Author Topic: හෙට කාලගුණ අනාවැකිය අනිද්දා පත්තරයෙන් ?  (Read 2133 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Advertisement

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ද අවසන් වරට යාවත්කාලීන වී ඇත්තේ 2011.10.21 වෙනිදා බව මාධ්‍ය මගින් කල හෙලිදරව්වෙන් පසු ව හෝ සිය වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට කටයුතු නොකිරීමෙන් ම ගම්‍ය වන්නේ, "අපේ කාලගුණේ අයගේ සේවය" වගකීම් විරහිත බව නොවේ ද?

“හෙට අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති වීමට ඉඩ තිබේ. අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටියි..”

ඉහතින් දැක්වූයේ රටේ සියළුම නාලිකා වලින් තම ප්‍රධාන පුවත් වලින් අනතුරුව විකාශනය කරන දවසේ කිසිදු ප්‍රයෝජනයක් නැති විනාඩි කිහිපයේ අපට ඇසෙන නො එසේනම් අපට හොඳින් කටපාඩම් වචන වැලකි.

මේ ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි. තවත් හොඳින් පැහැදිලි කරනවානම්, කිසිම අවස්ථාවක හරි හැටි කාලගුණ පුරෝකථනයක් දිය නොහැකි, රටවැසියාගේ බදු මුදලින් පඩි ලබමින් බොහෝ සැපට විවේක ගන්නා “මහජන සේවකයින්” සිටින මේ රටේ තවත් එක් දෙපාර්තමේන්තුවකි.

පසුගිය 25වන සිකුරාදා මෙරට දකුණු පළාතට බලපෑ සුළි කුණාටු තත්වය පිළිබඳව පෙර දැනුම්දීම්, අනතුරු ඇඟවීම් කරන්නට අපොහොසත් වූ කාලගුණේ මිනිසුන්ට නම් ඒ ගැන වගේ වගක් නැත්තා සේ ය. එක් අතකින් විෂය භාර ඇමැත්තාට නිනව්වක් නැත්නම්, සේවකයින්ට මොන අරුමක දැයි සිතේ. “අපි දැක්කේ නෑ සුළං තත්වය” යනුවෙන් පවසා ඇඟ බේරාගත් පසු විපතට පත් අසරණයින්ට සෙතක් සැලසේ ද ?

හෙට කාලගුණ ගැන දැනගන්නට නම් ලංකාවේ අපි බැලිය යුතු වන්නේ අනිද්දා පත්තරයයි.
ඒ අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හැටිය. ලොව අනෙක් රටවල, අවම වශයෙන් ඉන්දියාවේ පවා කාලගුණ අනාවැකි අවම වශයෙන් සියයට අනූවක් ම නිවැරදිය. ඔවුන් අනාවැකි පවසන්නේ හෙට දිනයට පමණක් නොවේ. ඉදිරි සතියටම ය. ඒත් ඒ සියල්ල නිරවද්‍ය ය. ඒ ඒ රටවල වැසියන් සිය එදිනෙදා කටයුතු සඳහා පිටත් වන්නේ ඒ ඒදවසේ කාලගුණ වාර්තාවට අනුව සකස් වෙලා ය. ඉදිරි සතියේ සෑම දිනක ම උදේ/ සවස උෂ්ණත්වය, වර්ෂාපතනය, හිමපතනය, මීදුම වැනි අනාවැකි අවසන් සෙන්ටිග්‍රේඩයට ම කියති. වැඩිදුර යන්නට ඕනෑ නැත. අසල්වැසි ඉන්දියාවේ ද තත්වය මෙය යි.

ඒත් අපේ කාලගුණයට අවම වශයෙන් පසු දිනයේ අනාවැකිය සම්බන්ධ ව හෝ නිවැරදි විය නොහැක්කේ ඇයි? මෙරට පල වෙන බොහෝ කාලගුණ අනාවැකි ද “එහෙටත් නැති, මෙහෙටත් නැති 50-50″ ගාණ ය,. කාලගුණ දෙපාර්තමේන්තුවක් අවශ්‍ය වන්නේ ඊයේ සිදුවූ දේ දැනගන්නට නොව හෙට සිදුවන දේ දැනගන්නට බව ඇඟිල්ලෙන් ඇන කියන්නට උවමනා නැත. එනම් “ගෙවී ගිය පැය 24 ඇතුලත දිවයින අවම/උපරිම වර්ෂාපතනය, උෂ්ණත්වය මැනීම පමණෙකින්” රටක කාලගුණය පිලිබඳ වගකීමක් ඇති ආයතනයකට සෑහීමකට පත් විය හැකි ද? අපේ කාලගුණේ ද කරන්නේ මේ ටිකම ය,. එනම් පසුගිය දිනයේ දත්ත ය,.

ඇමතිවරයා පවසන පරිදි කාලගුණේ තිබෙන උපකරණ සියල්ල යල් පැන ඇත්තේ ලු. හරියට අපේ වරදක් වාගේ ය. ඕනෑදේටත්, එපා දේටත් අත දිග හැර වියදම් කරන ආණ්ඩුවට මේ ගැන දන්වන්නට ඇමතිවරයා අපොහොසත් වීද ? නැත්නම් ආණ්ඩුව නිද්‍රෝපගතව සිටින්නේ ද? කෙසේ නමුත්, පසුගිය 25 වෙනිදා සිදු වූ ආපදා තත්වය ගැන මහජනතාව දැනුවත් නොකිරීම පිලිබඳ ව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිලිබඳ ව මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වූ ආපදා සහන කටයුතු ඇමතිවරයා ඊට පසු දිනයේ හැසිරුනේ, ‘නඩුත් බඩුත් දෙකම අපේ ය’ යැයි සිතා මෙනි.

එක් එක් අය බේරා ගැනීමට මේ අය මොනව කීව ද, කොතැනක හෝ වරදක් සිදු වී තිබිය යුතු ය..

එක්කෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය ලබා දීමට ආණ්ඩුව වහ වහා කටයුතු කල යුතු ය. නැතිනම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්නා “නිකමුන්” අල්ලා ගස් බැඳීමට ඇමති මර්වින්ට කොන්ත්‍රාත්තුවක් දීම ය. මක්නිසාද යත් ජනතාවට සෙතක් සැලසීමට නම් “යකාගෙන් බැරි නම් යකාගේ ආච්චිගෙන් වුව ද වැඩ ගත යුතු” හෙයිනි.

- සිංහලයා පුවත්
( බූටෑවේ රාළ වන මවිසින් අබුද්දස්ස කාලේ හතර කොණ හිංගලයින් වෙත ලියා දැන් වූ වගකි…)


Source(s):
Sinhala News (Image Version): http://sinhalaya.net/store/met-dept-sinhalayanews.jpg
Sinhala News (On Site Version): http://sinhalaya.com/news/sinhala/2011/12/06/3833/
« Last Edit: December 06, 2011, 05:37:07 PM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
I'm on the way..

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
මේ කතාව නම් සම්පුර්ණ ඇත්ත.වැඩේ තියෙන්නේ මේ ඇත්ත වහන්න අපේ ලොකු ලොක්කනුත් අනුබල දෙන එකනෙ.අනිත් එක තමා අපේ රටේ දැන් දැන් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දු එන්න පටන් අරන් තමන්ගේ වැරදි වහගන්න.අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපකරණ නෑ කියල මතක් උනේ විනාශයක් උනාට පස්සෙද?තමන්ගේ පඩි පැකට් එක වැඩි කර ගන්න ඕන උනාම පිකටින් කරන්න දන්න අපේ කට්ටියට තමන්ට ගන්න පඩියට හරියට සේවයක් ජනතාවට දෙන්න අවශ්‍ය පහසුකම් නැත්නම් ඒ වෙනුවෙන් කෑගහන්න කියන්න ඕනද?කොහොම හරි දවස ගෙවලා පඩිය ගන්න බලන් ඉන්න නිකමුන් වැඩි නිසා අපේ අහිංසක ජනතාව දුක් විඳින බව අපේ ලොකු ලොක්කන්ට දැන්වත් වැටහුනේ නැත්නම් ඒ ගැන අපි කණගාටු විය යුතුය.
                   
               මේ අපි දුටුවේ එවැනි නිකමුන් ඉන්නා එක් ස්ථානයක් පමණි.එයද මේ සිදූ වූ විනාශය නිසාවෙනි.එසේ නොවෙන්න ඔවුන්ද චිරාත් කාළයක් මේ අයුරින් වැජඹෙනු ඇත.අපේ නායකයින් දෑස් විවර කලහොත් මෙවැනිම නිකමුන් වැජඹෙන රාජ්‍ය ආයතන ඕනෑ තරම් සොයා ගත හැකි බව මගේ අදහසයි.අපේ රාජ්‍ය ආයතන වල සේවය ගැන ලියද්දි මට මුහුන දීමට සිදු වූ සිද්ධියක් ගැනද ලියන්න සිත් වූයේ ඔවුන්ගෙන් අපිට ලැබෙන පිළිතුරු වල අපූර්වත්වය නිසාවෙනි.මගේ දුව ඩුබායි රටේ උපත ලබූ නිසා ඇයට පුරවැසි භාවය අයදුම් කොට ලබා ගත යුතුව තිබින.මම මීට වසර ගනනාවකට පෙර එය ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්‍යාලය හරහා ඉල්ලුම් කළෙමි.කෙසේ හෝ දුවගේ වයස අවුරුදු හත වෙනතුරු එය නොලැබුන හෙයින් මම කීප වතාවක් කොන්සල් ජෙනරාල් කර්‍යාලයේ මහත්වරුන්ට දැනුම් දීම් කලෙමි.අවසානයේ මෙවර නිවාඩුවට යන වෙලේ ඒ සම්බන්ධව විමිසීමට මෙහෙන් ලංඅකාවෙ ආගමන විගමන දෙපාර්ථ මේන්තුවට මතක් කිරීම කර යවන ලියවිල්ලේ කොපියක්ද රැගෙන අදාල ආයතනය වෙත ගියා.සෑහෙන වේලාවක් ගත් ඔවුන්ගේ පිළිතුර වුනේ "අපි වග කීමෙන් කියනවා මේ සහතිකය යවා ඇති බවට...අවශ්‍ය නම් ඔබට නැවත ගෙවීමක් කර කොපියක් ලබා ගත් හැකිය යන්නයි".නැවත මම මෙහෙ අදාල ආයතනයට ඒ ගැන ඔවුන්ගේ පිළිතුර අනුව පැවසූ පසු ඔවුන් මට කීවේද ඒ පිළිතුරමයි."අපිත් වගකීමෙන් කියනවා අපිට මේ සහතිකය නොලැබුන බවට".....දැන් අපි කාටද කියන්නේ.....එතකොට වගකීමක් නතිව කටයුතු කරල තියෙන්නේ මේ ඉල්ලීම කරපු මමයි...ඔන්න අපේ සේවය සඳහා යොදවා ඇති අපේ රාජ්‍ය ආයතන වල සේවය.වැටත් නියරත් ගොයම් කා නම් කට කියමිද මේ අවනඩුව කීවළු....


          කෙසේ හෝ ජනතා හිතවාදී අපේ නයකයින් දුපත් මිනිසුන්ගේ මහන්සියෙන් උපයන දෙයින් පඩි ලබන බොහොමයක් නිකමුන්ගේ සේවය හරියාකාරව ජනතාවට ලබාදීමට උනන්දු වන්නේ නම් එයයි නියම ජනතා හිතවාදීකම.... 

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)