Author Topic: ගිනි නරියාගේ 4 වෙනි අනුවාදය අත්දකිමු ද? | Mozilla Firefox 4 (beta)  (Read 1735 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺®

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 974
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
ගිනි නරියාගේ 4 වෙනි අනුවාදය අත්දකිමු ද? 
Mozilla FireFox 4  (Beta version 7: released November 10th, 2010)



දැනට ලොව වැඩිම පිරිසක් භාවිත කරන වෙබ් බ්‍රව්සරය වන "ගිනි නරියා" (FireFox) සිය නවතම අනුවාදය 2011 මුල් කාලය තුල එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා.. එය එසේ වුවත්, ගිනි නරියාගේ නවතම 4 වන අනුවාදය (4th Version) අත්හදා බැලීමේ අනුවාදයක් (Beta Version) ලෙස මේ වන විටත් නිකුත් කර හමාර යි.

මෙම නවතම අනුවාදයේ විශේෂිත ම අංගය වනුයේ, "වේගවත් බව යි" (speed).



"ගිනි නරියා" නිෂ්පදකයින් ම පවසන අන්දමට ඔවුන්ගේ කලින් අනුවාදයන් වලට සාපේක්ෂ ව අවම වශයෙන් තුන් ගුණයකත් (x3), උපරිම වශයෙන් පස් ගුණයක (x5) වේගවත් බවක් ගිනි නරියා 4 සතු වීම විශේෂත්වයක්. ඒත් සමගම වෙබ් අඩවි වල වඩා විචිත්‍ර රූ රටාවන් හි දර්ශණ ගුණාත්මකභාවය, (The Quality Of Image Appearance) ත්‍රිමාණ ඡායා ගුණාත්මකබව (The Quality Of 3D Imaging) ආදී නවතම හෝ වැඩිදියුණු කල (New or Improved) ගුණාංග රැසකින් ද ගිනි නරියා 4 සන්නද්ධ යි.

මේ පිලිබඳ වැඩි විස්තර ඕනෙ නම් පහත යොමු කෙරෙහි අවධානයෙන් ඉන්න එකත් වැදගත්..

http://www.mozilla.com/en-US/firefox/beta/
http://www.mozilla.com/en-US/firefox/4.0b7/releasenotes/

- වෙබී






Image Version:

« Last Edit: November 12, 2010, 05:02:34 AM by w乇乃ᄊム丂イ乇尺® »
එතෙර විදේසෙන් එන පරගැතියන් හට ලෙංගතුකම් පෙන්නූ
වාසිය හින්දම ඇහැකන වහගෙන නොදන්න තාලෙට උන්නූ
කළු සුද්දන් ටික එලවා ගන්නට අසිපත සුරතට ගම්මූ
මොකටද මේ වැනි උත්තම රටකට ඒ වගෙ බත් කන ගොන්නූ