Author Topic: හිත එක්ක ගණුදෙණු..  (Read 3734 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Udarie

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 5
හිත එක්ක ගණුදෙණු..
« on: December 25, 2010, 02:26:46 AM »
Advertisement
මේ සොඳුරු නුවර වැව ලඟ,
එන ඔබේ සුවඳට ළන්ව...
වැව් රැලි නගන සත්සරයට
ගයන ගී පද රස විඳ.......
සෙව්වා මතකද,
අපි,
ආදර ගීතයට නැවුම් කවි පද......

පුබුදු වසන්තයේ දොරකඩ
වැව් දිය හසරැලි නගන සඳ..
වැව් ඉහත්තාවෙ නුඹ ලඟ
අපෙ අදරයේ ඉමිහිරි සුවඳ
වින්දා මතකද ලොවට හොරෙන්,
මොහොතක.......

හිරු මිලින වී එන සඳ,
වෙනදාටත් වඩා සුන්දරද නුඹ,
කියන් මේ පොපියන නෙතු වලට,
මෙ ආදරයත් යම් දවසක...
අහිමි වේද පිය සබඳ.......


- Udarie


Offline Udarie

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 5
Re: හිත එක්ක ගණුදෙණු..
« Reply #1 on: December 25, 2010, 02:27:30 AM »
සහන් නුඹ සිත පහනක්
දිවා රෑ අඳුර වෙන් කල දිනකරක්
එකිනෙක ඇමිනු පද පෙලක්
ජීවිතේ නුඹ මගේ ගීයක්......

සිනා සපිරුනු නුඹ සඳ වතක්
අමාවක අහසේ නුඹ පුන් සඳක්
දිනකර මුකුලිත තරු දහසක්
ගොම්මන් මසිත තරු අහසක්....



- Udarie

Offline Udarie

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 5
Re: හිත එක්ක ගණුදෙණු..
« Reply #2 on: December 25, 2010, 02:28:11 AM »
හඬන නෙතු අසල ඉඳ
කවි කරපන් නුඹ මගේ සිත
සහසක් පැතුම් මිලිනව
හැකිද ඉන්නට නොවූ විලසට....

පෙර දිනක නුඹ මගේ දෑත ගෙන
සක්මන් කල ඒ මග තොට අඳින
පෙරුමන් පිරූ කඳුලක් විකසිතව
නෙත් අගින් ගිලිහුනා අසරනව,

අත්වාරු ඇත පෙර විලසම
සිත් වාරු නැත අහිමි වූ කල නුඹ
සහසක් කවිකම් කල මගේ සිත
නුඹ නැති දා කවිකම් මට බෝ දුර.....



- Udarie

Offline Udarie

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 5
Re: හිත එක්ක ගණුදෙණු..
« Reply #3 on: December 25, 2010, 02:29:06 AM »
සත් දිනක් පෙරුම් පුරා
දැක ගන්නට නුඹව දෑස් පුරා
මා උන්නා නුඹ එනතෙක්,
ගිම්හානයෙ කව්ළුවට වෙලා....
...
නුඹ විත් මා එන තෙක් මග බලා
රැඳී උන්නා මා නුඹ එන තුරා
සිනා කඳුලු මල් යායක් පුබුදා
නුඹ ආවා සෙනෙහෙ දරා....

අහවරයි නුඹෙන් ලද,
සුපෙම් බස් සොඳුරුතම
නොවෙයි නෙතු කැල්මන් නුඹෙන්,,
දවා හළු කරයි නුඹ මගේ දිවියම



- Udarie

Offline veer

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 458
  • Gender: Male
  • i love u ...............
Re: හිත එක්ක ගණුදෙණු..
« Reply #4 on: December 25, 2010, 08:02:02 AM »
 :045: hm....godak lasssani....dr.......digatama liyanna........

minisekge sarthaka jayagrahanayakata sema witama mithuran awashya wenawa wagema aya WADATH sarthaka weemata sathuran awashyai.....

Offline HoyDen

  • ---------> ll żź Ŵēll
  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 251
  • Gender: Female
  • PăŇĉĤėĒ
Re: හිත එක්ක ගණුදෙණු..
« Reply #5 on: December 25, 2010, 11:33:36 AM »
හරිම ලස්සනයි ඔයාගෙ කවි ටික......

සුභ පතනවා මමත්......
    :045: :047:

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: හිත එක්ක ගණුදෙණු..
« Reply #6 on: December 25, 2010, 09:44:23 PM »
ලස්සනයි නංගා ඔයාගෙ කවි පද ටික දිගටම ලියන්න සුභ පතනවා

Offline Pincess_Auora

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 49
  • Gender: Female
Re: හිත එක්ක ගණුදෙණු..
« Reply #7 on: December 26, 2010, 08:58:02 PM »
HaRIma LaSSaNai,,,DiGataMa LiYaNNa MaMath SuBa PaTHaNaWa,,, :045: :003:

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: හිත එක්ක ගණුදෙණු..
« Reply #8 on: January 01, 2011, 05:45:41 PM »
නුඹ පැතූ ලොව මගෙන් විදින්නට
පෙරුම් පුරන බව දන්න නිසා
සුන්දර ඔය හිත රිදවනු  නොහැකිව
නුඹගෙන් ඈතක යන්න ගියා

සිනහ මුවින් කදුලක් සඟවාගෙන
පැමිනෙන කල මම  නුඹව සොයා
පෙම්කල මතකය හදතුල ගොනුකර
නුඹ දුර ඈතක  යන්න ගියා

මියයන මගෙ ගත වාවනු නොහැකිව
අසරන වූ හද නෙතු මත කඳුලක් ජනිත කලා
සුවවනු නොහැකියි මගෙ මේ රෝගය
වදන් නැතුව මම ගොලුව ගියා


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්