Author Topic: Google Chrome මෙහෙයුම් පද්ධතිය (OS)  (Read 1964 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
Advertisement




"Google Chrome" දැන් අලුතින් මෙහෙයුම් පද්ධතියකුත් (Operating System) එළි දක්වන්නයි ලෑස්තිය.. "Google Chrome OS" නම් වන මෙය මේ වසරේ අග වෙනකොට තොරතුරු තාක්ෂණ ලොවට හඳුන්වාදෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
"Google Chrome" සමගම එය පාදක කරගත්තා වූ (chrome-based)  "Netbook" වර්ගයේ පරිගණකයකුත් නිකුත් කරන්නලු සූදානම....
( "Netbook" කියන්නේ ලැප්ටොප් වර්ගයේ සැහැල්ලු පරිගණකයක් )


"Google Chrome" වලට අදාල කේතයන් (code)  එම සමාගම විසින් පසුගිය වසරේම නිකුත් කලානේ.
"Google Chrome" "Open-source" වර්ගයේ නිසා, පරිගණක වැඩසටහන් නිෂ්පාදකයින්ට (Developers) එම කේතයන් අවශ්‍ය පරිදි වෙනස්කම් (modifications) වලට භාජනය කරන්න පුළුවන්. ඒකයි "Open-Source" වල ඇති සුවිශේෂී බව.

මෙම කේතයන් නිකුත් කල අවස්ථාවේ ඔවුන් මේ මෙහෙයුම් පද්ධතියේ විශේෂ අංග පිළිබඳවත් ආදර්ශ වැඩසටහනකින් පෙන්වා තිබුනා.

- ඕනෑම "Google" ගිණුමකින් "Chrome OS" වෙත ඇතුළුවීමේ හැකියාව ( Log into OS with any Google account )

- එකවිට කවුළු  කිහිපයක ( Switching Windows) ක්‍රියා කිරීමේ හැකියාව

- "Netbook" පරිගණකයේ ස්පර්ශක යතුරු පුවරුවේ ස්පර්ශක සංවේදීතාව (Touch Sensitivity) , වේග සංවේදීතාව ( Speed Sensitivity) වැනි සිටවුම් (settings) පහසුවෙන් සකස් කිරීමට හැකිවීම.

ඒ අතරින් කිහිපයක්...


"Chrome OS" හී සත්කාරකය (host) වන්නේ "Google" විසින්ම පවත්වාගෙන යන රාශි පරිගණක ජාලය (Cloud). එම නිසා බැරි වෙලාවත් ඔබ ඔබේ "Chrome" පාදක "Netbok" පරිගණකය නැති කරගෙන හෝ වෙන කිසියම් හේතුවක් නිසා අලුතින් "Netbook" පරිගණකයක් මිලට ගත්තොත්, ඔබේ පැරණි දත්ත නැතිවීම පිළිබඳව බිය විය යුතු නැහැ.
ඒ සියල්ල නැවත රාශි පරිගණක ජාලයෙන් නැවත ලබා ගන්න පුළුවන්. (can recover your information from the Cloud)

තවත් විශේෂත්වයක් වන්නේ, මෙහිදී "Chrome" මෙහෙයුම් පද්ධතිය ක්ෂණයකින් "Chrome" බ්‍රවුසරය දියත් (boot) කිරීමයි. ඒ නිසා ග්‍රාහකයින්ට ඉතා ඉක්මනින් "Google" හී වෙබ් යෙදුම් (web apps) සහ සේවාවන් (services) සමග සම්බන්ධ විය හැකියි.

මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ මුල් අදියරේ දී "Google" විසින් නිකුත් කරන්නේ "Chorome" පාදක වූ "Netbook" පරිගණක පමණක් වුනාට යථා කාලයේ දී එම මෙහෙයුම් පද්ධතිය සමග ක්‍රියාත්මක වන තල පරිගණක (Tablet) සහ වැඩතල පරිගණක (Desktop PC) නිකුත් කරාවි.



සිංහලයා ෆැන්ටසි නිම්නය වෙනුවෙන් මං,
ආශා නානායක්කාර



Image Version :



« Last Edit: December 04, 2010, 01:38:49 PM by Asha Nanayakkara »