දත්ත වගුවල ක්ෂේත්රයන් හි ක්‍රියාකාරිත්වය පිළිබිඹූ කෙරෙන අතිරේක ගුණාංග ..ඉතිරිය....
(Properties of the fields Contd....)
දශමස්ථාන (Decimal Places): අංක හෝ විනිමය අගයක් සඳහා තිබිල යුතු දශමස්ථාන දැක්වීමට හැක. (indicate the number of decimals to assign to a Number or Currency type data.)
Input mask :- දත්ත ඇතුළු කිරීම පහසු කිරීමට කිසියම් ආකෘතියක් නියම කල හැකිය. (used to ease the data entry and to control the values that users are permitted to enter in the field)
උදා : දුරකථන අංකය සඳහා (__)__- __
සංඥා නාමය (Caption) : - කිසියම් ක්ෂේත්රයක නම දිස්විය යුතු ආකාරය දැක්විය හැක. (indicate how to visualize the title of the field.)
උදා : ක්ෂේත්රයේ නම (name of the field) "Birth" වුවද, වාර්තා සහ පෝරම (Reports and Forms) ආදියෙහි ඔබට එය
දිස්විය යුත්තේ "Date of Birth" ලෙස නම්, "Caption" හී එය දැක්විය හැක.
පෙරනිමි අගය (Default Value) : කිසියක් ක්ෂේත්රයක අප විසින් කිසිදු අගයක් ඇතුළු නොකල විට, ඒ සඳහා ස්වයංක්‍රීයව ගබඩා විය යුතු අගය දැක්විය හැක. (value automatically stored in the field if no value is entered)
වලංගුකරණ රීති (Validation Rules) : කිසියම් ක්ෂේත්රයකට දත්ත ඇතුළු කිරීමේදී යම්කිසි නියම කරගත් සීමාවන්ට අනුකූලව දත්ත ඇතුලත් විය යුතු නම්, අදාල වලංගුකරණ රීති මෙහි සඳහන් කල හැකිය. (control the entry of data according to a specified criteria)
උදා: අදාල ක්ෂේත්රයට ඇතුලත් කලර දත්ත 100 සහ 2000 අතර පරාසය තුල විය යුතු නම්, වලංගුකරණ රීතිය මෙසේ දැක්විය හැකිය.
>= 100 and<=2000
වලංගුකරණ පෙළ (Validation text) : වලංගුකරණ රීතියට අනුකූල නොවන ලෙස කිසියම් අගයක් දත්ත ක්ෂේත්රයකට ඇතුලත් කිරීමේදී පරිශීලකයාට ඒ බව දැන්විය යුතුනම්, අදාල පණිවුඩය මෙහි දැක්විය හැක. (the text to appear in the case if the user tries to enter a value into a field that does not comply with the validation rule )
අවශ්‍යයි (Required) : දත්ත ක්ෂේත්රයකට අගයක් ඇතුළු කිරීම අවශ්‍යමද නැතිද යන වග දැක්විය හැක. (indicate whether the field should have a value or not)
මෙහි "Yes" යැයි සටහන් කොට, අගයක් ඇතුළු කිරීම අවශ්‍ය යැයි දැක්වුවහොත්, වලංගුකරණ රීති වලට අනුකූලව නිවැරදි අගයක් දත්ත ක්ෂේත්රයට ඇතුළු කල යුතුය.
"No" යනුවෙන් සටහන් කලහොත්, එම ක්ෂේත්රය හිස්ව තැබිය හැක.
සුචිගත කිරීම (Indexed) :
දත්ත වගුවල දත්ත වර්ගීකරණය සහ කාණ්ඩගත කිරීම වේගවත් කරයි. (an indexed field speeds up the sorting and grouping)
මෙහි සඳහන් කල හැකි අගයයක් 3කි.
"No" - අදාල ක්ෂේත්රයට සුචියක් නොමැත
"Yes (Duplicates OK)" - අදාල ක්ෂේත්රය සුචිගත කල හැකි අතර අගයයන් පුනරාවර්තනයට ද අවකාශ ඇත.
"Yes (No duplicates)" - අදාල ක්ෂේත්රය සුචිගත කල හැකි අතර අගයයන් පුනරාවර්තනයට අවකාශ නොමැත.