අවශ්‍ය නැත ඔවුන් තමගේ හැකියාවට මත ගමනක් යන කොටසක් බැවිනි ඒ අනුව ඔවුන් ව බිලී බාගෙන බිල්ලට දෙන කියාවට ජේ.වී.පී එක අත ගසා ඇත එය නොදත් නීති ක්‍රියා කරන ඔල මොට්ටලයින් පිදුරු එකතු කරති.
        බඩ ගැන කතා කොට රජයක් පෙරලීමට නොහැක මොකද කොපමන බඩු මිල ඉහල ගියත් අපරටේ තවම කොස් දේල් පොල් තිබෙන නිසාය. නමුත සිසු සිසුවියක තරුණ තරුණියක යම් රජයක් යටතේ ගාතනය වුයේ නම් අප දේමපියන් මෙන් කගෙත් සිත්වල අනේ අපොයි කියන කරුන මතුවෙති එම ගින් වැඩිහිටි සිත් කලකිරෙති තරුන සිත් අවේග ශීලී වෙති.

    ~~මා බලන විදියටත් මා දකින විදියටත් වඩා පැහැදිලි දසුනකින්
           ඔබට බලන්නත් දකින්නත් පුළුවනි~~

 

පිස්සාට දේශපාලන පක්ෂයක් නැත නමුත් ඔහුට රටක් ඇත.........


Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDEŽ
Re: pissage pala malla
« Reply #12 on: June 07, 2011, 02:16:01 AM »
සහතික ඇත්ත.!
මං මේ ටිකත් එකතු කොරන්නම්කො තවත් ලුණු ඇඹුල් වැඩි වෙන්ඩ,..

පොඩ්ඩක් හිතේ මවා ගන්ඩ,,
"හෙට අනිද්ද ආජන්ටිනාවෙ ෆුට්බෝල් ටීම් එක ලංකාවෙ ටීම් එකකට පරාද වෙනව කියල ෆිෆා වර්ල්ඩ් කප් ෆයිනල් එකකදි.."

අන්න ඒ වගේ දෙයක් තමයි මේ ආණ්ඩුවටත් වෙන්නෙ..

නියම විදිහට ආණ්ඩුවක් පෙරළෙනව නම් පෙරළෙන්ඩ ඕනෙ දැවැන්ත ජන අරගලයකින් හෝ මැතිවරණයකින් උණත්, අද ආණ්ඩුවේ ඉන්න බූරු තඩියො දෙතුන් දෙනෙක් නිසා ආණ්ඩුවට වෙන්නෙත් ඒකම යි.

ඇයි ඉතින්, දැවැන්ත සංවිධාන ශක්තියකින් සහ ජන බලවේගෙකින් යුතු විපක්ෂයක් එක්ක හැප්පිල පරාද වෙනව වගේයැ
නන්නත්තාර වෙලා කුජීත වෙච්චි, සත පහකට වැඩක් නැති, ජනතාවගෙන් අතුගෑවිල ගිය හිඟන්නො රැළකට සෙකන්ඩ් වෙන්ඩ සිද්ද උනොත්?

කටුනායක සිද්ධියෙදි උනෙත් ඒකමයි.

අර කවුරුත් ගණන් ගන්නෙ නැති ජේවීපී මදාවි දෙතුන් දෙනෙකුගෙත් "ලේ අසාව" සංසිඳුවල, උන්ව ෆෝම් කරල, මහින්ද මහත්තයගෙ ආණ්ඩුවට අත් උණේ එසේ මෙසේ "කිණ්ඩියක්" නෙමෙයි. ආණ්ඩුවේ ඉන්න බූරු ඇමැත්තො දෙතුන් දෙනෙක් වගේම, අර පී.බී. ජයසුන්දර වගේ "ජන මනස නොහඳුනන" රාජ්‍ය නිලධාරි දෙතුන් දෙනෙක් නිසා ආණ්ඩුව නිකන් දෙකේ කොලේට වැටිල කියලයි මට නම් හිතෙන්නෙ.

- ජනපතිවරයගෙ බ්‍රිතාන්‍ය සංචාරය.
- ජගත් මානව හිමිකම් සැසියෙ ලංකාව වෙනුවෙන් "හරියට කටක්" ඇරගන්ඩ අපේ උන්ට බැරිවීම.
- පාර්ලිමේන්තුවේ දි "ක්ෂයවීම", "කෝටි හතරක් වියදම් කරල හැදුව කිලෝමීටර් දෙකේ පාර" ගැන උත්තර නොදී පිස්සු කෙලින බූරු ඇමැත්තො.
- පාඩු ලබමින් ඉන්න තැපෑලෙ සාද වෙනුවෙන් කෝටි ගණන් වැය කිරීමට එහි ඉහල නිලධාරීන් කටයුතු කිරීම.
- "ශ්‍රී ලංකා ක්‍රිකට්" අවුලෙන් අවුලට පත්වීම, ලාබ ලබමින් ඉඳල අම්බානට ලෝකෙට ණය වෙලා කෝටි ගණනින් පාඩු විඳීම
- කටුනායක සිද්ධිය

මේ ඉහලින් සඳහන් කලේ මේ වෙලාවෙ මතකෙට ආපු කරණා දෙක තුනක් විතරයි. ඒ හැමදේම උනේ, ආණ්ඩුව ඇතුලෙ ජනපතිවරයා එක්ක සාර්ථක සම්බන්ධීකරණයක් කරන්ඩ තරම් දක්ෂ මිනිස්සු ටිකක් නැති නිසාවෙන්.. ජනපතිවරයා වටේ ගුණ ගායනා කර කර ඉන්න වන්දිභට්ටයින්ට මේ රට තිබ්බත් එකයි නැතත් එකයි..

රට ඕනෙ උඹට අපිට මිසක් උන්ට නෙමෙයි.

රට දිනන යුද්දෙදි නං අපි මේ ආණ්ඩුව එක්ක උන්නා රටට තියෙන ආදරේට, (කටින් විතරක් නෙමෙයි, යුද බිමටම ගිහින්..) ඒත් දැන් නම් මේ ආණ්ඩුවේ "සැලසුම්කරණය" අන්තිමයි, නාස්තිය උපරිමයි.



I'm on the way..

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
Re: pissage pala malla
« Reply #13 on: June 07, 2011, 10:37:09 AM »
මේ කාරණා ගොනුවට එකතු කල හැකි තවත් දෙයක් දක්වන්නට කැමතියි...,
"බෑන් කී මූන් ගේ කමිටුව පරීක්ෂණ සඳහා ලංකාවට එන්නවාය" කියන කතාව පිළිබඳව හරි හැටි ප්‍රකාශයක් කරන්න තරම් අපේ ඇමති මණ්ඩලයේ කෙනෙකු සිටියේ නැහැ...
උදේට කියන්නේ "අපි බෑන් කී මූන්ට එන්ඩ දෙන්නෙ නැහැ" කියලා..
තව ඇමැත්තෙක් දවල්ට කියනවා "අපි එන්ඩ දෙනවා ඒත් වැඩි වැඩ බැහැ"...
ආයෙත් හවසට "එව්ව කොහෙද, ඔය බෑන් කී මූන් ද මොකාද කියන එකාට අපි මෙහෙ පස් පාගන්ඩ දෙන්නේ නැහැ" කියලා...
දැන් මේ පෙන්නන්නෙ තමන්ගෙ තියෙන "දේශ මාමකත්වය " නෙවෙයි.. ගැලරියට කතා කරන ගොං කම...
දෙයක් කියන්න දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න එක හොඳාය කියලයි අපි හිතන්නේ...රට්ටු හිනස්සන්නේ නැතුව...
වගකිවයුතු රජයක් ලෙස ඇයි ඔවුන්ට එක මතයක ඉන්ට බැරි ?


අනික් කාරණය මේ ජේ.වී.පී. පිළිලය...

ජේ.වී.පී. යට උවමනා කරන්නේ හොදි බැහැපු ඉදිරි පරම්පරාවක් පමණයි,, උන් වගේ ලොම් හැලිච්චි සුනඛයින්ට (සිව්පා සුනඛයිනි සමාව භජනය කරත්වා) පැවැත්මක් තියෙන්නේ එවන් විටෙක පමණයි..
රටේ සිද්ධවෙන කොයි කොයි දේටත් කටුව ගහනව ඇරෙන්නේ උන් දන්න අහවල් දෙයක් නැහැ..

තමන්ගේ මතයට තවත් එකෙකු හෝ බිලිගන්න පුළුවන්නම්, ඒකයි උන්ට අවශ්‍ය,, ඔවුන්ට යහමින් උදව් දෙනවා සයිබරයේ පවතින හිඟන කැලෑ පත්තර... අපේ අයත් ඒ දේ වලට ප්‍රසිද්ධිය වක්‍රාකාරයෙන් හරි ලබාදෙනවා... අපේ සමහර මාධ්‍ය පවා ඒ කාර්යයට දායක වෙලා..

ඇයි අපි විහින් ගොදුරක් වෙන්නේ ?
අපිට තියෙන්නේ මේ රට පමණයි,, නමුත් දැන් මේ රට යන හැටියට අපිටම තමයි රට රකින්නත් වෙන්නේ,,, ආණ්ඩුව ප්‍රශස්ති වලටම යට වෙලා මේ වගේ නිද්‍රාශීලීව සිටියොත්....


Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: pissage pala malla
« Reply #14 on: June 08, 2011, 09:27:36 AM »
 :045:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala malla
« Reply #15 on: June 11, 2011, 06:29:56 PM »
මෙන්න් කටුනායක සිද්දියේ අළුත්ම පැත්ත

කටුනායක සිද්දියෙන් දැන් ඇඟ බේර ගන්න ජේ.වී.පී .එකත් රජයත් තරගෙට සී පද කීයනවා ජේවීපී එක නම් කෝහොමත් ගිනි අවුලවල කාල්මාක්ස්ගේ හෝ ලෙනින්ගේ පොතක තියන වචනයක් දාල ඇඟ බේර ගන්නවනේ .88-89 ඒක මනා ලෙස පෙනුන ඔය අද කතා කරන ජෙවීපී නායකයන් රටෙත් නෑ.දැන් ඔය සමාජ ජන වහරෙ වචනයක් තියෙන්නෙ "ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ " කියා තේරුමක් නැති උනත් එක නම් ජේවීපී එකට හොඳට ගැලපෙනව. යු.එන්.පී එක ටයර් සෑයන්වල තරුණ තරුණියො අමු අමුවේ පුච්ච්න කොට අද ඔය  කෑ ගහන නායකයො කියා ගන්නා රූකඩ හිටියද කියා මතකවත් නෑ. එදා නායකයො පොඩි එකා බිල්ලට දීලා රටින් පැනල ගිහින් කොම උනත් රෝහන විජේවීර කියන්නෙ දේශ ප්‍රේමියෙක් ඒ ගැන කියන්න කථා නෑ නමුත් අද හැම දේටම ඇණයක් වෙලා ඉන්න මෙ ගිරිය පුප්පන නායකයන් ගැන නම් අද අඹමල් රේණුවක විශ්වාසයක් මහජනතාව ලඟ නෑ.

       හොඳම දේ පොළීසියේ අලගෝසුවන්ට මොකද කලේ, මොනවද ඉදිරියට මෙවැනි දේ නොවන්න කරන්නේ කියන එක ගැන කතා කරනව නෙවෙයි. රජයේ වග කිව යුතු ඇමතිවරු බොළඳ කථා කියනව. මම දැක්කා හැම මාද්‍යකම  ඇමතිවරු කියල තියනව "වදින්න ගියදේවාලේ ඔළුවට කඩන් වැටුනා කියා "  මේවට මහජනතාවට හිනාත් යනවා...ඔළුවක් තියෙන්නෙ එපැයි ඔළුවට කඩා වැටෙන්න. "වදින්න ගිය දේවාලෙ ඔළුවට කඩා වැටුනළු" ඒ කියන්නේ අපෙ වගකිවයුතු ඇමතිවරුන්ට "සර්ධාව තිබුනට ප්‍රඥ්ඥාව නෑ කියන එක නේ" .මෙපමන කාලෙකට කවුරුවත් ඔය දේවලෙට වැදුම් පිදුම් කරන්න නොගියේ ඇයි කියා හිතන්න තිබුනා දේවාලෙට යන්න කලින්. මොකද ඔය දේවාලෙට පුද පඬුරු දෙන්නෙ කම්කරුවන් ඉතිං සර්ධාව තියන ප්‍රඥ්ඥාව නැති ඇමතිවරුන්ට හිතන්න තිබුනා

  සුදු හුණු ගා ගන්න ක්‍රමයක් තියනවා. ජනතාව හිනස්සන කතා කියන්නෙ නැතිව තාමත් අපේ රටේ ඉන්න ඇමත්තො හිතාගෙන ඉන්නව මහ ජනතාව නොදියුනු ජන කොටසක් කියා...
     
  අපේ රට මේ අද මේ තරම් විදේශ රටවලින් බලපෑම් එන්නේ අපේ ජනාධිපති තුමා වටේ ඉන්න ඇමත්තොන්ට ස්ථානොචිත ප්‍රඥ්ඥාව නැති නිසා අද අපේ රටේ අභ්‍යන්තරයට බෑංකි මූන්ලා ඇඟිලි ගහන්නේ ඇමතිවරු කියන කරන දේ නිසා තමා එනිසා අද ජනාදිපති තුමාට වෙලා තියෙන්නේ ඇමතිවරුන්ගේ රාජ කාරියත් කරන්න...


~~මා බලන විදියටත් මා දකින විදියටත් වඩා පැහැදිලි දසුනකින්
           ඔබට බලන්නත් දකින්නත් පුළුවනි~~

පිස්සාට දේශපාලන පක්ෂයක් නැත නමුත් ඔහුට රටක් ඇත........



Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
අප ඔබට ස්තුතිවන්ත වෙමු.
   
පුරා අවුරුදු 30ක් ශාපලත් ත්‍රස්ථවාදය අහවර කරන්න මහත් වෙහෙසක් ගෙන උතුරේ ක්‍රියාන්විතයේ සිට අනෙක් සහෝදර සෙබළු සමග උරෙන් උර ගැටී ත්‍රස්තවාදීන් විනාශකොට රටට සාමය ගෙනෙන්න ඔබ කල කැපකිරීම අතිමහත්ය.
        අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන නිත්‍ය නියෝජිතයෙක් වන ඔබ අප රට වෙනුවෙන් පෙනීසිටීම ගැන අපි සතුටු වෙමු. මහජන මුදල් වලින් අප රටින් පත් කරන ලද සමහර තානධිපතිවරු ගැන අප සිත්වල ඇත්තේ කලකිරීමකි මංද ඔවුන් තම රට වෙනුවෙන් පෙනී නොසිට අපේ රටේ මුදල් වියදම් කරමින් සුපිරි ජීවිත ගෙවන බැවිනි.
       නමුත් අප රට අපකීර්තියට පත් කිරීමට නිවියෝක් නුවර චර්ච් සෙන්ටර් හිදී රාජ්‍ය නොවන සංවිධාන වලට පෙන්වීමට චනල් 4 වීඩියෝ පටය යොදාගෙන තිබු අවස්ථාවේ ආරාධනාවක් නොමැතිව එම ස්ථානයට ගොස් අප රට වෙනුවෙන් පෙනී සිටි එක අපිට මහත් ආඩ්ම්බර දනවන සිද්ධ්යකි.
  අද අපේ රටට අවශ්‍ය ඔබ වැනි කැපකිරිමකින් වැඩ කල හැකි පිරිසක්ය. අද අපේ රටේ සිටින මැති ඇමති වරුත් ඔබ වගේ උනානම් මේ ලෙස විදේශ බලපෑම් එන්නේ නැති වග සියළු ජනතාව දනිති. අපේ මැති ඇමතිවරු මහජන මුදල් අත දිගහැර වියදම් කරමින් සුපිරි ජීවිත ගෙවමින් ජෝගි නටන සැටි අපිට දෙනෙත් වසා සිටියත් පෙනෙන වග ඔවුන් නොදන්න එක ගැන නම් දැනෙන්නේ දුකකි. මේ ඇමත්ත්න්ට ලංකාවට හෙන ගැහුවත් කම් නෑ ඔවුන්ගේ මල්ල පිරෙනවනම් අද පාර්ලිමෙතුව කියන්නේ සත්තුවත්තක් ඒක අතුලේ වෙනෙ නැත්තේ මිනීමරාගැනීම් පමනයි ඒ හැර බැන ගැනීම් රංඩුවීම් නරි වගේ හූ කීම් හැම දාම සිදු වෙනව වගෙම රටේ ප්‍රශ්ණවලට කෙලින් පිලිතුරක් දී ගැනීමට නොහැකි කොටසක් වී ඇත ඔවුන්ට ඔය ප්‍රශ්ණයට මුහුන දෙන්න උනානම් ඔවුන් කරන්නේ අශ්වයා ගියාම ස්ථාලය වසා දමන එකය
    එමනිසා මා පාර්ථනා කරන්නේ  ඔබේ මව ශවේන්ද්‍ර සිල්වා කියා විරුවෙක් දේශප්‍රේමියෙක් ලක්මවට දායදා කලා මෙන් ඔබේ මව වගේ තව මවුවරු දසදහසක් ලක්මවට බිහිවී ඔබ වැනි දේශප්‍රේමීන් ලක්මවට දායද කරත්වා කියා


~~මා බලන විදියටත් මා දකින විදියටත් වඩා පැහැදිලි දසුනකින්
           ඔබට බලන්නත් දකින්නත් පුළුවනි~~

පිස්සාට දේශපාලන පක්ෂයක් නැත නමුත් ඔහුට රටක් ඇත........

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
2011 මාර්තු 25 වෙනිදින මා විසින් මේ පිටුවට ලියන ලද ඇමෙරිකානු නිවට වියරුව කියන ලිපියේ ලියා තිබෙන දෙයක් සනාථ කිරීමට තවත් එක් නිදසුනක් එක් කරන්නට සිතුනි එනම් ඇමරිකානුවාගේ තෙල් සම්පතට තියන ගිජුක්ම  මෙයින් මනාවට පිළිබිගුවේ මම එදා එම ලිපියේ සඳහන් කලේ සංවර්ධනය අතින් වේගයෙන් ඉදිරියට යන චීනය ඉංදියාව රුසියාව ගැන ඇමරිකාව ඇහැගසාගෙන සිටින බවත් එම රටවල් පහත්ට ඇද දමන්නට පුළුවන් එකම ක්‍රමය බලශක්ති අර්බුදයකින් බවත් එම නිසා ඇමරිකානුවා තෙල් සම්පත තියන ඕනම රටකට කඩේ යන ජාතියක් වගේම එය ඩැහැ ගන්න මාන බලන බවත් ය.
   දකුණු චීනයත පිලිපීනයත් අතර ඇතිවී තිබෙන මතබේදයට හේතුව  තෙල් සම්පත ගැන එම රටවල් දෙක යම් යුද ක්‍රියාන්විතයක් ඇරඹුවහොත් ඇමරිකාවේ අරක්ෂක ලේඛ්ම්වරිය කියා තිබෙනවා පිලිපීනයට යුද ආදාර ලබාදෙන බව මෙය කුමක් සදහාද....? කවුරු රැක ගන්නද? කියන එක හිතන්නට කාලයයි.

~~මා බලන විදියටත් මා දකින විදියටත් වඩා පැහැදිලි දසුනකින්
           ඔබට බලන්නත් දකින්නත් පුළුවනි~~


Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Eye නාලිකාව  කයි ප්‍රේක්ෂක මනස
2011/08/06 වන දින පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවත්වූ ලංකාව හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය ප්‍රචාර කටයුතු බාරගෙන තිබුන "අයි" නාලිකාව එම තරඟය ප්‍රචාරය කරන ලද්දේ  වෙළඳ දැන්වීම් කියන කුණු මස් කුට්ටියට ගිජු වූ වෘකයෙක් මෙනි. ඉතාමත් ගිජු ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් ලැබෙන මුදලට වහ වැටිලා තරඟය රසවිඳින්නන් ගැන මොහොතක් වත් නොසිත නින්දා සගගත ලෙස ප්‍රචාර කටයුතු වල නියළුනි. ප්‍රේක්ෂකයන් වන අප මේ ගැන බොහෝ කන ගාටු වෙමි.

    දර්ශන තලය ගත් විට එහි ඉහල දෙපැත්තේද., පහල තීරුවමද, වසා වෙළද දැන්වීම්ය. සමහර වෙලාවට තිරයෙන් 3/2 වෙළද දැන්වීම් සඳහාද,ඉතිරි 3/1 ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන දෙය දමති.
      ඉතාමත් කනගාටුවෙන් කිව යුතුය ලාභ බලා පොරොත්තුවෙන් ප්‍රචාර කටයුතු වල නියෙලෙන පුද්ගලික මාද්‍ය ආයතනයක් වත් මෙසේ හිතුවක් කාර ලෙස රසික මනසට හානි වෙන ලෙස වෙළද දැන්වීම් ප්‍රචාර නොකරති .යම් මාද්‍ය ආයතනයක් එසේ කරයි නම් එය අවිදිමත් මාද්‍ය අයතනයකි.
     
    ඊයේ ක්‍රිකට් තරඟය අප රසිකයන්ට , කිසිම දැවීයාමක දෙවැනි අවස්ථාව ඒ කියන්නෙ දැවීයාම ගැන පැහැදිලි කිරීම දැක ගැනීමට නොහැකි විය. * හතරේ පහර සීමාවෙන් එළියට යාමට පෙර වෙළද දැන්වීම්ය. පන්දුවාරයක අවසාන පන්දුව ට පිතිකරු පහර දුන් විගස අපි දකින්නෙ පන්දුව ගිය දිසාව නොව වෙළද දැන්වීම් ය.  පන්දු වාරයේ මුල් පන්දුව දැක ගැනීමට නොහැක එයත් වෙළද දැන්වීම් සඳහා වෙන් කර ගෙන ඇත. මංද මානසික පිස්සෙක් හැසිරෙන ආකාරයට "අයි" නාලිකාව එම තරගය විකාශනය කරන ලදි එය ප්‍රේක්ෂක මනසට ගසන ලද දරුණු පහරකි. මින් ඉදිරියටවත් මෙවැනි කැත  විදියට රසිකයාගේ අයිතිය උදුර ගන්නට යම් මාද්‍ය ආයතනයක් වෙර  දරයි නම් එය එම මාද්‍ය ආයතනයේ පිරිහීමකි.
   
මෙසේ තරඟයක් ප්‍රේක්ෂකයාට පෙන්වා "අයි " නාලිකාව සමායට දෙන ආදර්ශය කුමක්ද.? අද අපේ රටේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩාව රූපවාහිනියෙන් නරඹා ඔවුන් යමක් ඉගෙන ගනිති. නමුත් යම් දැවීයාමක් ඇතිවූවිට එම දැවීයාම සිදුවුයේ කෙසේද.? දැවීයාමට බලපෑ හේතු සාධක මොනවාද?  කියා සොයා ගැනීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබුණි. එම දැවීයාම දෙවැනි වර දැක ගැනීමට හැකිවූයේ නම්. ඔවුන් වටහා ගනිති කෙසේද පන්දුව ගියේ ,කුමක්ද පන්දු යවන්නා උපයෝගි කර ගත් උපාය. කුමන වරදද පිතිකරුවා කලේ කිය නවක ක්‍රීඩකයන් වටහා ගනිති නමුත් "අයි" නාලිකාව ඔවුන්ට දුන්නේ ඒ වෙනුවට වෙළද දැන්වීම් ය. එය ඔවුන්ට හා සැමට මරු පහරකි.
 වග කිව යුත්තන් මේ ගැන අවදානය යොමු කර
ත්වා............
  ~~මා බලන විදියටත් මා දකින විදියටත් වඩා පැහැදිලි දසුනකින්
           ඔබට බලන්නත් දකින්නත් පුළුවනි~~

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala malla
« Reply #19 on: November 07, 2011, 11:04:11 PM »
එකෝමත් එක කථාවක්,
දිනය,,,2011/11/07,,,,ස්ථානය >ගම්පහ දුමිරිය ස්ථානය,,,,වෙලාව උදේ 9.30ට පමණ.
         කොළඹ දෙසට දාවනය වෙන වේදිකාවේ දුමිරියක් එනතුරු අප අසුන්ගෙන සිටියෙමු ඒ මොහොතේ  දුමිරිය ප්‍රමාදයක් තිබුන බැවින් ටික වෙලාවක් රැඳී සීටීමට සිදුවිය.
         මා අසුන්ගෙන සිටි අසුන් පෙලේ එක අසුනක අවු: 85ක පමණ වයස ඇති තැනැත්තෙක් සිටි බව අපට දැනුනේ ඔහුගේ ඉතා සිහින් හඬින් ආයාසයෙන් අසන ලද පැණයක නිසාය. ඔහු ඇසුවේ දුමිරිය කොපමණ ප්‍රමාද වන බවද කියා.
             ඔහු පැවසූ දෙයින් මා සිත රිදුම් දුන්නේ මිනිසුම් කොපමණ අසරණ වෙනවාද කියා .ඔහුගේ ගම පුත්තලමේ ඈත ගමකි. ඔහු ගම්පහ පැමින ඇත්තේ යක්කල පිහිටි ආයතනයක සේවය කරන ඔවුන්ගේ ගමේ කෙනෙක් ගෙන් අත මාරුවක් කර ගැනීමටය  ඒ ඔහුගේ බිරිද මහර ගම පිළිකා රෝහලේ නේවාසිකව හිඳින පිළිකා රෝගියෙකි. ඔහු පවසන ආකාරයට බිරිද සුව කල නොහැකි බව පැවසූ බවත් ඇයව ගෙදර ගෙන යන්න කියූ බවත් ඔහු පැවසීය ඔහුගෙන් විස්තර ඇසූවිට ඔහු අන්ත දුප්පත් තැනැත්තෙක් බව වැටහුනි ඔහුට මුදල් අවශ්‍ය වී ඇත්තේ ඇයව ගෙදර ගෙන යාමට වාහනයකට ගෙවීමටය තම බිරිදගේ රෙදි මල්ලත් අතේ තියාගෙන ඔහු කියූ දෙවල් වලින් හද කම්පා උනේය ඔහු අපෙන් කිසිවක් ඉල්ලුවේ නැත  එසේ කියා ඔහු කඳුළු පිරි දෙනෙතින් ඈත බලාගෙන මොන මොනවදෝ මිමිණුවේ ඇයි මෙතරම් දුප්පත්ව ඉපදුනේ කියාතමන්ටම දොස් කියන්නාසේය ..
      ඒ මොහොතේ අපට හැකි පමණින් ඔහුට මුදල උපකාර කලේය නමුත් ඔහු අපෙන් ඉල්ලුවේ නැත කඳුළු පිරි දෙනෙතින් අපට ස්තූතිකල ඔහු පැමිනි දුමිරියට ගොඩ වුනේ මහර ගම බලා යාමටය......


මෙවැනි පිළිසරණක් නොමැති දෙමාපියො කොපමණ සිටීද ඔවුන්ට කාගේ පිළිසරණක්ද? මෙ වැනි අය දැන් වැඩි වැඩියෙන් දකින්නට ලැබේන්නේ අද අපේ රටේ සංවර්ධන ක්‍රමයේ දෝෂයක් ද? මට දැනෙන ආකාරයට අද සංවර්ධනය වන්නේ සංවර්ධිත පුද්ගලයන් පමනක් බවය මන්ද දේශපාලකයන්ගේ සුදුහුණු  ගාන උන්ට පන්දම් අල්ලන අය පමනක් අද සංවර්ධනය වන බව පෙනේ.
      අද අපට අවශ්‍ය වී ඇත්තේ අහසින් බිමට බැස පොළවේ පය ගසා ජනතාවට සේවය කරණ දේශපාලකයන්ය  අද අඩු ඔවුන වගේ දේශ පලකයන්ය  නමුත් ඒ මිනිසුන්ගේ අවසානවට ඉන්නේ දේශපාළුවන්ය .එයින් වෙන්නෙ තව තවත් අන්ත අසරන මිනිසුන් බිහිවීමය
   ලොකුම දුර්වල කම අද පොළවේ පය ගහල ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සැබෑ තත්වය වටහා ගන්න දේශ පාලකයන් නැති කමය එසේ ගියත් එය මුලිච්චාවට යති නැතිනම් ප්‍රසිද්ධ වෙන්න ටී. වී එකක මූන දාගන්න යති.
       අහසේ සිට ජනතාව දෙස නොබලා ,ලෝකයාට පෙනෙන්න චන්ද්‍රිකා වලට අසුවෙන්න විදියේ සංවර්ධන ක්‍රම වලින් මිදී සැබෑවටම සංවර්ධනය විය යුත්තේ කේසේද කියා දැනගෙන සිටිය යුතුය අද දේශපාලකයෝ ජනතාව දෙස හා සංවර්දනය දෙස බලන්නේ ගුගල් සෙවීම් මගින් යයි මට සිතේ එම නිසා ඔවුන්ට ජනතාවගේ සැබෑ ප්‍රස්ණ නොතේරේ

                                   ~~මා බලන විදියටත් මා දකින විදියටත් වඩා පැහැදිලි දසුනකින්
           ඔබට බලන්නත් දකින්නත් පුළුවනි~~