Author Topic: වින්ඩෝස් වෙනුවට "මිඩෝරි" (MIDORI)  (Read 2840 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
Advertisement
"වින්ඩෝස්" කියන්නේ අනික් හැම මෙහෙයුම් පද්ධතියකටම වඩා පරිගණක ලෝකයේ ප්‍රසිද්ධ සහ භාවිතාවෙන මෙහෙයුම් පද්ධතියනේ (Operating System). වින්ඩෝස් නිර්මාණය කරපු මයික්‍රොසොෆ්ට් ආයතනයම දැන් "මිඩෝරි" (MIDORI) නමින් අළුත් මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දෙන්නලු යන්නේ.
අපි මීට පෙර සටහනක විස්තර කලානේ රාශි පරිගණක (Cloud-computing) ගැන., දැන් මේ අළුත් "මිඩෝරි"ත් පදනම් වෙන්නේ රාශි පරිගණක මතලු. (Cloud-based Operating System)
ඒ කියන්නේ රාශි පරිගණක මත පදනම් වෙච්චි ලොව ප්‍රථම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමේ ගෞරවයත් මයික්‍රොසොෆ්ට් සමාගම හිමිකරගන්නයි යන්නේ.

මයික්‍රොසොෆ්ට් හි මෙහෙයුම් පද්ධති වලින් බිහි වෙච්චි අංකුරයක් වන "මිඩෝරි" හි ආම්පන්න (tools) සහ ලේඛන (libraries) සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ කේත (managed code) මගින්. එසේම "මිඩෝරි" හී නිර්මාණය අනුව එය කෙලින්ම x86, x64, ARM වැනි දෘඪාංග මත ක්‍රියාත්මක වනවලු. (designed to run directly on native hardware)

"මිඩෝරි" නිපදවීමේ ප්‍රධාන අරමුණ සැහැල්ලු ඒවගේම වෙනත් දෘඪාංග හෝ උපකරණ සමග ගැලපුම් ගැටළු වලට භාජනය නොවන (portable and no compatibility issues) සහ වෙනත් යෙදුම් සමග බොහෝ පහසුවෙන් ක්‍රියා කල හැකි (work easily with various applications) මෙහෙයුම් පද්ධතියක් බිහිකිරීමලු.

හේතුව මේකයි,,, "වින්ඩෝස්" කියන්නේ තනිකරම දෘඪාංග මත යැපෙන මෙහෙයුම් පද්ධතියක් නෙ. (dependent on Hardware) ඉතින් එකම පරිගණකයේ උනත් වෙනත් වෙනත් යෙදුම් භාවිතා කරද්දි ගැලපීම් ගැටළු (compatibility issues) ඇතිවෙනවා. දත්ත ආරක්ෂාව පිළිබඳව ඇතිවෙන ප්‍රශ්නත් ඉතින් අඩුවක් නැහැනේ. (security issues)
අනිත් එක දැන් ලෝකේ මිනිස්සු කාර්යබහුලයි. තොරතුරු හුවමාරු කරගන්න ඔවුන් නොයෙකුත් උපකරණ භාවිතා කරනවා, ඉතින් ඒ අතරේ මේ එක එක ප්‍රශ්න ගැන වද වෙන්න වෙලාවක් නැහැනේ.
මේ ප්‍රශ්ණ වලට පිළිතුරක් විදියට තමයි "අතාත්විකත්වය" (Virtualization) කියන සංකල්පය තාක්ෂණ ලෝකයට ආවේ.
ඉතින් "මිඩෝරි" කියන්නේ මයික්‍රොසොෆ්ට් වෙතින් මේ "අතාත්විකත්වය" කියන සංකල්පයට අනුව නිර්මාණය කර තාක්ෂණ ලෝකයට නිකුත් කරන මෙහෙයුම් පද්ධතියයි.

("මිඩෝරි" තාක්ෂණ ලෝකයට නිකුත් කරන දින වකවානු නම් තවම ප්‍රසිද්ධ වී නැහැ. )



ෆැන්ටසි නිම්නය වෙනුවෙන් මං,
ආශා නානායක්කාර



Image Version:



« Last Edit: February 12, 2011, 07:24:16 PM by Asha Nanayakkara »