Author Topic: සිංහලයා අළුත් වූ වගයි ~~~ SINHALAYA's new look...!  (Read 5767 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Advertisement
සිංහලයා අළුත් වූ වගයි ~~~

:022: මෑතක ඉඳල සිංහලයා වෙබ් අඩවියට සම්බන්ධ විශේෂාංග එකින් එක වරින් වර යාවත්කාලීන වූ බව ඔබ දන්නවනෙ..?
සමස්ථ සිංහලයා වෙබ් අඩවියම යාවත්කාලීන කිරීමේ දැවැන්ත කටයුත්තක අපි යෙදී උන්නෙ මේ වසරේ මුල් භාගයේ ඉඳල යි..  :dft002: ෆැන්ටසිය, ජාතික ෆෝරමය, චැට් පර්යන්තය, පුවත් ඒකකය, චැට් නීති සහ රෙගුලාසි සම්පාදනය, චැට් උපදෙස්මාලාවන් සහිත "ග්‍රාහක දත්ත මූලයන්" පිහිටු වීම ආදී යාවත්කාලීන කටයුතු ඔබත් අත්දකින්නට ඇති..  :032:

 :003: 2002 දී මෙහෙයුම් ඇරඹූ සිංහලයා අපේ වෙබ් අඩවියේ දත්ත ධාරිතාව, වසර 2010 වනවිටත් දිනෙන් දින ව්‍යාප්ත උනා මිසක් අඩු උනේ නම් නෑ.. ඒ අතරෙ දිනෙන් දින එක් වන තොරතුරු, විශේෂාංග, පුවත් ලිපි, ෆෝරම සටහන්, චැට් සාමාජිකයන් ලියාපදිංචි වීම් ආදියෙන් දිනෙන් දින අපගේ දත්ත ගබඩාවන් ව්‍යාප්ත උනා.. ඉතිං එවන් වෙබ් අඩවියක් අපිට දවසකින්, දෙකකින් වෙනස් කරන්න, යාවත්කාලීන කරන්න, අළුත් කරන්න කොහොමත් අපහසුයිනෙ.. එම නිසාම ඒ සඳහා 2010 වසරේ මුල් භාගයේ ඉඳලම සැලසුම් සකස් කල අපි මේ දක්වා මේ කටයුත්ත වෙනුවෙන් ආයෝජනය කල මූල්‍ය ධනස්කන්ධයට සහ අපේ ශ්‍රමයට ද ලැබෙන නියම වටිනාකම ඔබගේ තෘප්තිකර අදහස් ම පමණයි.  :045:

අන්න ඒ දැවැන්ත වූත්, භාරදූර අභියෝගෙ කරට ගත්තු අපි අද අවසන් ඉලක්කයත් සපුරමින් අපේ යාවත්කාලීන කටයුතු වල අන්තිම අදියරටත් ඇවිත්..
ඒ අනුව සිංහලයා ප්‍රධාන පිටුව සහ පිටු සැකසුම් ක්‍රියාවලිය වෙනස් වුනා අද ඉඳල..  :dft003:

මෙතැන් පටන් තවත් අළුතින් විශේෂාංග කිහිපයක් ඉදිරි සති කිහිපයේ දී එක්වන්නටත් නියමිතයි.. ඒ ගැන පස්සෙ කියන්නම්කො..  :54:


- ආදරණීය වෙබී




Image Version:


New homepage:
http://www.sinhalaya.com/index.php

Old homepage(s):
(2009 - 2010) http://www.sinhalaya.com/indexprev.php
(2005 - 2009) http://www.sinhalaya.com/indexweb.php

Refer "what's new?" at,
http://www.sinhalaya.com/sinhala-news-chat-friends/whatsnew.php

« Last Edit: November 28, 2010, 07:19:27 AM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline ගුරු

  • Administrator
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 88
  • Gender: Male
    • www.sinhalaya.com
ජීවිතයේ මගේ මව පියා සහෝදර සහෝදරියන් පෙම්වතිය හැරුනු කොට මා මේ ජීවිතයේ වැඩිමනක්ම ආදරය කල දෙයක් වේ නම් ඒ සිංහලයායි.එවන් ආදරනීය තැනක් මේ වගේ දවසින් දවස වැඩි දියුණු වෙලා හැඩවෙනකොට හිතට දැනෙන සතුට ඇත්තටම දැනෙන්න නම් ඔබ සැබෑම සිංහලයෙකු විය යුතුයි යන්න මාගේ හැගීමයි..

වසර 2004 සිට පුරා අවුරුදු 6 සිංහලයා සමග සිටි මා සිංහලයා තුලින් දුටු ඉහලම සහ අගනාම දේ වේ නම් ඒ විනයයි.විනයින් සපිරුනු අප අද වෙන කිසිම වෙබ් අඩවියකට සම කල නොහැකි මට්ටමට පැමින ඇත්තේ අපගෙ එකී අවිවාදාත්මක ආවේනික ලක්ශනය නිසා යන්න මා හුදක්ම අදහමි.

රැල්ලට අටවාගත් අනෙකුත් වෙබ් අඩවි කොතරම් සුකුරුත්තම් දැමුවත් සිංහලයාගෙ පිරිසිදු බව,ආකර්ශනීය බව,විනය ගරුක බව සහ සැලසුම් සහගත බව ඔවුන්ට ලබා ගනිමට නොහැකි බව සිංහලයා අප මෙන්ම ඔවුන්ද හොදාකාරව දනී.
එවූ සිංහලත්වයේ අබිමානයේ යාව ජීව සාමාජිකයන් වීමට අප පින් කර ඇත්තෙමු.මෙය කියවන ඔබද අප මෙන්ම පින් කර අත..අප මේ වෙබ් අඩවිය තුල බාවිතා කරන නම ඕනෑම වෙබ් අඩවියක සාමජිකයෙක් දන්නේ අපගේ ඒ අසාමන්ය ප්‍රසිද්ඪිය නිසා බව කීමට අටුවා ටිකා අවැසි නොවේ.තවද ඒ  ප්‍රසිද්ඪිය අපි ඇස් පනා පිටම වර්තමානයේ අත් විද ඇත්තෙමු.

මෙසේ සිංහලයා දිනෙන් දින හැඩ වෙවී ඉදිරියට ගැනීමට කටයුතු කරන ආදරනීය චන්න ඇතුලු සියලු කාර්ය මන්ඩලයට ම නිම්නය වෙනුවෙන් මා අවංකව සුබ පතමි..තව ඉදිරියටත් මෙවැනිම වෙනස් කම් කරමින් ඇසට පෙනෙන හා නොපෙනෙන දියුනු කිරීම් කරමින් සිංහලයා ඉදිරියට ගෙනා යාමට ඔබට තවත් ශක්තිය ලැබෙනු ඇත..

මේ ලියමන සිංහලයා ෆැන්ටසි නිම්නයේ යාවජීව සාමාජිකයන් ආමන්ත්‍රණය කරගැනීමටත් අවස්තාවක් කර ගමි.

අප නිම්නයේ නිර්මානයක් දැමීමෙන් ප්‍රදාන කාරනා දෙකක් බලාපොරොත්තු වෙමු.
1.අපගේ හැකියාවන් පෙන්වා දීම
2.අපේ හැකියාවන් වලට ප්‍රතිචාර ලබා ගෙන ඒ තුලින් අනාගතයේ ඊට වඩා යමක් කිරිම..

මෙ කරුනු දෙකෙන් අප බෙහෙවින් ආශා කරන්නේ දෙවැනි කාරනාවට බව මාගේ හැගීමයි..ඒ ප්‍රතිචාර කියවීමෙන් අපි මිහි පිට උතුම්ම සතුටක් ලබන බව නිර්මානශිලි ඔබට මා අමුතුවෙන් කිව යුත්තක් නොවේ.අප  නිර්මානයක් කරනවා මෙන්ම අනෙකෙකුගේ නිර්මාණයක් ඇගයීමටද නිහතමානී විය යුතුය.අප පවුලක් වන්නේ එවිටය..අඩු පාඩු අකා මකා දමමින් අප සිංහලයා තව තවත් ඉදිරියට ගෙන යාමට අපට හැකිවන්නෙ එවිටය..

ඒ නිසා නිහතමානි වන්න..

සිංහලයාගේ මේ වෙනස අත්විද එය අගයන්න..සිංහලයා අප වෙනුවෙන් කරන මහ මෙරක් වන් දෙයට අපට දිය හැකි එකම උපහාරය එයයි....අපි පෙල ගැහෙමු...එතකොට මේ ශක්තිය,ආදරය සිංහලයා තව තවත් ඔසවා තබාවි. :54: :54:

නිම්නය වෙනුවෙන්
රංගන ගුරුසිංහ
(ගුරා)




Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
අහම්බෙන් මට සිංහලයා හමු විය..... අහම්බෙන් වගේ සිංහලයා මගේ හිත ගත්තේය....  
දෙවියනේ මා දැන් සිංහලයාට ප්‍රේම කරමි.... සයිබරයේ කාටත් වඩා මා සිංහලයාට
 ප්‍රේම කරමි ඉතින් නුඹ තවත් හැඩ වේනම්, මේ සිතද අමන්දානන්දයට පත් වේවි... 
මා නුඹට තවත් ප්‍රේම කරාවි...!!!
    
තවමත් අළුත්
Chan

Offline madusanka420

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 244
  • Gender: Male
  • v_rossi_46
විශ්ව ගම්මානයක් බවට පත්වෙමින් පවතින වර්තමන ලොකයේ ඉන්දින් සගරයේ මුතු ඈටය නමින් විරුදාවලිය ලත් අපේ පුංචි රටද විවිදාකාර වු අංශ වලින් ලොව පෙරගමන් කරුවන් බවට පත්වි සිටින්නෙමු.
                                      මෙය ප්‍රවිශ්ටයක් ලෙස සටහන් කරගත්තේ වත්මන් ශ්‍රි ලංකාවෙද හතු පිපෙන්නා සේ දවසින් දවස එලියට එන විවිදාකාර වු වෙබ් අඩවියන් අතරින් සිංහලය.කොම් එ සියලු වෙබ් අඩවි අතරින් පෙර ගමන් කරුවෙකු සේ ඉදිරියෙන්ම සිටින බවිනි.පුරා දශකයකට අසන්න කාලයක් විවිදාකර නිර්මාන කරුවන්ගේ තොතෑන්නක් බවට පත්විය,තවද නිර්ලොභිව එහි සුන්දරත්වය විදිමටද බොහො දෙනෙකුට හකි විය.                                   
                                          සිංහලයා අලුත් වේ ,හබෑට මොකද්ද මේ වෙනස?පෙර කිවක් මෙන් සෑම විටම විවිදත්වය හා වඩා රසවත් දෙවල් නවුම් බවකින් අප වෙත ගෙන එන සිංහලයා, ඈතම් විට වෙනත් වෙබ් අඩවියන් අනුගමනය කරන අයුරු අපි දෑක අත්තෙමු.
                    ඒ කෙසේ වෙතත් බොහොඅ විට අද බොහො දුරට දකිය හක්කේ සිත් ඈද ගන්න සුලු පිට ඔපයකින් පිරුනු නමුත් අතුලාන්තය බොහො දුරට නිස්සාර අංගයන් ගෙන් පිරි ගිය ඈතම් විට සමජයද විනාස කරන වෙබ් අඩවියන්ය.
                       නමුත් සිංහලය තුලින් සෑමවිටම පිට ඔපේ මෙන්ම අතුලන්තයද ගුනවත්ය ,හරවත් විශෙශාංගයන් සෑමවිටම අප වෙත ගෙන ඒම පිලිබදව අපි සිංහලය වෙත ස්තුතිවන්ත වෙමු.
                                                  සිංහලයා සමග දිවෙන මගේ අතීතය වසර 4, 5 ඈතට දිව යයි.කෙතරන් නනාප්‍රකාර වෙබ් අඩ්වි බිහි උනත් මෙතරම් කලයක් සිංහලය හා රෑදි සිටිමට ම පෙලබී ඈත්තෙ මෙහි ඈති ගුනාත්මක බව නිසා විය හෑක.එද මෙදා තුර මගේ සදාදර මිතුරිය හොයිඩෙන් ගේ මග පෙන්වීමෙන් ෆෑන්ටසි නිම්නයට සන්ක්‍රමය කල මම මෙහි අද යාව ජීව සමජිකයෙක් වීම පිලිබද අඩම්බර වෙමි,.
                  හුදෙක් මෙම ලිපිය සිංහලය පිලිබද ප්‍රශස්ති ගයීමක් නොවේ,මන්ද මෙතුලින් මා ලද දේ අපමනය,මගේ ජීවිතයට.
                                              තවද මෙතුවක් කලක් තම වෙහෙස මහන්සිය ,කාලය වෑය කරමින් මෙලෙස හරවත් ලෙස අප වෙත ගෙන ඒමට වෑර දරන ඉහල කලමනාකරිත්වය හා සෙසු කර්යමන්ඩලයට ද තිරය පිටුපස ඉදන් විශාලය කර්යක් කරන සෙසු අයටත් අපෙ ප්‍රනාමය පුද කරන අතර තවත් වඩා සාර්තක ලෙස මෙම කාර්ය තව දුරටත් කරගෙන යන්න ලබෙවා කිය ප්‍රර්තනා කරමු
                      ඔබට ජය සිංහලය.කොම්

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Image Version:





Sinhala Unicode Version:
මෙහි මුල් සටහන වෙනුවෙන් අපිව දිරිගන්වනු වස් හෘදයාංගම වූ අදහස් පල කල ගුරාටත්, මදුසංකටත්, Chanටත් බොහෝ ස්තුතියි..  :045:
දැං මේ කියන්නට හදන්නෙ "අපේ සමස්ථ යාවත්කාලීන ව්‍යාපෘතිය"ට අමතර ව අළුතින් ම එක් වූ විශේෂාංගයක් ගැන..

සංචාරක පාරාදීසයක් වන අපේ රටේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් "සිංහලයා ගේ දායකත්වය" තමයි මේ.. එනම්, "ශ්‍රී ලංකාවේ සංචාරය උදෙසා වූ කෙටි මාර්ගෝපදේශණ සංග්‍රහය" යි. (SRI LANKA - Mini Travel Guide)

ලංකාවේ සංචාරක කර්මාන්තය හා සබැඳි සියළු වෙබ් අඩවි හෝ ව්‍යාපෘති වලට වඩා නව්‍ය මුහුණුවරකින් සහ හැකි තරම් කෙටියෙන් සියළු විස්තර රසවත් ව කියැවීමට විදෙශිකයන්ට සිංහලයා ඔස්සේ මේ අනුව පිළිවන්.. එමෙන්ම ලොව ප්‍රධාන සියළුම භාෂාවන්ට පරිවර්තනය කරගෙන අදාල විස්තර ක්ෂණික ව ලබා ගන්නත් "සිංහලයාගේ ක්‍රමය" ඔවුන්ට උදව් වේවි කියලයි අපේ විශ්වාසය..

අප මෙහිදී තවත් අළුත් දෙයක් කලා..

"ශ්‍රී ලංකාවේ සංචාරය උදෙසා වූ කෙටි මාර්ගෝපදේශණ සංග්‍රහය" (SRI LANKA - Mini Travel Guide) කියවන විදේශිකයාගේ වැඩි පහසුව වෙනුවෙන් ඒ ඒ වෙබ් පිටුව සඳහා "මුද්‍රණ පහසු" (Printable Version) පිටුවකුත් ලබා දීල තියෙනව.. තමන්ගෙ මුද්‍රණ යන්තරේ තියෙන තීන්ත ටිකත් ඉතුරු කරගෙන අදාල තොරතුරු ඕනෑ එකක් පහසුවෙන් මුද්‍රණය කරගෙන කියවිය හැකියි..  :033: ඒත් අළුත් දේ ඒක නෙමේ..

ඒ හැම මුද්‍රිත පිටුවක ම පතුලෙ සිංහලයා වෙබ් අඩවිය සමග දිවා රෑ පුරා සම්බන්ධ විය හැකි බවත්, එම සේවාව නොමිලේ තොරතුරු ලබා දීමේ සේවාවක් බවත් සඳහන් කරල තියෙනව.. ඒ අනුව අපේ වෙබ් අඩවියේ මුද්‍රිත පිටපත් අතැති ව මෙරටට එන ඕනෑම සංචාරකයෙක් "අතරමං" වෙන්නෙ නෑ කියන එක නම් විශ්වාසයි.. මොකද, විදේශිකයෙකුට කිසියම් තොරතුරක් ගැන දැනගන්නට ඕනෑ වූ වහාම දවසේ පැය 24 පුරා අන්තර්ජාලයේ කරක් ගහන අපේ ඈයන්ගෙන් ඒ විස්තර ඉතා කෙටි කාලයකින් දුරකතනයෙන් ම ලබා ගැනීමට හැකි නිස යි..   :005:

 :004: මෙන්න යොමුව..

http://www.sinhalaya.com/srilankatravelguide/
« Last Edit: December 02, 2010, 04:44:23 AM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
I invite you to visit SRI LANKA - Mini Travel Guide (http://www.sinhalaya.com/srilankatravelguide/index.php) and hope your valuable comments on this new project.

Our aim was, "to give the valuable information in very brief to the tourist".. that's why we call this as SRI LANKA - Mini Travel Guide..

your comments/ contributions will be a relief to our effort and time to build up this project.
- WeBBy
I'm on the way..