Author Topic: ශ්‍රී ලංකාවේ ජාතික සංකේත | Sri Lankan National Symbols  (Read 8791 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
Advertisement
1. ජාතික කොඩිය :



දැනට භාවිතාවන ජාතික කොඩිය මුල් වරට උසවන ලද්දේ 1972 මැයි මස 22 වනදා ජනරජ දිනයේදීය. මුලින්ම සම්මත කරන ලද ජාතික කොඩිය ඔසවන ලද්දේ 1952 පෙබරවාරි ඔ4 වනදා නිදහස් දින උළෙලේදී ය. කොඩිය වටා කහපාට තීරුවක් සහ කොඩියේ සතර කොනේ තිබූ බෝ පත් නිවැරදිව නිරූපණය කොට සංශෝධිත කොඩිය ඔසවන ලද්දේ පෙර සඳහන් කළ පරිදි 1972 දීය.   

ජාතික කොඩියේ විශේෂ අංග:
රතු පාටින් : සිංහල ජනතාව නිරූපණය වේ.
තැඹිලි පාටින් : දෙමළ ජනතාව නිරූපණය වේ.
කොළ පාටින් : මුස්ලිම් ජනතාව නිරූපණය වේ.
බෝ පත් සතර : සතර බ්‍රහ්ම විහරණ (මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා )


2. ජාතික ගීය : ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘවරයා වන්නේ ආනන්ද සමරකෝන් මහතා ය.
අප ජාතික ගීයේ තේමාව මෙසේ දැක්විය හැක: "ස්වභාවධර්මයේ දායාදයන්ගෙන් පරිපූර්ණ මගේ මව්බිම අපේ ජීවනාලෝකයයි. ශක්තිය හා ප්‍රාණයයි. අපේ ජීවනය ඔබ සතුය. ලක්දරුවන් වන අප වාද භේද දුරලා සමගියෙන් දියුණුව කරා පියනගමු."

ජාතික ගීය ගයන අවස්ථාවන්හිදී නිශ්ශබ්දව, සංවරව, සීරුවෙන් සිටගනිමින් එයට ගෞරව කලයුතු අතර රාජ්‍ය නායකයා සහභාගි වන අවස්ථාවන්හිදී ජාතික ගීය සම්පූර්ණයෙන් ගායනා කල යුතුය.


3. ජාතික ඇඳුම :
පිරිමි - දිග කමිසය හා වෙට්ටිය හෝ සරම
කාන්තාවන් - ඔසරිය හා හැට්ටය
ගැහැණු ළමුන් - ළමා සාරිය සහ මන්තය යෙදූ හැට්ටය


4. රාජ්‍ය ලාංඡනය :



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දැනට භාවිතාවන රාජ්‍ය ලාංඡනය සම්මත කරගනු ලැබූයේ 1972 වසරේ ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසුව ය.
මෙම ජනරජ ලාංඡනයේ නිර්මාපකයා චිත්‍ර ශිල්පී ඇස්. ඇම්. සෙනෙවිරත්න මහතා ය.
සිංහයා නිර්භීතකමත්, ධර්ම චක්‍රය ධාර්මික බවත්, පුන්කලස සෞභාග්‍යයත්, හිරු සඳු ස්ථීර බවත්, නෙළුම් පෙති පවිත්‍ර බවත්, වී කරල් සශ්‍රීක බවත් පෙන්නුම් කරයි.


5. ජාතික පුෂ්පය : නිල් මානෙල් මල



ඉංග්‍රීසි නාමය :  WATER LILY BLUE LOTUS

උද්භිද විද්‍යාත්මක නාමය : Symheas Stellate

ඓතිහාසික කරුණු, ඖෂධීය ගුණය සහ අලංකාරය මත පදනම්ව නිල් මානෙල් මල අපගේ ජාතික පුෂ්පය ලෙස තෝරාගනු ලැබුවේ 1986. 02. 26 වනදා ය.


6. ජාතික වෘක්ෂය : නා ගස 



ඉංග්‍රීසි නාමය : IRON WOOD

උද්භිද විද්‍යාත්මක නාමය : Mesua nagassaarium

නා ගස පහතරට තෙත් කලාපයට ආවේණික වෘක්ෂයකි. 1986. 02. 26 වනදා ජාතික වෘක්ෂය ලෙස තෝරාගනු ලැබීය. අටවිසි බුදුවරුන් අතරින් මංගල, සුමන, රේවත සහ සෝභිත යන බුදුවරුන්ට බුදුවීමට පිටදුන් වෘක්ෂය ලෙසද අනාගතයේ බුදුවන මෛත්‍රී බුදුන්ට පිටදෙන වෘක්ෂය ලෙසද  නා ගස බෞද්ධයින් අතර සුවිශේෂ තැනක් ගනී.

පාලි බසින් "නාග" ලෙස ද, සංස්කෘත භාෂාවෙන් "නාග කේෂර්" ලෙසද, දෙමල බසින් "කරම්" ලෙසද හඳුන්වයි.


7. ජාතික පක්ෂියා : වලිකුකුළා




ඉංග්‍රීසි නාමය : THE CEYLON (Sri Lanka) JUNGLE FOWL

සිංහල නාමය : වලිකුකුළා / වලිකිකිළි

දෙමළ නාමය : කාට්ටු කෝලි

කුලය : PAASIANIDAE

මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් ඇති තරමක් කුඩා පක්ෂියෙකි. වියලි කලාපයේ පමණක් දැකිය හැකි මෙම පක්ෂියා ශ්‍රී ලංකාවේ වඳවීගෙන යන පක්ෂී වර්ගයකි.


8. ජාතික සමනළයා : ශ්‍රී ලංකා මහකුරුළු පිය පැපිලියා (Sri Lanka Birdwing - Troides Darsius)



ශ්‍රී ලංකාවේ විශාලතම සමනළ විශේෂය වන අතර, මෙරට බහුලව දක්නට ලැබෙන ශ්‍රී ලංකාවට ආවේණික සමනළ විශේෂයකි.
දර්ශනීය බාහිර රූපකායක් සහිත මෙම සමනළයාගේ ඉදිරි තටු කළු පැහැතිය. කළු පැහැති දාර වලින් යුතු පසුපස තටු රන්වන් කහ පැහැතිය.

9. ජාතික ක්‍රීඩාව : වොලිබෝල්



එල්ලේ ක්‍රීඩාව අපගේ ජාතික ක්‍රීඩාව ලෙස නම් කිරීමට මුලින් යෝජනා වුවද එය ජාත්‍යන්තරව යොදා ගැනීමට ඇති අපහසුව නිසා වොලිබෝල් අපගේ ජාතික ක්‍රීඩාව ලෙස 1991 වසරේ දී තෝරා ගැනිණි. වොලිබෝල් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ 1916 දී රොබට් වෝල්ටර් කැමැක් විසිනි.




~~ පොතපත සහ අන්තර්ජාලය ඇසුරෙන්....


Image Version:



« Last Edit: February 27, 2011, 06:50:55 PM by Asha Nanayakkara »