Author Topic: අසීමිත වෙබ් ඉඩ? | unlimited web hosting & unlimited bandwidth?  (Read 4882 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Advertisement
Image Version:

http://www.veholdings.com [SINHALAYA Web Services]







Sinhala-Unicode Version:
අසීමිත වෙබ් ඉඩකඩ හෝ එවන් සැපයුම් පිළිබඳ ඇත්ත දැන ගන්න..
(the hidden truth of,
unlimited web hosting & unlimited bandwidth/ data transfer rate)


ඇතැම් වෙබ් සේවා පහසුකම් සපයන්නන් (web service providers) තම ග්‍රාහකයින් (clients) වෙත අසීමිතව දත්ත සංසර්ණ අනුපාතය (unlimited data transfer rate/ bandwidth) සහ අසීමිත වෙබ් ඉඩකඩ (unlimited web space) සපයන බවට ප්‍රවර්ධන දැන්වීම් ඔබ දැක ඇති..

නමුත්,
ප්‍රායෝගිකව බැලූ කල මෙය වෙබ් සේවාවන් (web services) සහ සම්පත් (resources) පිළිබඳව ග්‍රාහකයින් තුළ වූ අල්ප දැනුම මනා ලෙස උපයෝගී කරගෙන සිදු කරන්නාවූ මුලාවකි.
එනම්, "අසීමිත මිත්‍යාවක්" බව ඔබ නොදන්නවා විය හැකියි..

වෙබ් ඉඩක් (web space) යනු,
වෙබ් සේවාදායකය (web server) තුල ඔබේ වෙබ් අඩවියට අදාල දත්ත ගොනු (data) ගබඩා කෙරෙන ඩිස්කයේ (hard disk) ඉඩ ප්‍රමාණයයි.

දත්ත සංසරණ අනුපාතය (data transfer rate/ bandwidth) යනු,
වෙබ් සේවාදායකය (web server) සහ ඔබේ ග්‍රාහකයින්ගේ (user's) වෙබ් ගවේශකයන් (browsers) අතර දත්ත සංසරණය කිරීමේ දී (data transferring) ඔබගේ සේවාදායකය (web server) වෙත පනවා ඇති දත්ත සංසරණ සීමාවකි (data transfer / bandwidth limit). ඔබ වෙත වෙබ් ඉඩ පහසුකම් ලබාදෙන සේවා සපයන්නා (service provider) මගින් මෙම සීමා පැනවීම සිදු කෙරෙන අතර එම සීමාව අදාල වනු ලබන්නේ මාසයක (හෝ නිශ්චිත කාලයක්) කාලයක් සඳහා වෙයි. එනම්, දත්ත සංසරණ අනුපාතය යනු ඔබගේ වෙබ් අඩවියේ හෝ සේවාදායකයේ පවතින සමස්ථ දත්ත සංසරණ හැකියාවයි. (total data transferring capacity)

ඒ අනුව ඔබගේ වෙබ් අඩවියෙහි වෙබ් පිටු මෙන්ම ඒවායෙහි අඩංගු වෙනත් දත්ත ද ඉහත සඳහන් කල සීමාවන්ට යටත් වීම සිදු වේ.

එලෙස වරකට සංසරණය කල හැකි දත්ත ප්‍රමාණයට සීමාවක් ඇති සේම,
ඔබ වෙනුවෙන් ප්‍රධාන වෙබ් සේවාදායකයේ  (web server) දෘඩ තැටියේ (hard disk) ඉඩ ලබාදිය හැක්කේ යම්කිසි සීමාවක් දක්වා පමණි.
ඔබගේ සේවා සපයන්නා විසින් ඔබ වෙත "මුදලට අලෙවි කරනු ලබන්නේ" එම සමාගමට අයත් ප්‍රධාන සේවාදායකය  (main web server) සතු සමස්ථ ශක්තියෙන් (resources) කොටසකි. (ඉහත සඳහන් පරිදි සීමා කල ප්‍රමාණයකි. ඔබ විසින් මුදල් ගෙවන්නේ ඒ සඳහා වේ..)

ඒනයින් බැලූ කල මේ වෙබ් ඉඩකඩ (web hosting) සහ දත්ත සංසරණ අනුපාතය (data transfer rate/ bandwidth) නිතැතින් ම භෞතික (physically) වශයෙන් සීමාවන්ට යටත් වීමට සිදුවේ. මන්ද ඔබගේ සේවා සපයන්නා සතු ප්‍රධාන සේවා දායකය යනු, වැඩිදියුණු කරන ලද මූලික මට්ටමේ භෞතික පරිගණකයක් පමණක් වන බැවිනි. (a web server is a developed or improved physical computer only)

හෞතික යන්ත්‍රයකින් (physical machine) අසීමිත සේවාවක් (unlimited services) බලාපොරොත්තු වන්නේ කෙසේ ද? අනිවාර්යයෙන් එම යන්ත්‍රය හෝ පරිගණකය සතුව උපරිම සීමාවකට යටත් ව සේවා සැපයීමක් සිදු වන අතර යම් මොහොතක එම සීමාව ඉක්මවනු ඇත. (can exceed the limit anytime)

උදා:-
පුද්ගලික බස් රියක ආසනගත මගීන් 50 දෙනෙක් සඳහා ඉඩකඩ ඇතත්, සිටගෙන ගමන් කරන්නන් ද සමගින් මුළු මගීන් ගණන 100ක් යැයි ගණනය කරමු.. එහෙත් බස් අයිතිකරුගේ, රියදුරුගේ හෝ කොන්දොස්තර කොළුවාගේ තණ්හාව වැඩි වන තරමට ඉහත 100 සීමාව ඇතැම් විට 120 - 130 හෝ විය හැකි අතර ඒ බස් රියේ සමස්ථ මගී ධාරිතාව වේ.
එසේම, නියමිත 50 සීමාවේ දී මගීන් ඉතා පහසුවෙන් ගමන් කරන අතර, මගීන් 100ක් වන විට දී තදබදය හේතුවෙන් තරමක් අපහසුතාවයට පත් වේ. එසේ නම් පැටවිය හැකි සමස්ථ ප්‍රමාණය ඉක්මවීමේ දී මගීන් සියළු දෙනාම පාහේ දැඩි අපහසුතාවයකට ලක් වීම නොවැළැක්විය හැක්කකි.. මෙහිදී ද සනාථ වන්නේ, ඕනෑම භෞතික වස්තුවක හෝ යන්ත්‍රයක් සතුව උපරිම ධාරිතාවක් වන බව යි.


ඇතැම් වෙබ් සේවා පහසුකම් සපයන්නන්, අසීමිතව වෙබ් ඉඩකඩ (unlimited web space) සහ අසීමිත දත්ත සංසරණ අනුපාතය (unlimited data transfer rate/ bandwidth) සපයන්නේ යැයි ග්‍රාහකයින්ට දැන්වුව ද, එම සේවාදායකයින්ගේ ආයතනික නීති රීති සහ කොන්දේසි (terms, restrictions, limitations, rules or fair user policies) පිරික්සීමේ දී මේ "අසීමිත වෙබ් ඉඩ  (unlimited web hosting) සහ දත්ත සංසර්ණ අනුපාතය" (unlimited data transfer rate/ bandwidth) පිළිබඳව ඇති තතු අවබෝධ කරගත හැකිය.
නැතහොත් මේ සඳහා ඔවුන් ඔවුන්ගේම වෙනත් විග්‍රහයන් යොදා තිබිය හැකිය.

ඉහත උදාහරණය ආශ්‍රයෙන් ගතහොත්,
බසයේ උපරිම ඉඩකඩ ඉක්මවමින් තිබෙන විට, බසය අද්දන්නේ නැති විටෙක, බසයේ කොන්දොස්තර කොළුවා විසින් තරබරු අයවළුන් ඇතුළු කිහිප දෙනෙක් අනිවාර්යයෙන් හොඳින් හෝ නරකින් බසයෙන් යම් මොහොතක අතරමග බස්වනවා ඇත.
"එන්න මල්ලී, නංගී,, මාමේ, අයියේ,, තාත්තේ,,, ඉඩ තියෙනවා, ඉඩ තියෙනවා..." යැයි ආදරෙන් පිට අත ගා බසයට නංවා ගත්තත්, අවසානයේ මගීන්ට සිදු වන අසාධාරණය ගැන කරුණු විමසීමටවත් ඉඩක් නොතබා අතරමගින් බැසයාමට සිදු වේ..


ඇතැම් වෙබ් පහසුකම් සපයන්නන් ද රඟන්නේ ඉහත උදාහරණයේ එන කොන්දොස්තර කොළුවාගේ චරිතය ම බව ඔවුන්ගෙන් ඉවත් වී අප සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයෝ වැඩිදුරටත් සනාථ කරති.

කරුණු එසේ වුවද,
සිංහලයා වෙබ් සේවාවන් හී අප අපගේ ග්‍රාහකයින්ට සත්‍ය තොරතුරු ලබාදීමට බැඳී සිටින අතරම අප ශක්ති ප්‍රමාණයෙන් කල හැකි සහ ලබා දිය හැකි සේවාවන් පිළිබඳවම පමණක් ඔවුන්ට මනා අවබෝධයක් ලබා දෙන්නෙමු. වෙබ් සේවා පහසුකම් සපයන්නන් අතර ආයතනික වශයෙන් තරඟකාරීත්වය කෙතරම් උත්සන්න වුවද වංචනිකව හෝ ග්‍රාහකයින්ගේ නොදැනුවත්කම උපයෝගී කරගනිමින් ව්‍යාපාර කිරීම අප ප්‍රතික්ෂේප කරමු. අපි අපේ වටිනා වූ පාරිභෝගිකයින් හට බොරු නොකියමු..! ඉහත අන්දමින් රැවටීම් නොකරමු..!

ඒ අපගේ ප්‍රධානත ම ආයතනික ප්‍රතිපත්තියයි..!

ග්‍රාහකයින්ට ඇති තතු පහදා දෙන අතරම ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වඩා සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපදෙස් ද අප කණ්ඩායම නොමසුරුව ලබා දෙන්නේ මුදලට වඩා විශ්වාසයට සහ අවංකත්වයට අප ප්‍රමුඛතාවය ලබාදෙන බැවිනි. අපගේ සේවාදායකයින් බිඳ වැටීම් වලින් (down times) තොර අඛණ්ඩ සේවාවක් (uninterrupted) සහ දවස මුළුල්ලේ ක්‍රියාත්මක වෘත්තීමය ග්‍රාහක / පාරිභෝගික විමසුම් සේවාවන් අත්විදින්නේ ඒ විශ්වාසය නිසාම ය.
වසර 2004 සිට ලාංකේය ගණුදෙනුකරුවන් දහස් ගණනක් වෙනුවෙන් විශ්වසනීය වෙබ් සේවාවන් ලබා දෙමින් අප වර්තමානයේ පසු වන්නේ ඉතා ස්ථාවර මූල්‍ය පද්ධතියක් සහ තාක්ෂණික වටපිටාවකින් සන්නද්ධ ව්‍යාපාරික පසුබිමක ය.

එබැවින්,
මුදල් ද ගෙවා, හිර වී, තැලී, පොඩි වී අපහසුවෙන් "කොටමින් යන බස් බාගෙකට" ගොඩ වෙනවා ද?

ඉහත මුදල ම හෝ ඊටත් අඩුවෙන් ගෙවා, නියමිත රීති මාලාවක් අනුව ආසනගත මගීන් පමණක් ගමන් කරන, සුහදශීලී කාර්යමණ්ඩලයක් සහිත සුව පහසු ගුවන් යානාවකට ගොඩ වනවා දැයි තීරණය ඔබ සතු යි.
එසේ නම්, ඒ සාඩම්බර ගුවන් සේවාව අපි වෙමු..!

:045: සිංහලයා වෙබ් සේවා ජාලය

http://www.veholdings.com

« Last Edit: November 20, 2010, 07:53:20 PM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
English Version:
Hidden truth behind unlimited web hosting space and unlimited bandwidth / data transfer rate


You might have definitely seen some web service providers advertising that they provide “unlimited web space and unlimited bandwidth / data transfer rate” for their clients.

But, practically this is totally impossible and they are misusing the lesser knowledge the clients have on web services.

To be precise, this is a total myth !
It is impossible for any provider to actually provide an unlimited amount of bandwidth or disk space.

Web space / disk space is the space you allocate on the hard disk of the web server in order to store your web site.

Bandwidth or the data transfer rate is an amount available for you to transfer web pages from the web server to the browser of your client.

Your web service provider will be assigning and defining the limits and those limits are for a month or any other defined time period.

For an example:
Data transfer rate or the bandwidth depends on the total data transferring capacity of your web server or the web site. Each time you visit a web site, you are creating traffic, because in order to view that web page on your computer, the web page is first downloaded to your computer (between the web site and you) and then display it using your browser software (Internet Explorer, Netscape, etc.)

The total data transfer rate or the bandwidth is measured as the total weight of data (words, text and other information) transmitted from your web site to the temporary internet folder of the client through their web browsers and the entire internal FTP, downloading and related activities done as the administrator, within a certain time period.
   
The bandwidth of your service provider is determined by their network connection.

Similar to the data transfer rate, there are limitations for the hard disk of the web server as well. The hard drive of a web server has a limited amount of space determined by the physical size of the hard drive. It is a portion of the resources of the main web server which your service provider vends. It’s a limited segment of the web service company’s main web server and you pay for the amount you purchase.

Thus, naturally both data transfer rate and the disk space have to adhere to the physical limitations. Because your service provider’s main server is a developed and improved physical computer only.

It’s impossible to expect a limitless service from a physical machine.
Because the machine provides the service within its physical limits and those limits can exceed at any point of time. 

Although some web service providers advertise on “unlimited web space and unlimited bandwidth”, if you take a look at their Terms of Service (TOS), policies, restrictions and other limitations, there will be a specification on what this “unlimited” really means. Otherwise they would have their own definitions for them. These “attractive, unlimited plans” are just a marketing trick and no service provider is able to provide unlimited space and unlimited bandwidth within the physical limits.

However, we in SINHALAYA Web Services (http://www.veholdings.com), have been honest with our clients so far and given them the best possible web hosting solution to cater their needs. No matter how competitive the web hosting market is, we at SINHALAYA Web Services do not believe on being trickish and cheating our clients just to get our business.

That’s our company policy !

We provide you a dedicated space by adhering to our policies and therefore we can deliver support services for the same. Our team is committed to convey nothing but the truth to our clients while assisting them with their business activities. Our clients enjoy a cordial and friendly, on-time service from us which gives better value for their money.

We respect being honest and trustworthy than going behind monetary terms thus our clients are obtaining the optimal use of the resources we have provided them with 24/7 customer support and uninterrupted service. From year 2004 we have been in the web services field and are now in a very stable financial and technological state.  It’s happy to say that we are blessed with a larger client base that does genuine business with us.

So the decision is yours.

Whether to purchase a “mythical unlimited hosting plan” and run into problems or to join with our honest and trustworthy web hosting services and experience the best customer friendly, support service and boost your business opportunities.


Get to know how the some web hosts provide “unlimited web hosting plans” ?
:045: Please read, http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9391.0.html




- SINHALAYA Web Services (http://www.veholdings.com)


« Last Edit: November 19, 2010, 05:44:28 PM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..