Author Topic: සිරිලක ආල වනසන "ලෙලන්ඩ් බස්" (වෙබීගෙ කතා)  (Read 5790 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Advertisement
(සත්‍ය අත්දැකීමක්)

මගේ යාළුවෙක් උන්නා..
මිනිහා කෙල්ලෙක් එක්ක යාළු උනා.. අපිටත් කිව්වෙ බොහෝ කල් ගියාට පස්සෙ වැඩේ කුරුවල් වේගෙන එනකොට.. කෙල්ල අනුරාධපුර පැත්තෙ.. කෙල්ලට ගෙදරින් මගුලක් සෙට් කරල.. ඊ ලඟ අවුරුද්දෙ කෙරෙන විදිහට.. මගුල කතා කරල තියෙන්නෙ අනුරාධපුර පැත්තෙ බස් කාරයෙකුට..

කෙල්ලත් මූට කියල :031: "මට නං ඔය බස් කාරයො කොහොමත් පෙන්නන්ට බෑ... අනේ මොනව හරි කරන්න අයියෝ..." කියලා..

 :045: අපි යාළුවො විදිහට මේකට කිව්ව "මචං, උඹ කෙල්ලට කියහං මාස දෙකක් ඉවසං ඉන්ඩය කියාල... අපි ඒ අල්ල පනල්ලේ වැඩක් ප්ලෑන් කරමු,, ගෙයක් කුලියට හොයමු,,, උඹට රස්සාවත් තියෙනවනෙ... "යි කියල...

 :dft003: ඒ අතරෙ "ඔව් ඔව්,,, මමත් ඉන්නවනෙ... "ඇම්බ්ලන්ස් එලාම්" එක ගහගෙන කෙල්ලව උස්සන් කොළඹ ගේමු,, කවුරුත් නවත්තන්නෙත් නෑ.." යි කිව්වේ අපේ සෙට් එකේ උන්නු පොරක්.. ( ඒකා ගම්පහ ඉස්පිරිතාලෙ ගිලන් රථ අංශෙ ප්‍රධානියා )

ඉතින් එහම කතිකා කොරන් අපි විසිරුනා හෙට අනිද්ද හමු වෙන බලාපොරොත්තුවෙන්..

පස්සෙ දවසක අර අපේ එකා ඇස් දෙකේ කඳුළු බෝල දෙකකුත් රඳවගෙන අපේ ගේ ඉස්සරහා... මංඇහුව මේ මොකෝ කියාල..

 :dft004: "මචං, ප්ලෑන් ඔක්කොම ඉවරයි බං,, මගේ ලව් එකත් හබක්.."
 :dft002: "ඇයි මොකේ? කියහංකො කෙලින් මොකක්ද වෙලා තියෙන්නෙ කියල..?"
 :026: "අර බස් කාරය.....?"
 :022: "ඔව්.... අර කෙල්ලට ගෙදරින් ප්‍රපෝස් කරපු ගොබිලනෙ.....? ඉතිං?"
 :014: "ඔව් ඒ ........................ තමයි..."
 :dft005: "ඉතිං කියහංකො..."
 :044: "ඌ අර හෙන පත දොර දෙකේ අළුත් "ලේලන්ඩ්"බස් එකක් අරං...
ඒකෙ ඉස්සරහයි පස්සෙයි.. "තිළිණි" කියල ගහල උඩින්ම...ඉතිං අරකි කැමති වෙලා... අද උදේ මට කෝල් කරල කිව්ව..."

 :001: " හරි ඉතිං ඇයි කැමති වෙලා තියෙන්නෙ?"
 :dft007: "අඩෝ.... එකිගෙ නම් තමයි "තිළිණි" කියන්නෙ..."

 :020: එදා ඉඳන් අපේ එකාට ලේලන්ඩ් බස් පේන්ඩ බෑ...





- ආදරණීය වෙබී







Image Version:


« Last Edit: November 15, 2010, 05:40:33 PM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline Piuminie

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 6
  • Gender: Female