Author Topic: මතකයෙ රෑදෙන මිනිසෙකුගෙ ජීවිත්යෙන් බිදක්!  (Read 2537 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline madusanka420

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 244
  • Gender: Male
  • v_rossi_46
Advertisement
දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධයෝ 1920 මාරතු 18 වන දා කොග්ගල මලළගම දී උපත ලද හ. ඔවුන් ගේ පියාණෝ තොරෝනිස් දේවමනිමේන්ද්‍ර නම් වූහ. මෑණියෝ ලයිසොහාමි වතුගෙදර නම් වූ හ. සිය මුත්තණුවන් වූ සලමන් වතුගෙදර මහතාණන් ඇසුරෙහි ගෙවූ දිවිය ළමා ආශුබෝධයන් ගේ සිතෙහි සාහිත රස හැඟුම් බිජු වට පැළ කරවන්නට සමත් වී ය. ගැමි උගතකු වූ මුත්තණුවන් වෙතින් ඇසූ කවි, කතා, සිලෝ ආදිය ඔවුන් ගේ පසු කල සාහිත නිමැවුම්වලට බෙහෙවින් පිටු බල සැපැයී ය. මහ ගත්කරු මාටින් වික්‍රමසිංහයන් ගේ ද උපන් ගම වූ කොග්ගල මලළගම එ කල පැවැති ගැමි පරිසරයත් ජන කලා නැඹුරුවත් ළමා ආශුබෝධයන් ගේ රස හැඟුම් පිබිදැවූ තව ද කරුණෙක් විය.

ආශුබෝධයන් ගේ වැඩිමහල් සොහොවුරාණෝ අමරසේන ආශුතෝෂ නම් වෙති. වෙදැදුරු කෙනෙකුන් වන ඔහු බොරලැස්ගමුවේ රත්තණපිටියේ වෙසෙති. ආශුබෝධයනට උපසේන නම් බාල සොහොවුරු කෙනකුන් ද වූ නමුත් ඔහු බාල කල දී ම මිය ගිය හ
                                        අරීසෙන් අහුබුදුවන් ගේ නම වෙසෙසින් ම කියැවෙන්නේ හෙළ බස් වෙසරදකු (විශාරදයකු) ලෙසිනි. බස පිළිබඳ ගැටලුවක් ඇති වූ විට බොහෝ දෙන පිළිතුරු පතන්නේ ඔවුන් ගෙනි. බසෙහි නිවැරැදි වහර රැකගැනීමට රට පුරා දෙසුම් පැවැත්වීමෙන් ද පුවත්පත් සඟරා ආදියට සිය ගණන් ලිපි සැපැයීමෙන් ද නොයෙක් පොත්පත් ලිවීමෙන් ද ඔවුන් සිදු කැර ඇත්තේ මෑත කලෙක දී කිසිවකු නොකළ අයුරෙක සේවාවෙකි. බසෙහි වියරණය පිළිබඳ ව ද ඔවුන් කළ පිරියෙසුම් (පර්යේෂණ) රැසෙකි. සියරුත්හි නම්දුනු පස (ස්වාර්ථ තද්ධිත ප්‍රත්‍යය) ගණනක් ම හෙළි කොටදීම, සන් නම් (සංඥානාම) පියෙවියට ම ප්‍රත්‍යය එක් කිරීම (ගුණදාසට, පියසේනට ඈ විසින්) හෙළ බස් වහරට පටහැණි නොවන බව පෙන්වාදීම ආදිය එහි වෙසෙසි පල යි. සිංහලයේ පද බෙදුම අහුබුදුවන් අතින් ලියැවුණු බස් පිරියෙසුම් ගතෙකි.

                                      හෙළ වදන්වලට නිරුත් (නිරුක්ති) සැපැයීමෙහි ලා අහුබුදුවන් දක්වන්නේ විස්මය ජනක හැකියාවෙකි. සකු-පාලි දෙ බසින් සිංහළය බිඳුණ හ යි කියැවෙන මතය මුළුමනින් ම පිළිකෙව් කරන ඔහු සිංහළය ලොවෙහි පැරැණිතම බසක් - ඇතැම් විට පැරැණිතම බස යැ යි පවසති.

                                   නිමැවුම් කරුවකු ලෙස සලකන කල්හි, අහුබුදුවන් ගේ ඉහළතම හැකියාව වන්නේ කිවියාවෙහි ය. අරීසෙන් අහුබුදුවන් ගේ මුල් ම නිමැවුම සේ සැලැකිය හැක්කේ 1936 දී ‛කොග්ගල සේන නමින් සිළුමිණ පුවත් පතට සැපයූ පැදි පබඳ යි. කිවියකු ලෙස ඔවුන් මතු වූයේ 1939 සිට ‛සුබස සගනුවට සැපැයු පැදි පබඳ මඟිනි.අද ලක්දිව උසස්තම කිවියාණන් ලෙස ඔවුන් සැලැකෙන්නේ එ හෙයිනි. ඔවුන් අතින් ලියැවුණු පැදි පෙළවල් දහස ගණනෙකි. මහ කව්, අසුන් කව් ද බොහෝ ගණනෙකි. පරෙවිය අසුන් කව, රස දහර ලක් බුදු සසුන් මහ කව, ඉර හඳ නැඟි රට, යටගිය වංසය වෙසෙසින් සඳහන් කළ මනා ය. දසුනුරු (දර්ශනාත්මක) නමින් නව රස වෙසෙසක් හඳුන්වාදීම ද අහුබුදුවන් අතින් වූ මෙහෙයෙකි. හැම ජාතික ගැටලුවෙක දී ම, දැයට මෙහෙ කළ කෙනකුන් ගේ වියොවෙක දී ම පැදි පෙළක් සැපැයීම ඔවුන් ගේ සිරිතෙකි. දෑ ඇල්ම දනවන පැදි පැබැඳීමෙහි ලා ඔවුන් හා සම තැන් ගන්නෙක් වේ ද යනු සැකයෙකි. සරල බවත් පහන් ගුණයත් ඔවුන් ගේ පැබැඳුම්හි කැපී පෙනෙන ලකුණු යි.

                                        ගී පබඳුවකු (ගීත රචකයකු) ලෙස ද අරීසෙන් අහුබුදුවන් දක්වා ඇත්තේ ඉහළතම හැකියාවෙකි. අද ද දිවමන් ව සිටිනා දෙටුතම (ජ්‍යෙෂ්ඨතම) ගී පබඳුවාණෝ ද ඔහු වෙති. 1939 දී ලියූ නිට්ටඹුවේ ගුරු විදුහල් ගීය ඔවුන් ගේ මුල් ම ගී පබඳ ලෙස ගැනේ. එ තැන් සිට අද වන තෙක් ඔවුන් අතින් ලියැවුණු ගී ගණනින් දහස ද ඉක්මවයි.

                                         බොදු බැති ගී, දෙව් බැති ගී, දෑ අබිමන් ගී, ආයතන ගී, සලරූ (චිත්‍රපට) ගී, ළමා ගී, නළු (නාට්‍ය) ගී, සමරු ගී ඈ ලෙසින් නොඑක් ඉසවුවලැ ලා එ ම ගී ගිණිය හැකි යි. නිල නොවන ජාතික ගීය ලෙස සැලැකෙන ළංකා ළංකා පෙම්බර ළංකා, දකුණ නැඟෙනහිර, සමන් වැලේ මල්, සෙංකඩගල පුරැ දළදා බුදු රස්, අතු අගැ වන මල්, ගොළු මූදේ මුතු ඇටේ (සන්දේශය චිත්‍රපටයේ) කෝ හතුරෝ, පුර්තුගීසීකාරයා, සුදට සුදේ, පුන්සඳ එළිය යි, කටේ කිරි සුවඳ (හඳයා චිත්‍රපටයේ) ලොක්කො අපි යි, ආදිය අහුබුදුවන් ලියු ඉතා ම ජනප්‍රිය ගීත කිහිපයෙකි.

                                     ළමා සාහිතකරුවකු ලෙස ද අහුබුදුවනට ලැබෙන්නේ නොදෙවෙනි තැනෙකි. ළමා සිතෙහි අබිමන් වඩවන, බස රැස දෙස පිළිබඳ ඇල්ම වඩවන, සොබාදහමෙහි අසිරිය පෙන්වන, රසයෙන් කුල්මත් කරවන, ලොව පිළිබඳ දැනුම ලබාදෙන ළමා කතා, කවි, ගී රැසක් ඔවුන් අතින් ලියැවී ඇති. උදාර පොත් පෙළ ද, මල් පාත්තිය, දළබු නින්ද, මල්ලී ඉපැදීම, වැනි ළමා පොත් ද අත්තටු, සමන් වැළ, ළමා ගී වැනි ළමා කව්-ගී පොත් ද එ අතර වෙසෙසින් සඳහන් ලබයි. ළමා සාහිත නිමැවුමෙහි ලා ඔවුන් අනුදත් මඟ වන්නේ නිවැරැදි ම දේ රසවත් ලෙසින් ළමයින් අතට දීම යි.

                                     යොවුන් නවකතාව ද අහුබුදුවන් ගේ පෑන මෙහෙයැවුණු ඉසුවුවෙකි. රන් කිරුළ, කලට පිපෙන මල් යනු ඔවුන් ලියු යොවුන් නවකතා යි. ජාතියේ ඉදිරිය බාර ගැනීමට සිටුනා යොවුන් පරපුරට නිසි මඟ පෙන්වීමත් ඔවුන් ගේ දිරිය, නුවණ, එඩිය වැඩීමත් අහුබුදුවන් ගේ අරමුණ වන බව මේ දෙ පොතින් පෙනීයයි.

                                     කෙටිකතා කරුවකු ලෙස ද අහුබුදුවෝ කැපී පෙනෙති. අසම්මතය රජ වීම ඔවුන් ලියු කෙටිකතා පොතෙකි. පුවත් පත් සඟරා ආදියට ඔවුන් අතින් ලියැවුණු කෙටිකතා සිය ගණනෙකි. නූතන කෙටිකතාවට සබඳකම් ඇති ව ජාතක කතා ආරින් ලියන ලද එන කපේ බණ කතා නූතන ජාතක යන දෙ පොතින්, නොයෙක් සමාජීය ගැටලු කලාත්මක ලෙස විවරණය කැරේ.

                                 නළු රසයුවකු (නාට්‍ය රචකයකු) ද අදික්සුවකු (අධ්‍යක්ෂවරයකු) ලෙස ද අහුබුදුවන් දක්වා ඇත්තේ ඉහළ ම කුසලතාවෙකි. 19 දී ලියැවුණු වෙට්ටපිත්තලයේ සිට 19 දී ලියැවුණු ඉළරිසිංකාව තෙක් ඔවුන් අතින් ලියැවුණු නළු අතර හෙළ හැතිරිය, සිවු හෙළ, රාජ යෝගය, සක්විති රාවන, ගැට, ලෝකාන්තේ, ආදිය කරෙළියට නැංවී ඇති. පරාජිත චරිත මතු කරන නාට්‍ය මඟින් ජාතියෙහි කොඳු නාරටිය වන් තරුණ පරපුර නොමඟට යොමු කැරෙනු දැක, ඔවුන්ගේ හදෙහි අබිමන දල්වා එඩිමත් ජාතියක් බිහි කරනු වස් තමන් නළු රැසැයුමට පෙලැඹුණ හ යි අහුබුදුවෝ ම පවසති. සක්විති රාවනය ඔවුන් ගේ නළු අතර ඉහළතමය යි. විසි වසරක් ඉක්මවා (1987 - 2007) රඟ දැක්වුණු එය විචාරක පසැසුමට වෙසෙසින් බඳුන් වූවෙකි. එහි එන ගී ද ඉතා ජනප්‍රිය වී ය.

                               රෙදෙවු ගී නළු (ගුවන් විදුලි ගීත නාටක) රැසක් ද අහුබුදුවන් අතින් ලියැවී ඇති. ළංකා ඉතිහාසය අලළා ලියැවුණු ලංකා පුරාණය ද පණ්ඩුකාභය සිරිත වටා ලියැවුණු පඬු අබා ද එ මැ ගී නළු අතර ඉතා වැදැගත් සේ ගැනේ.

                                   ඉතිහස් පිරික්සුවකු (ඉතිහාස පර්යේෂකයකු) ලෙස ද අරීසෙන් අහුබුදුවනට ලැබෙන්නේ නොදෙවෙනි තැනෙකි. මහාවංසයෙන් යට ගිය ඉපැරැණි ලංකා ඉතිහාසය හෙළි පෙහෙළි කිරීමට ඔවුන් අතින් සිදු ව ඇත්තේ ඉමහත් මෙහෙයෙකි. ඔවුන් ගේ පිරියෙසුම් (පර්යේෂණ) අනුව ලක් යටගියාව වසර තිස් දහසක් ඉක්මවා ඈතට යයි. එ ම ඈත යටගියාව පිළිබඳ ව ඔවුන් පළ කළ ඇතැම් කරුණු පුරාවිදු පිරියෙසුම් (පුරාවිද්‍යා පර්යේෂණ) මඟින් ද තහවුරු ව ඇත්තේ ය. තාරක, රාවන ඈ ඉපැරැණි හෙළ නිරිඳුන් ගැන අහුබුදුවන් හෙළි කළ කරුණු මෙ රට විද්වතුන් ගේ විමැසුම් ඇස ඇරැවීමට සමත් විය. ඉපැරැණි ලක් ඉතිහාසය අලළා පුවත්පත් -සඟරාවලට ලියූ ලිපි සිය ගණනක් වේ. ඒ හැර හෙළ දෙරණ වග නම් පිරියෙසුම් ගතක් (පර්යේෂණ ග්‍රන්ථයක්) ද, වසර තිස් දහසෙක යටගියාව පැදියට නඟා ඉර හඳ නැඟි රට නම් කවක් ද ඔවුන් විසින් ලියනු ලැබ ඇත. මහාවංසයට පෙර ලක් ඉතිහාසය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු ලෙස අහුබුදුවෝ සැලැකෙති.

                                      බිලිඳුනට ද ආයතනවලව ද නම් දීමෙහි ලා අහුබුදුවන් අතින් සිදු ව ඇත්තේ සුවිසල් සේවාවෙකි. ශබ්ද ශාස්ත්‍රානුකූල ව, විපුල සුබ පල දෙන නම් තැනීමෙහි ඉහළ ම තැන හිමි වන්නේ ඔවුන්ට යි. ඔවුන් ගෙන් නම් ලැබු බිලින්දෝ සිය දහස් ගණනෙකි. වෙළෙඳ ආයතන මෙන් ම රජයේ වැදගත් ආයතන ද බොහෝ ගණනෙක නම් තනනු ලැබ ඇත්තේ ඔවුන් විසිනි. දැනුදු දින පතා ම ඔවුන් ගෙන් නම් ගැනීමට බොහෝ පිරිස් පැමිණෙති.

                                 සිත්තරකු ලෙස ද අහුබුදුවෝ ඉහළ සමත්කමක් දක්වති. පුඟුල් රූ (පුද්ගල රූප) ඇඳීමට ඔහු වෙසෙසින් සමත් වෙති. තමන් හමුවට එන බොහෝ දෙනාට ඔවුන් තිළිණ කරන්නේ සියතින් ඇඳි බුදු රුවෙක පිටපතෙකි 

                                                                          අන්තර්ජාලය අසුරුනි....
« Last Edit: November 20, 2010, 04:21:08 AM by madusanka420 »

Offline ගුරු

  • Administrator
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 88
  • Gender: Male
    • www.sinhalaya.com
නියම හූයක් මචං...

මේවා අපි එක්ක බෙදා හදා ගන්නවට බොහොම පිං... :045: