Author Topic: ගුරු ගෝල සබඳතා අකාමකා දැමීම...  (Read 1964 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDEŽ
Advertisement
ගුරු ගෝල සබඳතා අකාමකා දැමීමට බටහිරවාදී ක්‍රමවේදයක්‌!

දරුවන් උපදවන්නේ මව්පියන් බව හැබෑනම් ඒ දරුවන් හැදීමේ අයිතියද ඔවුන්ට තිබිය යුතුය. දරුවන්ට අකුරු කරවන්නේ ගුරුවරුන් බව හැබෑනම් ඔවුන්ටද විද්‍යාව දීමත් සමග විනය ඇතිකිරීමේ බලයද තිබිය යුතුය. නමුත් මව්පියන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන්ද දරුවන් හැදීමේ අයිතිය නීතිය මගින් උදුරාගෙන ඇත.

දරුවන්ට පහර දුන්නා යෑයි මව්පියන් අධිකරණයට පමුණුවන අවස්‌ථා තිබේ. ශිෂ්‍යයන්ට දඬුවම් කළා යෑයි ගුරුවරුන් අධිකරණයට පමුණුවන අවස්‌ථා තිබේ. ගුරු මව්පිය උරුමය මේ අන්දමට හෑල්ලුකර දැමීම නිසා ගුරුවරුන් හා මව්පියන් දරුවන්ගේ දඩබ්බර - විනය විරෝධී හිතුවක්‌කාර වැඩ ඉදිරියේ ගොළුවී සිටිති. දරුවා හැදෙන්නේ දරුවාට වුවමනා විදියටය. එහෙව් දරුවෙකු නාම්බෙකු වී විශ්වවිද්‍යාලයට පැමිණිවිට ආත්ම සංයමයක්‌ - විනයක්‌ - සංවරයක්‌ නැති ඔහුගේ දඩබ්බර හා හිතුවක්‌කාර ක්‍රියා තරුණ ශක්‌තිය සමග එකතුවී වල්මත්වී යයි අද විශ්වවිද්‍යාල තුලින් අපට දකින්නට ලැබෙන්නේ මෙවැනි තත්ත්වයකි.

විශ්වවිද්‍යාල තරුණයන්ගේ හැසිරීම් රටාවේ මෙවැනි අපචාරයන් දකින්නට ලැබෙන්නේ ළදරු කාලයේදී සහ ළමා කාලයේදී ඔහු විනයානුකූලව හැඩගැස්‌වීමක්‌ නොකළ හෙයිනි. පළමුවෙන්ම මේ තත්ත්වයට වගකිවයුත්තේ මෙවැනි අමන නීති පැනවු රාජ්‍ය කළමනාකරණයේ බලධරයන්ය. විශේෂයෙන් ඉහළ කළමනාකරණයේ රාජ්‍ය නිලධාරීන් යුරෝපා රටවලට ගොස්‌ ඒ රටවල පවත්නා කැරපොතු සංස්‌කෘතියෙන් සිය ඔලුගොඩි පුරවා ගනිති. ටයි - කෝට්‌ - කලිසම් ඇඳගත් බහුතරයකට දේශීය සංස්‌කෘතිය ගැන අවබෝධයක්‌ නැත. එසේ අවබෝධයක්‌ තිබේනම් ජනාධිපතිවත් නොකරන බෙල්ලේ ටයිපටි එල්ලා ගැනීම කරන්නේ නැත. පිටරට පවත්නා හැම දෙයක්‌ම "රත්තරං" යෑයි පිළිගන්නා මේ නිලධාරීන් මව්බිමට පැමිණ යුරෝපීය රටවලදී තමන් උගත් දේ මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා අණ පනත් හා චක්‍රලේඛ පනවති. දරුවන්ට දඬුවම් කිරීමද වරදක්‌ ලෙස දකින ඔවුන් ඒ අනුව මව්පියන්ට හා ගුරුවරුන්ට නීතිරීති පනවති. එවිට මව්පිය ගුරුවරු සිය වගකීම්වලින් ඈත්වෙති. දරුවෝ වල්මත්වී යති. අද විශ්වවිද්‍යාලවල සිදුවී ඇත්තේ මේ ශාපයයි. ගෙදරදී හා පාසලේදී විනය විරෝධීව හිතුවක්‌කාර ලෙස හැසුරුණු දරුවා විශ්වවිද්‍යාලයට පැමිණි විට තරුණ ශක්‌තියද එකතුකරගෙන විනය විරෝධී වැඩ කරන්නන්ගේ කප්පිත්තෙක්‌ වෙයි.

විශ්වවිද්‍යාල අපේ යෑයි කීවත් ඒවාය් තවමත් පවතින්නේ විදේශීය සංස්‌කෘතියයි.

අද විශ්වවිද්‍යාලවල ගුරු - ශිෂ්‍ය සම්බන්ධතාවයක්‌ ඇත්තේම නැති තරම්ය. ශිෂයෝ ශිෂ්‍යයන්ගේ අභිමතය අනුව හැසිරෙති. ගුරුවරු තමන්ගේ පාඩුවේ කටයුතු කරති. දෙගොල්ලම දෙගොල්ලන්ට ආගන්තුකයෝය. මේ නිසා ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයක්‌ ගොඩනැඟෙන්නේ නැත. ඒ නිසාම විශ්වවිද්‍යාලයේදී "ගුරුවරයා" යනු තවත් එක්‌ මිනිසෙකු මිස ශිෂ්‍යයන්ගේ පිදිය යුත්තෙකු නොවේ. ශිෂ්‍යයන්ගෙන් ගරු බුහුමන් ලැබිය යුත්තෙකු නොවේ. මෙවැනි ආගන්තුක සම්බන්ධයක්‌ නැති මිනිසෙකුට පහරදීමට හෝ වෙනත් තර්ජනය කිරීම් කිරීමට ශිෂ්‍යයන් තුළ බිය සැකක්‌ නැත.

වර්තමාන ගුරු බහුතරයද ගෞරවණීය ගුරු භූමිකාවේ රැඳී සිටින්නේ නැත. වෛද්‍යවරයා විසින් රෝගියා මුදල් ඉපයීමේ භාණ්‌ඩයක්‌ බවට පත්කරගෙන ඇති ආකාරයෙන්ම ගුරුවරයා විසින් සිය ශිෂ්‍යයන් මුදල් ඉපැයීමේ භාණ්‌ඩ බවට පත්කරගෙන ඇත. මුදල් හුවමාරුවක්‌ ඇති තැන මතුවන්නේ ගරු - ශිෂ්‍ය සම්බන්ධතාවයක්‌ නොව වාණිජමය ගනුදෙනුවකි. එවැනි තැනකදී "ගුරුවරයා" යනු භාණ්‌ඩයක්‌ විකුණන වෙළෙන්දෙකු මිස ගෞරවය දිනාගත් මිනිසෙකු නොවේ. මේ නිසා ගුරුන් කෙරෙහි දක්‌වන ශිෂ්‍ය ගෞරවය හා භක්‌තිය අද බිංදුවට සේදී ගොස්‌ ඇත. මේ තත්ත්වය තුළ ගුරුවරයාට "මචං" යෑයි ශිෂ්‍යයන් විසින් අමතනු ලබන දිනය වැඩි ඈතක නොවේ.

මේ අන්දමට ගුරුවරයා ශිෂ්‍යයා ඉදිරියේ පිරිහී යැමද විශ්වවිද්‍යාලයේදී ගුරුවරුන් නොතකා ක්‍රියාකිරීමට හේතුවක්‌ වී තිබේ. පෙරදා ගුරුවරුන් ශිෂ්‍යයන්ගෙන් ලබා ගත්තේ ගරු බුහුමන කැටිකරගත් බුලත් හුරුල්ලක්‌ පමණි. අද එසේ නොවේ. සාරි ඇඳුම් පැළඳුම් බඩු භාණ්‌ඩ තෑගි ලෙස ශිෂ්‍යයන් ගෙන් බලාපොරොත්තු වන ගුරුවරු සිටිති. මෙයද ගුරු ගෞරවය ශිෂ්‍යයන් තුළ සිඳී යැමට හේතුවක්‌ වී තිබේ. ගුරුවරයා ශිෂ්‍යයාට ශිල්පදානය දෙන්නෙකු මිස ශිෂ්‍යයන් ගෙන් අල්ලස්‌ ගන්නෙකු නොවේ. මේ සියලු තත්ත්වයන් ගුරු පිරිහීමට හේතුවී ඇත. ශිෂ්‍යයා කෙරෙන් ගුරු ගෞරවය දියවී ගොස්‌ ඇති බව අද කවුරුත් පිළිගනිති. මේ නිසා ගුරුන් පිදීමේ විශේෂ දින ඇතිකොට ගුරු ගෞරවය යළි ඇති කිරීමට උත්සාහ ගැනීමේ වැඩසටහන් පවතී. නමුත් මෝස්‌තරයට ප්‍රදර්ශනයට - අවස්‌ථාවට මේවා හොඳයෑයි පිළිගන්නා නමුත් පෙළඹවීමෙන් ලබාගන්නා ගුරු ගෞරවය හුළං පිරවූ බැලුම් බෝල මෙන් ක්‌ෂණයකින් පුපුරා හැලෙයි.

හැඳි නොගා හදන කැඳ නී රස වන්නාක්‌ මෙන් නොතලා හදන දරුවාද කමකට නැතැයි රජරට ජන ව්‍යවහාරයේ පවතින කථාවක්‌ ඇත. දරුවාට කුස පිරෙන්නට මව්කිරි දෙන්න, හිත පිරෙන්නට ආදරය කරන්න, වරදේදී ඇඟට - හිතං, රිදෙන්නට දඬුවම් කරන්න, වියපත් අය දරුවන් හැදීම ගැන සිය දූ දරුවන්ට කියා දෙන්නේ මේ අන්දමිනි. සැබෑ මව්පියෙකු හෝ ගුරුවරයෙකු විසින් දරුවෙකුට දඬුවම් කිරීමත් දරුවන් හැදීමේ මව්පිය ගුරු උරුමයක්‌ සේ අපේ සංස්‌කෘතියේ පවතී.

කළුලෑල්ල හුණුකෑල්ල සහ වේවැල අපේ කාලයේ පැවති ඉගැන්වීමේ උපකරණ වේ. වේවැල අනිවාර්ය අංගයකි. දිනපතාමත් දරුවන්ට වේවැලෙන් ගුටිකන්නට සිදුවන අවස්‌ථා ඇතිවේ. නමුත් ඒ නිසා දරුවන් හෝ මව්පියන් කලබල වූයේ නැත. එය ගුරුවරයාගේ සංස්‌කෘතික උරුමයකි. වාහන වල ගමන් කරන කොයි කවුරුත් යාන වාහනවල ගමන් කිරීමෙන් අනතුරු සිදුවිය හැකි බව දැන දැනත් වාහනවලින් ගමන් කිරීම අත්හරින්නේ නැත. ශිෂ්‍යයන්ට දරුවන්ට දඬුවම් කිරීමේදී සමහර තැනක පමණ ඉක්‌මවා යන්නට පුළුවන. නමුත් ඒ නිසා දරුවා හෝ ශිෂ්‍යයා හදාගැනීමේ ෙච්තනාවෙන් සිදුකරන ගුරු මව්පිය දඬුවම්වලට අභියෝග කළ යුතු නැත. නීති හරස්‌ කළයුතු නැත. මව්පිය ගුරුවරුන් අධිකරණවලට කැඳවිය යුතු නැත.

වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කහ ඹිලිය අතු
මෙහෙම ඉපල් මගේ දෑසට නොපෑ යුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු

මේ අපේ අධ්‍යාපන සංස්‌කෘතියයි. දඬුවම අධ්‍යාපනයේ එක්‌ අනිවාර්ය අංගයක්‌ වූ බව මේ කවියෙන් සනාථ වේ. හී විටේ හොඳින් ගමන් කරන්නේ දඬුවම් කර හීලෑකරගත් හරකාය. බුදුන් දවස විසූ කැලයෙන් අසු පැටවුන් අල්ලා ගෙන විත් හීලෑ කොට විකුනු බමුණෙකු විය. ඔහු අසු පැටවුන් හීලෑ කිරීමේදී ආදරය කරුණාව දැක්‌වීම, තර්ජනය කොට ආහාරපාන නොදී බිය වැද්දීම, ශාරීරික දඬූවම් දීම, හීලෑ නොකළ හැකි සතුන් මරා දැමීම යන මේ අවස්‌ථා හතර උපයෝගී කරගෙන තිබේ. මෙයින් පැහැදිලි වන්නේ හැම දෙනාටම එක හා සමාන පිළියම් නොගැලපෙන බවයි. මේ නිසා දරුවන් හැදීමේ කාර්යභාරය මව්පියන්ට හා ගුරුවරුන්ට භාරදී සෙසු අයගේ ඇඟිලි ඉවතට ගත යුතුය. නීතියේ බාධාවන් ඉවත්කොට මව්පියන්ට - ගුරුවරුන්ට සිය දරුවන් හා ශිෂ්‍යයන් යහපත් ලෙස හදා ගැනීමට ඉඩ දිය යුතුය. අනාගතයේදීවත් විශ්වවිද්‍යාලවලට විනයගරුක කීකරු ආත්ම සංයමයක්‌ හා සංවරයක්‌ ඇති දරුවන් ලබාගැනීමට නම් ගුරුවරුන්ට හා මව්පියන්ට දරුවන්ගේ ප්‍රාථමික අවධියේදී දරුවන්ට නිසි පන්නරය තැබීමට ඉඩදිය යුතුය.

උසස්‌ අධ්‍යාපනයක්‌ ලබා ගැනීමට විශ්වවිද්‍යාලවලට යන දරුවන්ද ඇඟපත වැඩුන තරමට මොළයද වැඩී ඇත්නම් තමන්ගේ අතීතය ගැන සිතිය යුතුය.


අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්‌ තකා
කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුනෙන් මකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා"

මෙහි අදහස ගැන ශිෂ්‍යයන්ද සිතා බැලීම වටී



එප්පාවල - රත්න බී ඒකනායක
Source: Divaina 14/11/2010
I'm on the way..

Offline iris

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 124
  • Gender: Female
  • Mage sanda oba ...
දැන් ළමයි වැඩිහරියක් හැදෙන්නේ අම්මා තාත්තා එක්ක නෙවෙයි. එක්කො දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල, එක්කො ගෙදර සේවකයො ලඟ. එයාල කරන්නෙ තමන්ගේ ලේසියට දරුවා ඉල්ලන ඉල්ලන දේවල් දීලා තමන්ගේ වැඩ පහසු කරගන්න එක.
දරුවො ලොකු උනාමත් ආචාර ධර්ම, යුතුකම් පැත්තකින් තියලා අයිතිවාසිකම් ඉල්ලන්න එක අහන්න දෙයක් නෙවෙයි ඉතින්.

සමහර දෙමව්පියො දරුවො හදන්නේ "පැටර්න්" එකට, අම්මලා තාත්තල රෑ ජාමේ පාටි, දරුවො නන්නත්තාර වෙලා.. මේවත් ඉතින් ඔය බටහිර සංස්කෘතියේ අනුහස් තමයි..!

ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගරුකරන්නත් උගන්නන්න ඕනේ ගෙදරින්. ඒ දේවල් ගෙදරින් ලැබෙන්නේ නැත්නම් ?

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDEŽ
පොඩි එකෙක්ගෙ උපන් දිනයක් එනකල් ඌට වඩා බලාගෙන ඉන්නෙ වටේ ඉන්න මළ පෙරේතයො ටිකක්.. (බොහෝවිට තාත්තගෙ යාළුවො..) පුදුමාකාර බේබදුකමකින් සහ පෙරේතකමකින් බලං ඉන්න මේ හැත්තට උපන් දිනේ දි පොඩි එකාව මතක නෑ...

අන්තිමේ දි පොඩි එකා නිදි..
ඌව බලාගන්ඩ කවුරුවත්ම නෑ..

අර කාළකණ්නි ටික පෙරෙතයො වගේ බොනව,, අම්මල රෙදි උස්සන් අර ගොරකයො රොත්තට බයිට් හදනව..

අනේ පොඩ්ඩගේ උපන් දිනේ...?
තමංගෙ දරුවගෙ උපන් දිනේ දවසෙ, එක එක බේබද්දන්ට ගිනිවතුර පොවාල, පිස්සු කෙළින්නෙ නැතිව, එදාට පොඩ්ඩ්ගෙ හිත සතුටු වෙන විදිහෙ යමක් කොරන්ට අපේ දෙමව්පියන්ට ඇහැක් නං?

ඒ උපන් දිනේ අයිති පොඩ්ඩ කොච්චර නම් වාසනාවන්ත ද?


I'm on the way..